IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


ඡායා කැබිනට්ටුවෙන් ලොහාන් ඉවත් වෙයි : මහින්දටත් එපා වෙලාලු

ඒකාබද්ධ විපක්‍ෂය බ්‍රහස්පතින්දා (7) නම් කළ ඡායා කැබිනට්ටුවේ නගර නිර්මාණ හා ජල සම්පාදන අමාත්‍යවරයා ලෙස නම් කර සිටි පාර්ලිමේන්තු මන්ත‍්‍රී ලොහාන් රත්වත්තේ මහතා තමන් එයින් ඉවත් කරන ලෙස ඒකාබද්ධ විපක්‍ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩලස් අලහප්පෙරුම මහතාට දැනුම් දී තිබේ.

මෙම ඡායා කැබිනට්ටුව ගැන මාධ්‍ය මගින් වාර්තා කරන තුරු තමන් නොදැන සිටි බවත්, ඒ ගැන තමන්ට දැනුම් දීමක් කර නොතිබූ බවත් මෙම කටයුත්ත ගැන කිසිවක් නොදන්නා බැවින් තමා එයින් ඉවත් කරන ලෙස දැනුම් දුන් බවත් රත්වත්තේ මහතා ලංකාදීප එසැණ කළ විමසීමකදී පැවසීය.

මේ අතර ඡායා කැබිනට්ටුවේ අග‍්‍රාමාත්‍යවරයා ලෙස නම් කර සිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ද තමන් එයින් ඉවත් කරන ලෙස දැනුම් දී ඇති බවට දේශපාලන ආරංචි ඇත.

රාජපක්‍ෂ මහතා ඒකාබද්ධ විපක්‍ෂයට උපදෙස් දී ඇත්තේ ඡුායා කැබිනට්ටුවක් පිහිටුවා ගන්නා ලෙස නොව අමාත්‍යාංශ වෙනුවෙන් අධීක්‍ෂණ මන්ත‍්‍රීවරුන් නම් කරන ලෙස පමණක් බවද වාර්තා වේ.

මහා බ්‍රිතාන්‍යයේ වෙස්මිනිස්ටර් සම්ප්‍රදාය අනුව යමින් මෙම ඡායා කැබිනට්ටුව නම් කිරීමේ මූලික දෝෂයක් ඇතැයි නම හෙළි කිරීමට අකමැතිවූ විපක්ෂ මන්ත්‍රීවරු කිහිප දෙනෙක් කීහ.

සම්ප්‍රදාය විය යුත්තේ විපක්ෂ නායකවරයා ඡායා කැබිනට්ටුවක ඊළඟ අගමැති ලෙස සැලකීම වුවත් විපක්ෂ නායක ආර්.සම්බන්දන් වෙනුවට ජනපතිවරණයෙන් පරාජය වූ මහින්ද රාජපක්ෂ පත් එහි අගමැති ලෙස පත් කර ඇත. විපක්ෂය සහ ඒකාබද්ධ විපක්ෂය අතර එතරම් ඇයි හොඳයි කමක් නැති නිසා සම්බන්දන් මහතා ඒ සඳහා නම් කර නැතත් අඩු ගණනේ විපක්ෂ සංවිධායක දිනේෂ් ගුණවර්ධන මහතා ඒ සඳහා පත් කළ යුතුව තිබූ බව ඔවුහු කියති.

මහින්ද රාජපක්ෂ මහතාටත් මේ බව තේරී ඇති බව පෙනේ යැයි ද කියති.

 



අදහස් (0)

ඡායා කැබිනට්ටුවෙන් ලොහාන් ඉවත් වෙයි : මහින්දටත් එපා වෙලාලු

මැටිපහන Friday, 08 July 2016 06:47 AM

රාජපක්ෂ එතකොට බබාද? මේ වැඩේ නෝන්ඩි වුනාම දැන් අයින් වෙන්න හදනවා. (අ)

:       0       0

තිලක් -ඩුබායි Saturday, 09 July 2016 07:50 PM

අපිට ආසාවට එයාර් ලංකා එකේ එන්න තිබුන එකත් නැතිකළා. මුළු රටම විකුණගෙන කෑවා. තවත් රාජපක්ෂලා ගැන හිතන්නවත් එපා. (නි)

:       0       0

මානෙල් Friday, 08 July 2016 06:57 AM

මට නං හිතෙන්නේ මේක ආණ්ඩුවෙම ගුලියක්. දැන් ඉතිං මහින්ද මහත්තයාට මඩ ගහන්න බැරියැ නාමල් පුතාට විද්ශ ඇමැති පට්ටම දුන්නා කියලා ඡායා කැබි‌ෙනට්ටුවේ (අ)

:       0       0

පියසිරි Friday, 08 July 2016 07:02 AM

"සුද්දෙක් කතා කරයි." (අ)

:       0       0

රුවන් Friday, 08 July 2016 06:59 AM

ලත් තැනම ලොප්... පේනවනේ කාටද වුවමනාව තියෙන්නේ කියලා.(අ)

:       0       0

නලීන් Sunday, 10 July 2016 01:40 AM

අවසන ජාති ජරා මරණ සැමටම පොදු මේ ජීවිතය! (නි)

:       0       0

නාමල් - නිව් යෝර්ක් Friday, 08 July 2016 07:06 AM

මේවා විනෝද සාමය පරදන විහිලු.. මහින්ද මහත්තයා දැන්වත් බල තණ්හාව අතහැරියොත් නේද හොද (ම)

:       0       0

බලගෙදර Friday, 08 July 2016 10:47 PM

අනේ අපිටත් ඉතින් ඉඳලා හිටලා මෙහෙමවත් විහිළුවක් සපයනවාට පින්! (නි)

:       0       0

රාජසිංහ Friday, 08 July 2016 11:32 PM

ගමේ ගොඩේ මේවාට කියන්නේ මෝඩ විහිළු කියලා (නි)

:       0       0

ශාන්ත Saturday, 09 July 2016 12:27 AM

සමහරු ඉතින් හැමදාම විහිළු කරන්න හරි දක්ෂයිනේ. ඔහොම විහිළු කර කර ඉන්න. අපිටත් හොඳයි. (නි)

:       0       0

මහේෂ් Monday, 11 July 2016 12:42 AM

ආනන්ද දොඩන්ගොඩ, ඔබ හරි. පැරිස් සනත්ගේ කතාව දෝලාවෙන් ගමන බඩගගා. (නි)

:       0       0

රංග Saturday, 09 July 2016 01:02 AM

විමල් මහත්තයා අගමැති කරලා ගම්මන්පිල මහත්තයා ජනාධිපති වුණොත් හොඳ නැද්ද? (නි)

:       0       0

සුමිත් Friday, 08 July 2016 07:52 AM

මුන්ට රට දුන්නොත් නියමෙට තියේවි හිනා වෙන්න හොඳයි මේවා (ම)

:       0       0

ඉන්දු Saturday, 09 July 2016 01:57 AM

ඉතින් නීත්‍යානුකූලව සම්බන්ධන් මහත්තයට අගමැතිකම දුන්නා නම් මේ කරදර නැහැනේ. (නි)

:       0       0

නීරු Friday, 08 July 2016 07:54 AM

අපිට නම් ඒකාබද්ද විපක්ෂේ සමහර අයගේ ඡායාවක් වත් එපා...(ම)

:       0       0

ලසිතා Saturday, 09 July 2016 02:42 AM

නගර නිර්මාණය අමාත්‍යකමට කොහොමත්ම මෙයා සුදුසු නැහැ. (නි)

:       0       0

විජේසිංහ Friday, 08 July 2016 08:05 AM

බලය ඉලක්ක කරගෙන නොවේ, රටේ දියුණුවත් ජනතාවගේ ජීවන මට්ටම ඉහලට ගෙන ඒමත් ඉලක්ක කරගෙන සැලසුම් හදන්න. (ම)

:       0       0

තිලක්-ඩුබායි Saturday, 09 July 2016 03:36 AM

අප වෙත සපයන රස සාගරයට ස්තුතියි. (ර)

:       0       0

ටිකිරි බණ්ඩා-නුගේගොඩ Saturday, 09 July 2016 03:37 AM

හිටියේ නැත්තන් ඇයි අස්වෙන්නේ ආයුබෝවන්.? (ර)

:       0       0

චමින්ද පැරිස් Sunday, 10 July 2016 08:23 AM

සනත් පැරිස් .හරි හරි වෙනදේවල් ඔක්කොම දන්නකෙනා ඔයයි .බක පණ්ඩිත කම මහමුදලි කමටත් වඩා ලොකුයි (බ)...

:       0       0

ටිකිරි බණ්ඩා-නුගේගොඩ Saturday, 09 July 2016 03:42 AM

රෑ දැකපු හිනේ උදේ වෙනකොට ඉවරයි. (ර)

:       0       0

රන්ජිත් පැරිස් Sunday, 10 July 2016 08:27 AM

සනත් පැරිස් ...වෙන්න යනදේ දන්නේ ඔයා විතරයි හරි ..එකෙනුත් ඔයා ..එක මාළුවා නහින්නේ කටනිසාය (බ)

:       0       0

සොබනා Saturday, 09 July 2016 03:42 AM

අනේ හරිම චූන් සෙල්ලමක්නේ ... අනේ අපිවත් ගන්නකො සෙල්ලමට... (ර)

:       0       0

කුරේ Sunday, 10 July 2016 08:26 AM

සනත් පැරිස් .වෙන්න යන දේ අපි විවාදයක් තියමුද ..එනවා කියලා පොලු බෑ...(බ)

:       0       0

කසුන් දමින්ත Friday, 08 July 2016 08:36 AM

පෙනී නොපෙනී යන හොල්මනක් (හේ)

:       0       0

චමින්ද ධර්මදාස Friday, 08 July 2016 08:45 AM

විමල් වීරවංශ හිතන්නේ එයා කට ඇරියොත් ඔක්කොම හරි කියලා.(හේ)

:       0       0

පද්මිණි Saturday, 09 July 2016 04:52 AM

බ්‍රිතාන්‍ය සම්ප්‍රදාය අනුව ජනමතයෙන් පැරදුනු කෙනා නම්බු පිටින් ගෙදරටවෙලා ඉන්න ඕන නේද. (ර)

:       0       0

රංග Saturday, 09 July 2016 04:58 AM

අරුණ මේ අදහස් දක්වන සියළුම දෙනාටම මේක විහිළුවක් කියලා තේරෙනවා ඔබට අැයි මේක නොතේරෙන්නේ. (ර)

:       0       0

ප්‍රින්ස් Saturday, 09 July 2016 05:15 AM

මොනවද මේ දවල් හීන. (ර)

:       0       0

පිරිස් Saturday, 09 July 2016 05:21 AM

කල යුත්තේ ඉදිරියට තමන් කරන්න බලාපොරොත්තුවෙන වැඩ ටික පෙන්වලා මහජන සහය ගන්නෙක. (ර)

:       0       0

පරාක්‍රම Friday, 08 July 2016 09:00 AM

යම් යම් අයගේ බලය ලබාගැනීමේ න්‍යායපත්‍ර අනුව බොහෝ දේවල් මහජනතාවට කාවැද්දවීමට සිදුකරන දෑ අතර තනතුරු ලයිස්තු ගත කිරීම් තවත් විහිළුවක් පමණක් බව පෙනේ. (ම)

:       0       0

ආනන්ද දොඩන්ගොඩ Sunday, 10 July 2016 12:31 PM

අපෝ ... සනත්ලා.... කවුද කියලා පැරිස් අය හොදට දන්නවා අංක එකේ දොඩවන්නා කවුද කියා කියන්න ඕනේ නැ...(බ)

:       0       0

සනත් Saturday, 09 July 2016 06:29 AM

මෙහි අදහස් පළකර ඇති බොහෝ දෙනා වෙන්න යන දේ නොදැන දෙඩවීම කණගාටුදායකය. (ර)

:       0       0

බන්දුල Friday, 08 July 2016 09:27 AM

ජායා කැබිනට් කියන වචනයට කිට්ටුම වචනයක් මම හිතන්නෙ හොල්මන් කැබිනට් කියන එක (බ)

:       0       0

ප්‍රසන්න වික්‍රමසිංහ Friday, 08 July 2016 09:24 AM

අනේ අම්මපා මේ වගේ විහිළු.අපිට දෙපැත්තෙන්ම හිනා...(බ)

:       0       0

ජයතු Friday, 08 July 2016 09:35 AM

අපේ එකම ප්‍රාර්ථනය ජනතා විමුක්ති පෙරමුණ පමණි හොරුන්ව ධාමරිකයන්ව මැඩලන්න පුළුවන් ඔව්වුන්ට පමණි (අ)

:       0       0

රොමේෂ් Friday, 08 July 2016 09:56 AM

ඡායා කැබිනෙට්ටුව මායා කැබිනෙට්ටුවක්ම විතරයි. (හේ)

:       0       0

ටොම් Friday, 08 July 2016 10:43 AM

කවුද පශු සම්පත් අැමති? (නි)

:       0       0

චතුරි Friday, 08 July 2016 10:53 AM

මහින්දට තණකොළ ඩිංගක් කපන්න හිතුණා ගහ උඩට යන්න. තණකොළ නැහැ ගහ මුදුනේ, එ්කයි බිමට බහින්නේ

:       0       0

විපුල Friday, 08 July 2016 11:20 AM

දැන් ලංකාවේ තියෙන්නේ වැඩ බැරි කැබිනට් එකක්. හුඟක්ම ඉන්නේ ගිරවු (නි)

:       0       0

තිස්ස Saturday, 09 July 2016 06:57 AM

මෙක අදහස් කියැවුවම හරිම දුකක් දැනෙන්නේ. (ර)

:       0       0

මනෝජ් Friday, 08 July 2016 11:43 AM

මේ කැබිනට්ටුවට වාහන දෙන්නේ නැද්ද? (නි)

:       0       0

ටිකිරි බණ්ඩා-නුගේගොඩ Saturday, 09 July 2016 08:14 AM

පුදුමයි ඒත් ඇත්තයි. (ර)

:       0       0

සාමා Friday, 08 July 2016 01:09 PM

මොළේ තියෙනකොට බලය නැහැ. බලය තියෙනකොට මොළේ නැහැ. (නි)

:       0       0

බුවනෙක Friday, 08 July 2016 01:21 PM

එ්කාබද්ධයේ වැඩ මහින්දටත් එපාවෙලා ඇති (නි)

:       0       0

තිලක්-ඩුබායි Friday, 08 July 2016 01:48 PM

ලෝකයේ කිසිම හිටපු රාජ්‍ය නායකයෙක් මේතරම් පහත් තත්ත්වයට වැටෙනවා මම අහලා දැකලා නැහැ. (නි)

:       0       0

ජයතු Friday, 08 July 2016 02:01 PM

මහින්ද මහත්තයා ප්‍රසිද්ධියේ කී පරිදි හොර දේශපාලුවන්ගේ ෆයිල් තියෙන අය ඉවත්කර හොඳ දේශපාලකයන් පත්කළොත් හොඳයි (නි)

:       0       0

රොකී Friday, 08 July 2016 02:01 PM

දන්නේ නැති හින්දයි අහන්නේ. මේ කැබිනට්ටුවේ ඉන්න කට්ටියට කාර් බාර් ලබා දෙන්නෙත් ආණ්ඩුවෙන්ද? (නි)

:       0       0

රොහාන් දයාදර පැරිස් Saturday, 09 July 2016 10:56 AM

ඡායා යන්නෙන් අර්ථවත් වන්නේ සෙවණැලි යන්නයි (නි)

:       0       0

දිනේශ Saturday, 09 July 2016 11:02 AM

ඡායා කියන්නේ සෙවණැලි. ඇත්තටම මෙයාලා දැන් සෙවණැලි තමයි (නි)

:       0       0

අල්විස් පැරිස් Saturday, 09 July 2016 11:01 AM

හිටපු ජනාධිපති එදත් ජනතාව ඇන්දුවා, දැනුත් අන්දන්නද හදන්නේ (නි)

:       0       0

බණ්ඩාර පැරිස් Saturday, 09 July 2016 11:03 AM

මෙයාලා නිකන්ම ඡායා නොව, අද්භූත ඡායායි (නි)

:       0       0

විකුම් රංගන Friday, 08 July 2016 02:27 PM

මේ වගේ විහිළු විකාර වැඩ වලට හූ කියලා අපිට පුරුද්දක් නැති නිසා හූ නොතියා ඉන්නවා. (නි)

:       0       0

ඔගස්ටින් Saturday, 09 July 2016 11:10 AM

ජනමතයට පිටුපාන දෙසපාලුවේ හිරේ යවන්න ඕනා පාට පක්ෂ නොබලා ..(හේ)

:       0       0

රන්දික Saturday, 09 July 2016 11:12 AM

මොලේ අවුල් වෙනකොට ඔය වගේ සෙවනැලි ඇඳ වෙනවා.(හේ)

:       0       0

විමල් Friday, 08 July 2016 05:14 AM

ඇති වරදකුත් නැහැ බලනකොට. (නි)

:       0       0

නිම්මි Friday, 08 July 2016 02:38 PM

මේකට නම් අපිත් කැමති නැහැ. නමුත් මේකට හිනාවෙන අයට අර අනෙක් අයගේ විහිලු වලට හිනා යන්නේ නැද්ද දන්නේ නැහැ. (නි)

:       0       0

ප්‍රගීත් Friday, 08 July 2016 05:22 AM

මම කලින්නම කිව්වේ මේක "ඡායවක්ම" තමා කියලා.(හේ)

:       0       0

නිමල් Friday, 08 July 2016 05:19 AM

ඊයේ විස්තරේ දැකලා වගේ, දැන් හිතෙනවා ඇති මේ මොකක්ද මං කරගතේ කියලා(හේ)

:       0       0

සේන Friday, 08 July 2016 05:28 AM

රජයේ හෝ විපක්ෂයේ බොරු කැබිනට් වලින් වැඩක් නැහැ . ළඟදීම ලංකාවේ උරුමක්කාරයන් බවට පත්වන ඇමරිකන් ,දෙමල හා මුස්ලිම් බලවේගවලට ඉඩ දෙන්න .නිකම් රුකඩ නැටුම් පෙන්නන්න එපා .නේටෝව එක්ක හෙල්ලෙන්න හම්බවෙන්නේ නැහැ ඔය කාටවත්. (අ)

:       0       0

නිශාන්ත Saturday, 09 July 2016 01:04 PM

රට බේර ගත්තා කියලා රටම ඉවර කරා.(හේ)

:       0       0

අසංක Friday, 08 July 2016 05:43 AM

බුදු අම්මෝ !!!! රටට මාරම පාඩුවක් ... . ටෙනිසන් කුරේ පරාදයි මේ විහිලුවටනම් ... (ම)

:       0       0

තිලක්-ඩුබායි Saturday, 09 July 2016 01:34 PM

පීරිස්, නැවත රාජපක්ෂ පාලනයක් ගැන හීනෙකින්වත් හිතන්න එපා. කතා කරන්න එපා. (නි)

:       0       0

අරුණ Friday, 08 July 2016 04:16 PM

ශක්තිමත් විපක්ෂයක් යනු ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක තිබිය යුතු අනිවාර්ය අංගයකි. අද අප මුහුණ පා ඇති අවස්ථාවට අනුව රටට අහිතකර වෙළද ගිවිසුම්, වංචා,රාජ්‍ය බලය අනිසිලෙස යෙදවීම සිදුවීම බහුලවේ. විපක්ෂ මන්ත්‍රීවරු දහසක් බාධක මධ්‍යයේ කරගෙන යන ක්‍රියාවලියට සැමගේ සහය දියයුතුය. මෙහි අදහස් පළකර ඇති බොහෝ දෙනා රටට වෙන්න යන අනතුර නොදැන නන් දෙඩවීම කණගාටුදායකය. (නි)

:       0       0

සිරි Friday, 08 July 2016 06:02 AM

ඔබ රුව ඡායා (නැවතත්) බොඳවේ පායා ... (ම)

:       0       0

විමල් Friday, 08 July 2016 04:52 PM

මම හීනෙන් ඡායාවක් දැක්කා. සියලුම අමාත්‍යංශ එක ඇමති කෙනෙක්. අනෙක් අය ගොඩක් කුස්සියේ වැඩ. මගේ සිහිනය ගැනත් පළකළොත් ලංකාදීපයට තුති! (නි)

:       0       0

නලීන් Friday, 08 July 2016 04:50 PM

ලොකුම විහිළුව විදේශ ඇමතිධුරය. (නි)

:       0       0

කෙනත් Friday, 08 July 2016 05:07 PM

මේකත් අර අහවලාගේ රහස් උගුල් වලින් එකක් කියලයි මම නම් හිතන්නේ (නි)

:       0       0

මාල් Saturday, 09 July 2016 03:37 PM

ජේවීපී එක මේකට උදවු කළොත් හොඳයි. (නි)

:       0       0

ජයන්ත Friday, 08 July 2016 05:31 PM

මේ දෙයින් හොඳටම මට හිනා ගියා. මොවුන් ගැන දුක හිතුනා. මේක දැක්කම මොවුන්ට ඡන්දෙ දෙන්න හිතාගෙන ඉන්න අයත් නැතිකර ගත්තා. නාමල් රාජපක්ෂ විදේශ ඇමති ඉන්න ආණ්ඩුවක් ගැන කුමන කතාද. (නි)

:       0       0

නිශාන්ත ෆොන්සේකා Saturday, 09 July 2016 03:47 PM

අලුත් ඇමතිවරුන්ගේ ෆයිල් කා ළඟද දන්නේ නැහැ (නි)

:       0       0

විශාඛා Friday, 08 July 2016 06:11 PM

රටම කාලා තවත් කන්න එනවනේ! (නි)

:       0       0

විද්‍යා Friday, 08 July 2016 06:18 PM

රනිල් මහත්තයෝ, බොහොම කල්පනාවෙන් වැඩ කරන්න. උගුලක් අටවන්නයි වගේ හදන්නේ. රාහුගේ ඡායාව තමයි කේතු. කේතු බොහොම නරකයි මේකට වටවෙලා ඉන්න ග්‍රහයෝ ටික පොල් ගහ ගහා ඉන්නේ. (නි)

:       0       0

ගුණවර්ධන Friday, 08 July 2016 06:32 PM

හිනා, හිනා මේවා තමයි හතර හිනා. (නි)

:       0       0

අසෝක Saturday, 09 July 2016 04:38 PM

ඇති යන්තම්. මේ දවස් වල මේ ඡායා කැබිනට්ටුව ගැන කතාකරන නිසා බඩු මිල වැඩිවීම බදූ වැඩිවීම රටපුරා උද්ඝෝෂණ, වැඩවර්ජන සහ ප්‍රවාහන අපහසුතාවයන් ගැන කතා කරන්න හිතන්න වෙලාවක් නැහැ. (නි)

:       0       0

අනුරුද්‍ධ Friday, 08 July 2016 06:28 AM

පුදනකොටම කාපි (බ)

:       0       0

චමින්ද පැරිස් Saturday, 09 July 2016 05:44 PM

සනත් පැරිස්, වෙන්න යන දේ ඔයා දන්නවද? ඔයාට වෙන්න යන දේ ඔයාවත් දන්නේ නැහැ (නි)

:       0       0

රන්ජිත් Saturday, 09 July 2016 05:50 PM

සනත් ගැන නම් කවුරු කවුරුත් හොඳට දැනගත්තා (නි)

:       0       0

ජීවන් Friday, 08 July 2016 06:35 AM

කරුණාකර රටට විහිලු සපයන්න එපා. මේ යක්කුන්ට පරාද වෙලත් සිහින ඇමැතිකම් වල හරි එල්ලිලා ඉන්න ඕනෑ.(ම)

:       0       0

රුචිර Saturday, 09 July 2016 05:48 PM

සනත්, ඔයාගේ වැදිබණ නවතාගන්න (නි)

:       0       0

අනුර Saturday, 09 July 2016 05:50 PM

සනත්, ඔයා ගැන අපිට කණගාටුයි (නි)

:       0       0

චානක ලොස් ඇන්ජලිස් Friday, 08 July 2016 08:37 PM

සෙල්ලම් ආණ්ඩුවේ සෙල්ලම් සේනලට වෙච්ච දේ? ඇටි කෙහෙල් කාපු උගුඩුවන් වගේ වෙලා (නි)

:       0       0

චින්තක Saturday, 09 July 2016 05:56 PM

සුපිරි කට්ටියක්නේ! (නි)

:       0       0

සනත් ගුනවර්දන ස්විස් Friday, 08 July 2016 06:38 AM

පාර්ලිමේන්තුව ගැන ඒවායේ නීති ගැන , නොදෙනුවත්කම නිසා කරපු ක්‍රියා වල ආනිසංස පල දෙන්නේ (ම)

:       0       0

නාලක Friday, 08 July 2016 08:38 PM

මානෙල්, ඔලුව අතගාලා බලන්න අං දෙකක් එනවද කියලා. මෙයාලගේ අදහස දැක දැක මෙයාලටම ඡන්දෙ දෙන අයත් ඉන්නවනේ මේ රටේ? සුරංගනා ලෝකේ ඇත්ත කියලා හිතන්න ඇති. (නි)

:       0       0

ආනන්ද ආර්. Saturday, 09 July 2016 05:54 PM

තමන් පරාජය වුණා කියලා තේරුම් ගන්නවත් බැරි උදවිය මේ විහිලු කරන්නේ මහජන මුදලින් කකා බිබී කියලවත් වැටහෙන්න අබ ඇටයක් තරමකවත් මොළයක් ලැබේවා කියලයි මට නම් හිතෙන්නේ. (නි)

:       0       0

දිසා Friday, 08 July 2016 08:39 PM

බල තණ්හාවෙන් සිහිවිකල්වූ උන්මත්තකන් පිරිසකකේ තවත් එක් ජවනිකාවක්. අහෝ රටකට ගිය කලක්! (නි)

:       0       0

ලක්ෂ්මන් Saturday, 09 July 2016 05:55 PM

එක එක ඒවා කරලා කරලා වරද්දාගෙන අන්තිමට මොකක්මහරි තනතුරක් ගන්න දඟලයි (නි)

:       0       0

ගමගේ Saturday, 09 July 2016 06:08 PM

අපිටත් එපාවෙලා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පක්ෂ 5කට තහනමක්
2024 ඔක්තෝබර් මස 04 1027 0

ලේකම්වරුන්ගේ ගැටලු ඇති දේශපාලන පක්ෂ පහකට මෙවර මහ මැතිවරණයට තරග කිරීම සඳහා අවසර නොදීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.


මෛත්‍රීගේ ’සිහිනය නොනිමිය’ එළිදකියි
2024 ඔක්තෝබර් මස 04 680 0

හිටපු 6 වන විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේ මහතාගේ නිල ස්වයං ස්මරණීය චරිතාපදානය ’සිහිනය නොනිමිය’ නමින් එළිදැක්වීම අද (04)ගෝල් ෆේස් හොටෙල්හිදී සිදුකෙර


ආර්.එම්.වී නියෝජ්‍ය කොමසාරිස් ඇතුළු තුනක් අල්ලස් දැලේ
2024 ඔක්තෝබර් මස 04 1837 0

බස් රථයක පොතක් වෙනස් කරදීම සඳහා රුපියල් ලක්‍ෂයක අල්ලසක් ඉල්ලා ලබා ගනිද්දී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමෙන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයකු ඇතුළු තිදෙනෙක්


රත්නපුර රෝහලේ සාර්ථක වකුගඩු සැත්කමක්
2024 ඔක්තෝබර් මස 04 357 0

රත්නපුර ශික්ෂණ මහ රෝහලේ දී අද වකුගඩු බද්ධ කිරිමේ සැත්කමක් ප්‍රථම වරට ඉතාමත් සාර්ථක අන්දමින් ඉටු කිරිමට හැකි වු බව රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය ධම්මික අලහප්


නිමල් පිල ගෑස් සිලින්ඩරයට
2024 ඔක්තෝබර් මස 04 601 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ (නිමල් පාර්ශවය) එළඹෙන මහ මැතිවරණයේදී ගෑස් සිලින්ඩරය ලකණ යටතේ වු නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ සන්ධානයෙන් තරඟ කිරිමට තීරණය කර


කොළඹ පාරක් වසර 19කට පසු විවෘත කරයි
2024 ඔක්තෝබර් මස 04 1578 0

වසර 19 කට පෙර ආරක්ෂක හේතූන් මත වසා දැමුණු කොළඹ අරලියගහ මන්දිරය අසල මාර්ගයක් අද (04) දින සවස ජනතාව සදහා විවෘත කෙරිණි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38924 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25521 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 306 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1029 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 366 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site