IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


ජැක්සන්ගේ 'මාලිගාව' ජැක්සන්ම කඩයි

සීගිරි කාශ්‍යප කතාව රූගත කිරීම සඳහා රජ මාලිගයක් පිළිබිඹු කරමින් ඓතිහාසික සබරගමු මහ සමන් දේවාලය පසුබිම් කරගෙන ඉදිකළ පසුතල ජනතාවගේ විරෝධය හමුවේ ඉවත් කරගැනීමට යයි. නිෂ්පාදන කණ්ඩායම මහ සමන් දේවාලයේ බස්නායක නිලමේ කමල් රත්වත්ත මහතා සහ දේශපාලන නියෝජිතයන් හමුවේ ජැක්සන් ඇන්තනී මේ බව කීවේය.

“සීගිරි කාශ්‍යප” කතාවේ කාශ්‍යප රජුගේ මාළිගය පිවිසුම ලෙස මහ සමන් දේවාලයේ පහළ මලූවේ පසුතළ නිර්මාණ සැකසීම මීට දින කිහිපයකට උඩදී ආරම්භ අරඹා තිබිණි.

සබරගමු මහ සමන් දේවාලය පුරාවිද්‍යා සංරක්‍ෂිත ස්ථානයක් ලෙස නම් කර තිබේ. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ මෙම පුරාවිද්‍යා සංරක්‍ෂිත ස්ථානය පසුබිම් කරගෙන චිත‍්‍රපටියක් රූගත කිරිමට අවසර ගෙන නැති බවයි.

සමන් දේවාලයේ පහළ මළුවට ඇතුලූවන ස්ථානයේ වාහල්කඩ වැසෙන ආකාරයේ වෙනත් පසුතල නිර්මාණ කර තිබුණා. ඒවාගේ දේවල් වලින් මහ සමන් දේවාලයේ අභිමානය නැතිවන බව ජනතාවගේ අදහස වුණා. පස්සේ සාකච්ඡා වලදී පසුතල ඉදිකිරිම් ඉවත් කරගන්න ඒ අය කැමැතිවූනා. අවශ්‍යනම් ගඟ පැත්තෙන් අවශ්‍ය රූගත කිරිම් කරගන්නවාට විරෝධයක් නැතිබවත් දැනුම් දුන්නා. කිසිම ගැටුමකින් මත භේදයකින් තොරව සාමයෙන් එකඟත්වයෙන් ප‍්‍රශ්නය විසදුනා. මන්ත්‍රී ඒ.ඒ. විජේතුංග  පැවසුවේ ය.

20160222-010 20160222-011 20160222-015 20160222-016 20160222-019 20160222-020



අදහස් (0)

ජැක්සන්ගේ 'මාලිගාව' ජැක්සන්ම කඩයි

මොරවක Monday, 22 February 2016 07:31 PM

ජැක්සන් ඇන්තනීට බනින එක මම නම් අනුමත කරන්නේ නැහැ (නි)

:       0       0

හේවාවිතාරණ Monday, 22 February 2016 07:25 PM

ජැක්සන් ඇන්තනීට පටහැනිව කතාකරන සිංහලයන් නියම සිංහලයන් නොවේ (නි)

:       0       0

කුමාර් Monday, 22 February 2016 07:36 PM

අපි එයා ගැන බොහොම හොඳට දන්නවා (නි)

:       0       0

කුමාරසිංහ Monday, 22 February 2016 07:38 PM

යමක් කරන්න කලිනුයි හිතන්න තිබුණේ (නි)

:       0       0

බන්දුල Tuesday, 23 February 2016 07:07 AM

කලාකරුවෙක් කරන්නේ නිර්මාණය. ඒක වැදගත්, ඒක දිහාත් දේශපාලන වාසියෙන් නොබලා ඔහුගේ නිර්මාණයට උදව් කරමු. (ර)

:       0       0

ෂෙහාන් අමරසිංහ Monday, 22 February 2016 07:42 PM

පුරා විද්‍යාවක් ගෙන මෙතන පම්පෝරි ගහන එකෙක්වත් විල්පත්තුවේ වෙන විනාශේ ගැන එක වචනයක් කියන්නේ නැහැ.අනේ නිකන් පලයල්ලා යන්න. (බ)

:       0       0

ශාන් Tuesday, 23 February 2016 07:21 AM

මොකද ජැක්සන් මහත්තයෝ වුනේ.(හේ)

:       0       0

සසදරා Tuesday, 23 February 2016 07:23 AM

ඔවු ශානක. කව දාවත් ගෙවා ගන්න බැරි තරම් ණය කන්දරාවක් අපට ඉතුරු වේවි. (ර)

:       0       0

නාලිකා Tuesday, 23 February 2016 07:24 AM

ඇත්තටම ඇත්තටම ජැක්සන්ගේ නිර්මාණ ඉහල තත්වයක තියෙනවා. (ර)

:       0       0

නිශාන්ත Tuesday, 23 February 2016 07:20 AM

පහුගිය කාලේ ඔය චිත්‍රපටිය කරගන්න තිබ්බා ඒ කාලේ කිසිදෙයක් තහනම් වුනේ නෑ නේ. (ර)

:       0       0

නිලන්ත Tuesday, 23 February 2016 07:27 AM

එත් නිර්මාණයකට සහයෝගය දෙමු. (ර)

:       0       0

ජයකොඩි Monday, 22 February 2016 08:34 PM

වඳින්න ගිය මාලිගාව ඉහේ කඩා වැටුනා නම් නොවේ නමුත් අහසේ තැණු මාළිගා බිමට කඩා වැටුනා වගේ පෙනෙන්නේ නැද්ද ජැක්සන් සහෘදය? (බ)

:       0       0

සුදත් Monday, 22 February 2016 08:40 PM

ජැක්සන් ඇන්තනී යනු නිකම්ම නිකම් නාට්‍යකරුවෙක් නෙමෙයි. ඉතා දක්ෂ නිර්මාණකරුවෙක්. විවිධ හැකියාවන් ඇති අයෙක්. (නි)

:       0       0

චතුරි Monday, 22 February 2016 09:01 PM

අනේ මෙහෙමත් දේවල්! (නි)

:       0       0

කුසල් Monday, 22 February 2016 09:16 PM

මේ අයට ඉතින් යන එන මං නැහැ දැන්. ඉස්සර හම්බකරගත් දෙයක් තමයි ඉතින්. (නි)

:       0       0

ඩයස් Monday, 22 February 2016 09:27 PM

හිතේ ඇති දේ මෙහි ලියන්න බැරි නිසා මොනවා ලියන්නද කියලා හිතමිනුයි ඉන්නේ. (නි)

:       0       0

රොහාන් දයාදර පැරිස් Monday, 22 February 2016 09:42 PM

මේ වගේ මිනිසුන් ඕනෑවට වැඩිය පුම්බන්න හොඳ නැහැ (නි)

:       0       0

බමුණු Monday, 22 February 2016 10:46 PM

තිලක්-ඩුබායි ඔබ හරි දැන් රට කරන්නේ රජවරු නෙමෙයි ඇම්බැට්ටයෝ (බ)

:       0       0

බමුණු Monday, 22 February 2016 10:49 PM

පෙරුමාල් මොකද දුවන්න වැදුන නිසා මහින්ද සමග කෙන්තිද? මහින්ද හැමදේම දෙන්න ලැහැස්ති වුන නිවටයෙක් නොවෙයි. (බ)

:       0       0

මහේෂ්-සෞදි Monday, 22 February 2016 12:03 PM

කුහක කමන් තොරව නිර්මාණකරණය සදහා අපි අත දෙන්න ඕන ! අපි ජාතියක් විදියට පසුගාමී වෙලා තියෙන්නේ (මැත අතීතයේදී) අනුන්ගේ දියුණුව නොඉවසන නිසා ! (බ)

:       0       0

විජේරත්න Monday, 22 February 2016 12:05 PM

දැන් තියෙන්නේ රජතුමාගේ ආණ්ඩුව නොවන බව අමතක වෙන්න ඇති. ඒ නිසා තමයි අවසර නොගෙන වැඩේ කළේ (බ)

:       0       0

රාජා Monday, 22 February 2016 11:26 PM

අපිව මුලා කරන්නට දේශපාලන වේදිකාවටත් නැග්ගා ලැජ්ජා නැතුව. දැන් එනවා අපේ උරුමය විකෘති කරන්න (නි)

:       0       0

සිල්වා Monday, 22 February 2016 11:32 PM

යහපාලන රජයට වගේම මෙතන අදහස් දාන සමහර කට්ටියටත් තිබෙන්නේ මහින්ද භීතිකාව කියන දරුණු ලෙඩේ නේද? (නි)

:       0       0

ශාන්ත Monday, 22 February 2016 11:53 PM

අළුත් කලාකරුවන් බිහිවෙනකොට ප්‍රේක්ෂකයා ඒ දෙසට ඇදෙනවා. මේ වගේ අය තනිවෙනවා. (නි)

:       0       0

ලංකා Tuesday, 23 February 2016 12:07 AM

ජැක්සන් හොඳ නිර්මාණ කීපයක් කළා. මම හිතන්නේ නැහැ ජැක්සන් මෝඩ වෙයි කියලා එක ඇණයක්වත් ගහන්න පැරණි ගොඩනැගිලි වල. සිංහලයා කියන්නේ පිරිහෙන ජාතියක්. එකාට එකා කපාගන්නවා. (නි)

:       0       0

නිමල් රාජපක්ෂ Tuesday, 23 February 2016 12:11 AM

සමහරු දන්නා ඉතිහාසයක් නැහැ. හැබැයි අමුතු ඉතිහාස නම් ලියනවා (නි)

:       0       0

නිහාල් Monday, 22 February 2016 12:34 PM

ඔය මහත්වරුන්ගේම අවවාද අනුශාසනා ඇතුව කෝටි ගණන් මුදල් යොදවා හදපු රන්මිණිතැන්න ටෙලි ගම්මානයට ඕක ගෙනියන්න තිබුනානේ. (බ)

:       0       0

ශානක Tuesday, 23 February 2016 12:49 AM

මහින්දට කොච්චර බැන්නත් කවදාහරි මහින්ද කළදෙයක් විතරයි රටට ඉතුරුවෙන්නේ (නි)

:       0       0

සුනිල් ජයතිස්ස Monday, 22 February 2016 12:50 PM

ඔහොම ගොන් කතා කියන්න එපා නිහාල්.(බ)

:       0       0

මිලානෝ Monday, 22 February 2016 12:50 PM

කඩේ යන කාලේ කරපු සෙල්ලම් තාමත් දාන්න යනවද? ජනතාවගෙන් ඔබ වැනි අයට කිසි දිනක සමාවක් නොලැබෙනු ඇත. (බ)

:       0       0

සම්පත් Tuesday, 23 February 2016 01:03 AM

මේ සිද්ධිය වෙනකොට මහින්ද බලයේ හිටියා නම් තත්ත්වය වෙනස් වෙන බව විශ්වාසයි (නි)

:       0       0

නිමල් Monday, 22 February 2016 01:00 PM

පුරා විද්‍යා ස්ථානයක පිස්සු නටන්න හදන්නේ මොළේ කළඳක්වත් නැතිවද මේ මනුස්සයන්ට ? (බ)

:       0       0

රිකී Tuesday, 23 February 2016 02:18 PM

වෙන කරන්න දෙයක් තියෙන්නේ නැතුව ඇති.(හේ)

:       0       0

ගයාන් Monday, 22 February 2016 01:23 PM

මෙතන දාන කමෙන්ට්ස් බලන්න ඕන, ලංකාවේ බුද්ධිමතුන් බලන්න. ඕනෑම දෙයක් පාට කණ්ණාඩියෙන් තමා බලන්නේ. (බ)

:       0       0

ජානක Monday, 22 February 2016 01:26 PM

මේ ගොල්ල හදපු දේශප්‍රේමය මේ ගොල්ලන්ටම වැඩේ දෙනවා (බ)

:       0       0

අසංක Monday, 22 February 2016 01:26 PM

මේක රජතුමාගේ ආණ්ඩුව නෙවෙයි ... මහින්ද මහත්තය නැති වුනේ ජැක්සන් වගේ මුරුංග අතු කාරයෝ නිසා ... බුදු හාමුදුරුවන්ගේ නෑදෑයෝ කියලනේ කිව්වේ ...(බ)

:       0       0

නදී Monday, 22 February 2016 01:19 PM

ජැක්සන් ඇන්තනි මහතා ඉතා දක්ෂයෙක්, ඔහු නිර්මාණය කළ දස්කොන් නාට්‍ය ඉතා උසස් ගනයේ නිර්මාණයක්. ඔහුගේ සී රජ ටෙලිනාට්‍ය ඉතා උසස් ගනයේ නිර්මාණයක් වේවා කියල ප්‍රර්ථනා කරනවා. ඔහු මහින්දට කඩේ ගිය බව සැබෑව, එහෙත් ඔහුගේ දක්ෂකම ට ඉඩ ලබා දිය යුතුයි. (බ)

:       0       0

රොකී Tuesday, 23 February 2016 01:45 AM

ඔවු ශානක. කව දාවත් ගෙවා ගන්න බැරි තරම් ණය කන්දරාවක් අපට ඉතුරු වේවි! ඔහුගේ කාලය තුල බැලු බැලු අතේ හොරකම්, වංචා, පිල්ලි ගැහීම්, කොමිස් ගැහීම් ,ටෙන්ඩර් මගඩි, කොල්ල කෑම, අතුරුදන් කිරීම්, දූෂණ, හත් දෙයියනේ තව කියලා මොකටද? (බ)

:       0       0

කැලුම් Tuesday, 23 February 2016 02:24 PM

මෙතන කියලා තියෙන්නේ චිත්‍රපටියකට හදපු අනවසර පසුතල නිර්මාණයක් ගලවපු එක ගැන. ඒ වුණාට සෑහෙන අදහස් තියෙන්නේ ජැක්සන් කඩේ ගිය ඒවයි, මහින්ද කරපුවයි ගැන (නි)

:       0       0

ගලබඩ Monday, 22 February 2016 01:35 PM

ඉතිහාසේ වෙනස් කරන්න හදපු මේ වගේ ආත්මාර්ථකාමී අයට ඵෙතිහාසික ස්ථාන කෙලෙසන එකත් කජ්ජක්ද?(බ)

:       0       0

අජිත් රණසිංහ Monday, 22 February 2016 01:46 PM

මහින්ද රාජපක්ෂගේ ඔලුව විකෘති කොරපු අයගෙන් කෙනෙක් . රටේ ප්‍රජාතන්ත්‍ර වාදයට මාරු පහරක් එල්ල කළ පුද්ගලයෙක් හැටියට මම දකින්නේ. ළිං අඩියේ ඉන්න ගෙම්බෝ වගේ හිතන අය කිව්වට කමක් නැහැ (බ)

:       0       0

සුජිත Tuesday, 23 February 2016 02:19 AM

ජැක්සන් මහත්තයෝ, කාගෙන්වත් උදව්වක් ගන්න බැරිවෙයිද? (නි)

:       0       0

රොකී Monday, 22 February 2016 01:50 PM

ජැකා දක්ෂ කලාකාරයෙක්. කිසිම විවාදයක් අවශ්‍ය නැහැ. හැබැයි, මිහිහ ඊට වඩා හුඟාක් දක්ෂ වන්දි භට්ටයෙක්! (බ)

:       0       0

නලින් යහම්පත් Monday, 22 February 2016 01:57 PM

ජැක්සන් අන්තෝනි අපේ ඉතිහාසයත් එයාට ඕනේ විදියට වාසියට වෙනස් කළා, බුදු රජාණන් වහන්සේත් එයාගේ මුදල් ඉපයීම සඳහා උපයෝගී කරන් , අලුත් නෑ කම් හදල වෙනස් කළා දැන් ඉතින් එයාට මුදල් හොයන්න සිගිරි කාශ්‍යප රජ වරුන් වත් පාවල දී හෝ ඔවුන්ගේ ඉතිහාසය වෙනස් කරාවි (බ)

:       0       0

තිලක්-ඩුබායි Monday, 22 February 2016 02:02 PM

ජැක්සන් ඇන්තනි මහතා ඉතා දක්ෂයෙක් බව සත්‍යයි .එ්ත් මහින්දට කඩේ ගිය එකටනම් කිසිම සමාවක් නැහැ.(බ)

:       0       0

තිලක්-ඩුබායි Monday, 22 February 2016 01:55 PM

දැන් රට කරන්නේ රජවරු නෙමෙයි කියල අමතක වෙලා ඇති.(බ)

:       0       0

තිලක්-ඩුබායි Monday, 22 February 2016 02:03 PM

නිහාල්.ඔබ හරි. වෙන කෙනෙක අන්දවා මෙයාල කෝටි ප්‍රකෝටි ගණනින් ගසා කෑවා.එ්කයි අපි දන්නා සත්‍ය.(බ)

:       0       0

උපාලි Monday, 22 February 2016 01:57 PM

නිහාල්, ඔබ හරි. රන්මිණිතැන්න හැදුවේ මේ වගේ දේවල් වෙනුවෙන්. අපරාදේ එ්ක සුදු අලියෙක් වෙලා. (බ)

:       0       0

අකලංක Tuesday, 23 February 2016 03:00 AM

අපරාදේ මහන්සිය. (ර)

:       0       0

දුමින්ද Tuesday, 23 February 2016 03:29 PM

ජැක්සන් හොඳ කලාකරුවෙක්. ඒත් මේ වගේ තැනක වටිනාකම තේරුම්ගන්න බැරි අදක්‍ෂයෙක්. සිංහලයෝ වූ අපි විතරයි අපේ වටිනාකම අපේ දේවල් විනාශ කරගෙන නිර්මාණ කරන්න හදන්නේ. අපේකම අපේ දේ රැකගන්න සිංහලයෝ දන්නේ නැහැ. හැබැයි කියවන්න මරාගන්න දන්නවා (නි)

:       0       0

නන්දන පනාගොඩ මිලානෝ Monday, 22 February 2016 02:10 PM

මහින්දට අකාලයේ ගෙදර යන්න පාර කැපූ ප්‍රධානම චරිතයක් මෙයා. මහින්දගෙන් වරප්‍රසාද ගන්න මෙයා බුදුන්වහන්සේගෙයි මහින්දගේයි නෑදෑ කමක් ගැන කියූ කතාවෙන් ඡන්ද කීයක් කැඩෙන්න ඇතිද. (බ)

:       0       0

උපාලි Monday, 22 February 2016 02:03 PM

මිනිස්සු අතින් වැරදි වෙනවා. වැරදි කරනවා.දැනුවත්ව හෝ නොදැනුවත්ව හෝ වැරදි මත නිසා. එ්වුනත් අපි ඔයාලට නැති ලොකු හැකියාවක් එයට තියෙනවා.ඒවා අපි නිර්දය ලෙස අගය කලයුතුය.ඔහුගේ භාෂා හැසිරවීම කථිකත්වය.....අපි කුහක නොවෙමු. (බ)

:       0       0

සමන් Monday, 22 February 2016 02:16 PM

මෙවැනි දේවල් කරන්න කලින් අවසර ගත්තනම් අනවශ්‍ය කරදර නැහැනේ කොහොම වුනත් දේවාලයේ ඉදිරිපිට අට්ටාල ගහගෙන ඔව්ව නුසුදුසුයි (බ)

:       0       0

රොකී Monday, 22 February 2016 02:37 PM

උපාලී, ඔබේ කතාව හැම විටම හරියන්නේ නැහැ. උරුලාවගේ ගඳ නැති කරන්න බැහැනේ! (බ)

:       0       0

නිලංග Tuesday, 23 February 2016 10:18 AM

නිර්මාණ නෑ නෑ කිය කියා තප්පුලන කට්ටිය ඉන්නවා වෙලාවකට තවත් වේලාවකට මෙහෙම හොද නිර්මාණයක් කරන්න උත්සහ ගන්නකොට අපේ අභිමානය ගැන හැමදාම කථාකරන ජැක්සන් මහත්තයාට මෙහෙම කරන එක වැරදි.නිර්මාණ අගයන්න ඕනි.(හේ)

:       0       0

ප්‍රියාන් Monday, 22 February 2016 02:40 PM

මෙතන තියෙන්නේ වෙන ප්‍රශ්නයක්..ඒ වුනාට කතා කරන්නේ මහින්ද ගැන..අනේ මන්ද මේ මිනිස්සුන්ට මොනවා වෙලාද කියල..ඒ මනුස්සයගෙන් තොර වෙන කතාවක් නැනේ මෙයාලට..(බ)

:       0       0

නිල්මිණි-ජපානය Tuesday, 23 February 2016 03:35 AM

හේවාවිතාරණ, නියම සිංහලයෝ කියන්නේ සිංහල බෞද්ධයෝ. (ම)

:       0       0

පෙරුමාල් Monday, 22 February 2016 02:45 PM

සීගිරි කාශ්‍යප හදනවට වඩා ලේසි නැද්ද ජැක්සන් “මැදමූලන මහින්ද“ හැදුවානම් (බ)

:       0       0

මංජුල Monday, 22 February 2016 03:22 PM

මහේෂ්-සෞදි. මෙතන තියෙන කුහකකම මොකක්ද. (බ)

:       0       0

රුවන්තක මිලානෝ Monday, 22 February 2016 03:15 PM

මෙයයි සොමරත්නයි හවුල් වෙලා ලංකා ඉතිහාසයේ රජවරුන්ගේ වීරත්වය සහ රජකතා වල ගාම්භීර බව නැති කළා. මේ අය හිතුවේ නළුවන්ට මොට්ටක්කිලියි සරුවාලයි ඇන්දුවාම චිත්‍රපටි සාර්ථක වනවා කියා. (බ)

:       0       0

ඔශිනි Tuesday, 23 February 2016 04:11 AM

ඇත්තටම ජැක්සන්ගේ නිර්මාණ ඉහල තත්වයක තියෙනවා විවේචනයකට කලින් නිර්මාණ මොනවද කියලා හොයල බලන්න,ඉතිහාස නිර්මාණ කරන එක දැන් තියෙන දවසින් කරන නාටක වගේ ලේසි නෑ,හැමෝටම කරන්නත් බෑ,මෙතුමාගේ වැරදි ඇති ඒත් හොඳ දේ රැකගන්න උත්සහ ගන්න, (ම)

:       0       0

ප්‍රියදර්ශන Monday, 22 February 2016 04:18 PM

හදන්න කලින්නේ හිතන්න තිබුණේ (නි)

:       0       0

නිමල් ලාලිත Monday, 22 February 2016 04:12 PM

සමහර දේවල් මට මෙතන සඳහන් කරන්න බැහැ (නි)

:       0       0

ජයතු Monday, 22 February 2016 04:19 PM

මම නම් තදින්ම මොහුව පිළිකුල් කරනවා (නි)

:       0       0

වරුණ Tuesday, 23 February 2016 05:01 AM

පහුගිය රජය තිබුනානම් මෙතුමාට කාගෙවත් අවසරයක් ඕන නැහැ හිතුන තැන හැදුව පෝලිමේ ඉන්නේ නැතුව ලිස්ට් එකේ තියෙන ඒවා කපාගෙන කෙලින්ම තිරගත කරන්න අවසරත් හිමිවෙනවා (කෞ)

:       0       0

සොයිසා Monday, 22 February 2016 04:41 PM

දැන් ඉතින් මොනවා කරන්නද කියලා එයාම තේරුම් ගත්තා නම් හරි. (නි)

:       0       0

මොහාන් Monday, 22 February 2016 04:57 PM

තිලක්-ඩුබායි කෝටි ප්‍රකෝටි ගණනින් ගසා කෑවානං එලි කරන්නකෝ (බ)

:       0       0

ඉෂාර Monday, 22 February 2016 04:51 PM

අහෝ ජැක්සන් ඔබ ඉතිහාසය වෙනස් කළේ ඔබේ යහපතටනේ. එහෙත් සමන් දෙවිඳු වරුණ නොදත් ඔබවගේ අයෙකුට සමන් දෙවියෝ අනුකම්පා කරත්වා... 2015 ජනවාරි 7 වෙනිදා උදැසන මහින්ද මහත්තය සමන් දෙවිඳු වන්දනා කරන්න පැමිණි බව මේ බොහෝ දෙනෙක් නොදන්නවා ඇති. පැමිණ බාරහාර වූ දේවල් දන්නේ ඔහුම පමණි. සමව ඉල්ලා කන්නලව් කළේ කුමකටද? එහෙව් දේවල් දන්නා ජැක්සන්ලා සමන් දෙවිඳුන්ට අපහාස කළහොත් ඔහුගේ විනාශය ඔහු සොයා එනු ඇත..(බ)

:       0       0

ලියොන් ගුණවර්ධන Monday, 22 February 2016 04:54 PM

කෝටි ගණනක් වැය කර තෙලේ ගම්මානයක් රජයේ වියදමින් ඇතිකර තිබියදී ඓතිහාසික පුරවිද්‍යා පුදබිමක ලක්ෂ ගණන් වැය කර මෙම ගොඩනැගිලි මෙසේ ගොඩනැගීමට පෙර ප්‍රතිවිපාක ගැන සොයා බැලුවේ නැති නිසා මෙවැනි තත්ත්වයක් උදාවී ඇති බව පෙනේ (බ)

:       0       0

වජිර Monday, 22 February 2016 05:07 PM

බුදු හාමුදුරුවන්ගේ නෑයෝ කෙසේ වෙතත් ශාසනයටවත් සලකන්නේ නැති අය රජ කරනවා (බ)

:       0       0

පී කරුණාසේන මිලානෝ Monday, 22 February 2016 05:17 PM

මෙයා කරන වැඩ නිසා සමහරුන්ට දැන් යන එන මං නැතිවෙලා. (නි)

:       0       0

අයෝමි Tuesday, 23 February 2016 06:03 AM

කුහක කමන් තොරව නිර්මාණකරණය සදහා අපි අත දෙන්න ඕන කියන එක හරි. එත් සමන් දේවාලේ මෙහෙම විකාර කරනවට සබරගමුවේ අපි අනුමත කරන්නේ නැහැ. (ර)

:       0       0

නිර්මාල් Monday, 22 February 2016 05:33 PM

චිත්‍රපටි හදන්න ඕනෑ තමයි. නමුත් ඒ සඳහා මිනිසුන් එදිනෙදා යන එන තැන් සහ ඔවුනට හිරිහැර නොවන පරිදී සහ ඉතිහාස වටිනාකමකින් යුක්ත ස්ථානයන්ට හානියක් නොවන පරිදි කළයුතුයි. අනිත් දේ ලාබ ප්‍රයෝජන තකා ඔය වගේ ස්ථාන වල ‘ෆිල්ම්ස් සෙට්‘ ඉදිනොකර අමුතුවෙන්ම අවශ්‍ය කරන නිර්මාණ තමන් නිර්මාණය කර ගත්තා නම් තමා වඩා හොඳ (නි)

:       0       0

රුවන් ගමගේ Monday, 22 February 2016 06:30 PM

ජැක්ෂන් දක්ෂ නළුවෙක් ඒ ගැන තර්කයක් නෑ.එත් ඔහු ඉතිහාසය විකෘති කළා.මහින්ද බුදුන්ගෙ ඥාතියෙක් බව කිවුව.මතකද 'අබා' චිත්‍රපටිය..ඒකෙ පණ්ඩුකාභය කුමාරයා අවජාතකයෙක් කළා. (බ)

:       0       0

ජැක්සන් ආරචිපාල Tuesday, 23 February 2016 06:30 AM

ජැක්සන්ගේ නලුකම- දේශපාලනය මදකට අමතක කරන්න. අද ඉන්න කලාකරුවන්ට ඕනෑම මාතෘකාවක් පිළිබද විනාඩි 5ක් ව්යක්ත ලෙස කතා කළ හැකිද? (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට චෝදනාවක්
2024 සැප්තැම්බර් මස 27 495 0

ශ්‍රේඨාධිකරණය නියෝගයට පටහැනිව කටයුතු කළ පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පියවර ගැනීමට බලාපොරොත්තු වන බ


කුකුළේගඟ වාන් දොරටු විවෘත කරයි
2024 සැප්තැම්බර් මස 27 234 0

කුකුළේගඟ ජලාශයේ ගඟ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට පවතින වර්ෂාව හේතුවෙන් ජලාශයේ වාන් දොරටු දෙකක් අද (27) විවෘත කර ඇතැයි බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප


නව ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්
2024 සැප්තැම්බර් මස 27 3224 1

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.


ක්‍රීඩා අමාත්‍යාංශ වියදම් ගැන අභ්‍යන්තර විගණනයක්
2024 සැප්තැම්බර් මස 27 1145 0

ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.


මහ වැස්සෙන් හක්මන යටවෙයි
2024 සැප්තැම්බර් මස 27 596 0

හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප


නාමල්ගෙන් ආරාධනයක්
2024 සැප්තැම්බර් මස 27 1987 4

පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක්වූ පළාත්සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයින්ට නැවතත් ශ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37770 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24905 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 226 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 734 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 262 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site