IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


ඡන්ද කොමසාරිස්ට මල් : හම්බන්තොට උණුසුම්

මහ මැතිවරණයේ දින ළංවීමත් සමඟම හම්බන්තොට මැතිවරණ උණුසුම ද වැඩි වෙමින් පවතී.ප්‍රධාන ප්‍රචාරක රැලිවලට වඩා කුඩා ජනහමු  ගම්මට්ටමින් පැවැත්වීමට සටනට එක්වසිටින ප්‍රධාන පක්ෂ තුනම සැරසෙයි.

මෙවර   බැනර්, පෝසටර්, කටවුට් ප්‍රදර්ශණය  කිරීම ට අපේක්ෂකයින්ද සීමා කර ඇත්තේ ඒවා ඉවත් කිරීමේ මෙහෙයුම් දිගින් දිගටම ක්‍රියාත්මක වීම නිසාය. ගම්මට්ටමින් මැතිවරණ කාර්යාල විවෘත කැරේ. ඡන්දය හරියට මෙහෙයවතියි බොහෝ දෙනෙක් ඡන්ද කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතාට ස්තූති කරති.

බොහෝ ගම්වල එකම ස්ථානයේ මුහුණට මුහුණලා ප්‍රතිපක්ෂයේ කාර්යාල විවෘත කර තිබීමද විශේෂත්වයකි.බොහෝවිට ප්‍රධාන පක්ෂ තුනේම කාර්යාල එකම ස්ථානයක පිහිටුවා ඇති අවස්ථා තිබේ. ඒවා අතර  සුළු ගැටුම් වාර්තා වූව ද බරපතල තත්ත්වයේ නොමැත.

හම්බන්තොට මහ මැතිවරණය සඳහා පිළිගත් දේශපාලන පක්ෂ 12 ක් සහ ස්වාධීන කණ්ඩායම් 5 ක් තරඟයට එක්ව සිටියත්, මැතිවරණ ප්‍රචාරක කටයුතු සිදුකරනු ලබන්නේ එකසත් ජනතා නිදහස් සන්ධානයත්. එකසත් ජාතික පක්ෂයත්, ජනතා විමුක්ති පෙරමුණත් පමණි.

පසුගිය පාර්ලිමේන්තුවට හම්බන්තොටින් එ.ජ.නි.ස නියෝජනයෙන් මන්ත්‍රීවරු පස් දෙනෙක්ද, එජාපයෙන් දෙදෙනෙක් ද තෝරාගනු ලැබූහ.

මෙවර එම මන්ත්‍රීවරු හත් දෙනා බෙදී යන ආකාරය සම්බන්දව මේවනවිට දේශපාලන වේදිකාවේ විවිධ මත පවතී.

සන්ධාන කණ්ඩායම් නායක චමල් රාජපක්ෂ මහතා සඳහන් කරන්නේ එම කණ්ඩායමට  ආසන පහක් හිමිවන බවයි. එජාප නායක සජිත් පේමදාස මහතා රැස්වීම් වල දී කියා සිටින්නේ ද තම කණ්ඩායම ආසන පහක් ලබා ගන්නා බවයි.

ජවිපෙ සඳහන් කරන්නේ ද වැඩි ප්‍රමාණයක් මෙවර පාර්ලිමේන්තුවට යැවීමට ජනතාව පෙළ ගැසී සිටින බවයි.

කෙසේ වෙතත් හම්බන්තොට ජනතාවගේ පොදු මතය වී ඇත්තේ ප්‍රධාන පක්ෂ දෙකෙන් එකකට ආසන හතරක් ද ,අනිකට ආසන දෙකක් ද, ජනතා විමුක්ති පෙරමුණට එක් ආසනයක් හිමිවන බවයි.

ආසන හතර හිමිවන්නේ කවර පක්ෂයකටද කියා තවම තීරණය වී නොමැති බවද බොහෝ දෙනාගේ මතය වී තිබේ.

මැතිවරණ කොමසාරිස්තුමාගේ නීති රීති හරියට ක්‍රියාත්මක කිරීම ට අවශ්‍ය කටයුතු සිදුකරන බව හම්බන්තොට දිස්ත්‍රික් තේරීම්භාර නිළධාරී ආර් .සී ද සොයිසා මහතා කීය.දේශ පාලන පක්ෂ අපේක්ෂකයින් මේවන විට දෙවරක් දැනුවත් කර ඇති අතර තවත් ඉදිරියේ දී දැනුවත් කරන බව ද කීය.



අදහස් (0)

ඡන්ද කොමසාරිස්ට මල් : හම්බන්තොට උණුසුම්

දුන්ගු Tuesday, 04 August 2015 01:07 PM

මෙවර හම්බන්තොට සිතන්නේ නැති වෙනසක් වෙනවා. (නදී)

:       0       0

ගාමිණි Tuesday, 04 August 2015 07:35 AM

සජිත්ට සුබ පතමු.(ම)

:       0       0

සිරිනිමල් කරුණාරත්න. Tuesday, 04 August 2015 01:40 PM

මැතිවරණ කොමසාරිස් තුමනි, ඔබතුමා වගේ රාජකාරිය,දේවකාරියක් ලෙසට රාජ්‍ය සේවකයන් කරන්නේ නම් ඡන්ද අපේක්ෂකයන්, කරන්නේ නම් මෙම මැතිවරණයට යන වියදම 30%කින් අඩුකරගන්න හැකිවේවි යන්න මගේ හැගීමයි. නමුත් ඔබතුමාට පමණක් ඒක කරන්න බැහැ. (බ)

:       0       0

චන්න Tuesday, 04 August 2015 01:43 PM

මැකෝ උඩ පනින්නේත් රනිල් සහ මෛත්‍රීගේ අවංක පාලනය නිසා. නැතිනම් මෙයටත් වන්නේ ආතතිය ගැන කියන්නයි (බ)

:       0       0

පිටබැද්දර ජයා Tuesday, 04 August 2015 08:09 AM

කොන්ද කෙලින් තියාගෙන හස්තියෙකුට්වත් බය නැති අපේ කාලයේ වීරයා , නිතිය හැමෝටම එක ලෙස සලකන මැකෝ ........ ඔබට අපේ ප්‍රණාමය ! (ම)

:       0       0

ෆොන්සේකා Tuesday, 04 August 2015 08:30 AM

සජිත්ට සුබ අනාගතයක් පතමින් මන්ත්‍රීවරුන් පස්දෙනෙක් පාර්ලිමේන්තුවට යවමු සජිත් තාත්ත වගේ නිවාස ඇමති වෙලා ගෙවල් දසලක්ෂය නොව සියලක්සයක් සදා නැවතත් ගාමන්ට් ආයතන 100 අරින්න (ම)

:       0       0

සීමන් Tuesday, 04 August 2015 09:39 AM

විපක්ෂයේ ඉඳලත් සජිත් හම්බන්තොටට විශාල සේවයක් කර තිබෙනවා. එනිසා කිසිම සැකයක් නැහැ ඔහු නියතව ජය ගන්නවා (නි)

:       0       0

ලංකා Tuesday, 04 August 2015 09:51 AM

මැකෝ ඔබ ගැන අපි ආඩම්බරයි. රටකට ඕන කොන්දක් ඇති මිනිස්සු (බ)

:       0       0

ධර්මසිරි Tuesday, 04 August 2015 09:53 AM

ඇත්තටම සජිත් දිනනවා ෂුවර් (බ)

:       0       0

විජය Tuesday, 04 August 2015 09:57 AM

වැඩි ගෞරවයක් ජනාධිපති මෛත්‍රී මහතාට ලැබිය යුතුයි....... " පොලිසියට , මැතිවරණ කොමසාරිස්ට නිදහසේ රාජකාරිය කිරීමට සකසා දුන්නා.. "" තිරිසන් ඡන්ද ක්‍රමය අවසන් කළා...." (බ)

:       0       0

කුලරත්න Tuesday, 04 August 2015 10:29 AM

තමන් පරිසරයට සංවේදී පමණක් නොවෙයි හොඳ මානව හිතවාදියෙක් බව අද මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා ඔප්පුකර තිබෙනවා. අපේ රටට බිහිවූ කිවූ දේ ඒ අයුරින්ම කළ කොන්ද පණ ඇති පිරිසිදු නායකයකු බව අනාගතයේදී සනිටුහන් වේවි (නි)

:       0       0

ප්‍රභා Tuesday, 04 August 2015 11:07 AM

නරකද අගමැති විදිහට මැකෝ පත්කර ගත්තොත්? (ම)

:       0       0

කුසුම් Tuesday, 04 August 2015 11:30 AM

සජිත්, ඔබට නියත ජය! අපේ සුබ පැතුම්! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 935 0

ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත්වුණු අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතීමට විශේෂ අමුත්තෙක් පැමිණ සිටියේය. ඒ, මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන


’’දිසානායක ජනපතිතුමනි, ලංකා දරුවා ඔබට බාරයි’’
2024 සැප්තැම්බර් මස 22 1848 3

“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක


අනුර ජනපති
2024 සැප්තැම්බර් මස 22 2313 6

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා


ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 5700 4

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


ප්‍රධාන අපෙක්ෂකයන්ගේ මනාප පිටවේ
2024 සැප්තැම්බර් මස 22 1712 0

දිස්ත්‍රික්ක 19යක දෙවන මානපය ප්‍රතිඵලයට අනුව සමගි ජනබලවේගයේ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මනාප 55348ක් ඉදිරියෙන් සිටියි.


අනුරට ඉඩදී රනිල් ජනපති කාර්යලයෙන් යයි
2024 සැප්තැම්බර් මස 22 6281 5

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 18170 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 89 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 278 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 143 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site