(යොහාන් භාසුර)
චීනයේ ජාතික සැසිවාර දෙක පිළිබඳව කොතරම් විවේචන තිබුණත් එම සැසිවාර චීනයට පමණක් නොව සමස්ත ලෝකටම වැඳගත් බවත් රටක දියුණුව සහ සංවර්ධනය වෙනුවෙන් දිගු කාලීන සැළසුම් වඩාත් වැඳගත් බවත් ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ මහ ලේකම්, වෛද්‍ය ජී. වීරසිංහ මහතා පැවසීය.
චීන ආණ්ඩුව පසුගියදා පැවැත්වූ ජාතික සැසිවාර දෙක පිළිබඳව දැනුවත්කිරීම සඳහා ‘චීන මාධ්‍ය සමූහයේ සිංහල සේවය’ කොළඹදී පැවැත්වූ විද්වත් සාකච්ඡාවේදී වෛද්‍ය ජී. වීරසිංහ මහතා එසේ පවසීය.
සැළසුම් කිරීම කාලීන අවශ්‍යතා සඳහා වැඩාත් වැඳගත් වන බව කී වීරසිංහ මහතා චීනය නොමැතිව ලෝකය ගැන කථා කළ නොහැකි තත්වයක් චීනය නිර්මාණය කරගෙන ඇති බව ද සඳහන් කළේය.
වරින් වර වෙනස් වන ප්‍රතිපත්ති තුළින් බැහැරව, ජාතික ප්‍රතිපත්ති මත ඉදිරියට යෑම වඩාත් වැඳගත් බවත් ශ්‍රී ලංකාවට එවැනි සැළසුමක් නොමැති වීම විශාල ගැටලුවක් බවට පත්ව ඇති බවත් එම හමුවට සහභාගි වූ විද්වත්හූ පැවසූහ.
චීනය සිය ආර්ථික හා සාමාජීය ඉලක්ක සපුරා ගනිමින් ඉදිරියට ගමන් කරමින් සිටින අතර සංවර්ධනයේ නව ජයග්‍රහණ ලබා ගැනීමේ අධිෂ්ඨානය සහ අදාළ සැළසුම් මෙවර චීන රාජ්‍ය කාරක වාර්තාවේ සදහන් වූ බවත් ලෝකයේ ප්‍රගමනයට දෙන දායකත්වය සහ එම සැළසුම් තුළින් ශ්‍රී ලංකාවට ගතහැකි ආදර්ශයන් විශාල බවත් විද්වත්හූ පෙන්වා දෙති.
ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ මහලේකම් වෛද්‍ය ජී.වීරසිංහ, කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයනාංශයේ මහාචාර්ය ප්‍රියංග දුනුසිංහ, කොළඹ විශ්ව විද්‍යාලයේ ජනමාධ්‍ය අධ්‍යයනාංශයේ මහාචාර්ය ටියුඩර් වීරසිංහ, චීන අධ්‍යයනය පිළිබද විශේෂඥ මලයාසියාවේ ක්වාලාලාම්පූර් විශ්විද්‍යාලයේ මහාචාර්ය සමිත හෙට්ටිගේ, කොළඹ විශ්ව විද්‍යාලයේ බෞද්ධ අධ්‍යයනාංශයේ මහාචාර්ය, කොළඹ විශ්ව විද්‍යාලයේ කොන්ෆියුසියස් අධ්‍යයනාංශයේ හිටපු ශ්‍රී ලංකා අධ්‍යක්ෂ මහාචාර්ය විමල් හේවාමානගේ, කොළඹ විශ්ව විද්‍යාලයේ දේශපාලන විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ධම්ම දිසානායක සහ ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයේ නීති අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය රමිදු පෙරේරා යන මහත්වරු එහිදී අදහස් දැක්වූහ.
කම්කරු කොමසාරිස් ජනරාල් තනතුරට පත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
2025 යල කන්නය සඳහා කුඹුරු ඉඩම් වල වගා කරනු ලබන ගොවීන් සඳහා පොහොර මූල්‍ය සහනාධාර ලබා දීමට කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යවරයා විසින් ඉදිරි
අස්වැසුම සුබ සාධක ප්‍රතිලාභ ගෙවීමේ යෝජනා ක්‍රමය සංශෝධනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ලංකා සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ 8 ක මිල පහත දැමූ බව පවසයි.
රජයට අයත් වාණිජමය නොවන ආයතන පිළිබඳ සමාලෝචන වාර්තාව ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ජපාන රජයේ ආර්ථික හා සමාජ සංවර්ධන වැඩසටහන යටතේ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අපනයන සැකසුම් කලාප වල ගිනි නිවන ඒකක ස්ථාපිත කිරීම සහ උපකරණ වැඩි දියුණු කිරීම සඳ
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
චීනයෙන් ශ්‍රී ලංකාවට ආදර්ශ රැසක් ගතහැකියි