IMG-LOGO

2024 ඔක්තෝබර් මස 14 වන සඳුදා


ජීඑස්පී ගැන යුරෝපා කොමිසමෙන් යෝජනාවක්

ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත මත පනවා තිබූ ආනයන බදු ඉවත් කරමින් ජී.එස්.පී ප්ලස් සහනය නැවත දීමට යෝජනා කර ඇතැයි යුරෝපා කොමිසම අද (11) නිවේදනය කළේය.

මානව හිමිකම්, කම්කරු නීති, යහපාලනය සහ පරිසරය ආරක්ෂා කිරීම යන ක්ෂේත්‍ර මත පදනම් වෙමින් ජාත්‍යන්තර සම්මුතීන් 27ක් ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා රජය කටයුතු කිරීමත් ශ්‍රී ලංකා ආණ්ඩුවේ කැපවීම  සලකා බලමින් යුරෝපා කොමිසම මෙම තීරණය ගෙන ඇත. 

මෙම ඒකපාර්ශවීක වෙළෙඳ සහනය යටතේ යුරෝපා සංගමයේ රටවලට කෙරෙන ශ්‍රී ලංකාවේ අපනයන මත පනවා තිබූ සියයට 66ක බදු සම්පූර්ණයෙන් ඉවත් කෙරෙන අතර ඊට ඇඟළුම් සහ මත්ස්‍ය නිෂ්පාදන ද අයත් වේ. මෙම සහනය ශ්‍රී ලංකාවට හිමි වනු ඇත්තේ වරණීය තීරුබදු ක්‍රමවේදය (ජී.එස්.පී ප්ලස්) සහනය ඔස්සේය. 

ජී.එස්.පී ප්ලස් සහනය නැවත හිමිවීම ඔස්සේ ශ්‍රී ලංකාවට යුරෝපා සංගමයේ රටවලට කෙරෙන අපනයන වැඩි කිරීමට හැකිවනු ඇතැයි යුරෝපා සංගමයේ, වෙළෙඳ කොමිසමේ, කොමිසාරිස්වරිය වන සිසිලියා මැම්ස්ට්‍රොම් මහත්මිය පැවැසූවාය.  එපමණක් නොව මේ ඔස්සේ ශ්‍රී ලංකාව මානව හිමිකම්, කම්කරු නීති, නීතියේ ආධිපත්‍යය සහ යහපාලන ප්‍රතිසංස්කරණ සිදු කරමින් එම මූලධර්ම ආරක්ෂා කරගැනීමට කටයුතු කරනු ඇතැයි ඇය කීවාය.

මානව හිමිකම් සුරක්ෂිත කිරීමට නොහැකි වීම නිසා යුරෝපා සංගමය ශ්‍රී ලංකාවට දී තිබූ ජී.එස්.පී ප්ලස් සහනය 2010 වසරේදී නවතා දැමුවේය.    2015 දී බලයට පත්වූ වත්මන් ආණ්ඩුව ජාතික සංහිඳියාව, මානව හිමිකම් සුරක්ෂිත කිරීමට කටයුතු කිරීම, නීතියේ ආධිපත්‍යය හා යහපාලන මූලධර්ම සුරක්ෂිත කරමින් කටයුතු කිරීමත් තිරසර ආර්ථික සංවර්ධනයක් වෙනුවෙන් කටයුතු කිරීමත් නිසා ජී.එස්.පී ප්ලස් සහනය නැවත දීමට තීරණය කළ බව ද යුරෝපා කොමිසම නිවේදනය කළේය. 

ශ්‍රී ලංකාවේ අපනයනවලින් සියයට 30කට ආසන්න සංඛ්‍යාවක් අපනයනය කෙරෙන්නේ යුරෝපා වෙළෙඳපොළටය.  ශ්‍රී ලංකාවේ ප්‍රධානතම ඇඟළුම් වෙළෙඳපොළවල් දෙක අතුරින් එකක් වන්නේ ද යුරෝපා සංගම් වෙළෙඳපොළය. අනෙක ඇමෙරිකා එක්සත් ජනපදයයි. ජී.එස්.පි ප්ලස් සහනය යටතේ අපනයන භාණ්ඩ 7500කට බදු ආවරණ හිමිවිය.  



අදහස් (0)

ජීඑස්පී ගැන යුරෝපා කොමිසමෙන් යෝජනාවක්

ප්‍රදීප් ලියනගේ Wednesday, 11 January 2017 02:08 PM

ඔලුව අතගාලා ඇස් ගලවගන්න හදන්නේ (බ)

:       0       0

දහම් Thursday, 12 January 2017 10:17 AM

හොඳ තීරණයක්.(හේ)

:       0       0

සරත් Wednesday, 11 January 2017 02:14 PM

ඇඟ විකුණලා කන මිනිස්සුනට කොන්දක් ඇතත් රට විකුණලා කන උන්ට විලි ලැජ්ජාවක් නැත .උතුර දෙමළට දීල ලැබෙන දොලපිදේනි වලින් යුද්ද තමයි ඉස්සරහටත් කරන්න වෙන්නේ (බ)

:       0       0

යාලිය Thursday, 12 January 2017 11:49 AM

යුරෝපෙට ඕනේ වුනේ යුද්දෙන් කොටින්ට ගන්න බැරි වුන දේ වෙන විදියකින් ලබා දී කොටින්ගේ බලාපොරොත්තුව ඉටු කිරිමයි.(හේ)

:       0       0

වසන්ත Wednesday, 11 January 2017 03:28 PM

මෙතන අදහස් දාන අයට ඒදා රටේ තිබුන තත්වය අමතකයි වගෙයි. (අ)

:       0       0

මධූ Wednesday, 11 January 2017 05:27 PM

ජීඑස්පී ප්ලස් ගැන කවුරුවත් හරියට දන්නේ නැහැ. ජීඑස්පී ප්ලස් වලින් ලංකාවට වැඩක් නැහැ. ලංකාවට කොච්චර ඇණවුම් ආවත් මහන්න ඉන්නේ මේ ඉන්න ළමයි ටික විතරයි. ඒක වැඩි වෙන්නේ නැහැ. ජීඑස්පී ප්ලස් ලාබය තියෙන්නේ බඩු ගන්න මිනිහට විතරයි. අපිට රුපියලක්වත් හම්බ වෙන්නේ නැහැ. හැමෝගෙම බොරුව විතරයි. (නි)

:       0       0

සිල්වා Wednesday, 11 January 2017 05:30 PM

හොඳයි රටට යහපතක් වෙනවා නම්. ඇඟලුම් ක්ෂේත්‍රයේ යළි පිබිදීමක් ගොඩනැගේවි. (නි)

:       0       0

අන්තෝනි Thursday, 12 January 2017 04:53 PM

හැම දෙයක් දිහාම නිල් හෝ කොළ හෝ රතු හෝ වර්ණ කණ්ණාඩි දාලා බලන්න එපා. රටට හොඳක් වෙනවා නම් අකුල් හෙලන්න හොඳ නැත. (නි)

:       0       0

මෙන්ඩිස් Friday, 13 January 2017 02:08 AM

අපි ලාභෙට විකිනෙන්න ඕනෑ නැහැනේ. ඒගොල්ලන්ටත් බඩු ඕනෑවෙලා ඇති. ඒගොල්ලෝ අපේ යහපතක් හිතනවද? කොන්දේසි දදා ලාභෙට වැඩ ගත්ත කාලේ ඉවරයි. අපිටත් මහන්සියි. ලංකාවේ ජනතාවගේ මානුෂික අයිතිවාසිකම් ගැන හිතන්නේ කවදද? (නි)

:       0       0

අතුල Friday, 13 January 2017 03:41 AM

මෙතැන අදහස් දාලා තියන සමහරක් නොදන්නවා වුණාට අපිට පස්සේ මේක ලැබුන බංගලාදේශය දැන් අපිට වඩා ආර්ථික අතින් ගොඩක් ඉස්සරහ ඉන්නේ. (නි)

:       0       0

මෙන්ඩිස් Friday, 13 January 2017 04:24 AM

බංගලාදේශයේ ලංකාවට වඩා 7 ගුණයකින් වැඩි මානව සම්පතක් තියෙනවා. යුරෝපෙට හොඳයි ඒ වගේ රටකින් වැඩ ගන්න. මොනවා අතින්ද? ආර්ථික අතින් ගොඩක් ඉස්සරහා. ඒ හින්දද බංගලාදේශයේ මිනිස්සු ලංකාවේ වීසා නැතුව හොරෙන් වැඩ කරන්නේ? (නි)

:       0       0

හර්ෂ Thursday, 12 January 2017 06:12 AM

මදු ට මොලයක් නෑ. (අ)

:       0       0

අප්පුහාමි Friday, 13 January 2017 05:00 AM

මදු, මෝඩකම ප්‍රදර්ශනය කරන්න එපා. ජීඑස්පී නිසා ලංකාවට ලැබෙන ඇණවුම් සංඛ්‍යාව වැඩිවෙන බව වැටහෙන්නේ නැද්ද. ලංකාවට ආයෝජකයෝ එන බව වැටහෙන්නේ නැද්ද. ඕකට කියන්නේ කුහකකම කියලා (නි)

:       0       0

බමුණු Wednesday, 11 January 2017 12:34 PM

රට බෙදීමේ යෝජනාවක් වත්ද? එ්කටත් මේගොල්ලෝ බැහැ කියන එකක් නැහැ (බ)

:       0       0

චන්දු Wednesday, 11 January 2017 01:48 PM

අම්මෝ ඇති යාන්තං ජී එස් පී සහනය ලංකාවට ලැබුණා - දැන් ඉතිං මේකටත් කටට එන අවලාද දාහක් කියයි (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අදත් මිලි මිටර් 100 ඉක්ම වූ තද වැසි
2024 ඔක්තෝබර් මස 14 216 0

දිවයින ආශ්‍රිත වායු ගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දැනට පවතින වැසි තත්වය තවදුරටත් බලාතොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ඕනෑම තත්වයකට මුහුණ දෙන්න නාවික - ගුවන් සූදානමින්
2024 ඔක්තෝබර් මස 13 1894 0

කඩුවෙල, බියගම, ඉහළගම සහ ජා ඇල යන ප්‍රදේශ ආශ්‍රිතව ගංවතුරට අසුව පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සදහා ආපදා සහන කණ්ඩායමක් 8 ක් ස්ථාපිත කර ඇති බව නාවික හමුදාව පව


මැතිවරණ වියදම් කියන්න 8ක් කර ඇරලා
2024 ඔක්තෝබර් මස 13 3526 0

මැතිවරණ වියදම් වාර්තා බාරදී ඇත්තේ ජනාධිපති අපේක්ෂකයන් 38 දෙනාගෙන් 30 දෙනකු පමණක් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


ගංවතුරට කොටුවූ 50කට යුද හමුදා පිහිට
2024 ඔක්තෝබර් මස 13 568 0

නොකඩවා ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් කොටුගොඩ ගුරුගේවත්ත ප්‍රදේශය ගංවතුරින් යටවීමෙන් අව තැන් වී සිටි පනහකට ආසන්න පිරිසක් ඉන් මුදා ගෙන ආරක්ෂිත ස්


අගුලේ පිහිටෙන් මනාලිය නිවෙසට
2024 ඔක්තෝබර් මස 13 1602 0

දින කීපයක් තිස්සේ පවතින අධික වර්ෂා හේතුවෙන් කුඩා ගඟ පිටාර ගැලීමෙන් කළුතර මාර්ග අවහිර හේතුවෙන් සද්දන්ගොඩ තරුණයකු තම සහකාරිය අගුලක ආධාරයෙන් නිවෙස කැඳ


කටුකුරුන්දේ අනතුරු දිවි නසා ගැනීමක්
2024 ඔක්තෝබර් මස 13 11014 0

කටුකුරුන්ද දුම්රිය ස්ථානයේදී දුම්රියේ ගැටී මියගිය තිදෙනා ගෙන් එක් අයකු සිය සිගිති පුතා රැගෙන දුම්රියට පැන දිවි නසා ගැනීමට තැත්කර ඇති බවත් අනෙක් පුද්


වැඩි දෙනා කියවූ පුවත්






මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 351 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 433 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1378 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site