IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


ඡන්ද වැඩට ගියොත් නිල වාහනයට සල්ලි

අග‍්‍රාමාත්‍යවරයා සහ සෙසු අමාත්‍යවරුන් ඇතුළුව මැතිවරණ කටයුතු සඳහා නිල වාහන යොදා ගන්නා අපේක්‍ෂකයින් එම එක් වාහනයක් සඳහා මසකට රුපියල් ලක්‍ෂයක් රජයට ගෙවිය යුතු බව ඇමැති මණ්ඩලය තීරණය කරයි .

ඒ අනුව අග‍්‍රාමාත්‍ය, කථානායක, විපක්‍ෂනායක, පළාත් ප‍්‍රධාන අමාත්‍යවරුන්, නියෝජ්‍ය කථානායකවරයා, අමාත්‍යවරුන් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් තනතුරට හිමි වරප‍්‍රසාදයක් ලෙස ලැබෙන වාහන සිය අපේක්‍ෂකත්වය ප‍්‍රවර්ධනය සඳහා යොදාගන්නේ නම් මෙම ගාස්තුව සිය අමාත්‍යාංශයට ගෙවිය යුතු බව කැබිනට් ප‍්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අද (16) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී පැවසීය. ශ්‍රි ලංකාවේ මැතිවරණ ඉතිහාසයේ මෙවැනි ක්‍රමයක් ක්‍රියාත්මක වු මුල් වතාව මෙය වේ.

එමෙන්ම මැතිවරණ කටයුතු සඳහා නිල වාහන යොදා ගැනීමේ දී  ඉන්ධන වියදම් ද ඔවුන් සිය පෞද්ගලික මුදලින් දැරිය යුතු බව අමාත්‍යවරයා කීවේය.

මැතිවරණ සඳහා ගුවන්යානා සහ හෙලිකොප්ටර් භාවිතා කරන්නේ නම් ඒ සඳහා වන වියදමද ඔවුන් පෞද්ගලිකව දැරිය යුතු අතර නිල වාහන සඳහා ගෙවිය යුතු ගාස්තු සිය අමාත්‍යාංශයට හෝ පළාත් සභාවටත් ගුවන්යානා සහ හෙලිකොප්ටර් සඳහා වන ගාස්තු අදාළ ආයතනයන්ටත් ගෙවිය යුතු බවට කැබිනට් මණ්ඩලය තීරණය කළ බව ද ඇමතිවරයා සඳහන් කළේය.

නිල වාහන භාවිතය පිළිබඳ සොයා බලා මෙම ගාස්තු අයකර ගැනීමේ වගකීම අමාත්‍යාංශ ලේකම්වරුන්ට පැවරෙන බව ද ඇමතිවරයා කීවේය.

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයේ දී තමන්ට රජයෙන් ලැබී ඇති නිල වාහන භාවිතා කරන අපේක්‍ෂකයින් සඳහා අමාත්‍යාංශවලට ගාස්තුවක් ගෙවිය යුතු බවට මැතිවරණ කොමසාරිස්වරයා හා දේශපාලන පක්‍ෂ ලේකම්වරුන් අතර සාකච්ඡාවකදී ඇතිවූ එකඟත්වය පරිදි අයකළ යුතු ගාස්තු පිළිබඳව කැබිනට් මණ්ඩලය තීරණය කළ යුතු බවට මැතිවරණ කොමසාරිස්වරයා කළ යෝජනාවට අනුව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා කැබිනට් මණ්ඩලයට යොමු කළ යෝජනාවට මෙලෙස අනුමැතිය ලැබී තිබේ.

හිටපු ජනාධිපතිවරයාටත් මෙම තීරණය වලංගුදැයි මෙහි දී මාධ්‍යවේදියකු නැගු පැනයකට පිළිතුරු දුන් ඇමතිවරයා පැවසුවේ මෙම කැබිනට් තීරණය එතුමාට අදාළ නොවන බවයි.

ඒ පිළිබඳව මීළඟ කැබිනට් හමුවේදී මතුකිරීමට බලාපොරොත්තු වන බවද ඇමතිවරයා පැවසීය.

images-(21) GLA_7088 GLA_7087

          



අදහස් (0)

ඡන්ද වැඩට ගියොත් නිල වාහනයට සල්ලි

ලංකා Thursday, 16 July 2015 01:57 PM

රාජිත කලින් ජනාධිපති පස්සේ ගියා.දැන් රනිල් පැත්තේ, මුන්ට ඡන්දෙ දෙන හරක් ඉන්නවද ? අකුල් හෙලන ,පාවාදෙන කෙනෙක් . රජයේ සල්ලිවලින් ගමන් යමින් රජයේ මුදල් කාබාසිනියා කරම්න් කියවන හැටි .ප්‍රතිපත්තියක් නැති දේශපාළුවන් සමග යන්න අද (ස) ඉන්න මිනිස්සු සුදානම් නැත .

:       0       0

විතාන Thursday, 16 July 2015 10:55 AM

නියමයි. ඔය විදිහට දිගටම රටේ වෙනවා දකින්න අපි හරිම කැමතියි (නි)

:       0       0

අංජලී Thursday, 16 July 2015 11:02 AM

අන්න හොද වැඩක්.(හේ)

:       0       0

සිරි Thursday, 16 July 2015 03:01 PM

ඔය සමහර කට්ටිය දැන් ඉන්න නිවාස වල ලයිට් බිල් වතුර බිල් එහෙම හරිය‍ට ගෙවන්නේ නෑ කියල පසු ගිය දිනවල ආරංචි තිබුනේ. පොඩි මිනිස්සු තමයි ආණ්ඩුවට ණය නැත්තේ. ඩිපොසිට් එකක් තියන්න කියල නොකිව්වොත් ඉතින් වැඩේ හබක් තමයි. (ස)

:       0       0

ආනන්ද දොඩන්ගොඩ Thursday, 16 July 2015 11:51 AM

මොකද මෙම තීරණය හිටපු ජනාධිපතිට වලංගු නොවන්නේ , ඔහුත් මන්ත්‍රී අපේක්ෂයෙකු නම් , නිතිය කාටත් පොදු වන්නට ඕනේ , එහෙම නැතිනම් මහින්දට මේ කට්ටිය බයවන බවක් පෙන්නේ , (ස)

:       0       0

අර්ජුන රණවන Thursday, 16 July 2015 09:17 AM

හිටපු ජනාධිපතිවරයාටත් මෙම තීරණය වලංගුයි . ඔහුද ඡන්ද අපේක්ෂකයකු මිසක් දැන් හිටපු ජනාධිපති නොවේ.. නීතිය කටත් පොදු විය යුතුය (ස)

:       0       0

රොෂාන් Thursday, 16 July 2015 09:17 AM

යහපාලනය අඩිතාලම මෙහම තමයි වියයුත්තේ , හිටපු ජනපති දැන් මන්තිරිකමට අපේක්ෂයෙක් නිසා දැනට දරණ නිලයට පමණයි මහජන මුදල් දිය යුතු. (ස)

:       0       0

බණ්ඩාර Thursday, 16 July 2015 09:36 AM

බොහොම හොඳ වැඩක්... (ස)

:       0       0

ජගත් Thursday, 16 July 2015 09:37 AM

අර මහින්දට කඩේ යන අයට මේ විදිහ තීරණ ගැන අගයල ලියන්න බැරිද. මොන එකා හරි වැරදි වැඩ කරනවානම් වැරදි ප්‍රතික්ෂේප කරන්න ඕනි නිවැරදි දේ කරනවානම් අගය කරන්න ඕනි රට නිවැරදි මාර්ගයට ගන්න. මහින්ද වැරදි කරන්න පටන් ගත් අවස්ථාවේම ඔහුව රජට අන්දනවා වෙනුවට ඒවාට විරුද්ද බව පෙන්නුවනන් මේ විනාශය සිදුවෙන්නේ නැහැ. (ස)

:       0       0

පියසේන Thursday, 16 July 2015 12:36 PM

මහින්ද මහතාට ඔය නීතිය අදාළ නැද්ද? (නි)

:       0       0

රණසිංහ Thursday, 16 July 2015 09:39 AM

එත් ඉතින් මෙයාල මේං කියල සල්ලි දෙයිද ? ඕක නිකන්ම වචන ටිකක් වෙයිද කියලයි මට සැක (ස)

:       0       0

නන්දා Thursday, 16 July 2015 09:45 AM

" නිල වාහන භාවිතය පිළිබඳ සොයා බලා මෙම ගාස්තු අයකර ගැනීමේ වගකීම අමාත්‍යාංශ ලේකම්වරුන්ට පැවරෙන බව ද ඇමතිවරයා කීවේය." නියම විහිළුව...අමාත්‍යාංශ ලේකම්ල එහෙම කියනවද...(ස)

:       0       0

ශ්‍රීලාල් Thursday, 16 July 2015 09:53 AM

මොන බොරුවක්ද? එක ඇමති කෙනෙක් කොචර වාහන පාවිචි කරනවද.. අඩුමගානේ නිල නිවාස වලින් අයින් වෙනවා කිව්වනම් පිළිගන්න තිබුන... මේ ගොල්ලෝ වාහන 10 පාවිචිකරලා එකකට ගෙවයි.. මේවට මිනිස්සුත් රැවටෙන එක නේ පුදුමේ... (අ)

:       0       0

මිතුන්-රාජගිරිය Thursday, 16 July 2015 10:06 AM

රණසිංහගේ අදහසට මාත් එකගයි. දෙන්නන් කාසි වලට වැඩ කරලා සල්ලි ගන්න පස්සෙන් යන්න වෙයි, පසුගිය ජනාධිපතිවරණය කාලේ හෙලිකොප්ටර් වලට ගිය විශාල මුදලක් තව ම ගෙවල නැහැ කියල පුවත් පත් වල පලවී තිබුනා (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උතුරු පළාත් අ‍ාණ්ඩුකාරවරිය ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 345 1

උතුරු පළාත් අ‍ාණ්ඩුකාර පි. එස්. එම් චාර්ල්ස් මහත්මිය සිය ධූරයෙන් අද (23) ඉල්ලා අස්විය.


පොදු සන්ධානයක් හදන්න එජාපය සජබෙට ආරාධනා කරන්න යයි
2024 සැප්තැම්බර් මස 23 2514 4

ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් විපක්ෂයේ පොදු සන්ධානයක් පිහිටුවීම සඳහා සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා අරඹන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනි


සජසයෙන් සැලුන් දොරක්
2024 සැප්තැම්බර් මස 23 1943 3

සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත හැකි සියලු දෙනාට ඉදිරි මැතිවරණ වෙනුවෙන් දොරටු විවෘත කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්


කුඩාවැල්ලෙන් මුහුදු ගිය ධීවරයින් 3ක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 23 207 0

කුඩාවැල්ල ධීවර වරායෙන් තනි දවසේ ධීවර රැකියාව කිරීමට ධීවරයින් තිදෙනකු සමග ඉකුත් 21 දා දහවල් 1.30 ට පමණ මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මේ දක්වා ගොඩබිමට නොපැමිණ


කොටස් වෙළෙඳපොලේ පිබිදීමක්
2024 සැප්තැම්බර් මස 23 1203 0

කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.


වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි
2024 සැප්තැම්බර් මස 23 1316 0

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද ⁣දහවල් (23) අභාවප්


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 26863 18

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23507 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 126 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 397 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 187 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site