IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


ජැකා එක්ක රඟපාන්න නැති එක ධනුකට මාර දුකක්ලු...

2016-06-10-ent-139

ධනුක දිල්ෂාන් කියන්නේ දවසින් දවස ජනප්‍රිය වන රංගන ශිල්පියෙකි. ඒ වගේම පුංචි තිරයට නැතුවම බැරි චරිතයකි. මේ දිනවල සී රජ, උරුමක්කාරයෝ හා එරන් ලන්දු හරහා ආලින්දයට එන ධනුක සිනමාවටත් සම්බන්ධ වෙලා. ඒ ධර්ම යුද්ධ චිත්‍රපටය තුළින්. ධනුක කියන්නේ ධර්ම යුද්ධය ජීවිතේ අමතක නොවන කඩඉමක් කියලා. ධනුක සමඟ කළ කතාවයි මේ.

 

2016-06-10-ent-138නම

 ධනුක දිල්ෂාන්

 

පාසල

1 වසරේ සිට 5 දක්වා, කොළඹ මහා බෝධි විද්‍යාලය. 5 සිට උසස් පෙළ දක්වා කොළඹ ලුම්බිණි විද්‍යාලය

 

පවුලේ විස්තර

මම පවුලේ වැඩිමලා. දැන් ඉන්නේ අම්මයි තාත්තයි නංගියි. මට වඩා අවු. 1 1/2 ක් බාල මල්ලි කෙනෙක් හිටියා. එයා 2001 ජුනි 4 වැනිදා නැතිවුණා.

 

කලාවට පාසල් කාලෙදිම සම්බන්ධයිද?

ඔව්, මම පහ වසරේ සිටම වේදික නාට්‍යවලට සම්බන්ධ වුණා. මගේ මුල්ම නාට්‍ය ගුරුවරයා වසන්ත ඥානප්‍රිය මහතා. පාසලේදි කලා කටයුතු කලාට වැඩිපුර මම කළේ ක්‍රිකට් ක්‍රීඩාව. 17න් පහළ මම නායකත්වය පවා දැරුවා. 19න් පහළත් මම ක්‍රීඩා කළා. තාත්තා කැමති වුණේ ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඉස්සරහට යනවට. ඒත් පස්සෙ කාලෙදි අව්වෙ ඉන්න අකමැතිකමට කළු වෙනවට අකමැතිකමත් එක්ක නළුවෙක් වෙන්න ඕන කියලා හිතුණා.

 

ප්‍රසිද්ධ කලාවට සම්බන්ධ වුණේ කොහොමද?

2009 දි උසස් පෙළ කරලා ඉන්න කාලෙ. A/L Relax party එකකට ගියා. එතනදි Prima Koththumi ක්ලැන්ඩර් එකට අලුත් මුහුණ හොයනවා කියලා photo’s ගත්තා. මගේ යාළුවොත් මමත් ඒ photo’s වලට ගියා. ඊට දවස් දෙක තුනට පස්සේ මට කතා කළා. මාත් තේරිලා කියලා Interview එකක් තියෙනවා එන්න කියලා. එතනදිත් මාව තේරුණා. ඒ හරහා මට ලැබුණ රොසාන් ඩයස් යටතේ මාස 6ක් ඉගෙන ගත්තා.

 

මුලින්ම රඟපෑමට ලැබුණේ කොහොමද?

රොසෑන් ඩයස් ළඟ ඉගෙන ගන්න කාලේ මට හම්බුණා රවීන්ද්‍ර විජේරත්න අයියා සහ තරංග දිසානායක අයියා. ඒ කාලේ ඔවුන් මාලිගා නාට්‍ය කරනවා. මටත් ඒ නාට්‍යයට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා.

 

ධනුක නිවේදනයටත් සම්බන්ධ වුණා.

ඔව්, මම මුලින්ම සියත TVඑකේ Road show කියලා pro එකක් කළා මාසයක් විතර. ඊට පස්සෙ මට අවස්ථාව ලැබුණ ලහිරු මුදලිගේ කරන Music video එකකට සම්බන්ධ වෙන්න කවීෂ කවිරාජ්ගේ ගීතයකට. ඒ කරපු video එක ලහිරු අයියා බුද්ධික කුලසේකර මහතාට පෙන්නලා තිබ්බා. ඔහු එතනදි මම ගැන අහලා එන්න කියලා තිබ්බා. මම ගියේ සිකුරාදා දවසක. ඔහු මට සඳුදා ඉඳන් MUSIX pro එක කරන්න කිව්වා. ඒ හරහා තමා බොහෝ දෙනෙක් නිවේදකයෙක් විදිහට මා දැන ගත්තේ.

 

ඔබ දැන් සිනමාවටත් සම්බන්ධයි. ඒ ගැන කිව්වොත්

ඔව්, මට ධර්ම යුද්ධය චිත්‍රපටයට ආරාධනා කළා. මම දන්නේ නෑ කවුද ඒ සඳහා මාව කළේ කියලා. මීට පෙරත් චිත්‍රපට දෙක තුනකට ආරාධනා ලැබුණා. නමුත් මම ප්‍රතික්ෂේප කළා ඒ චරිතවල කරන්න දෙයක් නැති නිසා. මේ චිත්‍රපටයට මට කතා කළේ අශෝක කියලා කෙනෙක්. ඒ දවස්වල සී රජ නාට්‍යයේ රූගත කිරීම්. ඉතිං මම ජැක්සන් මහතාට කිව්වා මට කතා කලා මෙහෙම චිත්‍රපටයකට, ඔයත් ඉන්නව කිව්වා කියලා. එතකොට තමා කිව්වේ ඔව් ඔව් හොඳ නිර්මාණයක් වෙයි පුතා හා කියන්න. ඉන්දියන් කට්ටියක් කරන්නෙ කියලා. ඊට පස්සෙ මට කතා කළාම මම කැමති වුණා.

 

මේ දවස්වල රූගත කිරීම් තිබුණනේ. කොහොමද අත්දැකීම

ඉතාම සුන්දරයි. හැබැයි ලොකු දුකකුත් තියෙනවා මට. ඒ තමයි ජැක්සන් ඇන්තනී මහතාත් එක්ක රඟපාන්න එක අවස්ථාවක්වත් නැහැ. මට තිබුණේ දිල්හානි අක්කා සහ තිසුරිත් එක්ක තමා ගොඩක් රඟපාන්න.

 

කලාවෙ හෙට සවස ගැන ධනුකට මොකද හිතෙන්නේ

ලංකාව තුළ තියෙන්නෙ පොඩි සම්පත් ප්‍රමාණයක්. හැබැයි මේ සම්පත් ටික එකට එකතු වුණොත් ලොකු ගමනක් යන්න පුළුවන්. උඩට යන කෙනාගෙ කකුලෙන් අදින එක නැවතුනොත් ලංකාවෙ කලාව සෑහෙන්න හොඳ තැනක තියෙයි.

 

තාරූණ්‍යයේ ඉන්න නිසා අහන් නැතුවම බෑ ආදරය ගැන

ආදරයට වඩා මට සුන්දර විරහව.

 

ඇයි ඒ?

මම ඒ කාලේ ඉඳන් වින්දේ විරහව. ආදරය කළා. යම් යම් හේතු නිසා ඒ ආදර කතා අතරමඟ නැවතුණා. ඉතිං ආදරයට වඩා මගේ ජීවිතයට විරහව සමීපයි. ආදරයට ආසයි. විරහවට ඊට වඩා කැමතියි.

 

සම්මාන ගැන ධනුකගේ තියෙන්නේ මොනවගේ අදහසක්ද?

සම්මාන ලැබීම හොඳයි. ඒ තුළින් යම් උද්දීපනයක් ලැබෙනවා. නමුත් මම උත්සාහ කරන්නෙ හොඳම තළුවා වීමට වඩා හොඳ නළුවෙක් කියන දේ අහන්න. මොකද හොඳම නළුවන් එක්කෙනෙක් නෙවෙයි ඉන්නෙ. ගොඩක් ඉන්නවා. ඒ අතරට එන්න තමා මගේ කැපවීම සහ මගේ රඟපෑම මම කරන්නෙ.

 

දායක වූ නිර්මාණවලට ලැබෙන ප්‍රතිචාර

තූර්යා නාට්‍යයේ කුසල් අයියට තාම මිනිස්සසු ආදරෙයි. ගිනි අවි සහ ගිනි කෙළි එකේ චින්තක අමරසිංහට මිනිස්සු බයයි. ආදර සංධ්වනියේ මසිත්ට මිනිස්සු හරි ආදරෙයි. තාමත් ඒ ඒ චරිත වලට ඒ ප්‍රතිචාර ලැබෙනවා.

 

මොනවද ඉදිරි කටයුතු

ළඟදීම අලුත් TV චැනල් එකක් ලෝන්ච් වෙනවා. ඒක අගෝස්තු සිට පටන් ගන්නවා. International channel එකක් රටවල් 17ක දැනට පෙන්නනවා. ඒකෙ මට සන්නාම තානාපති විදිහට කටයුතු කරන්න ආරාධනා කළා.

 

අනාගත බලාපොරොත්තු

ලැබෙන හොඳ නිර්මාණවලට හොඳින් දායක වීම සහ කරන දේ හරියට කිරීම තමා කලාව පැත්තෙන් බලාපොරොත්තුව. පෞද්ගලික ජීවිතේ නම් මගේ පණ මගේ එකම නංගි. ඉතිං එයාගේ කටයුතුවලට උපරිමව සහයෝගය දීම තමා මගේ එකම බලාපොරොත්තුව.

 

අනුෂා රණසිංහ 

 

DESHAYA

 

2016-06-10-ent-140



අදහස් (0)

ජැකා එක්ක රඟපාන්න නැති එක ධනුකට මාර දුකක්ලු...

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පෝර සහනාධාර දෙනවාට මැතිවරණ කොමිසම විරුද්ධ නෑ
2024 ඔක්තෝබර් මස 03 1046 1

පොහොර සහනාධාරය ගොවීන් වෙත ලබා දෙනවාට විරෝධයක් නැතැයි මැතිවරණ කොමිසම දැනුම් දුන් බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් එම්. පී. එන්. එම්. වික්‍රමසිංහ ලංකාදීපය


බඹරු ඇන 15කට තුවාල
2024 ඔක්තෝබර් මස 03 147 0

තලවකැලේ, ආගරපතන, ඇල්බියන් නිව්ප්‍රෙස්ටන් වත්තේ වතු කම්කරු කාන්තාවන් පිරිසකට බඹරුන් දෂ්ඨ කිරීම හේතුවෙන් ඉන් තුවාල ලැබු 15ක් ප්‍රතිකාර සඳහා ආගරපතන ප්


කාසල්රී රක්ෂිතයේ ගින්නක්
2024 ඔක්තෝබර් මස 03 139 0

කාසල්රි ජලාශ රක්ෂිතයට කිසියම් පිරිසක් ගිනි තැබිම හේතුවෙන් ඉලුක් සහිත එම රක්ෂිතයේ විශාල භුමි ප්‍රමාණයක් ගිනිගෙන විනාශ වි ඇත.


වළ දමා තිබු අවිය සමඟ යුවළ දැලේ
2024 ඔක්තෝබර් මස 03 430 0

වරකාපොළ අල්ගම ප්‍රදේශයේ නිවසක ඇතුළත වළ දමා තිබුණු මෙරට නිෂ්පාදිත ගල්කටස් වර්ගයේ ගිනි අවියක් සමග යුවළක් අද( 03) දහවල් අත් අඩංගුවට ගත් බව වරකාපොළ පොලිසිය


පුහුණුවීම් කළ බසයටම යටවී සිසුවා මරුට
2024 ඔක්තෝබර් මස 03 1106 0

ආණමඩුව කාර්මික විද්‍යාලයෙ මෝටර් රථ තාක්ෂණ ශිල්පිය පාඨමාලාව හදාරමින් සිටි සිසුවකු අදාල පුහුණු විම් වලට යොදා ගත් බස් රථයටම යටවි බරපතල ලෙස අසාධ්‍යව ආණම


ශ්‍රීලනිප වාමාංශිකයන්ගේ සහය ජාජබට
2024 ඔක්තෝබර් මස 03 2166 4

ඉදිරි මහ මැතිවරණයේදී වත්මන් ජනාධිපතිවරයා ප්‍රමුඛ ජාතික ජන බලවේගයට කොන්දේසි රහිතව පූර්ණ සහාය ලබාදීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වාමාංශික කණ්ඩායම ඒකම


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38766 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25467 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 295 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 996 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 348 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site