IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


ඡන්දෙට බස් අරං සල්ලි නුදුන්නැයි මහින්දටත් නඩු

හිටපු ජනපතිගේ ඡන්ද රැස්වීම්වලට ලංගම බස් යොදා ගැනීමෙන් ලංකා ගමනා ගමන මණ්ඩලයට ගෙවීමට ඇති රුපියල් එක්කෝටි හතලිස් ලක්ෂයක් නොගෙවීයැයි මහින්ද රාජපක්ෂ හා තවත් හය දෙනකුට එරෙහිව කොළඹ වාණිජ මහාධිකරණයේ පවරා ඇති නඩුව ලබන 11 වැනි දා විභාගයට ගැනීමට මහාධිකරණ විනිසුරු ශිරාණි ගුණරත්න මහත්මිය නියෝග කළාය.

එදිනට පැමිණිල්ල ඉදිරිපත් කරන්නැයි විනිසුරුවරිය ගමනාගමන මණ්ඩලයට නියෝග කළාය.

2015 ජනපතිවරණය වෙනුවෙන් කුලියට ගත් බස් වෙනුවෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය වෙනුවෙන් මුදල් ගෙවා නැතැයි  හිටපු මහ ලේකම් සුසිල් ප්‍රේමජයන්ත, අනුර ප්‍රියදර්ශන යාපා, හිටපු ජනපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් ද මේ නඩුවෙන් චෝදනා ලබා සිටිති.



අදහස් (0)

ඡන්දෙට බස් අරං සල්ලි නුදුන්නැයි මහින්දටත් නඩු

රෝහණ කුමාර් මෙන්ඩිස් Monday, 02 November 2015 06:06 PM

තෙහාන්, ඔයා නොදන්නා දේවල් ලියන්න එපා. බලයේ සිටින ජනාධිපති කෙනෙකුට විතරයි නඩු දාන්න බැරි. (නි)

:       0       0

තිලක්-ඩුබායි Monday, 02 November 2015 11:31 AM

රුපියල් එක්කෝටි හතලිස් ලක්ෂයක් නොගෙවීයැයි මහින්ද රාජපක්ෂ හා තවත් හය දෙනකුට එරෙහිව .......රුපියල් කෝටි 1000 කට වඩා පාඩු සිද්ද කරපු දේවල් වලට නඩු දන්නේ කවදද? (ස)

:       0       0

ප්‍රනාන්දු Monday, 02 November 2015 08:05 PM

ශ්‍රී ලංකාව පුදුමාකාර වර්ගයේ මිනිසුන් ජීවත්වන රටකි (නි)

:       0       0

කිංග්ස්ලි පෙරේරා Tuesday, 03 November 2015 07:56 AM

සතියෙන් සතිය එකිනෙකට නොගැළපෙන මේ වගේ සිදුවීම් නිසා අපේ රටේ දැවෙන ජාතික ප්‍රශ්න කීයක් යටපත් වෙනවාද? මහින්දට නඩුවක් කිවුවොත් මිනිසුන්ට අර ප්‍රශ්න සියල්ල අමතකයි. මෙහෙම ගියොත් මොනවා වෙයිද දන්නෙ නැහැ (නි)

:       0       0

විජිත් Monday, 02 November 2015 08:13 PM

තෙහාන් මල්ලි,එහෙම තමයි අපිත් ඉස්සර හිතාගෙන හිටියේ. (නි)

:       0       0

පිටබැද්දර ජයා Monday, 02 November 2015 12:04 PM

හිටපු නෙවෙයි ඉන්න ජනාධිපතිටත් දැන් නඩු පවරන්න පුළුවන් , 19 වෙනි විව්‍යස්ථාවෙන් ජනපතිවරයෙකුට හිමි මුක්තිය අහිමි කලා , (අ)

:       0       0

වින්සන්ට් Monday, 02 November 2015 10:48 PM

එරික් සහ හර්ෂ මහත්වරුනි , මාළිගාවල ඉන්න බලවත් ඇත්තන්ට ඔබ කියන සොබාදහම බලපාන්නේ නැත. මුහුදු වෙරළ අයිනේ ජීවත්වෙන දුප්පතුන්ටත්, පැල්පත්වාසින්ට වගේම වර්ෂාව බලාගෙන හේනක්,කුඹුරක් කොටාගෙන ජීවත්වෙන අය වගේ තැනැත්තන්ට තමා වැඩියෙන් ඔය සොබාදහම දඬුවම් දෙන්නේ. (නි)

:       0       0

කුසුම් Monday, 02 November 2015 12:39 PM

අවසානයේදී මේකත් අර අයි.ටී.එන්. චෝදනාව වගේ එකක් නම් නොවේවා කියායි මම නම් පතන්නේ (නි)

:       0       0

චානක ලොස් ඇන්ජලිස් Tuesday, 03 November 2015 12:52 AM

තෙහාන්,ජනාධිපති කෙනෙකුට නඩුදාන්න බැරි නම් ජනාධිපති දැනගන්න ඕනෑ නේද එම පදවිය ඇපයට තබාගෙන රටේ ධනය අයුතුලෙස පරිහරණය කිරීමෙන් වැළකී සිටීම වගේම, කවුරුහරි ඔහු වෙනුවෙන් එහෙම කරන්න හදනවා නම් එය වළක්වාලීමට. රටේ තනි පුද්ගලයෙකු වෙනුවෙන් මිලියන් ගණනක් වියදම් කිරීම අපි වගේ තුන්වන රටක ආර්ථිකයට වදින්නේ මරු පහරක් මෙන්ම අහස පොළොව නුහුලන අපරාධයක් (නි)

:       0       0

බුද්ධික Tuesday, 03 November 2015 12:58 AM

අනේ මන්දා මෙතුමා මෙහෙම කෙනෙක් කියලා හිතන්නවත් මම කැමති නැහැ (නි)

:       0       0

චානක ලොස් ඇන්ජලිස් Tuesday, 03 November 2015 01:29 AM

අප රටේ ජනයා හැඩගැසී තිබෙන්නේ උස් තැන් දැක හැකිළෙන්නටත් මිටි තැන් දැක පුප්පන්නටත්ය. තමන් තමන් කරන රාජකාරිය බලවතුන්ගේ බලපෑම් වලින් තොරව ඔවුන්ගේ කකුල් අසළ බිම දණනොනමා නීතියට අනුකූලව කරගෙන යන්නට බොහෝ දෙනෙකුට නොහැකි වී තිබෙනවා. මෙලෙස කියන්න සිදුවෙන්නේ පියවි ඇස් වලින් දකින්න තිබෙන නිසයි (නි)

:       0       0

සඳරුවන් Tuesday, 03 November 2015 01:32 AM

නඩු අහලා සාක්කි ඇතුව ඔප්පු කරලා පෙන්වන්න. (නි)

:       0       0

ඉමේෂ් Tuesday, 03 November 2015 01:41 AM

අපි මේ ගැන කලබලවෙන්න අවශ්‍ය නැහැ (නි)

:       0       0

මොහාන් Tuesday, 03 November 2015 02:09 AM

තිලක්-ඩුබායි, සැතපුම් 2 ක් නෙමෙයි සැතපුම් 20 ක් තිබුනත් ඒක ගෙවන්න ඕනෑ ඉදිරිපත් වුණ පක්ෂය. නිකම් මෝඩයෙක් වගේ කෑ ගහන්න එපා. ඔයාට මහින්ද එක්ක ප්‍රශ්නයක් තිබුනට ඒකට රටට කරන්න දෙයක් නැහැ.(නි)

:       0       0

ඩිල්ෂාන් Monday, 02 November 2015 01:42 PM

වරදක් කළා නම් ඉතින් අනිවාර්යයෙන්ම දඩුවම් විඳිය යුතුයි (නි)

:       0       0

චේතන Monday, 02 November 2015 01:46 PM

එතුමා වරදක් කර තිබෙනවා නම් ඒ බව පිළිගනීවි (නි)

:       0       0

ඉසුරු Monday, 02 November 2015 01:46 PM

අපි බලමු මොකද වෙන්නේ කියලා (නි)

:       0       0

රෝහණ Tuesday, 03 November 2015 03:51 AM

දැන් එයා පා.ම. කෙනෙක්. සහ පැරදුන කෙනෙක් නම්බු පිට ගිය කෙනෙක් නෙවෙයි. කුජිත වෙලා පිචන් වෙලා ගිය කෙනෙක් (බ)

:       0       0

එරික් Monday, 02 November 2015 01:47 PM

නීතියෙන් ගැළවුණත් වරදක් කර ඇත්නම් සොබාදහමින් හෝ දඩුවම් ලැබෙනවාමයි (නි)

:       0       0

තිලක්-ඩුබායි Monday, 02 November 2015 01:49 PM

අනුරාධපුර රැස්වීමට පැමිණි බස් පෝළිම විතරක් සැතපුම් 2 ක් විතර තිබුනා.මොකද මේවා තමන්ගේ මුදලින් ගෙවනවා කියලද? (නි)

:       0       0

දිනුක Monday, 02 November 2015 02:13 PM

මට නම් විශ්වාසයි මෙතුමා නිදහස්වෙන බවට (නි)

:       0       0

සුනිල් Tuesday, 03 November 2015 04:37 AM

සල්ලි ගෙවුවේ නැත්නම් බස් දුන් අය බස් ගෙනගිය අයගෙන්නේ සල්ලි ඉල්ලාගන්න ඕනෑ. නිසිපරිදි ක්‍රියාකර නොමැතිනම් මුලින්ම එම ඩිපෝ වල ප්‍රධානීන්ට විරුද්ධව නඩු දාන්න ඕනෑ. (නි)

:       0       0

පරාක්‍රම Monday, 02 November 2015 02:13 PM

අධිකරණය සහ මහජනතාව ඉදිරියේ කතා මවන සමහරු ගැන දන්නෝ දනිති. (නි)

:       0       0

ටෙහාන් Tuesday, 03 November 2015 04:43 AM

පිටබැද්දර ජයා, දර්ශන, රෝහණ කුමාර, මෙන්ඩිස්, විජිත්, චානක ලොස් ඇන්ජලිස්, මට තේරෙන්නේ නැහැ නුඹලා මොන ලෝකයක ජීවත්වෙනවද කියලා. (නි)

:       0       0

දර්ශන Monday, 02 November 2015 02:25 PM

තෙහාන්,එතුමාට විරුද්ධව නඩුදාන්නේ ජනාධිපති අපේක්ෂකයෙක් වශයෙන් සළකලා. (නි)

:       0       0

හර්ෂ Monday, 02 November 2015 02:34 PM

නීතියෙන් ගැළවුණත් වරදක් කර ඇත්නම් සොබාදහමින් හෝ දඩුවම් ලැබෙනවාමයි කියන කතාව නම් සම්පූර්ණ ඇත්ත (නි)

:       0       0

දුමින්ද Tuesday, 03 November 2015 05:49 AM

අන්තිමට වරද පාක්ෂිකයන්ගේද? (නි)

:       0       0

සේන Monday, 02 November 2015 05:28 PM

මේ අදහස් දාන අය කෑගහන්න කලබල කරන්න අවශ්‍ය නැහැ. මේ මුදල ගෙවන්න කියලා උසාවිය තීන්දු කළොත් මහින්ද මහතාට ඡන්දය දුන් 58 ලක්ෂයක ජනතාව ඒක ගෙවන්න ඉදිරිපත්වෙයි. (නි)

:       0       0

තෙහාන් Monday, 02 November 2015 11:04 AM

හිටපු විධායක ජනාධිපති කෙනෙකුට නඩු දාන්න බෑ කියල නොදන්නා අය. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 4228 1

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


වැල්ලවාය අනුරට
2024 සැප්තැම්බර් මස 22 14 0


ගලිගමුව අනුරට
2024 සැප්තැම්බර් මස 22 16 0


කොත්මලේ සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 44 0


ලග්ගල සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 80 0


යටියන්තොට සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 110 0


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14687 15

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 68 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 240 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 125 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site