IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


ජීඑම්ඕඒ මුල් පුටුව යළිත් පාදෙණියට

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නව නිලධාරී මඩුල්ල ලෙස එහි හිටපු සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා ඇතුළු කණ්ඩායම යළිත් නිතරෙගයෙන් පත්වී තිබේ.

පාදෙණිය මහතා මෙවර එහි සභාපති ධුරයට පත්ව ඇත්තේ අඛණ්ඩව 6 වැනි වරටය.

මෙතෙක් සංගමයේ මාධ්‍ය ප‍්‍රකාශකවරයා ලෙස කටයුතු කළ වෛද්‍ය නවීන් ද සොයිසා මහතා මෙවර එහි ලේකම්ධූරයට පත්ව ඇති අතර එහි හිටපු ලේකම් වෛද්‍ය නලින්ද හේරත් මහතා සංගමයේ සංස්කාරක ධුරය සඳහා තෝරාගෙන ඇත.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වාර්ෂික මහා සභා රැස්වීම විද්වත් වෘත්තිකයින්ගේ සංගම් ශාලාවේදී පැවති අතර නව නිලධාරී මණ්ඩලය තෝරාගැනීම සහ සාමාජිකයින්ට හා සෞඛ්‍ය සේවයට අදාළ කරුණු රැසක් සාකච්ඡා කිරීම එහිදී සිදුවූ බව ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා මහතා පැවසීය.



අදහස් (0)

ජීඑම්ඕඒ මුල් පුටුව යළිත් පාදෙණියට

උදය Monday, 27 June 2016 05:08 AM

කවුරු මොනවා කිවුවත් මේ මිනිසුන්ගෙන් දේශපාලකයන්ගෙන් වඩා යමක් රටට සිදුවෙන බව පිළිගන්න වෙනවා (නි)

:       0       0

ශාන් Monday, 27 June 2016 06:26 AM

මේ අයගෙන් ලෙඩ්ඩුන්ට නම් වෙන සෙතක් නෑ. තමන් ගැනම බලනවා විතරයි.(හේ)

:       0       0

පෙරේරා Monday, 27 June 2016 06:58 AM

මේ සංවිධානේ රටේ යහපතට කිසිම දෙයක් කරන්නේ නැහැ. රටේ අසරණ රෝගීන්ගේ ජීවිත පරදුවට තියල රජයේ දොස්තරලගේ බඩගොස්තරෙය් මඩිය තරකරගන්නයි විතරයි කටයුතු කරන්නේ. (බ)

:       0       0

ජගත් ලියනගේ Sunday, 26 June 2016 10:48 AM

ඔබ වෛද්‍යවරු වෙනුවෙන් හොඳ සේවයක් ඉටු කළා.. නමුත් පෞද්ගලික විශ්වවිද්‍යාල සම්බන්ධයෙන් දරන මතය වෙනස් කර ගත්තොත් හොඳයි. (බ)

:       0       0

පාඨලී Sunday, 26 June 2016 12:06 PM

ජයවේවා (බ)

:       0       0

ඩිලාන් Sunday, 26 June 2016 12:36 PM

දැන් ඉතින් ජාතියේ ප්‍රශ්න විසදීම සුටින් සහ මාර්ටින් ට බැරි නිසා ඔබගේ යුතුකම ඔව්න්ගේ මොලේ පැදීම. වෛද්‍ය වෘත්තියට අමතරව රට බේරාගැනීමේ මහගු කාරියට ජීඑම්ඕඒ උරදේවි කියා අපේ විශ්වාසය (බ)

:       0       0

අකිල රත්නායක Sunday, 26 June 2016 01:40 PM

මේ සභාපති ;ලෙස නැවත පත් වුන කෙනාගේ නමත් ඉන්දියාවත් එක්ක කරනවයි කියන වකුගඩු ජාවාරමට ගෑවුනා නේද? මේ සංගමයේ නිලධාරීන් ගැන පැහැදීමක් නෑ අපට නම්. නිර්දේශපාලනික නිලධාරී මඩුල්ලක් පත් වෙනවා නම් හොදයි. (බ)

:       0       0

සරත් Sunday, 26 June 2016 03:09 PM

හොඳ තීරණයක්. කවුරු කෙසේ කීවත් මොහු නිහතමානි මිනිහෙක්.දන්නෝ දනිති. (බ)

:       0       0

උපාලි Sunday, 26 June 2016 03:24 PM

තමන්ගේ වරප්‍රසාද ලබාගැනීම සඳහා වඩාත්ම හොඳින් ලෙඩුන් ප්‍රාණ ඇපයට ගන්න පුළුවන් කෙනෙක් තමයි ඔතෙන්ට ගැලපෙන්නේ. (බ)

:       0       0

චාමින්ද Sunday, 26 June 2016 03:45 PM

ඩොක්ටර් පාදෙණිය නිදහස් අධ්‍යාපනයේ යමක් කළ හැකි හඬ ඔබයි. ඉංජිනේරුවෙක්ලෙස මට දුකයි අපි උසස් පෙළ සමාන ලකුණු ගත්තත් ගොඩක් දුරස් වෙලා කරුණාකර වෘත්තියවේදීන්ගේ හඬ අවදි කරන්න (බ)

:       0       0

මාලි Sunday, 26 June 2016 03:45 PM

මහින්දගේ කාලේ එස්බී එක්ක ඩීල් දාපු එක්කෙනාම නැවත පත්කරගෙන. විහිලු තමා (බ)

:       0       0

කසුන් Sunday, 26 June 2016 04:07 PM

අකිල රත්නායක, වකුගඩු සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරුන්ට කියන්නේ නෙපර්ලොජිස්ට්ස් කියල.පාදෙණිය ළමා ස්නායු සම්බන්ද විශේෂඥ වෛද්‍යවරයෙක් කියන්නේ නියුරෝලෝගිස්ට් කියල.මේ වගේ අය අපේ රටටම ඉන්නේ කීපදෙනයි. දැනගෙන කතා කළානම් හොදයි නේද (බ)

:       0       0

විපුල බටදූවආරච්චි Sunday, 26 June 2016 04:13 PM

නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් මේ අය ලොකු සේවයක් කරනවා. මිනිසුන්ට ඒක තේරෙන්නේ නෑ. ආණ්ඩුවට යටත් නැති එකම වෘත්තීය සංගමය (බ)

:       0       0

සනත් Sunday, 26 June 2016 05:40 PM

ජනාධිපතිලට වගේ මෙයාලටත් සභාපති වරම දෙතුන් පාරකට සීමාකරන්න බැරිද? (නි)

:       0       0

ලලිත් Sunday, 26 June 2016 09:06 PM

අපි බලමු මේ ගමන වෙනසක් වෙයිද කියලා (නි)

:       0       0

ඔසී Sunday, 26 June 2016 09:17 PM

අපි නම් දැන් පවතින ක්‍රමය ගැන හොඳටම කළකිරිලා තියෙන්නේ (නි)

:       0       0

දුමින්ද Sunday, 26 June 2016 09:17 PM

ඔය මොන කෙනා ආවත් එකයි. වැඩක් නැහැ. සේවය කරන්නේ ජනතාවට නෙමෙයි. අපි ඒ ගැන දන්නවා (නි)

:       0       0

විජේ Sunday, 26 June 2016 11:57 PM

මෑතක සිට ඔබතුමන්ලාට ජනතාවගෙන් එතරම් පිළිගැනීමක් නැති බව ඔබතුමන්ලා දන්නවා ඇති. ජනතාවගේ මුදලින් ඉගෙනගෙන ඔය තත්වයට පත් වූ ඔබ මීටවැඩිය ජනතාව ගැන සැළකිල්ලක්, ගෞරවයක් තිබෙන්න ඕනෑ. එවිට ජනතාව ඔබට දෙවියන්ට වගේ සළකයි. තනතුරේ වරප්‍රසාද ගන්න වර්ජන කරන්න එපා. ඔබ වෙනුවෙන් ජනතාව ඒ කොටස කරාවි (නි)

:       0       0

චමින්ද Monday, 27 June 2016 12:02 AM

විපුල, ආණ්ඩුවට යටත් නැති වුණාට යටත් කාටද කියලා අපි දන්නවා

:       0       0

සුදේෂ් Monday, 27 June 2016 03:40 AM

ජය වේවා! (නි)

:       0       0

රොමේෂ් Monday, 27 June 2016 03:44 AM

ඉස්සර මෙහෙම එකක් තිබුණද දන්නෙත් නැහැ. එ්කට දැන්? අනේ මන්දා ඉතින්. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මගීන්ට පාට් දැම්මොත් වැඩ වරදී
2024 ඔක්තෝබර් මස 04 139 0

බස් රථ වලදී මගීන්ට අපහසුවට පත් වන අයුරින් කටයුතු කළොත් දැනුම් දීම සඳහා දුරකථන අංකයක් හඳුන්වා දී තිබේ.


ගෙල කපා අඹු සැමි යුවළ මරලා
2024 ඔක්තෝබර් මස 04 538 0

අහංගම වැල්හේන්ගොඩ ප්‍රදේශයේ නිවසක් තුලදී අඹු සැමි යුවලක් කපා කොටා ඝාතනය කර ඇතැයි අහංගම පොලිසිය පවසයි.


‘පාර්ලිමේන්තුවට ඉල්ලන්නෙ නෑ‘
2024 ඔක්තෝබර් මස 04 1149 4

ඉදිරියේදී පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මහ මැතිවරණය සදහා තමන් ඉදිරිපත් නොවන බව හිටපු ප්‍රවාහන මහා මාර්ග සහ ජනමාධ්‍ය කැබිනට් අමාත්‍ය ආචාර්ය බන්දුල


ඉරානය ඊශ්‍රායලයට එරෙහිව රුසියන් සහාය ඉල්ලයි
2024 ඔක්තෝබර් මස 04 1012 0

ඉරානය පසුගියදා ඊශ්‍රායලයට එල්ල කළ මිසයිල ප්‍රහාරයට පිළිතුරු ලෙස ඊශ්‍රායලයෙන් එල්ල විය හැකි ප්‍රහාරය මැඩ පැවැත්වීම සඳහා චන්ද්‍රිකා දත්ත ලබාදී ටෙහෙර


හම්බන්තොටින් ස්වාධීන කණ්ඩායම් 4ක් ඇප තියයි
2024 ඔක්තෝබර් මස 04 157 0

2024 මහ මැතිවරණය සඳහා හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් අද (04) දහවල්වන විට ස්වාධීන කණ්ඩායම් හතරක් ඇප මුදල් තැන්පත් කිරීම සිදු කර ඇත.


ඇමෙරිකාවට පහර දෙන්න පැකිලීමක් නෑ
2024 ඔක්තෝබර් මස 04 992 0

දකුණු කොරියාවෙන් හෝ ඇමෙරිකාවෙන් ප්‍රහාරයක් එල්ල වුවහොත් ඊට පිළිතුරු දීම සඳහා කිසිම පැකිලීමකින් තොරව න්‍යෂ්ටික අවි භාවිත කරන බව උතුරු කොරියානු නායක ක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38856 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25498 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 300 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1011 2
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 359 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site