IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


ඡන්දය රනිල්ට සුබයි - මහින්දට අසුබයි

මහ මැතිවරණයේ ප්‍රධාන අපෙක්ෂකයන් දෙදෙනා වන අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ සහ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ ජන්ම පත්‍ර සියුම් ලෙස පරීක්ෂා කිරීමේදී රනිල් වික්‍රමසිංහ මහතා ජය ලබන බව පෙනී ගියේ යැයි ජ්‍යෙතීර්වේදී ජී.එම්.ගුණපාල මහතා කොළඹ පැවැති ජාතික විද්වත් මණ්ඩලයේ මාධ්‍ය හමුවකදී පැවසීය.

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ඒරාෂ්ඨකයක් ගෙවමින් සිටින අතර ඔහු සියලු බලාපොරොත්තු අභිමතාර්ථ හා අපේක්ෂා බිඳ වැටෙන දශාවක් ගෙවමින් සිටින බවත් ඔහු කීවේය.

මැතිවරණය පැවැත්වෙන 17 වැනිදා පෙරවරු 7 සිට රාත්‍රී 7 දක්වා මිනිත්තු 540 න් රාජපක්ෂ මහතාට සුබ වේලාව පවතින්නේ මිනිත්තු දෙකක් පමණක් යැයිද ඔහු පවසයි.

මෑත ඉතිහාසයේදී සඳුදා දිනවල මැතිවරණ පවත්වා නැතැයි කී ඒ මහතා මෙවර මැතිවරණය පැවැත්වෙන සඳුදා දිනය මහින්ද රාජපක්ෂ මහතාට අසුබ වන අතර රනිල් වික්‍රමසිංහ මහතාගේ ග්‍රහචාරය අනුව ඉතා සුබ වන බවද කීවේය.



අදහස් (0)

ඡන්දය රනිල්ට සුබයි - මහින්දට අසුබයි

චාමර Monday, 10 August 2015 01:47 PM

රටට හොඳක් වෙනවානම් හොඳයි (බ)

:       0       0

දහම් Monday, 10 August 2015 09:22 AM

ඔහේ රට පනින්න ටිකට් එක සූදානම් කර ගෙනද ඉන්නේ? (බ)

:       0       0

මහින්ද ආර් කිතුල්ගොඩ සී ෂෙල්ස් Monday, 10 August 2015 02:10 PM

බණ්ඩාගේ ටිකිරි මොලේට වැටහුනේ ..... මොන නරක වෙලාවද?88 ,89 , බටලන්ද වගේ ...කාල සීමාවල්ද? එහෙනම් කමක් නෑ...(බ)

:       0       0

අරවින්ද Monday, 10 August 2015 09:24 AM

ඔහු අපේ රට ලෝකයේ සුන්දර රටක් කරාවී. (බ)

:       0       0

ෆාරා Monday, 10 August 2015 02:31 PM

2016 මහජනතාවට සුබ ද අසුබද කියල 2017 දී අපට හොඳට දැනේවිද? (බ)

:       0       0

ධම්ම Monday, 10 August 2015 09:27 AM

ජාතික විද්වත් මණ්ඩලයේ ජ්‍යෙතීර්වේදීයොත් ඉන්නවාද? දෙයියන්ගේම පිහිටයි ලක් මෑණියන්ට! (ම)

:       0       0

හේමන්ත Monday, 10 August 2015 02:52 PM

ඒ කියන්නේ අපේ රට නැවත බෙදුම්වාදී න් ගේ ග්‍රහණයට ළංවෙනවා කියන එකද.? දළදා සමිදු පිහිටෙන් එහෙමනම් වෙන්න එපා...(බ)

:       0       0

ජයන්ත සෙනරත් Monday, 10 August 2015 02:57 PM

රනිල් දිනන එක අහන්න දෙයක්ද? (බ)

:       0       0

පතිරණ Monday, 10 August 2015 03:20 PM

කොහොමත් මහින්දට මේ රටේ බලයක් ගන්න බැහැ. දැන් ජනතාව බුද්ධිමත්. එතුමා වටේ ඉන්න අයට ඉතින් හුළං තමයි. රනිල් රට තුළ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කර සැබෑ සංවර්ධනය උදාකර දෙනවා. රනිල් මහත්තයාට ජය වේවා!!! (නි)

:       0       0

බණ්ඩාර Monday, 10 August 2015 09:51 AM

අපිත් හිතනවා.(ම)

:       0       0

ලලිත් Monday, 10 August 2015 09:57 AM

ජ්‍යෝතිෂ්‍ය අනුව හෝ නැතිව හෝ රනිල් මහතා දිනනවා (ම)

:       0       0

සුරන් Monday, 10 August 2015 09:58 AM

හැම දෙයක්ම ස්ථිරව කියන්න බැහැ, ජෝතිශයට 70% සම්භාවිතාවක් තියෙන්නේ (ම)

:       0       0

ජයනාත් Monday, 10 August 2015 04:44 PM

දෙයියෝ සාක්කි කිවුවලු! (නි)

:       0       0

අබේරත්න Monday, 10 August 2015 10:06 AM

මහින්දට කිසිම අසුබ ලකුණක් නැහැ (නි)

:       0       0

ගයාන් Monday, 10 August 2015 04:58 PM

අනේ! තාමත් මෙයාලා හැදිලා නැති හැටි? (නි)

:       0       0

විතාන Monday, 10 August 2015 10:11 AM

මේක මෙහෙම්මම වෙනවා (නි)

:       0       0

රොහාන් Monday, 10 August 2015 10:12 AM

ඔය සුමනදාසලගේ කතා වැඩක් නැහැ. දේශපාලන යථාර්ථය අනුව රනිල් තමයි එන්නේ (නි)

:       0       0

ලක්මාල් Monday, 10 August 2015 10:15 AM

එහෙම වුණොත් අපිට අසුබයි (නි)

:       0       0

ශිහාන් Monday, 10 August 2015 06:21 PM

බයවෙන්න එපා. අපි ඔයාගේ අනාවෑකි ඔක්කොම බොරු කරලා ඔය හැමෝගෙම ලස්සන වෙස් මුහුණු 18 වෙනිදාට ගළවනවා.ඔය ඉර හඳ තරු වලට වඩා අපේ ඡන්ද බලය වෑඩියි කියලා අපි 18 වෙනිදට පෙන්වන්නම්. එතකන් සිටින්න. (නි)

:       0       0

කිරන් Monday, 10 August 2015 10:16 AM

හොඳයි අපි බලමුකෝ (නි)

:       0       0

අනිල් රෝහණ Monday, 10 August 2015 10:17 AM

29 වතාවක් අසුබ වුණු රනිල්ට මෙවර කෙසේද සියුම්ලෙස බලද්දී සුබ වුණේ? (නි)

:       0       0

සරත් Monday, 10 August 2015 10:18 AM

රැවටෙන්න එපා. මහින්දට ජය නියතයි (නි)

:       0       0

මල්රාජ් Monday, 10 August 2015 10:22 AM

ඔහු අපේ රට ලෝකයේ සුන්දර රටක් කරාවී (නි)

:       0       0

ධම්මික හිමි,ඉතාලිය Monday, 10 August 2015 10:23 AM

මට නම් හිතෙන හැටියට ජ්‍යෝතිෂය අනුව මැතිවරණ ප්‍රතිඵල කියන්න බැහැ (නි)

:       0       0

රවී Monday, 10 August 2015 10:24 AM

මේ පාර මහින්ද දිනනවා කියන කෙනෙක් හොයාගන්නත් නැහැ වගෙයි (නි)

:       0       0

අබේරත්න Monday, 10 August 2015 10:25 AM

ඒක එහෙමම තමයි (නි)

:       0       0

ප්‍රියාන් Monday, 10 August 2015 10:25 AM

මම අහන්නේ මේ වගේ අයට මේවා හොඳට කියන්න පුළුවන් නම් ඇයි වසර 30 අපේ රටේ තිබුණ යුද්ධය ගැන අනාවැකි කිව්වේ නැත්තේ? අඩු ගානේ යුද්ධය දිනනවද පරදිනවද කියලවත් කිවුවේ නැහැනේ.මැතිවරණ වලට විතරද මෙයාලගේ අනාවැකි? (නි)

:       0       0

විනූ Monday, 10 August 2015 10:25 AM

මේ අනාවැකියට මම පුද්ගලිකව කැමතියි. මොකද ඡන්දය රනිල්ට සුබයි මහින්දට අසුබයි නම් හිටපු නඩේ නැවත බලයට ඇවිත් සුදු වෑන් ගෙනෙන එක, ජනතාවගෙන් පිරුවටයක් ලෙස ලැබෙන බලය ගෙන රාජාභිෂේක වන එක දැකීමට සිදුනොවන නිසා. (නි)

:       0       0

මහේෂිකා Monday, 10 August 2015 10:26 AM

එතකොට දැන් රනිලුත් වැඩ කරන්නේ හඳහන බලලද? මහින්ද නම් දැන් ඒවගේ වැඩ නවත්තලා. (නි)

:       0       0

ඇන්ටන් Monday, 10 August 2015 10:28 AM

අලුත් රටක් අපට ලැබෙනු ඇත (නි)

:       0       0

ලංකාසිරි Monday, 10 August 2015 10:31 AM

රනිල් මහතා උඩින්ම දිනනවා. අපේ රටට සෞභාග්‍යය උදාවෙන්නේ ඊටපස්සෙයි. රාජපක්ෂ මහත්මයා දුප්පත් ජනතාවට කළ දෙයක් නැහැ. ඒගොල්ලෝ බඩ වඩාගත්තා විතරයි. (නි)

:       0       0

කුමාර් Monday, 10 August 2015 10:32 AM

ඔන්න තව කෙනෙක් පටන් අරගෙන. (නි)

:       0       0

විජිත Monday, 10 August 2015 10:38 AM

මහින්ද දිනන එක නවත්වන්න බැහැ. (නි)

:       0       0

ලලින්ද්‍ර Monday, 10 August 2015 10:40 AM

අනේ ධම්ම, ඇයි ජ්‍යෝතීර්වේදියො විද්වත් නැද්ද? (නි)

:       0       0

තිලක් Monday, 10 August 2015 10:44 AM

ජයවේවා! (නි)

:       0       0

බටගල Monday, 10 August 2015 10:44 AM

මෙවර ප්‍රතිඵලය ගැන කියන්න ජ්‍යෝතිෂය අවශ්‍යම නැහැ. ජනතාවට එපාවුණ කෙනෙකුට අගමැතිකම ගෙනදෙන්න දේශපාලන අනාථයින් දරන ප්‍රයත්නය ජනතාව හොඳින් දන්නවා. ප්‍රතිඵලය 18 වෙනදා පාන්දරට. (නි)

:       0       0

ටිරෝන් Monday, 10 August 2015 10:46 AM

දේශපාලුවන්ට වගේ විලිලැජ්ජාවක් නැහැ කියලයි දැන්නම් හිතෙන්නේ (නි)

:       0       0

රමණී Tuesday, 11 August 2015 09:59 AM

රටට යහපත උදාවේවා! (නි)

:       0       0

ශාන් Monday, 10 August 2015 10:47 AM

ඔය කියන මිනිත්තු 2 ඇති (අ)

:       0       0

සුජිත් Monday, 10 August 2015 10:55 AM

එහෙම වුණොත් ජනතාවගේ වෙලාව බලාගන්න එක හොදයි (අ).

:       0       0

ගාමිණී Monday, 10 August 2015 10:58 AM

රට ගොඩ ,අපිට හොඳ කලක්. රනිල් මහතා දිනන්නම ඕනෑ. (නි)

:       0       0

ද සිල්වා බර්ලින් Monday, 10 August 2015 11:07 AM

ඕක කියන්න කේන්දර බලන්න ඕනෑ නැහැනේ (නි)

:       0       0

ප්‍රේම් Monday, 10 August 2015 11:07 AM

කට පියාගෙන ඉන්න එක තමයි නුවණක්කාරම වැඩේ (නි)

:       0       0

ඔමිල Monday, 10 August 2015 11:10 AM

අපි ඒක දන්නවා (නි)

:       0       0

දීපාල් Monday, 10 August 2015 11:11 AM

අනේ මහත්තයෝ, ඔය දේවල් හරියටම කියන්න තරම් ශක්තියක් තියෙන කෙනෙක් නම් ඔය විදියට තවම ඉන්නේ මොකද? (නි)

:       0       0

ප්‍රදීප් Monday, 10 August 2015 11:12 AM

ඔය ටික කියන්න කේන්දර බලන්න ඕනෑ නැහැ. ලංකාවේ මිනිස්සු ලක්ෂ 62 බත් කන බව දන්නා ඕනෑ කෙනෙකුට කියන්න පුළුවන්නේ. (නි)

:       0       0

එරන්ද Tuesday, 11 August 2015 03:10 AM

කියලා වැඩක් නැහැ.ඒ කියන්නේ මහින්ද මහත්තයා අනිවාර්යයෙන්ම දිනනවා (නි)

:       0       0

ටිකිරි බණ්ඩා Monday, 10 August 2015 12:10 PM

ඒ කියන්නේ රටට නැවත ඒ නරක යුගය ලබන්නේ නැහැ කියලනේ.අනේ වාසනාවන්.අපේ පැතුමත් ඒකමයි. (අ)

:       0       0

කරු එම් ගමගේ Monday, 10 August 2015 12:12 PM

රනිල් දිනනවා කියන තරුණ පාරම්පරාව දිනුම් (අ)

:       0       0

ටිකිරි බණ්ඩා Monday, 10 August 2015 12:12 PM

රටේ දරුවන් අනාගත දරුවන් ඒ තරම් පව් කරලා නැහැ එහෙනම්. නායකත්වය පුහුණුව දෙනවා කියල අපේ දරුවන් හරක් වගේ හමුදා කදවුරු වලට දක්කන්නේ නැහැ එහෙනම්.(අ)

:       0       0

ටිකිරි බණ්ඩා Monday, 10 August 2015 12:16 PM

අපේ රට කියන්නේ බුදුන්වහන්සේ 3 වරක් වැඩිය රටක්. අසාදරණයෙන් ,මිනිමරමින් වැඩි කල් කරන්න ලැබෙන්නේ නැහැ.(අ)

:       0       0

සෞදි රොහාන් Monday, 10 August 2015 12:32 PM

මොකද ධම්ම, ජ්‍යෙතීර්වේදීන්ට ජාතික විද්වත් මණ්ඩලයේ ඉන්න හොඳ නැද්ද? හැමෝම හොරු නෙමෙයි. ගොඩක් උගත් ජ්‍යෝතීර්වේදියොත් අපේ රටේ ඉන්නවා. එනිසා කෙනෙකුගේ දැනුම අවතක්සේරු කරන්න හොඳ නැහැ . (නි)

:       0       0

අජිත් Monday, 10 August 2015 01:02 PM

ඔය ජ්‍යෝතිෂවේදීතුමා කොහෙද දන්නේ නැහැ ඉන්නේ නේද? මට ආසයි මුණගැහෙන්න. (නි)

:       0       0

අජිත් Monday, 10 August 2015 01:08 PM

හොඳයි බලමු (නි)

:       0       0

අබේරත්න - ටෝකියෝ Monday, 10 August 2015 01:10 PM

ජාතක විද්වත් මණ්ඩලයේ කට්ටඩියෝ එහෙමත් ඇති නේද ?අනේ අපේ ශ්‍රී ලංකාව (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 4165 1

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


මැතිවරණ රාජකාරියට ආ කොස්තාපල්ගේ දුරකථනය කොල්ල කාලා
2024 සැප්තැම්බර් මස 22 68 0

මැතිවරණ රාජකාරී සඳහා මරදාන පොලිස් ස්ථානයෙන් කහතුඩුව පොලිස් ස්ථානයට තාවකාලිකව අනුයුක්ත කර සිටි නිලධාරියෙකු අනවසරයෙන් පලා ගොස් පුද්ගලයකුගේ ජංගම දුරක


කලාවැව අනුරට
2024 සැප්තැම්බර් මස 22 217 0


කොළොන්නාව අනුරට
2024 සැප්තැම්බර් මස 22 226 0


දෙවැනි මනාපෙට යයි
2024 සැප්තැම්බර් මස 22 2854 0

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීමට අදාළව දෙවැනි ගණනය කිරීමකට යෑමට සිදුවන බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන් කළේය.


නිවිතිගල සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 239 0


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14685 15

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 68 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 240 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 125 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site