IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


‘ඡන්දෙ දිනන්න මහින්ද ඕනෑ‘ - දයාසිරි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බල මණ්ඩල රැස්වීම කුරුණෑගල මලියදේව බාලිකා විදුහල් ශ්‍රවණාගාරයේදී ඇරඹීමට පෙර චිරාගත පොල්තෙල් පහන දල්වන ලෙස හිටපු ජනපතිනි චන්ද්‍රිකා කුමාරතුංගට ඇරයුම් කරමින් නිවේදකයා ඇගේ නම කියද්දී හූ හඬ පැතිර ගියේය.

රැස්වීම පැය තුනක් පමණ පැවතියේය. රැස්වීම අවසානයේ කුමාරතුංග මහත්මිය නික්ම යද්දීත් යළි හූ හඬ පැතිර ගියේය.

ඇය එළියට එද්දී ඇය වටකරගත් පක්ෂයේ පළාත් සභා මන්ත්‍රී පිරිසක් ඇයට තදබල ලෙස දොස් නැගූහ.

‘අපේ නියම නායකයා මහින්ද රාජපක්ෂ ඔබ යන යන තැන ඔහුට බනිනවා. ඔබ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විනාශ කරනවා. කඩනවා. විශ්‍රාම ගියා නම් පක්ෂය වනසන් නැතිව ගෙදරට වෙලා ඉන්න‘ යනුවෙන් ඔවුහු කියන්නට වූහ.

ඒ කිසිවකටත් කුමාරතුංග මහත්මිය පිළිතුරු නුදුන්නාය. ඇගේ ආරක්ෂකයෝ ඇය ඉවත් කරගත්හ. ඇය ඉවත්ව ගිය පසු ඇයට බැන වැදුණු පිරිසට විරුද්ධව අදහස් දැක්වූ නිකවැරටිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක්ද ප්‍රහාරයකට ලක්විය. පිරිසක් ඔහුට බැන වැදී පහර දුන්හ. ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමැති ශාන්ත බණ්ඩාර මහතා එම කලබලය සංසිඳවීය.

මෛත්‍රිපාල සිරිසේන ජනාධිපති මහ ලේකම් අනුර ප්‍රියදර්ශන යාපා සහ වයඹ මහ ඇමැති දයාසිරි ජයසේකර මහත්වරු පමණක් බල මණ්ඩලය ඇමතූහ.

ඉදිරි මැතිවරණයේදී සමගියෙන් ක්‍රියා කිරීමේ අවශ්‍යතාවය ජනපති හා මහලේකම් අවධාරණය කළහ. ඒ දෙදෙනා මහින්ද රාජපක්ෂ මහතා ගැන කිසිත් නොකී නමුත් ඔවුනට පසුව කථා කළ මහ ඇමැති ජයසේකර පැවසූයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජයග්‍රහණය කිරීමට නම් මහින්ද රාජපක්ෂගේ සහාය අනිවාර්යයෙන්ම ගත යුතු බවයි.

සභාවෙන් ඊට උණුසුම් ප්‍රතිචාරයක් ලැබිණි. මුළු සභාවම අත්පොළසන් දෙමින් ඔහුගේ කථාව අනුමත කළහ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සාලින්ද දිසානායක, පී.බී.ඒකනායක හා ජොන්ස්ටන් ප්‍රනාන්දු මහත්වරු මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් ප්‍රබල ලෙස හඬ නැගූහ. දෙදහසකට ආසන්න පිරිසක් මේ රැස්වීමට පැමිණ සිටියහ.

දයාසිරි ජයසේකර හා ජයරත්න හේරත් මන්ත්‍රීවරයා හෙලිකොප්ටර් යානය ළඟට ගොස් ජනපති පිළිගත්හ.

 

 

 

 

 

 



අදහස් (0)

‘ඡන්දෙ දිනන්න මහින්ද ඕනෑ‘ - දයාසිරි

රවිඳු Thursday, 09 April 2015 04:29 PM

දැන් ලංකාවේ තිබෙන්නේ දේශපාලන පක්ෂ දෙකයි. එකක් කම්බා හොරුන් ප්‍රමුඛ මෝඩයින්ගේ පක්ෂය.. අනික තමයි විනයගරුක මිනිසුන් ප්‍රමුඛ බුද්ධිමතුන්ගේ පක්ෂය.. මේ පක්ෂ දෙකට නායකත්වය දෙන නායකයින් ගැන මොලේ කලඳක් හෝ තියන අය දන්නවා. (ස)

:       0       0

ජ‍ානක Thursday, 09 April 2015 04:41 PM

සමීර හොරකම් කරපුවා දවසෙන් දෙකෙන් අල්ලන්න බැරි නිසා තමයි දින 100 ක් දුන්නෙ කෝ ඉතින් තව දින 1000 ක් දුන්නත් ඔච්චරම තමයි (ස)

:       0       0

අමිල Thursday, 09 April 2015 04:43 PM

මහින්ද අපේ පණ වගේ. (ස)

:       0       0

සිල්වා Thursday, 09 April 2015 04:48 PM

පැරදුන කෙනා මොකටද දැන්? රට හදන්නට මේ ගොල්ලෝ දඟලන්නේ නැහැ. සූරාගෙන කාපුවා රැකගන්න විදියක් දැන් හොයන්නේ! (නි)

:       0       0

තිලක් Thursday, 09 April 2015 04:51 PM

මහින්ද මොකටද දැන් අපිට? සදාචාරසම්පන්න රටක් දැන් ඇත්තේ. මේ යන විදිය හොඳයි. (නි)

:       0       0

සිල්වා Thursday, 09 April 2015 05:02 PM

දේශපාලනය කරන්න ඉවසීම තියෙන්න ඕනෑ. මුදලට වහල් වුණොත් වෙන්නේ ඔය ටික. (නි)

:       0       0

නවාංජන Thursday, 09 April 2015 05:04 PM

අපි බලමුකෝ වෙන්නේ මොකක්ද කියලා (නි)

:       0       0

ජ‍ානක Thursday, 09 April 2015 05:05 PM

චානක ලොස් ඇන්ජලිස්, ඇමරිකාවෙ ඉන්න අයට නම් චන්ද්‍රිකා නෙමෙයි ප්‍රභාකරන් ආවත් මොකද? උඩවලවට කොටි පැනලා අපේ ගමත් මායිම් ගමක්‍ වෙලා පොලිසියත් එක්ක ගමේ මුර සංචාරයේ ගිය එකෙක් මම. ටී 56 ලෝඩ් කරගෙන අපේ පස්සෙන් ගිය අහිංසක පොලිස් රාළහාමි කෙනෙක් කියපු වචන ටික විතරක් කියන්නම්. මොළය කළඳක් හරි තියෙනවා නම් ඉතිරිය හිතාගන්න. "මල්ලි, අපි යන්නෙ පාරෙ. උන් ඉන්නෙ කැලේ. අපි යන්නෙ බිල්ලට. මට පුංචි ළමයි දෙන්නෙකුත් ඉන්නවා මල්ලි" (නි)

:       0       0

සහන් Thursday, 09 April 2015 05:15 PM

සමහරු හිතන්නේ මහින්ද කියන්නේ ලංකාවයි කියලා. නැහැ මහින්ද කියන්නේ තවත් එක පරාජිත දේශපාලකයෙක් පමණයි. මහින්ද නැතිවුණා කියලා, ලංකාව නැතිවෙන්නේ නැහැ. (නි)

:       0       0

සමනලී Thursday, 09 April 2015 05:17 PM

චන්ද්‍රිකා කියන්නේ පරාජය නොවී නම්බුපිටින් ගෙදර ගිය නායිකාවක්. (නි)

:       0       0

සමන් Thursday, 09 April 2015 05:21 PM

යහපාලනයක් තුළ විරුද්ධවාදීන් මර්දනය කිරීමට මේතරම් බොරුව යොදාගත් කාලයක් නැහැ. දේශපාලනයේ නිරත හැමදෙනාම කරන්නේ දේශපාලනයෙන් හම්බකරන එක. නැත්නම් මොන දේකටද ගහමාරාගෙන බලයට එන්න වලිකන්නෙ. පහුගිය අවුරුදු 40 ක දේශපාලන ඉතිහාසය මට හොඳට මතකයි. ඒ අතරෙ හිටියේ පිරිසිදු නායකයින් තුන්දෙනයි. ඩඩ්ලි, දහනායක සහ ඩීබී විජේතුංග යන තිදෙනා පමණයි.අනිත් සියළුම පාලකයින් සිය ගෝලබාලයින්ද සමඟ පරම්පරා ගණනකට හරිහම්බ කරගත්තා. හැබැයි ඒවා ඔප්පුකරන්න කාටවත්ම බැහැ. ඒ නිසා කවදාවත් හොරු අල්ලන්නේ නැහැ. දැන්වත් දකින හීනවලින් මිදී ඇස් හැර බලන්න! (නි)

:       0       0

රුවන් Thursday, 09 April 2015 05:27 PM

එතකොට ඇයි ඔය තවත් සමහරු තාම යන්නේ නැතුව ඉන්නේ.කී පාරක් පරාජය වුණාද? මම ඉන්නේ පිටරට. දැන් අවරුදු 10ක් තිස්සේ.මටත් ඕනෑ මහින්ද මහත්තයා නැවත එන්න.මට තිබෙන වාසියකට නෙමෙයි.රටට තිබෙන ආදරේට (නි)

:       0       0

චමල් Thursday, 09 April 2015 05:40 PM

රටේ ඉතුරුවෙලා තියෙන ටිකත් නැතිකරන්න නම් එපා (නි)

:       0       0

කමල් Saturday, 11 April 2015 04:27 AM

සමහර අයට නම් මහින්ද නැතුවම බැහැ (නි)

:       0       0

චතුරි Thursday, 09 April 2015 06:48 PM

අපේ රටවත් අපිවත් පැරදුනේ නැහැ. පැරදුනේ මහින්දයි, මන්ත්‍රී ටිකයි, ඇමතිලායි. මාළිගා වගේ ගෙවල් වල තවම වැඩ අවසන් නැහැ. (නි)

:       0       0

චානක ලොස් ඇන්ජලිස් Thursday, 09 April 2015 07:02 PM

පසුගිය රජය කළේ දේශපාලනයක් නොවේ (නි)

:       0       0

අජිත් Thursday, 09 April 2015 07:11 PM

මහින්ද මහත්තයා නිසා තමයි අද අපිට නිදහස් රටක් තිබෙන්නේ (නි)

:       0       0

පියල් Thursday, 09 April 2015 07:11 PM

රට එක්සේසත් කළ නායකයා අමතක කළහැකි නොවේ! (නි)

:       0       0

බණ්ඩාර Thursday, 09 April 2015 10:33 AM

ජනතාවට වැරදි නිවැරදි කර ගැන්මට අවස්ථාවක් ලබාදෙන්න. (බ)

:       0       0

ලීල් Thursday, 09 April 2015 10:36 AM

තරහ අවසර ජනයාට අධිපති තුමනි ....හෙලිකොප්ටර් එකෙන් යන්නේ නෑ කියූව නේද ? (බ)

:       0       0

ප්‍රනාන්දු Thursday, 09 April 2015 08:06 PM

යථාර්ථය තේරුම් නොගතහොත් අපේ ලස්සන ලංකාවට බුදු සරණයි! (නි)

:       0       0

ඉන්දික Friday, 10 April 2015 11:38 AM

මහින්ද මහත්තය නැතුව ඡන්දෙකට ගියොත් යූ.එන්.පී.ය අනිවාර්යයෙන්ම දිනනවා (නි)

:       0       0

ප්‍රනාන්දු Thursday, 09 April 2015 08:16 PM

චානක ,ලොස් ඇන්ජලිස් වල සිට කාටද ආවඩන්නේ? (නි)

:       0       0

චතුරි Thursday, 09 April 2015 08:32 PM

මහින්ද නැතිවුණොත් අපි අනතුරේ. අපි කොහොමහරි මහින්ද නැවත මුදල් ඇමති කරමු (නි)

:       0       0

රුවන් Thursday, 09 April 2015 08:36 PM

ජනතා කැමැත්තක් නැතුව කොහොමද කරන්නේ? (නි)

:       0       0

කමල්ඩීන් Thursday, 09 April 2015 08:36 PM

අපිටත් මහින්ද තමයි ඕනෑ (නි)

:       0       0

කස්තුරි Thursday, 09 April 2015 08:36 PM

අනිවාර්යයෙන්ම එය එසේ වියයුතුයි (නි)

:       0       0

වජිර Thursday, 09 April 2015 10:08 PM

මහින්ද නැතුව රටේ සංවර්ධනයක් නැත. (නි)

:       0       0

වින්සන්ට් Thursday, 09 April 2015 11:11 AM

අද රටට අවශ්‍ය වන්නේ හොරුන් ගලවා ගන්නා නායකයන් නොව ජනතා අභිලාෂයන් ඉටුකරගැනීමට නායකයෙකි. (ර)

:       0       0

කිත්සිරි Thursday, 09 April 2015 10:22 PM

අනේ මගේ කට! (නි)

:       0       0

මහීන් Thursday, 09 April 2015 11:13 PM

දින 100 තුළ අඩුගානේ අපරාධ කීපයක්හරි ඔප්පුවෙනවා. එතකොට හොරුන්ව බලයට ගෙන්වන දඟලන අය දෙපැත්තම වහගනියි.විදේශ කුමන්ත්‍රණ ගැන කියන අය ඇයි දන්නේ නැහැ සහෝදරයන්ට පිටරට පුරවැසිකම ගන්න කැමති.දරුවන් ඉගෙනගන්න පිටරට යවන්නේ? අපිට ඕනෑ ලෝකයම පිළිගත් නායකයන් (නි)

:       0       0

පිවිතුරු යහපාල Thursday, 09 April 2015 11:22 PM

දයාසිරි කියන්නේ තනි වචනයේ එක ප්‍රතිපත්තියක ඉන්න කෙළින් මිනිහෙක්. මොනවාහරි කිව්වොත් ගලේ කෙටූ අකුර වගේ තමයි. (නි)

:       0       0

රොෂාන් Thursday, 09 April 2015 11:30 AM

ඕක චන්ද්‍රිකාට වගේම මහින්දටත් පොදුයි කියල කියන්ඩ එකෙක් හිටියෙම නැද්ද (ස)

:       0       0

චමිත් Thursday, 09 April 2015 11:31 AM

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කොතරම් බංකලොත් වෙලාද ,එක ඡන්දයයි පැරදුණේ පක්ෂය විනාශ වෙලා. 69 වයස මහින්ද සීය මෙරුනොත් කට්ටියම ගෙදර තමි යන්න වෙන්නේ. (ස)

:       0       0

කොඩිකාර Friday, 10 April 2015 12:22 AM

මහින්ද නැති ඡන්දයක් අපිට එපා (නි)

:       0       0

සමන්ති Friday, 10 April 2015 12:24 AM

දයාසිරි මොනවාහරි කිව්වොත් ගලේ කෙටූ අකුර වගේ තමයි කියන්නේ ඇත්තමද? (නි)

:       0       0

සම්පත් Thursday, 09 April 2015 11:34 AM

ඒක අද ලංකාවේ ඉන්න ඕන එකෙක් දන්නවා. මහින්ද නැතුව ඡන්ද දිනන්නත් බැහැ, රට පවත්වාගන යන්නත් බැහැ (ස)

:       0       0

මේනක Thursday, 09 April 2015 11:48 AM

19 සම්මත වුණාට පස්සේ ඔය ඔක්කොම නැටුම් අවසානයි (නි)

:       0       0

වසීම් Friday, 10 April 2015 12:55 AM

සිංහල මිනිසුනේ, අපේ දේවල් බාලකරලා කතාකරන්න එපා හො‍ඳේ. (නි)

:       0       0

කපිල Thursday, 09 April 2015 11:51 AM

අනේ අපි නම් අහයි ඔය කතා දැන්.... (නි)

:       0       0

ශානක Friday, 10 April 2015 01:04 AM

චානක, ඔයාට ලොස් ඇන්ජලිස් වලට ඕනෑ නම් එයාලව ගන්න. අපිට මෙහෙට ඕනෑ මහින්ද වගේ කෙනෙක් (නි)

:       0       0

දයා වීරසිංහ Friday, 10 April 2015 01:08 AM

සිරිසේන මහත්තයා හෙලිකොප්ටර පාවිච්චි කළාටකමක් නැද්ද ? (නදී)

:       0       0

විශ්ව Friday, 10 April 2015 01:42 AM

පසුගිය අවුරුදු 10 ය හොරකම් මැරකම් කෙරුවේ නැහැ කියා කියන්න පුලුවන්ද ? (නදී)

:       0       0

කලීල් Thursday, 09 April 2015 11:57 AM

මේ රටට මහින්ද මහතා අත්‍යවශ්‍ය කෙනෙක් (නි)

:       0       0

ක්‍රිෂාන් Friday, 10 April 2015 01:47 AM

මට නම් පේන්නේ මහින්ද මේ ඔක්කොමගේ ෆයිල් ගෙදර ගෙනත් පෙන්න පෙන්න බය කරනවා වගේ.(නදී)

:       0       0

වික්‍රම Thursday, 09 April 2015 12:10 PM

මේ පැරදුන කෙනා ආයෙත් ගෙන්වන්න දඟලන්නේ මොන වගේ කට්ටියක්ද කියලා රටවැසියන් හොඳින් දන්නවා (නි)

:       0       0

චතුරි Friday, 10 April 2015 02:18 AM

අපි බොරුවට කෑගහනවා. හොරකම් කළ අය ආපසු එන්න දඟලනවා මැති ඇමතිකම් ගන්න.අපි ක්‍රියාවෙන් පෙන්නමු අපි උගත් මිනිස්සු, අපිට පාට වැඩක් නැහැ, අපිට ඕනෑ අපේ රට ආරක්ෂා කරගන්න කියලා. අගමැතිව රැකගනිමු. ජනදිපත් සදහටම රැකගනිමු. මහින්දට සමුදෙමු (නි)

:       0       0

නිර්මල Thursday, 09 April 2015 12:21 PM

රටේ අගමැති ජන අධිපති රටේ සංකේතය "මහින්ද" (ර)

:       0       0

රකිත් Friday, 10 April 2015 02:30 AM

දයාසිරිත් එහෙට පනිනවා. මෙහාට පනිනවා. දන්නා සින්දුවක් කියාගෙන හිටියා නම් හොඳයි කියලා හිතෙනවා. (නි)

:       0       0

සඳුනි Thursday, 09 April 2015 12:27 PM

තව සමහරු පිට පිට කීප වතාවක්ම පැරදුන එක කට්ටියට අමතක එකනේ පුදුමේ (නි)

:       0       0

මහින්ද - කඳාන Thursday, 09 April 2015 12:28 PM

වික්‍රම, මහින්දා මහතා පැරදුනා නොවේ, පරාජය කෙරුවා. ඒ ජාත්‍යන්තර හා දේශීය බලවේග විසින්. ඒ ගැන දැන් කතා කිරීම වැඩක් නැහැ. පැරදුනේ මහින්ද නොවේ පැරදුනේ ලංකාවයි. අපේ ජාතියයි. මහින්ද දේශපාලනයට ගෙන ආ යුත්තේ ඔහුගේ යහපතට නොවේ, රටේ යහපතටයි. මහින්ද පැරදුනේ හෝ පරාදය කළේ එක් වතාවක් පමණි. (නි)

:       0       0

ජිම් Friday, 10 April 2015 02:48 AM

මහින්ද වගේ කෙනෙක් නැවත කුමටද? (නි)

:       0       0

අමිල Friday, 10 April 2015 02:54 AM

අනේ මහත්තයෝ! (නි)

:       0       0

ජනක Friday, 10 April 2015 02:54 AM

එයා එකපාරක් මහින්දගේ දන්සලට සින්දු කියපු හැටි අපේ සළුවඩන නිලමෙලාට අමතකවෙලා වගෙයි (නි)

:       0       0

අජිත් Thursday, 09 April 2015 12:45 PM

කට්ටියක් කියනවා මහින්ද පැරදුන නිසා ගෙදර ඉන්නලු,ඒ කට්ටියට අමතකයි 29 වතාවක් පැරදිලා සුළුතරයක් ඉන්න කෙනෙක් අගමැතිකම කරනවා කියල,රට යන්නේ කොහෙටද කියල පොලවේ පය ගහල ඉන්න අපිට පේනවා (ස)

:       0       0

මහානාම - කඳාන Thursday, 09 April 2015 12:50 PM

චමිත් මහතා දන්නවද ජේ ආර් මහතා ජනාධිපති වුණ වයස? මහින්ද මහතාව දේශපාලනයට අවශ්‍ය මේ රටේ දැන් උද්ගත වෙමින් පවතින ප්‍රශ්න නිසා හා ඒවාට මුහුණදීමට අවශ්‍ය නිසා. පසුකාලීනව රටේ අවශ්‍යතාවයන් අනුව ජනතා නායකයෙක් තෝරාගත හැක (නි)

:       0       0

බිමල් Thursday, 09 April 2015 01:04 PM

කොහොමත් සමහරුන්ට එයාවම තමයි ඕනෑ. (නි)

:       0       0

දිව්‍යා Thursday, 09 April 2015 01:15 PM

චමිත්, මහින්ද මහතාට දැන්ම එහෙම කරන්න බැහැ. ඒත් ඔයා වගේ ගැඩවිල්ලු නම් 69 වෙන්න කලින්ම නැතිවෙනවා (නි)

:       0       0

විකුම් රංගන Thursday, 09 April 2015 01:22 PM

හොරුන්ට, තක්කඩියන්ට, මැරයින්ට මේ පවතින යහපාලන වාතාවරණය තුළ පැවැත්මකුත් නැහැ. ඒ ගැන හිතලා දුකට සමහරු තප්පුලනවා. ඒකට ඉතින් අපි මොකද කරන්නේ? (නි)

:       0       0

ලාල් Thursday, 09 April 2015 01:28 PM

ඔය අයට ඕනෑ වුණාට,අපිට නම් කොහොමත්ම එපා. (නි)

:       0       0

සෙනරත් Thursday, 09 April 2015 01:30 PM

තව ටික කාලයක් ගියොත් මහින්ද මහතාගේ වටිනාකම තව හොඳින් තේරේවි. හොරකම් කළා කියනවා, තවම එකක්වත් අල්ලාගන්න බැරිවුණානේ. වෙන වැරදි තිබුනා. ඒත් මහින්ද තරම් මේ කවුරුවත් වැඩකළාද? (නි)

:       0       0

රකිත් Friday, 10 April 2015 04:24 AM

දයා වීරසිංහ, එහෙනම් මිටපස්සේ ඔබතුමාගේ තිරික්කලයෙන් පුලුවන්ද රටේ හැමතැනම යන්න? (නි)

:       0       0

සමීර Thursday, 09 April 2015 01:57 PM

හොරකම් කරපුවා දවසෙන් දෙකෙන් අල්ලන්න බැහැ. මෙහෙම කෙනෙක් නැවත බලයට ගෙනෙන්න හදන්නේ ඇයි? (නි)

:       0       0

ඉෂාන් Friday, 10 April 2015 05:46 AM

හොරුන් පරාජය කිරීමට අපි සැම පෙළගැසිය යුතුයි (නි)

:       0       0

රණවක Friday, 10 April 2015 05:52 AM

ඉතිහාසය දිහා හොඳට බැලුවාම දැන් ඉන්න ආණ්ඩුව (ඒකත් මැතිවරණයක් නැතිව බලෙන් ගත්ත}අගමැති රනිල් එය ලබා ගත්තේ දිනලා නොවෙයිනේ.කී පාරක් පැරදුනාද?අනෙක රවී වගේ අය අතීතයේ කොපමණ හොරකම් කළාද?භාණ්ඩාගාර බිල්පත් මගඩිය කොහොමද?අතීතයේත් ,දැනටත් කරන කුමන්ත්‍රණ කොහොමද?මේ කරුණු හොඳට සලකා බැලූ විට මහින්ද මහත්මා ශ්‍රේෂ්ඨ නායකයෙක්. (බ)

:       0       0

අබේරත්න-ටෝකියෝ Thursday, 09 April 2015 02:04 PM

මහින්දගේ පැරදීම 19-1 අනුපාතය. දැන් ඒක සමහරුන්ට අමතකවෙලා. මහින්ද තවම අවලංගු කාසියක් නොවේ. (නි)

:       0       0

ප්‍රසන්න Thursday, 09 April 2015 02:07 PM

අපිට ඕනෑ රටට සහ ජනතාවට සෙතක් වෙන්න. කාගෙවත් ලොකුකම්, පක්ෂ අපිට වැඩක් නැහැ (නි)

:       0       0

නුවන් Friday, 10 April 2015 06:22 AM

මේකේ මහින්ද ඕනෑ කිය කියා අදහස් දාන්නේ ඇත්තටම ස්වාධීන අදහස් තියෙන මිනිස්සු නෙමෙයි කියන එකයි මගේ හැඟීම. ඒකෙන් හරි ජනමතය පිළිඹිබු වෙන්නේ නැහැ. කොහොමටත් මේ තත්වය උඩ මහින්දට ශ්‍රී ලංකා එකෙන් ඉදිරියට එන්න ලැබෙන්නේ නැති බව ස්ථිරයි. වෙන පක්ෂයකින් තමයි ඉල්ලන්න වෙන්නේ. එතකොට ශ්‍රී ලංකා එකේ ඡන්ද දෙකට කැඩෙනවා. ඒකේ වාසිය යන්නේ යූ.එන්.පී. එකට. (නි)

:       0       0

රංගිකා Thursday, 09 April 2015 03:02 PM

අපිට පක්ෂ ලොකු නැහැ.අපිට ඕනෑ මහින්ද විතරයි.මොන පක්ෂෙන් මොන ලකුණෙන් ආවත් අපේ තේරීම මහින්ද (නි)

:       0       0

ලංකා Thursday, 09 April 2015 03:08 PM

අපිට නම් එපා (නි)

:       0       0

පිවිතුරු යහපාල Thursday, 09 April 2015 03:14 PM

චමිත් මහත්තය වගේ මේ රටේ ඉතිහාසය දන්නේ නැති මේ රටේ තිබුණු දේශපාලන වාතාවරණ ගැන ඒ කාල සිමා ගැන දන්නේ නැති බෙදුම්වාදී ත්‍රස්තවාදී යුද්ධයක් මේ රටේ තිබුන කියාලා දන්නේ නැති මුණු පොතේ නොදරුවෝ මහින්ද සීය මැරෙනකම් බලන් හිටියට එතුමා අපේ ආයුෂත් අරන් තව දිගු කාලයක් ජිවත් වේවි.. එතුමා 2009න් පස්සේ ඉතුරු කර දුන් ජිවිත ටිකම ඇති මේ රටට අනෙක් මොන දේ නැති වුනත් එතුමාට දිර්ගායු සැප සම්පත් විදින්න..ඒ වගේම ශ්‍රී ලංකා එකට මුකුත් වෙලා නැහැ..සියලු පාක්ෂිකයෝ මහින්ද මහත්තයත් එක්ක ඉන්නවා ඔය පාර්ලිමේන්තුවේ චිත්ත රෙදි කීපයක් ඇරෙන්න. (ස)

:       0       0

චානක ලොස් ඇන්ජලිස් Thursday, 09 April 2015 03:24 PM

චන්ද්‍රිකා ආයිමත් ආවත් මොකද ඇය පරාද නොවී ගියේ .....මහින්ද තමයි පාඩුවේ ඉන්න ඕනේ ...මන්ද ඔහු පරාජය වුන කෙනෙක් ....අපිට හොරු එපා ......(ස)

:       0       0

සුජීව Thursday, 09 April 2015 03:53 PM

මහින්ද මහතා කියන්නේ ලෝකයට ම නායකයෙක් ඉතාම හොඳ. නායකත්වයක් ඇති එඩිතර වීරයෙක්. කාගේවත් ගාව දණින් නොවැටෙන සැබෑම නායකයෙක්. (ස)

:       0       0

සජාන් Thursday, 09 April 2015 04:23 PM

ඊයේ පෙරේද අර මොනර මන්දිරේටත් පහර දීලලු නේද? ඒ පැත්තේ රිංගුවා නම් කුක්කන්ට, සුප්පල විසිකරන කටු ටිකක් රස කරකර තව සුප්පන්න තිබුන. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඊශ්‍රායලයට සමාව දෙන්න බෑ - ඉරාන ජනපති
2024 සැප්තැම්බර් මස 29 2 0

ලෙබනන් හිස්බුල්ලා නායක හසන් නසරැල්ලා ඝාතනය ඉරානයට එල්ල වූ අතුල් පහරක් බවත්, නසරැල්ලා ඝාතනය සම්බන්ධයෙන් ඊශ්‍රායලයට වන්දි ගෙවීමට සිදුවනු ඇති බවත් ඉරාන


හිස්බුල්ලා නව නායකයා කවුද?
2024 සැප්තැම්බර් මස 29 37 0

ලෙබනන් හිස්බුල්ලා නායක නසරැල්ලා ඊශ්‍රායල හමුදාව විසින් ඝාතනය වීමෙන් පසු, හිස්බුල්ලා සංවිධානයට නව නායකයකු පත් කර ගැනීම සම්බන්ධයෙන් මේ වනවිට සාකච්ඡා ප


ඊශ්‍රායලය කළ දේ හරි - බයිඩන්
2024 සැප්තැම්බර් මස 29 163 0

ඊශ්‍රායලයේ මිතුරා මෙන්ම ලෝක බලවතා ද වන ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, නසරැල්ලා ඝතනය සම්බන්ධයෙන් ප්‍රසාදය පළ කරමින්, ඊශ්‍රායලයට සහාය දක්වමින් අදහස් පළ කර


උහන වන සංහාරයක්
2024 සැප්තැම්බර් මස 29 146 0

අම්පාර උහන සමන්ගල සහ බංඩාරදුව ආසන්නයේ වනසංරක්ෂණ දෙපාර්තතමේන්තුවේ රක්ෂිත වනාන්තරය මහා පරිමාණයෙන් විනාශ කරන බව ප්‍රදේවාසිහු පවසති.


නසරැල්ලා මරන්න අණ දුන්නේ මම
2024 සැප්තැම්බර් මස 29 407 0

දරුණු ත්‍රස්තවාදියකු වූ නසරැල්ලා ඝාතනය කිරීම, ලැබූ විශිෂ්ට ජයග්‍රහණය බවත්, ඊශ්‍රායලය ලෙබනනයෙන් පළිගත් බවත් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යා


ලිබඩු කර්මාන්තශාලාවක ගින්නක්
2024 සැප්තැම්බර් මස 29 69 0

මොරටුව ,ඉදිබැද්ද ප්‍රදේශයේ එඩ්වඩ් පටුමග පිහිටි ලී බඩු නිෂ්පාදන කර්මාන්ත ශාලාවක අද(29) අලුයම 1.30 ට හදිසි ගින්නක් ඇතිවී එහි දේපල වලට බරපතල හානි සිදූවී ඇතැයි


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38001 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25027 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 242 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 780 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 281 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site