(යොහාන් භාසුර)
අඩු ආදායම්ලාභි පවුල්වල ජීවන තත්ත්වය නගා සිටුවීමේ අරමුණින් රුපියල් බිලියන 22ක් හෙවත් රුපියල් කෝටි 2200 ක චීන මුල්‍යාධාර යටතේ ශ්‍රී ලංකාවට පිරිනමන නිවාස ව්‍යාපෘතියේ පළමු අදියර ඉදිකිරීම් මොරටුව, බැටරිවත්ත ප්‍රදේශයේදී අද (27) ආරම්භ කළේය.
චීන මුල්‍යාධාර යටතේ නිවාස 1996ක් ඉදිකිරීමට යෝජිත අතර මොරටුව, බැටරිවත්ත ප්‍රදේශයේ ඉදිවන ව්‍යාපෘතිය මගින් අඩු ආදායම්ලාභීන් සඳහා නිවාස 575ක් සහ කොට්ටාව ප්‍රදේශයේ ඉදිකිරීමට යෝජිත නිවාස ව්‍යාපෘතිය මගින් නිවාස 108ක් ප්‍රවීණ කලාකරුවන් වෙනුවෙන් ද ඉදිකිරීමට නියමිතය.
කිසිදු භේදයකින් තොරව ප්‍රීතිමත්, ගුණාත්මක ජීවිතයක් ගත කිරීමට සුදුසු වටපිටාවක් සියලු දෙනාටම දීම රජයේ අරමුණ බව එම උත්සවයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.
චීන රජයට මෙම නිවාස ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවට ලබා දීම පිළිබඳව ස්තුතිය පළ කරන බවත් නිවසක් යනු පවුලකට, පුද්ගලයෙක්ට රැකවරණය දෙන තැනක් වගේම පුරවැසියන් හැටියට ලැබිය යුතු හොඳ ජීවිතයකට, ගුණාත්මක ජීවිතයකට, ආරක්ෂාව වෙනුවෙන් තිබිය යුතු තැනක් බවත් ඇය පැවසුවාය. නිවසක් විතරක් නෙවෙ ශක්තිමත් පවුලක්, ප්‍රජාවක් ගොඩනැගීමටත් රජයට අවශ්‍ය, විශේෂයෙන්ම කාන්තාවන් හා දරුවන්ගේ ආරක්ෂාව, ඔවුන්ගේ අවශ්‍යතාවයට ලැබෙන අවකාශය ඉතා වැදගත් බව කී අග්‍රාමාත්‍යවරිය නගරාසන්නව ඉන්න අඩු ආදායම්ලාභීන් ඉතාමත්ම දුෂ්කර ජීවිතයක් ගත කරමින් ඒ වගේම සමහරු නිවසක් නැති නිසා ඉතාමත්ම අනාරක්ෂිත ජීවිත ගත කරන බව ද සඳහන් කළාය.
ජාති, ආගම්, ස්ත්‍රී, පුරුෂ සමාජභාවය ආදියේ කිසිම වෙනසක් නැතුව ප්‍රීතිමත්, ගුණාත්මක ජීවිතයක් ගත කරන්න පුළුවන් වටපිටාවක් ලබා දෙන එක රජයේ අරමුණක් බවත් ඒ සඳහා චීන ආණ්ඩුවෙන් ලැබෙන මුල්‍ය ආධාරය වගේම ශ්‍රී ලංකාවට ලබාදෙන සහයෝගය පිළිබදව සිය ස්තුතිය පිරිණමන බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.
නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍ය අනුර කරුණාතිලක, නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යාංශයේ නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත්, ශ්‍රී ලංකාවේ චීන තානාපතිවරයා, චීන තානාපති කාර්යාලයේ ආර්ථික හා වාණිජ උපදේශක ටැන්ග් යාන් ඩි, නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යාංශයේ ලේකම්තුමන් ඇතුළු රාජ්‍ය නිලධාරීන්, චීන රජයේ නියෝජිතයන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුහ.
තම අනියම් බිරිඳ තවකකු හා සබඳතාවයක් පවත්වා ගෙන යන බවට සැකයෙන් ඇතිවූ බහින් බස්වීමක් දුර දිග යාමෙන් අනතුරුව බිරිඳට සහ ඇයගේ දරු දෙදෙනාට වක් පිහියකින් ප්
උතුරු - මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයේත් වැසි වාර කීපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
යේමනයේ නිල සංචාරයක නිරත වූ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රෝස් ඇඩ්හැනොම් ගේබ්‍රියේසිස්ගේ නායකත්වයෙන් යුත් ඉහළ පෙළේ එක්සත් ජාතීන්ගේ නියෝජිත පිර
දිවයින පුරා රෝහල්වල විකිරණ තාක්ෂණවේදීන්ගේ සියයට 40 කට වැඩි හිඟයක් පවතින බව රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය පවසයි.
ඓතිහාසික ගාලු කොටුවට ඇතුලුවන පැරණි දොරටුව හෙට (28) සිට 31 වන දින දක්වා තාවකාලිකව වසා තබන බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ දකුණු පළාත් කාර්යාලය පවසයි
නවදිල්ලි නුවර පිහිටි මොල්ටාවේ මහකොමසාරිස් කාර්යාලයේ ශ්‍රි ලංකාව පිලිබඳ මහකොමසාරිස් රූබන් ගයුසි මහතා කොළඹ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී අග්‍රාමාත්‍ය
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ
චීනය දෙන නිවාසවල ඉදිකිරීම් අරඹයි