IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


ඡන්ද පොළ මාරු කළැයි ගැමියෝ විරෝධය පාති

ආණමඩුව පහළගම ප්‍රජාශාලාවේ වසර 27ක් තිස්සේ පැවැති ඡන්ද මධ්‍යස්ථානය කිලෝ මීටර් දෙකක් ඈතින් පිහිටි තත්තෑව ප්‍රජාශාලාවට රැගෙන ගියේයැයි කියමින් පහළගම සහ කරබෑලන්ද ඡන්ද දායකයෝ 600ක් පමණ සිය ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැලකී සිටියේය.

පහළගම සහ කරබෑලන්දේ 1300 පමණ ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබ සිටියහ. නමුත් අද ඡන්ද ප්‍රකාශ කළේ 540 දෙනකු පමණක් බව කරබෑලන්ද ඡන්ද මධ්‍යස්තානයේ ප්‍රකාශකයෙක් කීය.

පහළගම ප්‍රජාශාලාව අසලට ආ එම පිරිස ඡන්ද පත්‍රිකා ඉරා දමමින් සිය විරෝධය දැක් වූහ.

ඡන්ද නාමලේඛනය ගැසට් කරද්දි පැරණි මධ්‍යස්ථානය අලුත්වැඩියා කරමින් තිබූ නිසා නව මධ්‍යස්ථානය තෝරාගත් බව පුත්තලම තේරීම් බාර නිලධාරී ක්‍රිංස්ලි ප්‍රනාන්දු මහතා කියයි.

රුපියල් ලක්ෂ 47ක් වැයකර ප්‍රජාශාලාව අලුත්වැඩියා කර තිබියදී මෙම ඡන්ද මධ්‍යස්ථානය තෝරා නොගත්තේ ඇයි දැයි ගැමියෝ අසති.



අදහස් (0)

ඡන්ද පොළ මාරු කළැයි ගැමියෝ විරෝධය පාති

යෝෂිත Saturday, 21 September 2013 06:14 PM

ඡන්ද වර්ජනය කළ ගැමියන්ට උපහාරය. ඡන්දෙ දුන්නත් නැතත් පත් වෙන්නේ වැඩකට නැති අය නේද? (නි)

:       0       0

ජගත් Saturday, 21 September 2013 06:32 PM

විරෝධය දක්වන්න තිබ්බේ කලින් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට. ඡන්දය දවසේ කරන එකේ තේරුමක් නැහැ නේද ? (නි)

:       0       0

නාලක Sunday, 22 September 2013 10:44 AM

ඡන්දය දෙන මද්‍යස්ථානය වෙනස් කළා කියලා විරෝධතා දක්වලා ඡන්දෙ නොදී සිටීම විහිළුවක්.තැන කොතන වුනත් ඡන්දය කියන එක ජනතාවට තමන්ගේ ජීවිතයට වටිනා දෙයක් නම් වැදගත් දෙයක් නම් කොතැනට හරි ගිහිල්ල දෙන්න ඕනෑ. ඡන්දයෙන් සත පහක වැදගත් කමක් නැහැ කියලා තමයි මේ සිද්ධියෙන් ඔප්පු වෙන්නේ... (නි)

:       0       0

මාටින් Sunday, 22 September 2013 10:52 AM

දුන්නත් නැතත් ඔහෙලට නම් වැඩක් වෙන්නේ නැහැ. ඉතිහාසය මතක් කරගන්න (නි)

:       0       0

රනිල් Saturday, 21 September 2013 07:32 PM

ඒකෙන් පෙනෙන්නේ ගැමියෝ නිදහස බුක්ති විඳිනවා කියලා ,..එයාලට දැන් යන පාලනය මාරු කරන්න තරම් ප්‍රශ්නයක් නැහැ කියලා නිදසුනක් තමයි මේ (නි)

:       0       0

බෙනට් Saturday, 21 September 2013 08:17 PM

බුදු අම්මෝ .. ඕක හදන්න ලක්ෂ 47 ක් ගියාද ? මට නම් ලක්ෂ 20 ක් වත් ගිය බවක් පෙනෙන්නේ නැ..(අ)

:       0       0

තිලක් Saturday, 21 September 2013 08:51 PM

බුදු අම්මෝ ප්‍රජා ශාලාවකට ලක්ෂ 47ක්! අපේ පැත්තේ පාසලකට වත් එච්චර දෙන්නේ නෑ. (නදී)

:       0       0

කුසුම් Sunday, 22 September 2013 12:30 PM

අනේ! මුහුණු වල සතුටයි, සිරියාවයි පිරිලා ඉතිරෙනවා. හරියට මොන්ටිසෝරි ළමයි ට්කක් සෙල්ලම් කරන්න සෙල්ලම් පිට්ටනියට දැම්ම වගේ. (දී)

:       0       0

බණ්ඩා Saturday, 21 September 2013 09:06 PM

මෝඩ මිනිස්සු .....(අ)

:       0       0

ජය Saturday, 21 September 2013 10:15 PM

ඔහොම යන් ඔහොම යන් හෙන ගහනවා මේ කරන අපරාද වලට ඡන්දඅයිතිය නැති කෙරීම බලවත් අපරාදයකි (අ)

:       0       0

දිනේෂ් Saturday, 21 September 2013 10:38 PM

අපේ මිනිස්සුත් දැන් පොඩි දෙයකටත් උද්ඝෝෂණය කරන්න පුරුදු වෙලා.හරිම ආඩම්බරයි. (නි)

:       0       0

ප්‍රිය Sunday, 22 September 2013 01:53 AM

අපේ ඇයො නුවමනා දේවල් වලට කෑ ගහනවා, මේ රට ගිහින් දුක් විදින ගැහැණු වෙනුවෙන් මේ වගේ හඩක් නගපල්ලකෝ, ගැනු රට යවල පර්ලිමෙන්ට් කට්ටිය සැප ගන්නවා, අපේ ඇයො මෙහෙ අප දුක් විදිනවා මෙදපෙරදිග යන ගැනු හැමදාම දුකේ, ලංකාවේ ගේක වැඩට ගියානම් මොකද (අ)

:       0       0

ගංගා Sunday, 22 September 2013 05:47 AM

මෙන්න නියම කට්ටියක්.හැමෝම බලාගන්න.වැඩක් කරගන්න මිනිසුනේ තමන්ගේ. ලැජ්ජාවක් කියලා එකක් නැද්ද.? (නි)

:       0       0

දුමින්ද Sunday, 22 September 2013 07:45 AM

ඡන්ද අයිතිය ඉතා වැදගත් වටිනා අයිතිවාසිකම්. එය පාවිච්චි නොකර සිටීම බලවත් අපරාධයක්.එහෙත් තෝරලා යවන්න තරම් අය ඡන්දය ඉල්ලා නැත්නම් මෙහෙම හොඳයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උතුරු පළාත් අ‍ාණ්ඩුකාරවරිය ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 607 1

උතුරු පළාත් අ‍ාණ්ඩුකාර පි. එස්. එම් චාර්ල්ස් මහත්මිය සිය ධූරයෙන් අද (23) ඉල්ලා අස්විය.


පොදු සන්ධානයක් හදන්න එජාපය සජබෙට ආරාධනා කරන්න යයි
2024 සැප්තැම්බර් මස 23 4037 7

ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් විපක්ෂයේ පොදු සන්ධානයක් පිහිටුවීම සඳහා සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා අරඹන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනි


සජසයෙන් සැලුන් දොරක්
2024 සැප්තැම්බර් මස 23 2511 3

සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත හැකි සියලු දෙනාට ඉදිරි මැතිවරණ වෙනුවෙන් දොරටු විවෘත කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්


කුඩාවැල්ලෙන් මුහුදු ගිය ධීවරයින් 3ක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 23 241 0

කුඩාවැල්ල ධීවර වරායෙන් තනි දවසේ ධීවර රැකියාව කිරීමට ධීවරයින් තිදෙනකු සමග ඉකුත් 21 දා දහවල් 1.30 ට පමණ මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මේ දක්වා ගොඩබිමට නොපැමිණ


කොටස් වෙළෙඳපොලේ පිබිදීමක්
2024 සැප්තැම්බර් මස 23 1309 0

කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.


වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි
2024 සැප්තැම්බර් මස 23 1430 0

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද ⁣දහවල් (23) අභාවප්


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 27639 18

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23554 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 126 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 400 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 187 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site