IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


ඡන්දෙට කෝටි 40 වියදම් කරන අපේක්ෂකයන් ඉන්නවා

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

ඡන්දෙට  කෝටි  40 වියදම් කරලා මෙතනට එන මන්ත්‍රීවරුන් සිටින බව  පොළොන්නරු දිස්ත්‍රික් මන්ත්‍රී රොෂාන් රණසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද (21) පැවසීය.

ඒ විදියට වියදම් කරලා ඇවිත් ඒ වගේ පස් ගුණයක් හම්බ කරන බවද ඔහු සඳහන් කළේය.

රණසිංහ මහතමෙසේ පැවසුවේ විශේෂ ප්‍රකාශයක් කරමිනි.

රොෂාන් රණසිංහ මහතා මෙසේද පැවසීය.

අපි ගෝඨාභය  බලයට ගෙනාවේ දූෂණයෙන් තොර රටක් හදන්නයි. විවිධ අඩුපාඩු නිසා ඔහුට ගෙදර යන්න සිද්ධ වුණා. මේ රටේ කඩා වැටීමට සියලු දේශපාලන පක්ෂ වගකිව යුතුයි. අසූ අට අසූ නවය යුගයක් ඒකට වග කියන්න ඕන.

මේ රට කඩා වැටෙන්න ප්‍රධාන වශයෙන් හේතු වුණු විධායක ජනාධිපති ධූරය අහෝසිවිය යුතුමයි. කෝටි  40  වියදම් කරන අපේක්ෂකයන් මේ පාර්ලිමේන්තුවේ ඉන්නවා. කෝටි  40  වියදම් කරලා මොකටද පාර්ලිමේන්තුවට එන්නේ. කවුද ඒ  කියලා ඔබතුමා දන්නවා. ආපු වෙලාවේ ඉඳලා වියදම් කළා  වගේ පස් ගුණයක් හම්බ කරන්න උත්සහ දරනවා. රට කඩා වැටීම ඒකෙ ප්‍රතිඵලයක්. ආසනයට වග කියන මන්ත්‍රීවරයකු හදන්න ඕන. රජය එක මැතිවරණයක් සඳහා කෝටි දාහක් වියදම් කරනවා. මේ මුදල් වලින් විශ්ව විද්‍යාල කීයක් හදන්න තිබුණද.  විශ්ව විද්‍යාල පහළොවක් හදන්න තිබුණා. අපේක්ෂකයන් කොච්චර සල්ලියක් නාස්ති කරනවද.

මේ මැතිවරණය සාධාරණද. මැතිවරණ කොමිසමම මුලින්ම අසාධාරණයක් කරනවා. අපේක්ෂකයන්  තිස්නවයක් ඉද්දි අපේක්ෂකයන් හතර දෙනෙකුට පමණක් තැන් හතරකට ජනතාව ගෙන්වන්න අවස්ථාව දෙනවා. ඒකම අසාධාරණයක් නේ.

මේ විධායක ජනාධිපති ක්‍රමය තියෙනකම් රට හදන්න බැහැ. පොල් ගහට දෙල් ගහ කියන ක්‍රමය නැවැත්විය  යුතුයි. මේ මන්ත්‍රීවරුන්   225 දෙනා අද  රූකඩ.

මම ඉදිරිපත් කරන මේ ව්‍යවස්ථා සංශෝධන ටික කරන්න.



අදහස් (3)

ඡන්දෙට කෝටි 40 වියදම් කරන අපේක්ෂකයන් ඉන්නවා

යෝගා Wednesday, 21 August 2024 02:01 PM

දේශපාලන පක්‍ෂයක සහයෝගය නැතුව ජනාධිපති වෙන්න බැරිබව දැන දැනම නිකං දොඩවනවා. වෙනත් අරමුණක් නැති නම් ප්‍රයෝජනවත් වැඩක යෙදෙන්න...

:       1       19

සෙනෙවිරත්න Wednesday, 21 August 2024 03:49 PM

88/89 යුගයට රට ඇද දැමුවේ හිතුවක්කාර විධායක ක්‍රමය බව කියන්න දිව නැමෙන්නෙම නැහැ නේද? කළ ලාම්පු සෙල්ලම, පක්ෂ තහනම, චිට් මන්ත්‍රී, විරුද්ධ වාදින් මර්දනය, මැතිණියගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීම එිකට හේතු වුණා. ඒක නිසා 88/89 ජවිපෙට දොස් තියන අය කණ්නාඩියක් ඉදිරියට යන්න...!

:       1       6

UPALI Wednesday, 21 August 2024 04:03 PM

රටවල් 5ක සින්නක්කර ඉඩම් තියෙන බව පාර්ලිමේන්තුවේදී කිව්වා. ඒක ගැනත් කියන්නකෝ...!

:       1       6

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පහේ පේපරේ අවුලට අධ්‍යාපන ලොක්කෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 23 336 0

2024 වර්ෂයේ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න කීපයක් පිට කිරීම සම්බන්ධයෙන් මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂවරයෙකු අපරාධ


ප්‍රජාතන්ත්‍රවාදය රකින්න උපරිම කැපවීම කරනවා
2024 සැප්තැම්බර් මස 23 616 0

රටේ ප්‍රජාතන්ත්‍රවාදය රැකීම සඳහා උපරිම කැපකිරීම කරන බව ජනාධිපති අනුර දිසානායක මහතා ජනපති ධුරයේ දිවුරුම් දීමෙන් අනතුරුව ජාතිය අමතමින් ජනාධිපති කාර්


නව ජනපති දිවුරුම් දෙයි
2024 සැප්තැම්බර් මස 23 1487 0

ශ්‍රී ලංකාවේ 09 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා අද(23) සිය ධුරයේ දිවුරුම් දුන්නේය.


අගමැති ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 1715 1

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද(23) සිය ධුරයෙන් ඉල්ලා අස් වී තිබේ.


නව ජනපති පත් කිරීම ගැන ගැසට්ටුවක්
2024 සැප්තැම්බර් මස 23 2175 0

2024 ජනාධිපතිවරණය මගින් නව ජනාධිපති ලෙස අනුර කුමාර දිසානායක මහතා තෝරා පත්කර ගැනීම පිළිබඳව වූ අති විශේෂ ගැසට් පත්‍රය මැතිවරණ කොමිෂන් සභාව විසින් ඊයේ( 22) න


මාලිගාවත්තේ වෙඩිතැබීමක්
2024 සැප්තැම්බර් මස 23 1109 0

මාලිගාවත්ත ලක්හිරු සෙවන මහල් නිවාසය ආසන්නයේදී පා ගමනින් පැමිණි නාඳුනන තුවක්කු විසින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ සංවිධානාත්මක අපරාධකරුවකුගේ ප්


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 20388 15

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 18338 1



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 100 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 302 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 162 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site