IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


ඡන්ද කාලේ නිමල් ‘ඇනිමල්‘ වෙලා

අගමැති හෝ ජනාධිපති සිහිනයක් තිබුණත් පක්ෂ නායකයන්ගේ අඩු පාඩු තිබුණත්  ඒවා විඳ දරාගෙන සිටි බවත් රජකම ලැබුණත් පක්ෂය දමා නොයන බවත් විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා මහතා ස්වාධීන රූපවාහිනියේ සත්‍යාගාරය වැඩසටහනට එක්වෙමින් කීවේය.

පක්ෂය වෙනුවෙන් කැපවීමෙන් වැඩකරන බවත් පරිසරයට ආදරය කළත් පවතින දේශපාලන වාතාවරණය යටතේ ප්‍රචාරණ කටයුතු සිදු කිරීමට ගස් ගල්වල පවා පෝස්ටර් ඇලවීමට සිදුවන බවත් ඒ මහතා පැවසීය. එහිදී වැඩසටහන මෙහෙයවූ උපුල් ශාන්ත සන්නස්ගල මහතා කීවේ නිමල් යනුවෙන් සඳහන් කර පසුගිය කාලයේ ගැසූ පෝස්ටර්වල කොලු කුරුට්ටන් විහිළුවට මුලට ‘ඇ‘ යන්න ඇතුළත් කර තිබූ බවයි.

ජාතික ආණ්ඩුවක් හෝ හවුල් ආණ්ඩුවක් හෝ පින් අගමැතිවරයකු සිටියදී හෝ මනාප ක්‍රමය සහ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතුය යන ස්ථාවරයේ තමා සිටින බවද ඒ මහතා එහිදී ඇසූ පැනයකට පිළිතුරු දෙමින් කීවේය.

මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිවරයා ජනපතිවරණ සමයේ සිරිසේන නමැති අයකු සමග බාල වර්ගයේ ප්‍රචාරණය කටයුතු කළේ ඇයිද සහ ඡන්ද දිනයේ එම සිරිසේන නමැති වෙනත් පුද්ගලයකු සමග පැමිණ ඡන්දය දැමීම වැනි ක්‍රියා සිදුකිරීම අනුමත කරනවාදැයි සන්නස්ගල මහතා විමසූ විට තමා එවැනි දෙයක් දැක්කේවත් ඒ ගැන දන්නේවත් නැති බවද නිමල් සිරිපාල ද සිල්වා මහතා කීවේය.

වීඩියෝ අනුග්‍රහය - ස්වාධීන රූපවාහිනිය



අදහස් (0)

ඡන්ද කාලේ නිමල් ‘ඇනිමල්‘ වෙලා

චම්පි Friday, 27 March 2015 04:31 PM

මංගල ලංකාවේ නෙමෙයි ද ඉන්නේ. (ස)

:       0       0

මානෙල්.. ඩෙන්මාර්ක් Friday, 27 March 2015 09:26 PM

කව්රු මොනවා කිව්වත් මොහු මහත්මා ගුණ ඇති මහත්මයෙක් බව දන්නා අය දන්නවා.(ම)

:       0       0

පිවිතුරු යහපාල Friday, 27 March 2015 11:01 PM

අපි දැක්ක විවිධ චෝදනා තියෙන ඇමතිවරු දැන් රජයට හේත්තු වෙනවා. මිනි මරුවෝ කියල චෝදනා තියෙන අය පවා. නමුත් මේ පරණ දේවල් වලට දඩුවම් කිරීමට යාමෙන් නිකන් අනවශ්‍ය ප්‍රශ්න ඇති කර නොගෙන රජය ගෙන යන්න කියලයි අපි ජනතාව වශයෙන් ඉල්ලන්නේ. (ම)

:       0       0

සුමුදු හේවා Friday, 27 March 2015 11:05 PM

අනේ මොහොමඩ්, බොරුවට නිහතමානිකම් පෙන්නුව පළියට කැනහිලෙකුට සිංහයෙක් වෙන්න බෑ. (නදී)

:       0       0

සමන්ති Saturday, 28 March 2015 12:55 AM

හැබැයි ,කේන්ති යන පරම්පරාවේ හාදයට වඩා විපක්ෂ නායක කමට කේන්ති නොයන ඔබ හොඳයි (නදී)

:       0       0

නන්දන Friday, 27 March 2015 07:25 AM

සූතිකාගාරය. (ස)

:       0       0

ශාන් Friday, 27 March 2015 07:52 AM

මහින්දට අපි පන දුන්නත් නුඹව නම් අපිට වටින්නේ නැහැ (නදී)

:       0       0

කුමුදු ද වාස් ගුණසේකර Friday, 27 March 2015 08:02 AM

අපෝ මෙයා නම් වැඩක් නැහැ. නගර සභාවකට වගේ නම් ගොඩම තමා. (නදී)

:       0       0

ප්‍රකාශ් Saturday, 28 March 2015 09:03 AM

ඔක්කොම එකයි රටට ආදරය අය නොවෙයි.මේ වැඩ සටහන මෙහෙයවන්නත් එසේමයි. (ත)

:       0       0

රංජිත් Friday, 27 March 2015 08:20 AM

මනාප ක්‍රමය නැත්නම් ඔබතුමා ගෙදර . ආසනේ පරාදයි. (ත)

:       0       0

ජනක Friday, 27 March 2015 08:23 AM

උප අගමැති සිහිනය (ත)

:       0       0

රංචාගොඩ Friday, 27 March 2015 08:52 AM

කොහොමත් ඔය නිමල් ඇනිමල් තමයි, ඇනිමල් කියුවට මඩේ ලගින අර ලොකු ඇනිමල් කෙනෙක්! (බ)

:       0       0

රංගා Friday, 27 March 2015 08:54 AM

රටම විනාශ කරපු හොර පවුලට පන දෙන්න යනවා. (ස)

:       0       0

දයා Friday, 27 March 2015 08:56 AM

සිරිසේනට කලින් මෙයා පනින්න හිටියේ. මොකක්දෝ කරුමයකට මේකා පැන්නෙ නැහැ, මේ දවස් වල මෙයාල බයවෙලා ,මහින්ද මහතා වෙනුවෙන් තියන මිටින් වල සෙනඟ දැකල. (ස)

:       0       0

ප්‍රසන්න Friday, 27 March 2015 09:03 AM

රටේ මොන විදියේ තරාතිරමක පුද්ගලයෙක් උනත් මෙවැනි විදියට ආමන්ත්‍රණය නරකයි.රටේ ජනමාධ්‍ය නරක ආදර්ශයක් ජනතාවට දෙනවා. ඇනිමල් කියන එකේ තේරුම දන්නේ නැත්තනම් සමාව දෙනවා ඔයාට. (ස)

:       0       0

බණ්ඩාර කුවේට් Friday, 27 March 2015 09:38 AM

ළමයි වඩාගෙන මිනිසුන්ට කරුණාව පෙන්වීමෙන් මහත්මයෙකුයි ඔබ සිතනවානම් ඔබ මංමුල වෙලා (ත)

:       0       0

රෝයි Friday, 27 March 2015 10:14 AM

විපක්ෂ නායකතුමා (දිල්)

:       0       0

නිලන්කා Friday, 27 March 2015 12:09 PM

මේකේ කමෙන්ට් දාන කට්ටියට නිමල් අරහන් උනාට බදුල්ල ගොඩනැගුවේ නිමල්. බදුල්ලේ මිනිස්සු කොළඹ නුවර යන්නේ නැතිව බදුල්ලෙන්ම බෙහෙත් ටික ගන්නවා. බදුල්ල පැරදුනේ එක්කෙනෙක් මෙයාට ගොඩක් අරියාදු කළ නිසයි. (ත)

:       0       0

ලහිරු Friday, 27 March 2015 12:53 PM

මොහු ඉතා උගත් මහත්මයෙක්.(හේ)

:       0       0

මංගලී ෆොන්සේකා Friday, 27 March 2015 02:03 PM

රැස්වීම්වල සෙනඟ හිටියා නම් ඇයිද දන්නේ නෑ නේද පැරදුනේ? (ත)

:       0       0

මොහොමඩ් ඉන්සාර් Friday, 27 March 2015 03:03 PM

නිහතමානිකම තමයි සිංහයාගේ ලක්ෂණේ. (ත)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අවුරා ලංකා සමාගෙම් සභාපති සියල්ල දිග හරියි
2024 සැප්තැම්බර් මස 29 27 0

තමා විදේශ රටවලින් නීත්‍යානූකූලව උපයාගත් මුදල් හා දේපළ වලින් මෙරට ණය බරින් අඩක් ගෙවා නිම කිරීමට හැකියාව ඇතැයි කී අවුරා ලංකා සමාගෙම් සභාපති විරන්ජිත් ත


ඡන්ද වියදමට ජනපති අත්සන් කරයි
2024 සැප්තැම්බර් මස 29 171 0

මහ මැතිවරණය සඳහා අවශ්‍ය වන රුපියල් කෝටි 1100 ක මුදල නිදහස් කිරීමේ බලපත්‍රය සඳහා ජනාධිපතිවරයා අත්සන් තබා ඇතැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත


පහේ ගැටලුකාරී ප්‍රශ්න තුනට කාටත් ලකුණු දෙයි
2024 සැප්තැම්බර් මස 29 118 0

ශිෂ්‍යත්ව විභාගයට කලින් සාකච්ඡා වූවා යැයි හඳුනාගෙන ඇති ප්‍රශ්න තුන සඳහා විභාගයට පෙනී සිටි සියලුම දරුවන්ට ලකුණු ලබාදීම සුදුසු බව අදාළ ගැටලුව සම්බන්ධ


යුද හමුදා ධජයන්ට සෙත් පතයි
2024 සැප්තැම්බර් මස 29 107 0

හැත්තෑ පස්වන යුද හමුදා දිනය නිමිත්තෙන් යුද හමුදා ධජයන්ට සෙත් පැතීමේ විශේෂ උත්සවය යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ මහතා ඇතුළු ඉහළ හමුදා නිල


මෙවර සාපෙළ විශිෂ්ටයෝ
2024 සැප්තැම්බර් මස 29 528 0

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ 2023(2024) ප්‍රතිඵලවලට අනුව දිවයිනේ ප්‍රථම ස්ථානය හිමිකර ගැනීමට ගාල්ල සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ හිරුණි මල


නව සඳ අද සිට
2024 සැප්තැම්බර් මස 29 1020 0

අද (29) සිට පෘථිවියට නව සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වෙනු ඇති බවට තාරකා විද්‍යාඥයෝ පැහැදිලි කරති. මෙම නව සඳ කුඩා ග්‍රහකයකි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38090 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25075 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 247 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 809 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 288 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site