IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


ජගත් චමිල එක්ක වෙනස්ම කතාබහක්

2016-06-01-ent-55මේ දිනවල ටෙලිනාට්‍ය, සිනමාපටවලට වඩා "සංඝදාසගේ චූටි කලිසම", "මාරක ළිඳේ සවාරියක්", "මකරට", "දැන්ම ගොඩවෙන්න" වැනි වේදිකා නාට්‍ය හරහා වේදිකාවට වැඩි දායකත්වයක් ලබාදෙන රූපණ ශිල්පියෙකු ලෙස ජගත් චමිල හැඳින්විය හැකිය. එබැවින් වත්මන් කලාවේ දිශානතිය කෙබඳුද ? එය කෙසේ සංස්කරණය විය යුතුද වැනි වෙනස් කතාබහක නියැලීමට අපි ජගත්ව අද හා සම්බන්ධ කර ගතිමු.

“දැන් මේවා කොහේටද කියන්නේ, කාටද කියන්නේ, මොකක්ද කියන්නේ වගේ තැනක තමයි මම සිටින්නේ. ඒ වගේම දැන් හැම දෙයක්ම අපට තේරෙන්න පටන් ගත්තට පස්සෙ නිශ්ශබ්දව සිටිනවා හැරුණුකොට වෙන කුමක් කරම්දෝ කියලා හිතෙන කාල පරිච්ඡේදයක් තමයි අපි ගත කරන්නේ. වෙනත් විදිහකින් කියතොත් හැඟීම් දැනීම් නැති නිශේධනීය මොහොතක තමයි අපි කල් ගෙවන්නේ" යනුවෙන් ජගත් චමිල කතාව ඇරඹුවේය.

 

2016-06-01-ent-52මෑතකදී ඔබ දූපත්වාසී රූපණ ශිල්පියෙකු ලෙස හීනයක් සැබෑ කර ගත් බවක් පැවසෙනවා?

ඔව්. අපට රූපණ ශිල්පීන් විදිහට අපේ හිතේ මැවුණු සිහින නාට්‍යකරුවෙක්ගේ ආකෘතියක් තියෙනවා. ඔස්ට්‍රේලියාවේ පදිංචි ගයාන් කනිෂ්ක රාජපක්ෂ නම් නාට්‍යකරුවා සමග වැඩ කරන්න ඉඩ ලැබෙන්නේ මෙවැනි මොහොතකයි. ඔහු අපි සමග මෑතකදී රඟපෑවේ "දැන්ම ගොඩවෙන්න" නාට්‍යයේදියි. හැබැයි මම මීට පෙරත් "අතුරුපසට චැට් එකක්", "මිනීමරුවා නිරුවතින්" යන නාට්‍ය සමග ඔහු එක්ක වැඩ කරලා තියෙනවා.

 

ඒත් කවුද ඇත්තටම මේ හීනය ඇතුළෙ ඉන්නේ. ඒ ගැන පැහැදිලි කළොත්?

බොහොම අර්ථාන්විත නාට්‍යකරුවෙක් තමයි ඒ හීනයේ සිටින්නේ. ප්‍රකාශන මාධ්‍යයක් විදිහට නාට්‍ය කලාව තෝරාගන්නා ඔහු, නාට්‍ය කලාව තුළම පෝෂණය වෙනවා. ඒ තුළින් එම නාට්‍යකරුවාත් සමාජයක් පෝෂණය කිරීමට සිහිනයක් දකිනවා. එම සිහින නාට්‍යකරුවා නාට්‍ය කර්මාන්තය වෙනුවෙන් යම් මෙහෙවරක් ඉෂ්ට කරනවා. එයින් ඔහුත් සතුටක් භුක්ති විඳිනවා. ඒ වගේම තමන්ගේ නිර්මාණ හරහා ප්‍රේක්ෂකයා වෙනුවෙන් යම් සාධාරණයක් ඉෂ්ට කරන්න ලැබුණා කියල සියුම් සතුටක් භුක්ති විඳින්න පුළුවන්. ඒ වගේම එම නාට්‍යකරුවාට හොඳ මිලක් ලැබෙනවා. ඒ අනුව එම මිල ඇතුළේ ඔහුට තමන්ගේ පවුල නඩත්තු කරන්න පුළුවන් වෙනවා. හොඳ මානසික සුවයක් වෙනවා. හොඳ ශරීර සුවතාවයක් විඳගන්න අවස්ථාවක් ලැබෙනවා. ඒක තමයි අපි දකින සිහිනය. මාස එකහමාරක් පමණ "දැන්ම ගොඩවෙන්න" නාට්‍යයේ පමණක් යෙදෙමින් සුළු කාලයකට හෝ අපි ඇත්තක් කරගත්තේ අන්න ඒ සිහිනය තමයි.

 

කොහොම නමුත් රූපණ කලාව කියන්නේම එක්තරා ආකාරයක පරීක්ෂණාගාරයක් බවටත් මතයක් තියෙනවා?

අපි මේ සඳහා වේදිකාව උදාහරණයකට ගෙන බැලුවොත් ඔබ නිවැරදියි. විවිධ තේමා ඒ පරීක්ෂණාගාරයට එනවා. ඒත් සමහර පරීක්ෂණවල නිරීක්ෂණ, නිගමනවලට අපට අවතීර්ණ වීමට හැකිවෙන්නේ කාලාන්තරයක් තිස්සේ එහි නියැලෙන අභ්‍යාස තුළින්. මොකද රසායනික සංඝටක දෙකක් පරීක්ෂණ නළ දෙකකට යොදා, එසැනින් නිරීක්ෂණ දැක නිගමනවලට එළඹීමට හැකි වුණත් නාට්‍යකරණය එවැනි මට්ටමකට පත්කර ගැනීම අසාධාරණයි. අනික රසායනික විද්‍යාවේ වුණත් කාලාන්තරයක් තිස්සේ පරීක්ෂණ කිරීමෙන්ම නිගමනවලට එළඹීමට සිදුවන පරීක්ෂණ තියෙනවා. ඒ නිසා ජීවිතය නමැති පරීක්ෂණාගාරයේ රූපණ ශිල්පියා අත්දකින සහ අත්විඳින අත්දැකීම්, කොතරම් දුරට පරීක්ෂණයට අනුකූලව හසුරවනු ලබනවාද යන්න මතයි රූපණය සාර්ථක වෙන්නේ.

 

රසිකත්වය යන්න අද උගැන්විය යුතු අධ්‍යාපන සාධකයක් වෙලා?

අනිවාර්යයෙන්ම. මේක දීර්ඝකාලීන ක්‍රියාවලියක්. නාට්‍යයක් අවසානයේදී පැවැත්වෙන කෙටි සාකච්ඡාවකින් මෙය විසඳන්න බැහැ. අනික රස පිළිබඳ අධ්‍යාපනය ප්‍රාථමික අවධියේ පටන් පැමිණිය යුත්තක්. හරය යන්නත් ළමයා විඳින රසයක් කියල කියන්නේ මේ නිසයි. මොකද නෙල්ලි ගෙඩියේ පවතින රස සියල්ල විඳින්න පුළුවන් තත්ත්වයක් සකසාගන්න ඔහුට/ඇයට පුළුවන් නම් එයයි සිදුවිය යුත්තේ. එම පුහුණුව ජීවිතය මැද භාගයේදී ලබාදෙන්න නොහැකියි. ආගම,සංස්කෘතිය තුළින් තමයි ඊට අදාළ සංයමය ගොඩනැගිය යුතු වන්නේ.

 

සටහන හා ඡායාරූප - මාලන් විදානපතිරණ

 

2016-06-01-ent-54 2016-06-01-ent-53



අදහස් (0)

ජගත් චමිල එක්ක වෙනස්ම කතාබහක්

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

විපක්‍ෂනායක බංගලාව සම්පන්දන්ට සින්න වෙලා
2024 ඔක්තෝබර් මස 02 1434 0

හිටපු විපක්ෂ නායක සහ දෙමළ ජාතික සන්ධානයේ හිටපු නායක ආර් සම්පන්දන් මහතාට ලබා දී තිබූ කොළඹ 7 මහගමසේකර මාවතේ පිහිටි නිල නිවස ඔහු මිය ගොස් මාස තුනකට ආසන්න ක


ඇඹිලිපිටිය තිරිවාන නිධිය ගැන නීතිපතිගෙන් පොරොන්දුවක්
2024 ඔක්තෝබර් මස 02 598 0

ඇඹිලිපිටිය මහගම ප්‍රදේශයේ තිරිවාන නිධිය කැනීම සම්බන්ධයෙන් කිසිදු ඉදිරි පියවරක් නොගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට ඊයේ (02) පොරොන්දු විය.


මූල්‍ය අරමුදලේ ඉහල පෙලේ නියෝජිතයෝ ලංකාවට
2024 ඔක්තෝබර් මස 02 422 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනට අදාළව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ නව රජයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ සොයා බැලීමට ජාත්‍යන්තර මූල


තල් විකුණා කප් ගහලා
2024 ඔක්තෝබර් මස 02 683 0

තල් සංවර්ධන මණ්ඩලය තල් රා තල් වයින් සහ තල් අරක්කු ඇතුළු තල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් පසුගිය වසර දෙකේ දී රුපියල් කෝටි 12 කට වැඩි ආදායමක් උපයාගෙන ඇතැයි


මිනුවන්ගොඩ රූපලාවන්‍ය සිද්ධියේ හිමිකාරියට ඇප
2024 ඔක්තෝබර් මස 02 439 0

හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසු කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය අ


ආයෝජනය ඇති බාධා ගැන කැනේඩියානු මහ කොමසාරිස් කියයි
2024 ඔක්තෝබර් මස 02 1234 0

දූෂණය සහ අනාරක්ෂිත බව විදේශ ආයෝජන ආකර්ශනය කර ගැනීම සඳහා බලපානු ලබන ප්‍රධාන බාධාවන් බව ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස් එරික් වොල්ෂ් (Eric Walsh) මහතා ජනාධිපති


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38676 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25418 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 280 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 956 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 337 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site