IMG-LOGO

2024 සැප්තැම්බර් මස 13 වන සිකුරාදා


ඡන්ද නිසි කලට පවත්වන්න ඕනෑ බව හිටපු මැකෝ කියයි

(දයාරත්න ඇඹෝගම)

මරණාධාර සමිතියක හරි පාසලක ආදි ශිෂ්‍ය සංගමයක හරි නැත්නම් වෘත්තිය සමිතියක මොන තත්වයක් යටතේ හරි නිලවරණය, ජන්ද විමසිම කල් දැමීම සාමාජිකයන්ගේ අයිතීන් යටපත් කිරිමක් ඒවා සිදු කරන්න හොද නැහැ.ඒ ආකාරයටම රටේ මැතිවරණ පැවැත්වීමත් නිසි වේලාවට සිදුවිය යුතු බව හිටපු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්ප්‍රිය මහතා පවසයි.

අනුරාධපුර නගරයේදි අද (23)දින පැවති මාධ්‍ය හමුවකදී හිටපු මැතිවරණ කොමසාරිස් වරයා මේ බව පැවසිය.

මෙහිදි වැඩි දුරටත් අදහස් දැක්වු හිටපු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්ප්‍රිය මහතා මෙසේද පැවසිය.

“ දැනට ලංකාවේ තියෙන නිශ්චිතවම තියෙන එකම මැතිවරණය ජනාධිපතිවරණය පමණයි.ඒකට දින නියම කරලා තියෙනවා.ඒකට තව මාසයක්වත් නැහැ.මැතිවරණ කොමිෂන් සභාව රැස්වේලා ලබන සුමානේ පළාත් පාලන මැතිවරණය  පවත්වන්න දිනයක් නියම කළොත් මැතිවරණ කොමිෂන් සභාවට පුළුවන් සති හතක් ඇතුලත වගේ දිනයක් නියම කරන්න.මම හිතනවා කොමිෂන් සභාව සැප්තැම්බර් මාසයේ දෙවැනි සතිය ඉවර වේලා වගේ දිනයක් නිකුත් කරයි කියලා.මැතිවරණ කොමිෂන් සභාව බැදිලා ඉන්නවා මෙම ජන්ද විමසිමට දින නියම කරන්න.”



අදහස් (7)

ඡන්ද නිසි කලට පවත්වන්න ඕනෑ බව හිටපු මැකෝ කියයි

Ratne Friday, 23 August 2024 09:51 PM

රනිල් කියන කෙනා මැතිවරණත් හොරකම් කරලා තියෙන්නේ...

:       1       1

SAMAN Friday, 23 August 2024 10:22 PM

මැතිවරණ කොමිසමට සභාපතිවරයෙක් සහ අධ්‍යක්ෂ ජනරාල්වරයෙක් සිටියි. ඔවුන්ගේ පැහැදිලි කිරීම් රටේ පුරවැසියනට ප්‍රමාණවත් වේ...

:       1       1

Banda Friday, 23 August 2024 10:50 PM

ඔව්, මැතිවරණ කොමිසමට පුළුවන් ලබන සතියෙත් ඡන්දෙ තියන්න. කව්ද නෑ කිව්වේ? ඒත් ඒකට සල්ලි හොයලා දෙන්නේ ජ.වි.පෙ.ට කඩේ යන ඔහේගේ මල්ලිද​? එහෙම නැත්නම් අම්මා අප්පා ගේ බූදලෙන්ද​? කඩේ යනවා කියලා මෙහෙමත් යෑමක්. අපිට අමතක නෑ මෙයා ගෝඨාට කඩේ ගිහින්, වැඩේ කෙළවුණාම අරගලය වෙලාවේ නිදහස් චතුරස්‍රය ළඟට වෙලා බෝඩ් ලෑලි උස්සගෙන හොරගල් අහුලපු හැටි ගැන. කට තිබ්බට, පරිපාලන විභාගේ පාස්වෙලා වැඩක් කෙරුවාට, රටක් කරන හැටි ගැන ඉගෙන ගන්න ඔයිට වඩා දේවල් තියෙනවා ලොක්කා...

:       2       1

සුනන්ද Saturday, 24 August 2024 07:05 AM

අයියෝ අයියා දන්න තරම පාසල් ශිෂ්‍ය සංගමේ වේවා, මරණාධාර සමිතියේ වේවා, නිලවරණය පැවැත්වීමට මුදල් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒත් මැතිවරණ කොමසාරිස්වරයා වෙලා ඉඳලා අන්තිමේ කොමිසමේ සභාපති වෙලා හිටපු කෙනෙකුට ලංකාව පුරා පැවැත්වීමට අවශ්‍ය මැතිවරණ හා ගමේ මරණාධාර සමිතියේ නිලවරණය සමානයි කියන්න පුළුවන් කමක් ලැබීම ජාතියේම අවාසනාවකි..!

:       4       2

Sugathapala Silva Saturday, 24 August 2024 07:18 AM

පළාත් සභා ආරම්භ කරන්න පෙර දිස්ත්‍රික් පාලනය තිබුනේ දිසාපති කාර්‍යාල වලින් තමයි. 1992 උප දිසාපති කාර්යාල ප්‍රාදේශීය ලේකම් කාර්යාල බවට පත්කළා... ඉතින් ප්‍රාදේශීය ලේකම් කාර්‍යාල වලට වාහන ආදායම් බලපත්‍ර නිකුත්කිරීම පැවරෙන තුරුම ඒවා කලේ දිසාපති කාර්‍යාලයේ නිලධාරින් විසින් තමයි. බොහෝ කාලෙකට පෙර එම අංශයේ ප්‍රධානියා වෙලා ගුණරත්න කියලා මහත්මයෙක් හිටියා ඒ කාලේ... දැන් වගේ වාහන ලියාපදිංචි කළ දිනයට වර්ෂය සලකා ආදායම් බලපත්‍ර දුන්නා වුණත් ඒ කාලයේ ජනවාරි මස ආදායම් බලපත්‍ර අලුත් කරන්න ඕනෑ... ඉතින් අර ගුණරත්න මයා ඔහු මියයන තුරුම සෑම ජනවාරි මසකම කච්චේරියට (දිසාපති කාර්‍යාලයට) ඇවිල්ලා බලපත්‍ර නිකුත්කරන හැටි බලාගෙන ඉන්නවා සවස 4.15 වෙනතුරුම ඔහු ඒවා ගැන බලන්න පුරුදු වෙලා තිබුණා. යමක් සිතින් යමක් බදාගෙන වැළදගෙන හිටියා නම් ඔහුට මැරෙන තුරුම ඒවා අත් හරින්න බැහැ..

:       0       1

Lelwala Saturday, 24 August 2024 08:17 PM

විශ්‍රාම ගියා නම් ගෙදර වැඩක් කරගෙන ඉන්න බයිලා ගහන්නේ නැතිව. පම්පෝරි කතා ගහලාම විශ්‍රාම ගියා කළ දේකුත් නැහැ.

:       0       2

Lalith Saturday, 24 August 2024 09:36 PM

හිටපු මැකෝ ඔයා එහෙම කිව්වාට මේ මැකෝ පස්මහ බැලුම් බලනවා ඕනෑ එකක් කරන්න. ඒ මදිවට රාහුකාලේත් බලනවා. ඒ සේරටම පස්සේ පිනාගේ කැමැත්තත් විමසලා බලලා තමයි වැඩේ කරන්නේ....!

:       1       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙ දාන්න දුරකථන තහනම්
2024 සැප්තැම්බර් මස 12 753 0

ජනාධිපතිවරණයේදී ඡන්දය සළකුණු කරන අවස්ථාවට ජනාධිපති ධූර අපේක්‍ෂකයන්ට සහ ඡන්දදායකයන්ට ජංගම දුරකථන රැගෙන යෑම තහනම් බව මැතිවරණ කොමිසන් සභාවේ සභාපති ආර


වතුර නැති සරසවි සිසුන් මහ පාරේ
2024 සැප්තැම්බර් මස 12 616 0

බදුල්ල බණ්ඩාරපුර ජයගම කලුගල්පිටිය බදුලු සිරිගම රඹුක්පොත ප්‍රදේශයට ජාතික ජල සම්පාදන හා ජලපවහන මණ්ඩලය අද (12) ජලය ලබා නොදිම නිසාවෙන් ඌව වෙල්ලස්ස විශ්වවි


දේශප්‍රේමී සම්මත්‍රණයේ දී දෙපිිරිසක් ගැටිලා
2024 සැප්තැම්බර් මස 12 1052 0

දේශප්‍රේමී ජාතික පෙරමුණ සංවිධාන කළ සම්මන්ත්‍රණයක් කොළඹ 7 පුස්තකාල ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේදී පැවැත්වෙමින් තිබියදී එහි කඩා වැදුණු පොලු මුගු


කිලෝ 75ක බෝම්බයක් කොටහේනෙන් හමු වෙයි
2024 සැප්තැම්බර් මස 12 2832 0

ගුවන් යානා මගින් බිමට හෙළන කිලෝ 75 ක පමණ බරින් යුත් බෝම්බයක් කොළඹ 12 මෛත්‍රී බෝධිරාජ මාවත පුද්ගලික ආයතනයක ගබඩා සංකීර්ණයක් තුළ තිබී හමු වූ බව කොටහේන පොලිසි


’’ටයිම්ස් ස්කූල්‘‘ සුභ මොහොතින් විවෘත වේ
2024 සැප්තැම්බර් මස 12 1196 0

’’ටයිම්ස් ස්කූල් ඔෆ් හයර් එඩියුකේෂන්’’ ආයතනය තවත් එක සාම්ප්‍රදායික අධ්‍යාපනික ආයතනයක් නොවේ. වර්තමානයේ අප බලාපොරොත්තු වන නවීන අධ්‍යාපන ක්‍රමයට අයත්


මාධ්‍ය ආයතන නීති කැඩුවොත් ඡන්ද ප්‍රතිඵල නෑ
2024 සැප්තැම්බර් මස 12 1357 1

ජනාධිපතිවරණයට අදාල මාධ්‍ය උපමාන (නීති රීති) අනුව ක්‍රියා නොකරන මාධ්‍ය ආයතනවලට නිල ඡන්ද ප්‍රතිඵල නිකුත් කරනාවද නැද්ද පිළිබඳව තීරණය ගැනීමේ අවස්ථාව මැත


මේවාටත් කැමතිවනු ඇති

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 12 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 2037 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 943 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

Our Group Site