IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


ඡන්දෙට බස් අරන් සල්ලි නොදුන්නාට මහින්දටත් නඩු

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ හා තවත් තිදෙනකු 2015 ජනපතිවරණ සමයේ ලංගම බස් පාවිච්චි කිරීමෙන් නොගෙවා පැහැර හළ බව කියන රුපියල් ලක්ෂ 1420ක් අයකර ගැනීම සඳහා වන නඩුවේ චෝදනා පත්‍රය යළි සංශෝධනය කිරීමට කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු ශිරාන් ගුණරත්න මහතා ලංගමයට අවසර දුන්නේය.

මහින්ද රාජපක්ෂ, සුසිල් ප්‍රේමජයන්ත, අනුර ප්‍රියදර්ශන යාපා හා ගාමිණී සෙනරත් මෙම නඩුවෙන් චෝදනා ලබා සිටිති.

ලංගමය පවසනුයේ ගිය වසරේ පැවැති ජනපතිවරණය සඳහා වූ රැස්වීම් වෙනුවෙන් ලබාගත් බස් වෙනුවෙන් ඔවුන් ගෙවීම් පැහැර හැර ඇති බවයි.



අදහස් (0)

ඡන්දෙට බස් අරන් සල්ලි නොදුන්නාට මහින්දටත් නඩු

රත්න Friday, 24 June 2016 07:42 PM

ඔයවගේ දේවල් කියලා මහින්ද මහත්තයා බඩ කපාගනීවිද දන්නෙ නැහැ (නි)

:       0       0

ශ්‍රීලාල් Friday, 24 June 2016 08:03 PM

දැන් අල්ලයි... ඕවා ඔක්කොම මහජනයා ගෙවාවි (නි)

:       0       0

හේවා Saturday, 25 June 2016 11:04 AM

ඒ සල්ලි රට ඇතුළෙම කැරකෙන සල්ලි. ඒ වගේද අපේම සල්ලි මිලියන් ගණන් පිටරට යවලා සුඛෝපභෝගී වාහන ගෙන්වන එක (නි)

:       0       0

නන්දලාල් ද සිල්වා - ප්‍රංශය Friday, 24 June 2016 09:41 PM

ලංගමය ජනසතු ආයතනයක් නිසා මේ අය හිතන්න ඇති අම්මාගේ අප්පාගේ බුදලෙන් ලැබුන දෙයක් වගේ පිනට යන්න එන්න පුළුවන් කියලා. කොහොමහරි වංචා කරපු මුළු මුදලම රජයට ආපසු ලබාදීමට අධිකරණය සමත්වෙයි කියා අපි බලාපොරොත්තු වෙනවා (නි)

:       0       0

ප්‍රදීප් Saturday, 25 June 2016 12:40 PM

ලංගමය වැටි වැටි නැගිටින්න හදන දුප්පත් ආයතනයක්. රටේ ලොක්කෝ මෙහෙම කණු තිබ්බහම නැගිටින්න වෙන්නේ නැහැ මේ කපේදී. ලංගම සමතලා කරලයි මොවුන් පස්ස බලන්නේ. අනේ අපොයි රජයේ දේපල විනාශවෙන හැටි. කතාව නම් රටම ගොඩ ගන්න. (නි)

:       0       0

ලෙස්ලි ජයවර්ධන Friday, 24 June 2016 11:03 PM

ලංගමය බංකොළොත් වෙන්න හේතු මෙන්න බලාගන්න (නි)

:       0       0

රොකී Saturday, 25 June 2016 12:40 AM

මේ මුදල් එවකට හිටපු ප්‍රවාහන ඇමැතිගෙන්වත් අයකර ගන්න බලමු නේද?දේශපාලකයෝ තමන්ගේ ඡන්ද පෝස්ටර් අළවපු අයට ලංගමෙයි රේල්ලුවෙයි රැකියා දෙනවා මදිවට ඡන්දෙ අාවහම ලංගමට පොලු තියලා මඟහරිනවා. (නි)

:       0       0

ජයතු Saturday, 25 June 2016 01:01 AM

යුද්ධකර ජයගත් රට මහින්දට සහ ඔහුගේ පවුලට අයිති නිසා රටේ සියලුදේ ඔවුන්ට අවශ්‍ය පරදි හැසිරවිය හැකියි.මෝඩ ජනතාව මේ බව නොදන්නා එක කණගාටුයි. (නි)

:       0       0

ආර්. වික්‍රම Saturday, 25 June 2016 01:39 AM

අනුන්ට ඇඟිල්ල දික් කළාට කවුරු කරන්නෙත් ඒ ටිකම තමයි! (නි)

:       0       0

ශ්‍රීලාල් Saturday, 25 June 2016 07:30 PM

ඕවා කිසිම දිනක කෙරෙන්නේ නැති වැඩ. කිසි දිනක ඔය මුදල් ලැබෙන්නෙත් නැහැ. නිකම් කරදර නොවී මහජනයාටම ඕක ගෙවලා ඉවර කරන්න කියමු. දැන් හැමදේම ගෙවන්නේ ජනතාවනේ (නි)

:       0       0

ආර්. වික්‍රම Friday, 24 June 2016 10:23 AM

සංශෝධනය කරලා හරි කමක් නැහැ, කොහොමහරි හිරේ දාන්න එපායැ නේද? (නි)

:       0       0

දර්ශන Friday, 24 June 2016 10:39 AM

ඉතින් තව මොන සාක්කිද අවශ්‍ය? අපි ලංගම බස් එකක ටිකට් නැතුව ගිහින් අහුවුණොත් කොහොමද පරිප්පුව? (නි)

:       0       0

පිටබැද්දර ජයා Friday, 24 June 2016 10:38 AM

අන්න හරි. අනාගතේ පත්වෙන නායකයන්ට උණ ගැනෙන්න මේවා එළියට අදින්න ඕනෑ (නි)

:       0       0

කමල් Saturday, 25 June 2016 03:29 AM

මහජන මුදල් නේද මේ? කරුණාකර මොවුන්ට නීතිය ක්‍රියාත්මක කරන්න. (නි)

:       0       0

ප්‍රේම් Friday, 24 June 2016 10:49 AM

ඕක ඉතින් සුලු ගානක්නෙ. (නි)

:       0       0

කමනි Sunday, 26 June 2016 06:35 AM

හේවා, ලංගමේ සල්ලි රට ඇතුළෙම කැරකෙන සල්ලි වුනේ කොහොමද? ලංගමේට ගන්නේ ලංකාවේ ඩීසල්ද , ලංකාවේ අමතර කොටස්ද, පුරවන ටයර් වලට අමුද්‍රව්‍ය එන්නේ පිට රටින්, අනේ මෙහෙමත් දැනුමක්. (බ)

:       0       0

නන්ද Friday, 24 June 2016 12:30 PM

ඔය නඩුවත් ඉස්සර තිබුණු නඩු වගේම වේවි. (නි)

:       0       0

චතුරි Friday, 24 June 2016 12:51 PM

මහින්දව උසාවියට ගේනවද? නැත්නම් මහින්දගේ ළඟට ගිහින් නඩුව අහනවද? මේ වෙලාවේදී පුද්ගලයා කවරෙක් වුණත් රටට කර තිබෙන හානිය ගැනයි බලන්න ඕනෑ. (නි)

:       0       0

ආසිරි Friday, 24 June 2016 01:29 PM

මහින්දගේ කතාව නම් මොකුත් නොගත්ත ගානටයි (නි)

:       0       0

තිලක් Friday, 24 June 2016 03:12 PM

මහජන මුදල් රුපියල් ලක්ෂ 1420ක් විනාශ කරලත් තවමත් එළියේ. දුප්පත් එකෙක් රුපියල් 5000 ක් හොරකම් කළා නම් මේ වෙනකොට ඇතුළේ. (නි)

:       0       0

නිමල් Friday, 24 June 2016 03:35 PM

මංතීරු ගළවපු අයට නඩු නැද්ද? රටේ නීතිය කොයිබටද? (නි)

:       0       0

සත්‍යයා Friday, 24 June 2016 03:45 PM

හිටපු ලොක්කා දුෂණ වලට සම්බන්ධ නැහැ කියලා අර එක දේශපාලකතුමෙක් කිව්වේ මේවා ගැන නොදැන වෙන්න ඇති. දේශපාලනයේ සදාකාලික මිතුරන් හෝ සදාකාලික හතුරන් නැහැ කියලා මහින්ද කිව්වේත් මේ නිසා වෙන්න ඇති. (නි)

:       0       0

සිරි Friday, 24 June 2016 03:44 PM

ඉතින් ලංගමය කොටඋඩ යන එක අහන්නත් දෙයක්ද? (නි)

:       0       0

විපුල Saturday, 25 June 2016 10:08 AM

මහින්ද මහත්තයට ගෙවන්න කාලය තිබුනේ නැහැ. එතුමා බලය දීලා ගියා. මේවා කළේ පක්ෂයේ උන්නතිය වෙනුවන්. මෙය ගෙවීම පක්ෂයේ වැඩක්. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉන්දීය විදේශ ඇමැති එයි
2024 ඔක්තෝබර් මස 04 138 0

ඉන්දීය විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජයශංකර් මහතා එක් දින ශ්‍රී ලංකා නිල සංචාරයක් සදහා (04 ) උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේ


කොල්ලකෑමේ යෙදුණු යුවළ අත් බෝම්බයක්ද සමඟ මාට්ටු
2024 ඔක්තෝබර් මස 04 191 0

විදේශීය රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් අත් බෑගයේ දමාගෙන සිය සැමියා සමඟ තීරෝද රථයේ යමින් සිටි කාන්තාවක් අත්අඩංගුවට ගෙන සිදුකළ ප්‍රශ්න කිරීමේදී රහස් ප


එජා සංවර්ධන වැඩසටහනේ නියෝජිතවරිය ජනාධිපති ලේකම් හමු වෙයි
2024 ඔක්තෝබර් මස 04 185 0

එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ (UNDP) නිත්‍ය නේවාසික නියෝජිත අසූසා කුබෝටා (Azusa Kubota) මහත්මිය ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමා


වාද්දූව මුහුදු වෙරළේ මළ සිරුරක්
2024 ඔක්තෝබර් මස 04 217 0

වාද්දුව පොහද්දරමුල්ල වෙරලේ පිරිමි නිරුවත් මළසිරුරක් පාවෙමින් තිබෙන බව වාද්දුව පොලිසිය පවසයි .


ඇමරිකාව ඉරාන තෙල් පිරිපහදුවට බැට දෙන්න යයි
2024 ඔක්තෝබර් මස 04 1211 1

ඉරානය පසුගියදා ඊශ්‍රායලයට එල්ල කළ බැලස්ටික් මිසයිල ප්‍රහාරයට පිළිතුරු ලෙස ඉරාන තෙල් පිරිපහදුවලට පහර දීම පිළිබඳව සාකච්ඡා කළ බවත් කෙසේ වෙතත් එම ප්‍රහා


ප්‍රබල සූර්ය ගිනිදැල් නිකුත් වෙයි
2024 ඔක්තෝබර් මස 04 794 0

ප්‍රබල සූර්ය ගිනිදැල්ලක් හේතුවෙන් අප්‍රිකාවේත් යුරෝපයේත් සන්නිවේදන කටයුතුවලට බාධා එල්ල විය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38838 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25492 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 299 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1007 2
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 355 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site