IMG-LOGO

2024 නොවැම්බර් මස 20 වන බදාදා


ඡන්ද නීති හදන කමිටුවේ කාලය දීර්ඝ කරයි

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

මැතිවරණ නීති ප්‍රතිසංස්කරණය සඳහා පත් කෙරුණු  පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ නිල කාලය ලබන වසරේ මාර්තු 31 වැනිදා  දක්වා දීර්ඝ කිරීමට එම කාරක සභාවේ  සභාපති සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා ඉදිරිපත් කළ යෝජනාවකට පාර්ලිමේන්තුවේ අනුමැතිය අද (10) හිමිවිය.

මෙම කාරක සභාවේ නිල කාලය ලබන වසරේ ජනවාරි මස 16 වැනිදා අවසන්වීමට නියමිතව තිබිණ.

මෙම පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව  කතානායකවරයා විසින් පත්කරනු ලැබුවේ  පාර්ලිමේන්තුවේදී පසුගිය අප්‍රේල් මස  5 වැනිදා සම්මත කෙරුණු  යෝජනාවකට අනුවය.

මෙම කාරක සභාවේ පළමු රැස්වීම  පසුගිය මැයි 17  වැනිදා පැවැත්විණ.

ඡන්ද නීති ප්‍රතිසංස්කරණය සඳහා සඳහා අදහස් හා යෝජනා ලබා ගැනීමට  දේශපාලන පක්ෂ, මැතිවරණ කොමිෂන් සභාව, සීමා නීර්ණය කොමිෂන් සභාව, නීතිපති දෙපාර්තමේන්තුව, මැතිවරණ නිරීක්ෂණ සංවිධාන, අදාළ වෙනත් ආයතන හා සංවිධාන නියෝජිතයන් මෙන්ම අදාළවන විද්වතුන් ඇතුළු පාර්ශව රැසක් මෙම විශේෂ කාරක සභාව හමුවට පසුගිය කාලයේ කැඳවූ බව  එහි සභාපති සහ  සභානායක දිනේෂ්  ගුණවර්ධන මහතා සඳහන් කළේය.

විශේෂ කාරක සභාවේ වාර්තාව සකස් කිරීමේ කටයුතු කරගෙන යන බවද හෙතෙම සඳහන් කළේය.



අදහස් (0)

ඡන්ද නීති හදන කමිටුවේ කාලය දීර්ඝ කරයි

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ආණ්ඩුව දෙන සහන ගැන නාමල් අවදානයෙන්
2024 නොවැම්බර් මස 20 39 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හෙට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් සහ ඉදිරිපත් අයවැයෙන් ජනතාවට දෙන සහන පිළිබඳ දැඩි අවධානයෙ


ආසියානු බෞද්ධ සමුළුව සාර්ථකව අවසන්
2024 නොවැම්බර් මස 20 197 0

ආසියානු පළමු බෞද්ධ සමුළුව පසුගියදා ඉන්දියාවේ නවදිල්ලි නුවර අශෝක් හොටෙල් පරිශ්‍රයේදී සාර්ථකව අවසන් විය.


හරීන්ට ඇප
2024 නොවැම්බර් මස 20 770 0

අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අද (20) බදුල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉිදිරිපත් කිරීමෙන් අනතුරුව ලක්ෂ පහක ශරීර ඇප මත මුදා හරින්නැයි


සැමියගෙන් බේරෙන්න ගොස් බිරිඳ තෙවන මහලෙන් බිමට
2024 නොවැම්බර් මස 20 690 0

වස්කඩුව ගාලු පාරේ තෙමහල් ගොඩනැගිල්ලකින් ඇද වැටී කාන්තාවක තුවාල ලබා ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි.


පරිසර ඇමති වැඩ බාරගනියි
2024 නොවැම්බර් මස 20 846 0

පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතා විසින් පරිසර අමාත්‍යංශයේ සොබාදම් පියසේදී අද පස්වරුවේ (19) වැඩ භාර ගත්තේය.


මන්නාරම රෝහලේ ප්‍රසූතියේදී මවත් බිලිදාත් මිය ගිහින්
2024 නොවැම්බර් මස 20 803 0

මන්නාරම පට්ටිතොට්ටම්හි මවක් දරු ප්‍රසූතියක් සඳහා ඊයේ (19) මන්නාරම මහරෝහලට ඇතුලත් කොට දරු ප්‍රසූතිය සිදුකරන අවස්ථාවේදී මව සහ බිළිඳා මිය ගොස් ඇතැයි පොලී


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 422 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 672 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1915 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site