IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


ජගත් චමිල අපේ රටේ උපන් ලෝකයේ හොඳම නළුවා

 

 

”ඇමෙරිකාවේ නිව්යෝර්ක් සිටි ජාත්‍යන්තර සිනමා සම්මාන උළෙලේදී ලොව හොඳම නළුවාට පිදෙන සම්මානයෙන් මා පිදුම් ලබද්දී මගේ හිතට ආපු හැඟීම තමයි කලාකරුවෙකු හැටියට උපන් දේශයට දක්වන්න පුළුවන් ඉහළම උත්තමාචාරය මා ලබා ගත්තා කියලා. ඒ නිසා තමයි ජනාධිපතිතුමා පවා මට සුබ පැතුවේ.”


නව පරපුරේ කුසලතාපූර්ණ රංගන ශිල්පී ජගත් චමිල ජාත්‍යන්තර සම්මානයෙන් පිදුම් ලබා දිවයිනට පැමිණීමෙන් පසුව ඉරිදා ලංකාදීප ”සඳැල්ල” වෙනුවෙන් ප‍්‍රකාශ කළ උදාන වාක්‍යයයි ඒ.

ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පී ජෝ අබේවික‍්‍රමයන් ”පුරහඳ කළුවර” චිත‍්‍රපටයේ රඟපෑම වෙනුවෙන් ආසියාවේ හොඳම නළුවාට හිමි සම්මානය දිනා ගැනීමෙන් පසුව ලොව හොඳම නළුවාට පිදෙන සම්මානයෙන් පිදුම් ලැබුවේ ”සැමීගේ කතාව” චිත‍්‍රපටයේ රඟපෑම වෙනුවෙන් ජගත් චමිලය. ශ්‍රී ලාංකික රංගන ශිල්පියෙකු මෙම සම්මානය දිනාගත් ප‍්‍රථම අවස්ථාවද මෙය වෙයි. ජගත් චමිල විසින් මෙම සම්මානය දිනාගනු ලැබුවේ ඉකුත් 20 වැනිදා ඇමෙරිකාවේ නිව්යෝර්ක් නගරයේ පැවැති නිව්යෝර්ක් අන්තර්ජාතික සිනමා උළෙලේදීයි.

ජාත්‍යන්තර චිත‍්‍රපට උළෙල සඳහා රටවල් 40කින් චිත‍්‍රපට 135ක් සහ කෙටි චිත‍්‍රපට 10ක් ඉදිරිපත් කර තිබුණි. මේ අතරින් කැනඩාවේ ඩොමිනික් පසෙල්, ඇමෙරිකාවේ එඞ්වඞ් ෆලෝන්ස්, ඩෙන්මාර්කයේ සෙබස්තියන් ජේසන්, කියුබාවේ  ඕමාර් ෆ්රැුන්කෝ සහ ශ්‍රී ලංකාවේ ජගත් චමිල හොඳම නළුවා සඳහා නිර්දේශවී තිබුණු අතර 20 වැනිදා පැවැති සම්මාන උළෙලේදී ලොව හොඳම නළුවාට පිදෙන සම්මානය ශ්‍රී ලංකාවේ ජගත් චමිලට ප‍්‍රදානය කෙරිණි.

ජාත්‍යන්තරයේ කතා බහට ලක්වූ  ”සැමීගේ කතාව” චිත‍්‍රපටය සහ ජගත් චමිල අතර සම්බන්ධය කෙසේ ඇතිවීද? යන්න අපි මේ රංගන ශිල්පියාගෙන්ම අසා දැන ගනිමු.

කැප්ටන් එල්මෝ ජයවර්ධන මහතා විසින් ඉංග‍්‍රීසි භාෂාවෙන් ලියන ලද ”සැමීගේ කතාව”  (SAM'S STORY) ගේ‍්‍රෂන් සම්මානයෙන් පිදුම් ලැබූ නවකතාවක්. මෙම නව කතාවේ එන සැබෑ සැමී ජීවත්ව ඇත්තේ මේ රචකයාගේ නිවසේ. මෙම චරිතයට තියෙන ඇල්ම හේතුවෙන් තමයි ප‍්‍රියංකර විතානාරච්චි මහත්මයා ”සැමීගේ කතාව” චිත‍්‍රපටය නිර්මාණය කළේ.

සැමීගේ චරිතයට මාව තෝරා ගැනීමේ සිද්ධියේ ඒක්තරා ලස්සන කතාවක් තියෙනවා.

ප‍්‍රියංකර විතානාරච්චි මහතාගේ සිනමා වැඩමුළුවකට සහභාගීවීමෙන් තමයි මා එතුමා හඳුනාගෙන සිටියේ. පසුව එතුමා කැනඩාවට ගියා. බොහෝ කාලයකට පසුව එතුමා මට දුරකථනයෙන් කතා කරලා සැමීගේ කතාව නමින් චිත‍්‍රපටයක් නිර්මාණය කරන බව කිව්වා. ඒ සමගම මෙහි ප‍්‍රධාන චරිතයට මාව තෝරාගත් බවක් කිව්වා. සැමීගේ චරිතය විස්තර කළා. ඔහු සංවේදීතාවන්ගෙන් අඩු පුද්ගලයෙක්. මම සැමීගේ චරිතය වටහා ගත්තා.

වසර 10කට පසුව එතුමා කැනඩාවේ සිට ලංකාවට පැමිණියාම මට කතා කළා. මා එතුමාගේ ගෙදර ගියේ ජගත් චමිල විදියට නොවෙයි. සැමීගේ චරිතය මා වටහාගෙන තිබුණු නිසා මා කටේ පුළුන් පුරවාගෙනයි ගියේ. එතුමාට මාව හඳුනාගන්න බැරිවුණා. මම ජගත් චමිල කිව්වාම එතුමා පුදුම වුණා. ඔබ ජගත් නොවෙයි ඔබ තමයි මගේ චිත‍්‍රපටයේ සැමී කියලා කිව්වා. ඒ තමයි ආරම්භය.

ඊට පසුව මට උවමනා වුණා සැබෑ සැමීව දකින්න. අපි ගියා නවකතාකරුගේ ගෙදර. එල්මෝ මහත්මයාගේ ගෙදරට සැමී ඇවිත් තියෙන්නේ නවතින්න තැනක් සොයාගෙන. මේ මහත්වරු ඇවිත් ඉන්නේ සැමී ගැන චිත‍්‍රපටයක් හදන්න. එල්මෝ මහත්මයා එහෙම කිව්වාම තේද? කෝපිද? බොන්නෙ කියලයි සැමී ඇහුවෙ. මා සැමීව තවදුරටත් තේරුම් ගත්තා. ඔහුට පුරුදු වෙලා තිබුණේ වචන ටිකයි. ඒ වචන ටිකත් සමග හැඟීම් ටිකක ජීවත්වන පුද්ගලයෙක් සැමී කියන්නේ.

 

 

මාව මේ චරිතයට වෙස් ගැන්වූවේ හේමන්ත ගමගේ. මේ චරිතය සඳහා මට කෘත‍්‍රිම දත් පළඳින්න සිද්ධ වුණා. සැමීව තේරුම් ගත් මොරටුවේ දොස්තර ජයන්ත සහ තාක්‍ෂණ ශිල්පී නෙවිල් යන අය තමයි එය නිර්මාණය කළේ.

සැමීගේ මව ලෙස නිල්මිණි බුවනෙක ඉතා දක්‍ෂ රංගනයක යෙදෙනවා. සනත් ගුණතිලක, මැණික් කුරුකුලසූරිය, විල්මන් ජයරත්න, වික්ටර් රාමනායක ඇතුලූ තවත් ශිල්පීන් පිරිසක් තමන්ගේ උපරිම රංගන දායකත්වය ලබා දෙනවා. මෙහි අධ්‍යක්‍ෂවරයාගේ වගකීම පසුකාලීනව කරට ගන්නේ සහාය අධ්‍යක්‍ෂ විමල් දේශප‍්‍රිය බවත් කිව යුතුයි. ජගත් චමිල සතුව රංගන කුසලතාව තිබුණත් එය සැමීගේ චරිතය සඳහා මතුකර ගන්න කැමරා ශිල්පී රුවන් වීරසේකර, වේශ නිරූපන ශීල්පී හේමන්ත ගමගේ, කලා අධ්‍යක්‍ෂ වෙලේගෙදර රණසිංහ, ඇඳුම් නිර්මාණය කළ අතුල සුල්තානාගොඩ විශාල කාර්යභාරයක් ඉටු කළ බවත් ගෞරවයෙන් සිහිපත් කර සිටිනවා.

හොඳම නළුවාට මාව නිර්දේශ වුණාම මටත් මේ උළෙලට යන්න අවශ්‍ය වුණා. අවසාන ප‍්‍රතිඵලය නොදැන ඒ සඳහා මට උදව් කළ ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පි රවීන්ද්‍ර රන්දෙණිය සහ සම්මානලාභී චිත‍්‍රපට අධ්‍යක්‍ෂ සුදත් රෝහණ මහත්වරුන්ව මෙහිදී මා ඉතා ගෞරවයෙන් සිහිපත් කර සිටිනවා. ඒ වගේම මගේ රංගන ජීවිතයේ ගුරුවරයාවන තිස්ස ගුණවර්ධන, පාසල් අවිදියේදීම ”සමනළ කන්ද” නාට්‍ය තුළින් මාව වේදිකාවට කැඳවාගෙන ආ තිස්ස ජයවර්ධන, මාව ”ගුරු ගෙදර” චිත‍්‍රපටය තුළින් සිනමාවට හඳුන්වා දුන් විජය ධර්ම ශ්‍රී යන මහත්වරුන්ගේ දායාදය තමයි මේ සම්මානය.

 

 

මං පුංචි කාලේ ජාතික ඇඳුම ඇඳගෙන දහම් පාසල් යන්නට පෙර මගේ අම්මාගේ දෙපා සිප වැද නමස්කාර කරනකොට ”මේ තමයි මගේ පුංචි විජේ” කියා කළ ආශිර්වාදය මගේ රංගන ජීවිතය සාර්ථක කරගන්න මහත් ආශිර්වාදයක් වුණා කියලත් මං විශ්වාස කරනවා.

 

 

සටහන -  අමරදාස සිල්වා
ඡායාරූප - රවි රසන්ත විතාරණ

 



අදහස් (0)

ජගත් චමිල අපේ රටේ උපන් ලෝකයේ හොඳම නළුවා

පුස්පඃ සහ ගාමිණී-කුවෙට් Thursday, 04 July 2013 07:19 PM

ජගත්, අපි ඔයාව දැක්කා රෝද හතරේ මනමාලයා සහ රුවන් මාලිගා තුලින්. ඔබට අපේ සුභ පැතුම්. (නි)

:       0       0

පිටිගල මිලානෝ Monday, 01 July 2013 12:00 PM

ඔබ විශිෂ්ටයෙකි. දැන් ඉතින් අර කඩේ යන නළුවන් ඔබවද 'කපන්න' හැම උත්සාහයම දරයි. (දී)

:       0       0

විරාජ් කාලිංග Friday, 05 July 2013 07:07 PM

සුබ පැතුම් මිත්‍රයා, උඹ හොද නිරහංකාර දක්ෂ චරිතයක්.(නදී)

:       0       0

නි Monday, 01 July 2013 12:08 PM

පොළොවෙ පය ගසා ජීවත්වන නිහතමානි කලාකරුවාණෙනි, ඔබට ජයෙන් ජය! (දී)

:       0       0

මාගලී Monday, 01 July 2013 12:08 PM

ඔයාගේ සම්මානය බලාගෙන හොදේ. හෙට අනිද්දම හොරකම් කරයි අපේ අය... (දී)

:       0       0

චමිලා Thursday, 11 July 2013 02:59 PM

මෙවැනි දක්ෂාතා වලින් පරිපූර්ණ රංගන ශිල්පීන් යලි යලිත් බිහි වේවා! (නි)

:       0       0

රූපා Thursday, 18 July 2013 08:52 AM

අපි ඔබට සුභ ප්‍රාර්ථනා කරනවා (නි)

:       0       0

කෝරාළ Tuesday, 02 July 2013 05:00 PM

ජගත්, ඔබ අපට ආඩම්බරයක්. (දී)

:       0       0

ලලිත් Sunday, 30 June 2013 05:15 PM

පොලවේ පයගසා ජීවත්වෙන මිනිසුන්ට කවදාවත් වරදින්නේ නැහැ. ඔබට දුර ගමනක් යන්න මෙය ශක්තියක් වේවා! එසේම දේශපාලකයන්ගේ අතකොලුවක්ද නොවේවා!(නදී)

:       0       0

නීරෝ Monday, 01 July 2013 01:42 AM

එතකොට සිවාජි ගනේෂන්,කමල් හසේන් වෙනි ස්වාභාවිකව රඟපාන නලුවෝ හොඳ නැද්ද?මම ඉහතකී අය කීප වතාවක්ම පද්ම ශ්‍රී පද්ම භූෂාන්,ඔස්කාර් ආදී තෑගී දිනලා තියෙනවා (නි)

:       0       0

කරුණාතිලක Friday, 05 July 2013 07:51 PM

ඔබට ඔබගේ රංගන දිවියේ ඉහළම තැන ලැබේවා!(නදී)

:       0       0

අංජන Sunday, 30 June 2013 05:21 PM

අපි දන්නා නිහතමානි කොල්ලෙක්. තව තවත් හොඳ චරිත ඔබට ලැබේවා. ඔබට ජය. (නදී)

:       0       0

ජීවා Monday, 01 July 2013 12:36 PM

මේ කලාකරුවාව අගය කරන්නෙ නැති කුහකයෝ ගැන මට හරිම පුදුමයි. මොහු ජයග්‍රහණය අරගෙන ආවේ අපේ මේ පුංචි ලංකාවට.කුහකකම ඉරිසියාව අතඇරලා හොද දෙය අගයන්න. ජගත් චමිල , ඔබට සුබ පැතුම්! (දී)

:       0       0

ෆ්‍රී Wednesday, 03 July 2013 08:53 AM

විශිෂ්ට ජයග්‍රහණයක්, සුබ පැතුම්! (නි)

:       0       0

ලේක්කෝ ගලබඩ Monday, 01 July 2013 03:10 AM

ස්තූතියි ජගත් මල්ලි, කාලෙකට පසුව ඔබ අපව සතුටු කළා. ඔබ අපට අන්තර් ජාතික සම්මානයක් අරන් දුන්නා. ස්වයංජාත හී සහ අළු බඳුනේ 'ජන්තු' වැනි චරිත ඔබ විශිෂ්ට ලෙස රඟපානවා. ඔබ පිළිගැනීමට ගුවන්තොටුපොළට පැමිණි සමහර කඩේ යන නළුවන් ඔබවද ඔවුන්ගේ ගොඩට ගන්න උත්සාහ කරයි. නමුත් එපා නිවටයෙක් වන්න උන් වගේ! (නි)

:       0       0

ඩිලාන් Sunday, 30 June 2013 05:32 PM

අනේ අපිට නම් මේවා එතරම් වැදගත් නැහැ.(නදී)

:       0       0

සමන් Monday, 01 July 2013 04:17 AM

මම ආසම කරන රංගන ශිල්පියෙක්. මට මතකයි දුන්හිද අද්දර නාට්‍යයේ සුද්දෙගේ චරිතය. ඔබට දිගු ගමනකට අපෙන් ආසිරි! ඔය නිහතමානීකම ඔබට හොද ආයුදයක් (නි)

:       0       0

සැමී Sunday, 30 June 2013 05:40 PM

සමනල කන්දට පියාබන සමනලුන්ට කතා කරලා කියමුද අපේ ජගත් අයියා ලෝකේ හොදම නළුවා කියලා.(නදී)

:       0       0

ගාමිණී Wednesday, 03 July 2013 12:35 PM

ඉදිරියටම යන්න සුභ පැතුම්! (නි)

:       0       0

සුමුදු Monday, 01 July 2013 04:48 AM

ඩිලාන් ගොන්කම ජනසතු නොකර පුද්ගලිකව තියාගත්තනම් ඔයත් මිනිහෙක්. ජගත් චමිල ඔබට ජය. මේ සම්මානයට වඩා හුඟක් රටට වටිනවා ඔයා ඒක ගත්තු විදිය හා රටට දෙන නිහතමානී ආදර්ශය. හුඟක් පොඩි අය මේවා බලලා හැදෙයි. (නදී)

:       0       0

තිලා Thursday, 04 July 2013 10:25 AM

"ජගත් චමිල, සුබපැතුම් මචන්!" (ස)

:       0       0

සොබිත හිමි මාතර Thursday, 11 July 2013 04:11 PM

ඔබතුමා දක්ෂ නළුවෙක්. යථාර්තයට පණ පොවනු මැනවි. (නි)

:       0       0

සිතාරා Tuesday, 02 July 2013 06:02 PM

ජගත් චමිල වැනි දක්ෂ , නිහතමානී කලාකරුවන් වර්තමානයේ දක්නට ලැබෙනවා අඩුයි.ඔබට ජයෙන් ජය! (දී)

:       0       0

මුතු Wednesday, 03 July 2013 09:41 AM

ජගත් චමිලට අපගේ සුභ පැතුම් ! (නි)

:       0       0

මංගල Monday, 01 July 2013 08:05 AM

දක්ෂ නළුවෙක්, මගෙන් සුබ පැතුම්.(නදී)

:       0       0

කාන්ති Monday, 01 July 2013 08:10 AM

ජගත් චමිල පුතේ ඔයා කවදත් ජගත් කියලා ඔයාගේ හැම නාට්‍යකින්ම පෙන්නලා තියෙනවනේ. ඔයාට තව තවත් කළා මගෙහි ජය කෙහෙළි නංවන්නට වාසනාව පෑදේවා!(නදී)

:       0       0

මහින්ද සරත්චන්ද්‍ර Friday, 05 July 2013 12:24 AM

කේම්බ්රියන් කොල්ලෙක් වශයෙන් හිතට ලොකු සතුටක්, ආඩම්බරයක් මුළු රටටම. පාසෙලේ අප සැමට මුල පෙන්නු තිස්ස ගුනවර්දන ගුරු පියාණන් මතකයට නැගිමෙන්ම ඔබේ නිහතමානී බව පෙනේ. දිගු ගමනකට... ජය පතමි. (නි)

:       0       0

චමී Monday, 01 July 2013 02:06 PM

නියම කොල්ලෙක්. සැමදා අපි ඔබ සමගයි (දී)

:       0       0

කුමාරි Tuesday, 02 July 2013 10:58 AM

ජය වේවා මල්ලියෝ! අපිට ඔබව ලොකු ආඩම්බරයක්. (ත)

:       0       0

මනෝජි Monday, 01 July 2013 02:10 PM

සුමුදු, මමත් ඔබ සමග සීයට සීයක් එකගයි. ජගත් ඔබගේ ජයග්‍රහණය රටට ආඩම්බරයක්. කුහක මිනිසුන්ට ඒවා වටින්නේ නැහැ (දී)

:       0       0

දෙවිනුවර ජයසිරි ලියනගේ Wednesday, 10 July 2013 02:35 PM

කඩේ යන්නේ නැති වැඩේ කරන නියම රංගන ශිල්පියා ඔබයි ඔබට සුභ පැතුමි (අ)

:       0       0

ශානිකා Thursday, 04 July 2013 05:17 PM

මහේෂ්, ඔයා මොරටුවට ලකුනු දාගන්න හදනවා නේද? ජගත් චමිල විශිෂ්ට රංගන ශිල්පියෙක්. ඔහුගේ පාසැල මොරටුව වේල්ස් කුමාර වුනාට ඔහු ගෙනා මේ ජග්‍රහණය මුළු ලංකාවටමයි. මොරටුවේ ගොඩක් ඉන්නේ බයිලා කියන ගොල්ලෝ නේද? ජගත් ඔබට සුබපැතුම්! ඔබ ඉතා නිහතමානී දක්ෂ රංගන ශිල්පියෙක් (නි)

:       0       0

ඔශිනි Sunday, 30 June 2013 08:07 PM

මුලින්ම ජගත් අයියට සුභ පතන්න ඕනි,ඇත්තටම නියම නලුවෙක්,ඒත් මේ වගේ අපේ ඉන්න හොඳ නලුවන්ව විදේශයකදී සම්මානයකට පාත්‍ර උනාම විතරක් අවදානයට යොමුකරන්නේ ,, මෙරට සම්මාන උලෙලවල් වල තියෙන සාධාරනත්වය ගැන තියෙන ජනතා සැකයත් එයින් පේනවනේද, නිවුයෝක් සිටි සම්මාන උලෙල පටන් අරන් තියෙන්නේ 2010යෙදි ඒකෙන් තමා අපේ ජගත් අයියට සම්මානේ ලැබුනේ, ඒ වගේම නිවුයෝක් වල තියෙනවා තව සම්මාන උලෙලවල් විශාල ප්‍රමාණයක් ඒවයිනුත් වඩාත් අවදානය ගන්නේ නිවුයෝක් ෆිල්ම් ෆෙස්ටිවල් කියන 1962 පටන් ගත්ත සම්මාන උලෙල, අපේ රටේ දක්ෂ නලුවන්ට ඒ වගේ උලෙලකදි සැබෑ දක්ෂතා සලකලා සම්මාන දෙන්න සුද්දා ඉදිරිපත් වෙන්නේ නෑ මොකද ඒ උලෙල ලෝකයේම අවදානය හැම අවුරුද්දෙම ගන්න සිනමා උලෙලක් හින්දා,, ඒකත් අපි හිතන්න ඕනි, සුද්දන්ගේ තියෙන සර්ව සාධාරණත්වය බහුතර අවදානයේදී ලංකාව වගේ රට වලට නැත්තේ ඇයි කියලා,, ලංකාවට විශාල වශයෙන් ආධාර කරන අතරෙම බටහිර රටවල් ජිනිවා වගේ අත්‍යවශ්‍යයම තැන් වලදිත් ලංකාවට තැනක් නොදී පාගන්නෙත් ඔන්න ඔය තියරියම යොදාගෙනමයි! (අ)

:       0       0

රවී Monday, 01 July 2013 02:20 PM

නිහතමානී දක්ෂ රංගන ශිල්පියෙක් වන ඔබට සුභ පැතුම් (දී)

:       0       0

විමලධර්ම දියසේන Monday, 01 July 2013 09:02 AM

ඔබට මගේ හදපිරි සුබපැතුම්!(නදී)

:       0       0

තරූ Monday, 01 July 2013 09:18 AM

අමුතුවෙන් කියන්න දේවල් නම් නැහැ අයියා, සුභ පැතුම්! (නි)

:       0       0

කනිෂ්ක මියනමුල්ල Tuesday, 02 July 2013 11:35 AM

ඉස්සරහටම යන්න.. (නි)

:       0       0

ගිහාන් (ගම්පොල) Saturday, 20 July 2013 10:59 PM

ඔබ වන් පුතුන් රටට ආඩම්බරයක් ජගත් අයියේ.. සදා ජය..!!! (අ)

:       0       0

බන්දුල-කටාර් Saturday, 06 July 2013 01:01 PM

ජගත් චමිල ඔබ ලබපු ජයග්‍රහණය ගැන ශ්‍රී ලාංකිකයින් හැටියට අපි ගොඩක් සතුටු වෙනවා. නමුත් ඔබ ලබාගත් මෙම අවස්ථාව ගැන අපේ ජනමාද්‍ය මගින් ලබාදුන් අනුග්‍රහය ගැනනම් අපිට කෙසේවත් සතුටුවෙන්න පුළුවන් කමක් නැහැ. ලෝකෙන්ම හොදම නළුවා වීම ගැන ජනමාද්‍ය මගින් මීට වැඩිය පුළුල් ප්‍රචාරයක් සහ වටිනාකමක් ලබාදෙන්න තිබුන මෙය ඉතාමත් කලාතුරකින් ලබන්න පුළුවන් ජයග්‍රහණයක් නිසා. කොහොම උනත් ලංකාවේ සිටින බොහොමයක් ශ්‍රී ලාංකිකයින් පවා තවමත් දන්නේ නැහැ ලෝකෙන්ම හොදම නළුවා අපේ ජගත් චමිල කියල. නමුත් ක්‍රිකට් ක්‍රීඩකයෙක් සෙන්චරියක් දැම්මනම් ඒ ගැන මහා ලොකුවට කතාකරනවා. අපේ ජනමාද්‍යවල පිරිහිම එකෙන්ම ඔප්පුවෙනවා.(නදී)

:       0       0

ගාමිණී Tuesday, 02 July 2013 03:32 PM

ඔබ විශිෂ්ට නළුවෙක්

:       0       0

නාරද Monday, 01 July 2013 09:41 AM

ඇත්තටම ආඩම්බරයි, ජය වේවා! අපි ගොඩක් ආඩම්බර වෙනවා සම්මාන උළෙලේදී චමිල අපේ සිංහල බාසාවෙන් ලෝකය අමතපු එකට. ජය වේවා! (නි)

:       0       0

අසන්ක Tuesday, 09 July 2013 11:27 AM

ඔබට අපේ ඩුබායි රටේ සිටින සියලුම ශ්‍රී ලංකන් රසිකයන්ගේ ප්‍රණාමය!!! සුබ අනගතයක්!!! (නි)

:       0       0

කැටවල Monday, 01 July 2013 03:07 PM

සුබ පැතුම්! ලැබුන හැම චරිතයකටම ගොඩක් හොඳ සාධාරනයක් ඉටු කළ කලාකරුවෙක්. (දී)

:       0       0

නෙතුමි Monday, 01 July 2013 09:50 AM

ඔබ ඇත්ත වශයෙන්ම මෙම සම්මානයට වගේම ඇගයීමට පාත්‍රවිය යුතුව තිබුනා වගේම පාත්‍ර විය යුතු රංගන ශිල්පියෙක්. මගේ උණුසුම් සුබ පැතුම්! (නි)

:       0       0

චන්ද්‍රසිරි Sunday, 30 June 2013 08:58 PM

මම තවම සාමිගේ කතාව බලල නැහැ . නමුත් මම ගොඩක් අය රඟපාන රෝද හතරේ මනමාලයා නාට්‍යයේ බණ්ඩාරගේ චරිතයට ගොඩක් කැමතියි.(නදී)

:       0       0

බර්නාඩ් Tuesday, 02 July 2013 12:08 PM

දිලාන් ඔබගේ අදහස් මෙලෝ රහක් නැහැ(අ)

:       0       0

තරුක Tuesday, 02 July 2013 12:10 PM

ඔබ හරිම වාසනාවන්තයි ඔබේ රඟපෑම නිවැරදි හරිම උසස් (අ)

:       0       0

බන්දුල Wednesday, 03 July 2013 10:57 AM

අබාවයට යන ශ්‍රී ලංකික සිනමාව ජාත්‍යන්තරයට ගෙනියන්න තරම් ඉවහල් වුන ඔබගේ දක්ෂකම් අපි බෙහෙවින් අගය කරනවා, ඔබට අපගේ උණුසුම් සුබ පැතුම්. (නි)

:       0       0

ශ්‍රීමාල් Monday, 01 July 2013 10:11 AM

නිහතමානී කලාකරුවෙක්. මගේ හදපිරි සුබපැතුම් !!! (දී)

:       0       0

නිශාර්ඩ් Wednesday, 10 July 2013 03:38 PM

තව ඉදිරියටත් ඔබගෙය් දක්ෂ රඟපෑම් අපට දකින්ට ලැබේවි ප්‍රර්ථනා කරමි. ඔබට මගේ සුභ පැතුම්. !!!!(අ)

:       0       0

මහේෂ් මෙන්දිස් Monday, 01 July 2013 03:54 PM

කේම්බ්‍රියන් කෙනෙක් මේ වාගේ ජයග්‍රහණයක් අපේ රටට ගෙනෙන කොට කොතරම් ආඩම්බරයක් අපිට ඇති වෙනවාද? තිස්ස සර්ගේ මග පෙන්වීම තමයි මෙයට හේතුව. ඇත්තටම චමිල හරි ආඩම්බරයි ඔබ ගැන. මොරටුවේ අපි හැමදාමත් ලෝකේ දිනනවා කියන්නේ නිකං නෙමෙයිනේ. ඔබගේ රංගන ජීවිතය සාර්ථක වේවායි පතමි. සැමදාමත් මොරටුවේ අපි කේම්බ්‍රියන්ලා ඔබ සමගයි.(නදී)

:       0       0

දම් Wednesday, 10 July 2013 03:48 PM

නිහතමානී ජගත් ,ඔබ දෙපා තබන සෑම තැනම වාසනා මහිමය පිපේවා! රටේ කිතු ගොස බැබලේවා! (දී)

:       0       0

නලින් රන්දුනු Sunday, 07 July 2013 06:32 AM

දක්ෂ නළුවෙක් ලංකාවට ඉන්න, දේශපාලනය පස්සේ නොගිය. ජයග්‍රහණය ගැන ශ්‍රී ලාංකිකයින් හැටියට අපි ගොඩක් සතුටු වෙනවා. අරුංගල්,ස්වයංජාත, අතර දෙකපු වෙනස් වූ රංග ප්‍රතිබාවයට හොඳම නිදසුන්, ජයවේවා !! (නි)

:       0       0

ශිරෝමි Sunday, 30 June 2013 10:13 PM

ඔයා කවදත් දක්ෂ නළුවෙක් නේ. මේක ඔයාට ලැබුන එක පුදුමයක් නෙමේ. තව ඉදිරියටම යන්න ඔයාට සුබ පතනවා.(නදී)

:       0       0

ප්‍රසන්න Friday, 05 July 2013 05:55 PM

ඔයා ගොඩක් දක්ෂ රංගන ශිල්පියෙක්. තව ඉදිරියට යන්න සුබ පතනවා (දී)

:       0       0

විමල් Sunday, 30 June 2013 10:38 PM

ජගත් ඔබ අපේ රටට මැණිකක් දිලාන් වගේ වාචාල කෙනෙකුගේ ඇහේ වැදුනත් අඳුනගන්න බැහැනේ. ජගත් ඔබට මගෙනුත් සුබපැතුම්.(නදී)

:       0       0

සීමන් Saturday, 13 July 2013 10:57 AM

ජගත්,හර්දයන්ගම සුබ පැතුම් (අ)

:       0       0

අනුර Sunday, 30 June 2013 03:55 PM

ඔබ ගැන ආඩම්බරයි ජගත්. තවත් ඉදිරියට යන්න වාසනාව ලැබේවා. (නි)

:       0       0

හර්ෂි Tuesday, 02 July 2013 04:37 PM

තෙරුවන් සරණයි ඔබට.. (දී)

:       0       0

ගයාන් Sunday, 30 June 2013 04:00 PM

ජය වේවා! (නි)

:       0       0

දාස් Friday, 12 July 2013 10:21 PM

බොහොම කලාතුරකින් තමයි හැකියාව , නිහතමානී කම, ගුණවත්කම , බුද්දිය සහ ලස්සන එකට එකතුවෙන්නේ. ඔබ අපේ රටට ආබරණයක්. සදා ජය !(නදී)

:       0       0

මාවැල්ල Monday, 01 July 2013 11:22 AM

සමන්, ඔයාට වැරදිලා. දුන්හිඳ අද්දර නාට්‍යයේ සුද්දේ උන්නේ " රුක්මල් නිරෝෂ්". ජගත් චමිල, ඔයාට සුභ පැතුම්! (දී)

:       0       0

නිශ්ශංක Saturday, 13 July 2013 12:01 PM

ඔබ හොඳ දක්ෂ නළුවෙක් ,සුබ පතනවා (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට චෝදනාවක්
2024 සැප්තැම්බර් මස 27 908 0

ශ්‍රේඨාධිකරණය නියෝගයට පටහැනිව කටයුතු කළ පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පියවර ගැනීමට බලාපොරොත්තු වන බ


කුකුළේගඟ වාන් දොරටු විවෘත කරයි
2024 සැප්තැම්බර් මස 27 318 0

කුකුළේගඟ ජලාශයේ ගඟ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට පවතින වර්ෂාව හේතුවෙන් ජලාශයේ වාන් දොරටු දෙකක් අද (27) විවෘත කර ඇතැයි බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප


නව ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්
2024 සැප්තැම්බර් මස 27 4057 1

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.


ක්‍රීඩා අමාත්‍යාංශ වියදම් ගැන අභ්‍යන්තර විගණනයක්
2024 සැප්තැම්බර් මස 27 1460 0

ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.


මහ වැස්සෙන් හක්මන යටවෙයි
2024 සැප්තැම්බර් මස 27 695 0

හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප


නාමල්ගෙන් ආරාධනයක්
2024 සැප්තැම්බර් මස 27 2457 4

පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක්වූ පළාත්සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයින්ට නැවතත් ශ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37797 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24914 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 228 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 738 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 263 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site