(ටෝනි කරුණානායක)
ඡන්දය ගණන් කිරිමේ පරිශ්‍රයක් ලෙස නම් කර ඇති වේයන්ගොඩ පත්තලගෙදර සියනෑ ජාතික අධ්‍යපන විද්‍යා පීඨයට බීමත්ව පැමිණ ආරවුලක් ඇති කර ගත් වේයන්ගොඩ පොලිසියේ පොලිස් පරික්ෂකවරයකුගේ සේවය අත්හිටවූ බව ගම්පහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කාර්යාලය පවසයි .
වේයන්ගොඩ පොලිසියේ රාජකාරි කරන එම පොලිස් පරික්ෂකවරයා වතුපිටිවල මුලික රෝහලට ඇතුලත් කර සිදු කරන ලද වෛද්‍ය පරික්ෂණයේ දී බිමත්ව සිටින බවට තහවුරු වීමෙන් පසුව මෙසේ වැඩ තහනමට ලක් කර තිබේ .
වේයන්ගොඩ පත්තලගෙදර සියනෑ ජාතික අධ්‍යපන විද්‍යා පීඨ පරිශ්‍රයේ පිහිටුවා ඇති පොලිස් මුරපොලේ නිලධාරින්ට මුඛ ආවරණ ලබා දීමට ගොස් ඇති පොලිස් පරික්ෂකවරයා එම ස්ථානයේ රාජකාරි කරමින් සිටි සහකාර පොලිස් අධිකාරිවරයෙකු සමඟ කතා බහක් ඇති වී තිබේ.
එම සහකාර පොලිස් අධිකාරිවරයා සිද්ධිය ගම්පහ කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඉන්දික ද සිල්වා මහතාට දැනුම් දීමෙන් පසුව සැකකාර පොලිස් පරීක්ෂකවරයා වෛද්‍ය පරික්ෂණයකට ලක් කිරිමෙන් පසුව මෙසේ වැඩ තහනම් කළ බව ගම්පහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කාර්යාල සඳහන් කරයි.
මැතිවරණ නීතිය උල්ලංඝනය කළ පළාත් පාලන මැතිවරණ අපේක්ෂකයෝ 30 දෙනෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ සිටිති.
ත්‍රිරෝද රථ රියදුරන් කුලී ගමන් යන මුවාවෙන් රැගෙන ගොස් තියුණු ආයුධ පෙන්වා , යකඩ පොලු වලින් පහරදී ත්‍රිරෝද රථ සහ රන් භාණ්ඩ කොල්ලකෑමේ යෙදුණු සංවිධානාත්මක
උසස් පෙළ විභාගයේ (2024) ප්‍රතිඵල නැවත සමීක්‍ෂණය සඳහා ලබන මැයි මස 2 වැනිදා සිට 16 වැනිදා දක්වා අයදුම් කළ හැකි බව විභාග දෙපාර්තමේන්තුව පැවසීය.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැය තුනකට ආසන්න කාලයක් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ දී ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව මීට සුළු මොහොතකට පෙර පි
අනුරාධපුර වන්දනාවේ පැමිණ බසවක්කුලම (අභය ) වැවේ දිය නාමින් සිටි පිරිසකට අකුණු සැර වැදීමෙන් පුද්ගලයන් පස් දෙනෙකු අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බ
දළදා දැක්මෙන් පසු මහනුවර නගරයට කිසිදු ආකාරයක රෝග බෝවීමේ අවදානමක් නොමැතිි බව මහනුවර නාගරික ප්‍රධාන වෛද්‍ය නිලධාරී වෛද්‍ය පසන් පැරකුම් ජයසිංහ මහතා කිය
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඡන්ද පොලේ බීමත්ව කලහ කළ පොලිස් පරික්ෂකගේ වැඩ තහනම්
සමිත සේනක අලුත්ගමගේ. Wednesday, 05 August 2020 06:40 AM
අනේ මන්දා .. මේ රටේ පොලීසියට මොනවා වෙලාද කියලා...? මොනතරම් ගරුත්වයක් පෙරදී තිබ්බාද? ඒත් දැන්... මේ නිසා ප්‍රශ්ණවලට මුහුණ දෙන්නට වෙන්නේ සමාජයේ අපකීර්තියට පත්වෙන්නේ පොදුවේ පොලිස් සේවයයි. එම සේවාවේ ගරුත්වය කෙළෙසන මෙවන් නිලධාරීන්ට කිසිඳු සමාවක් නොදිය යුතුයි.
Raveendra Wednesday, 05 August 2020 06:54 AM
තම නිල ඇඳුමට අපහාස කරමින් තිරිසන් ලෙස හැසුරුණු මොහුට දඬුවම් ලැබේවා ... නීතිගරුක, ගුණගරුක මහජන මුදලින් වැටුප් ලබන පොලිස් නිලධාරීන්ට යහපතක්ම වේවා...!!! එලෙසම මෙවන් පාදඩ තනතුරට මෙන් නිලය කිසිසේත්ම නුසුදුසු "මෙවන් තිරිසනුන්ට" සාප වේවා...!!!
විජිත් Wednesday, 05 August 2020 12:14 PM
සමිත, රවින්ද්‍ර, ඔය දෙදෙනාම හරි.. එ්ත් මේ පිස්සු කරපු පොලිස්කාරයාගේ වැඩ තහනම් කර, අවංක පොලිස් නිලධාරීන්ගේ හෙට දවසේ ඉරණම තීරණය කරන්නේ ඡන්ද ප්‍රතිඵලයි. අපි නිකමට හිතමු.. මේ "බේබදු පොලිස්කාරයා" අයත් දේශපාලන පක්ෂය බහුතරයක් ගත්තොත්, ඒ අසික්කිත දේශපාලුවන්ගේ පවර්ස් වලින් එයාට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කළ අවංක නිලධාරින්ට විරුද්ධව වෙනම පරීක්ෂණයක් පවත්වාවි. බැරිම වුණොත් කුඩු පාර්සලයක් හරි ඒ අයගේ වාහනයක දමලා. බොරු චෝදනාවක් හදාවි... අපේ රටේ ඉන්නේ එහෙටයි, මෙහෙටයි දෝලනය වන පොලිසියක්. 10%ක් විතර කොන්ද පණ තියෙන, එක එක දේශපාලකයින්ට නොනැමෙන කට්ටියක් අවංකව මේ ජාතික සේවය කරගෙන යන්න නොවිඳින දුකක් විඳිනවා...