ශ්‍රී ලංකාවේ පැවැත්වෙන මැතිවරණය සම්බන්ධයෙන් ජූලි මාසයේ සිට තම කණ්ඩායම නිරීක්ෂණ කටයුතු සිදුකරන බවත් මැතිවරණය අවසානයේ ඒ සම්බන්ධ නිරීක්ෂණ පිළිබඳ දැනුම් දෙන බවත් යුරෝපා සංගමයේ ප්‍රධාන මැතිවරණ නිරීක්ෂක ක්‍රිස්ටින් ඩැන් ප්‍රෙඩා මහතා ගාල්ලේ දී කීවේය.
බ්‍රහස්පතින්දා ශ්‍රී ලංකාවට පැමිණි ඔහු ගාල්ලේ දී මාධ්‍යවේදින් හමුවෙමින් කියා සිටියේ මැතිවරණය අවසන්වනතුරු කිසිදු අදහසක් රටේ තත්ත්වය හා මැතිවරණයේ ස්වභාවය ගැන නොපවසන බවයි. ශ්‍රී ලංකාව ඉතා සුන්දර රටක් බවත් මිනිසුන් ද ඉතා සුන්දර හා සුහදශීලී බවත් ඔහු සිනාසෙමින් කීවේය. මැතිවරණයේ එක් කණ්ඩායමකට තම අදහස් දැක්වීම වාසියක් විය හැකි බැවින් කිසිත් නොකියන බව ඔහු කියා සිටියේය.
2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.
අද පෙරවරු 6.00 අවසන් වීමට නියමිතව තිබූ ඇඳිරි නීතිය අද දහවල් 12.00 දක්වා දික් කළ බව පොලිසිය පවසයි.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
‘‘ඡන්දය ගැන කලින් කිසිවක් කියන්න බෑ“
විජේසිරි Sunday, 16 August 2015 02:54 AM
අපි ඉවසීමෙන් බලාඉමුකෝ (නි)
දුමින්ද Friday, 14 August 2015 06:43 AM
වාසිය රටටනම් කුමට සඟවන්නේ (අ)