IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


ජගත් චමිල ජගත් නළුවෙක්

ඇමරිකාවේ නිව්යෝක් ජාත්‍යන්තර සිනමා උළෙලේදී හොඳම නළුවා ලෙස ජගත් චමිල ඊයේ (20) සම්මානයට පාත‍්‍ර වී තිබේ.  ‘සෑම්ස් ස්ටෝරි’ නමින් කැප්ටන් එල්මෝ ජයවර්ධන විසින් ඉංගී‍්‍රසියෙන් රචනා කරන ලද නවකතාව ඇසුරින් පි‍්‍රයංකර විතානාරච්චි විසින් නිර්මාණය කැරණු ‘සැමීගේ කතාව’ සිනමාපටයේ සැමීගේ චරිතය ස`දහා ජගත් චමිලට මෙම සම්මානය හිමි විය.
එඩ්වඩ් ෆලෝන්ග් (ඇමරිකාව), සෙබස්තියන් ජෙසන් (ඩෙන්මාර්කය) සහ ඔමාර් ෆ්රැන්කො (කියුබාව* යන නළුවන්ගේ නම්ද මෙම සම්මානය සඳහා නිර්දේශ වී තිබිණ.
ඇමරිකාවේ නිව්යෝක් නගරයේ පසුගිය 13 වනදා සිට 20 වනදා දක්වා පැවති මෙම සම්මාන උළෙළේ සම්මාන ප‍්‍රදානෝත්සවය ඊයේ පැවැත්විණ.

 


දිලිනි මල්රුක්‍ෂි (ඬේලි මිරර් ඇසුරිනි*

 



අදහස් (0)

ජගත් චමිල ජගත් නළුවෙක්

අමිල Friday, 21 June 2013 04:06 PM

රන්ජිත් ඔබ සැබෑම අවාසනාවන්තයෙක්. මොකද ඔබට බෙහෙත් ගන්න හිටි‍ය හොඳම වෛද්‍ය හරිස්චන්ද්‍ර මහතා මියගිහින් නිසා. (ස)

:       0       0

කුමාර- Friday, 21 June 2013 09:28 PM

ඔබට මගේ සුබ පැතුම්! (නි)

:       0       0

මැල්කම් Friday, 21 June 2013 04:07 PM

රන්ජිත්, ඔය ඊරිසියාව. ඕකට බෙහෙත් නැහැ. ඔය උපන් ගතිය අරින්නත් බැහැ. (නි)

:       0       0

අමල් Friday, 21 June 2013 04:10 PM

හොද වේල්ස් කුමාර පුතෙක් , අපේ සුබ පැතුම්! (නි)

:       0       0

ධම්මික Friday, 21 June 2013 09:36 PM

ආඩම්බරයි මල්ලි (නි)

:       0       0

රිස්වාන් Saturday, 22 June 2013 10:13 AM

දැන්වත් ඔය ශාරුක්ලා ,සල්මන්ලා, රිතික්ලට පිස්සු වැටිලා ඉන්න අපේ අයට අපේ රටෙත් ඊටත් වැඩි දක්ෂ අය ඉන්නවා කියන දේ තේරුම් ගන්න පුළුවන් නම් මොනතරම් හොදද? අපේ රටෙත් ඕනෑ දේකට හැප්පෙන්න පුළුවන් දක්ෂයෝ ඉන්නවා කියලා හිතාගන්න. නිහතමානී ආඩම්බරකමක් දැනෙනවා, ඒ වගේම හරිම සතුටුයි. තවත් ඉදිරියට යන්න සුබ පැතුම්. කරන කියන හැම දේම හරි යන්න ඕනෑ. ඔබට සියලු දෙවියන්ගේ පිහිටයි! (නි)

:       0       0

වජ්ජා Friday, 21 June 2013 04:18 PM

ඔබ ඉතාමත් නිහතමානී පුද්ගලයෙක් බව අප දනිමු. මෙම සම්මානය ඔබ හිසට ආභරණයක් කර නොගෙන ඒ නිහතමානිත්වය තව තවත් බබලවන ප්‍රදීපයක් කර ගන්න. ඔබට තව තවත් ජයග්‍රහණ ලැබේවා! (ස)

:       0       0

සනත් Friday, 21 June 2013 04:19 PM

රන්ජිත්, ඔයා වගේ කුහකකමට,මෝඩකමට ඔස්කාර් සම්මාන දිනපු නළුවෝ මේ රටේ ඉන්න එක අපිට ආඩම්බරයක්.ඔය මහගෙදර,ප්‍රවීනා බලලා මොලේ කචල් වුන ගොඩ දෙනෙක්ගේ අදහස තමයි.... (නි)

:       0       0

රන්ජිත් Friday, 21 June 2013 04:20 PM

මන් මොනාටද මේ මෙයාට ඉරිසියා කරන්නේ. මන් කියන්නේ ඕගොල්ලෝ දන්නේ නැති ඇත්ත. ලෝකේ සිනමාවට තියෙන්නේ එකම එක සම්මාන උළෙලයි. ඒක තමයි "ඔස්කාර්". අනිත් ඒවා ඇවිල්ලා තනිකර දෙකයි පනහේ ඒවා. කවුරුත් සත පහකට ගණන් ගන්නේ නැහැ. ඔවා හුඟක් දෙන්නේ තුන් වැනි ලෝකේ මිනිස්සුන්ට, මොකද ඒ ගොල්ලොන්ට කවදාවත් හීනෙන් වත් ඔස්කාර් එකක් ගන්ඩ බැරි හින්දා.(නදී)

:       0       0

කපිල ඉලුක්කූඹුර Friday, 21 June 2013 09:51 PM

ජගත් ඔයා අති දක්ෂයෙක්.ඔයා මට ජෝටත් වඩා හොද නලුවෙක්.මොකද ජගත් තරුණ වයසේදීම අතිදක්ෂතා පෙන්වන රංගධරයෙක්. (නි)

:       0       0

සදා Friday, 21 June 2013 04:22 PM

සුභ පැතුම් !! හරිම ආඩම්බරයක් ඔබ අපට ! (ස)

:       0       0

සනත් Friday, 21 June 2013 09:53 PM

රන්ජිත් දන්නා තුන්වෙනි ලෝකය.....ආයේම ලිපිය කියවා බලන්න.අනික් නිර්දේශ නම් ...කැනඩාව,ඩෙන්මාර්කය වගේ රටවලුත් තියෙනවා.ඒවා තුන් වෙනි ලෝකයේ රටවල්ද?අනික කෑන්ස්,ගිල්ඩ් සම්මාන උළෙලවල් කියන්නේ ඔස්කාර් සම්මාන වලටත් උපකල්පන දෙන්නේ.අපේ කොල්ලෙක් දක්ෂකමක් කලාමත් නන් දොඩවන්න එපා. (නි)

:       0       0

උදයංගනී Friday, 21 June 2013 04:27 PM

අනේ රන්ජිත් අයියේ ,තමුන්ට මොකුත් කරගන්න බැරි වුනාට අනිත් මිනිස්සු පලි නැහැ. (නි)

:       0       0

දමිත්-ඩුබායි Friday, 21 June 2013 09:57 PM

ලංකාවේ ඉන්න නිහතමානී ඉතාමත්ම දක්ෂ තරුණ සහෝදර රංගන ශිල්පියෙක්...සුබ පැතුම් ජගත්. (නි)

:       0       0

නිරෝෂා Friday, 21 June 2013 09:57 PM

අපට ඔබ ආඩම්බරයක්,සුබ පැතුම්! (නි)

:       0       0

නිල්මිණි Friday, 21 June 2013 04:30 PM

රන්ජිත්, මේ ඔයා දන්නා දෙයක් ගැන කතා කරන්න. විවිධ නම් වලින් නොයෙක් සම්මාන උළෙලවල් තියනවා. එතකොට චාන්ස් සම්මාන උළෙල ගැන ඔයා මොකක්ද කියන්නේ?ඔය දන්නා දේ පැහැදිලිව ලිව්වා නම් තමා ඔක්කොටොම බලා ගන්න පුළුවන්. ලෝකයේ දුවන තරග තියෙන්නේ ඔලිම්පික් විතරද? ලංකාවේම කීයක් තියනවද? (නි)

:       0       0

නිරෝෂා Friday, 21 June 2013 10:00 PM

නියමයි කොල්ලෝ... (නි)

:       0       0

සංජීවනී Friday, 21 June 2013 10:03 PM

ඔබ නියම නලු‍වෙක්. සුභ පතනවා (නි)

:       0       0

කමල් Friday, 21 June 2013 04:37 PM

ලංකාවටම ලොකු ආඩම්බරයක්! !සුබ පැතුම් (නි)

:       0       0

ජගත් පැරිස් Friday, 21 June 2013 04:38 PM

කුහක රන්ජිත් ලා තමා අපි අගය කරන්න ඕනේ. සුභ පතන්නවත් බැරි තරමට ඔහොම හිතෙන්නේ. ඉරිසියාව ඉවසගන්න බැරි නිසානේ. ජගත් ඔබගේ සතුටින් ඩිංගක් අපටත් විදින්න අවසර දෙන්න. අපිට ඒ ඇති. රන්ජිත්ලට අනුකම්පා කරන්න.(නදී)

:       0       0

සුදන්ත-ඩුබායි Friday, 21 June 2013 04:47 PM

http://www.nyciff.com/trailers2013/ (නි)

:       0       0

සාරධා Friday, 21 June 2013 04:49 PM

සුද්දන්ට විතරද රගපාන්න පුළුවන්. අපේ නළුවන්ට රග පාන්න බෙරිද? ජෝ මහත්තයලා වගේ නළුවන්ගේ රග පෑම් විශිෂ්ට නැතිද? ඒ වගේ නළුවෝ නව පර පුරෙත් බිහි වෙනවා. ඒ ගැන අපි ආඩම්බර වෙන්න ඕනා. එක එක රටවල්වල සම්මාන උළෙලවල් වලට ආවඩන්නේ නැතුව අපේ දේවල් අපේ මිනිස්සුන්වත් අගයන්න ඕනා. දෙයක් පිට රට නම් ඒක ලොකු කරන් දගලන එක අපේ රටේ මිනිස්සුන්ට ජන්මෙන්ම එන පුරුද්දක්.(නදී)

:       0       0

ගාමිණී Friday, 21 June 2013 10:27 PM

කව්ද මේ කැප්ටින් එල්මෝ කියන්නේ? කව්රු හරි කියදුන්නොත් වටිනවා. (නි)

:       0       0

නෙතුමි Friday, 21 June 2013 04:50 PM

අනිවාර්යයෙන් සම්මානයට පාත්‍ර විය යුතුව තිබුණු රංගන ශිල්පියෙක්. අද කාලේ අපේ රටේ සම්මාන විකිනෙනවා මිසක් සාධාරණ පදනමකින් ඇගයීමක් සිදුවෙන්නේ නැහැ. හැමදාම එකම පිරිසක් පදනම් විරහිතව සම්මාන ලබනවා.අපේ රටේ සමහර රංගන ශිල්පීන් රටට නොදැනීම ජාත්‍යන්තර සම්මාන ලබන එකෙන් පෙනීයන්නේ අපේ රටේ මෙවැනි ඇගයීම් ක්ෂේත්‍ර වල දුර්වලකම් නොවේද? (නි)

:       0       0

චාමරි Friday, 21 June 2013 10:30 PM

ජගත්,ඔබට උණුසුම් සුබ පැතුම්!! (නි)

:       0       0

අන්ජන Saturday, 22 June 2013 11:05 AM

එක වරක් මම ජගත් සමග කතාකර ඇත්තෙමි. ඔහු නළුවෙකු උනාට එයට එහාගිය හොඳ මිත්‍රයෙකි. පළමු කතාවෙන් ම මගේ හිත දිනාගත් නළුවෙකි. මොහු වැනි නිර්ව්‍යාජ නළුවන්ට සමාජ ගරුබුහුමන් ලැබිය යුතුය. ඒ මොහු අදත් හෙටත් වෙනසක් නැති කෙනෙක් නිසාවෙනි. (ස)

:       0       0

බණ්ඩා Friday, 21 June 2013 05:01 PM

මල් ගස් වටේ දුවන තරුණ නළුවන් ඉන්න රටක ඔබ අපට සැබෑ නළුවෙක්. මගේ සුබ පැතුම් !! (නි)

:       0       0

කැනඩා දිසා Saturday, 22 June 2013 11:07 AM

ටෙලි වලින් ඇවිත් සිනමාවට මේ දුන් දේ මා ඉතා සිතින් අගයමි. (ස)

:       0       0

මැල්කම් Friday, 21 June 2013 05:02 PM

රංජිත්, ඔස්කාර් වල අගයන්නේ බොක්ස් ඔෆීස් වාර්තා තියපු තාක්ෂණය උපයෝගී කරගෙන වානිජ අරමුණෙන් නිපදවන චිත්‍රපටි. ඒකෙ නිර්මාරණාත්මක, සාහිත්‍යමය අංශයෙන් මුල් තැනකට ආපු බොක්ස් ඔෆීස් වාර්තා තියපු නැති එකම චිත්‍රපටයක්වත් තියනවාද? ත්‍රිමාණත් දාලා හොදට මරාගන්නවා පෙන්නනවා නම් බොක්ස් ඔෆීස් ආවොත් ඔන්න සම්මාන උලෙලට සුදුසුකම්... අනේ රංජියෝ ඔයත් හරියට අර ඇන්ඩ් කොම්පැනියේ වන්දිභට්ට රංජියා වගේමයි... (නි)

:       0       0

රුවන් Friday, 21 June 2013 05:07 PM

අපෙන් සුබ පෙතුම් චමිල.ඔයාට සුබම සුබ අනාගතයක්. අපේ රටේ සමහරු ඕකත් ඇමෙරිකන් කුමන්ත්‍රණයක් කියලා කියාවිද දන්නේ නැහැ. කොහොම වුනත් ඔබට ජය! (නි)

:       0       0

ඉන්දික Friday, 21 June 2013 05:07 PM

සුබ පැතුම්. මොහු නියම කලාකාරයෙක්. ඔබට නැවතත් මගේ සුබපැතුම්! (නි)

:       0       0

චන්දි ජයසින්ග්හේ Saturday, 22 June 2013 11:44 AM

රංජිත්ගේ කුහකකම ගෙන කියන්න වචන නෑ. ජගත්ට සුබ පෙතුම් (අ)

:       0       0

රංජි Friday, 21 June 2013 05:11 PM

රන්ජිත් ,තමුන්ගේ කෙනෙක්ගේ දස්කමක් දැකො සතුටු වෙන්න බැරි කුහකයෙක් ඔබ. ඔබ සම්මාන දිනන්න යන්නේ කුහකකමටද? එහෙම සම්මානයක් තිබුනා නම් ඔබ තමයි එයට සුදුසුම පුද්ගලයා . (නි)

:       0       0

සැමි Friday, 21 June 2013 05:15 PM

සමනල කන්දට පියබන සමනලුන්ට කතා කරලා කියමුද අපි අරන් යන්න එක දවසක කන්ද උඩට .............. මට තාමත් අද වගේ මතකයි ඒ ළමා නාට්‍යය .ජගත් අයියේ, වේල්ස් කුමරියක් වන මගෙන් ඔයාට සුබ පැතුම්! (නි)

:       0       0

ළහිරු Saturday, 22 June 2013 11:49 AM

ඔබ ශ්‍රී ලංකාවට මෙන් අපගේ වේල්ස් කුමාර මාතාවටත් මහත් ආඩම්බරයක් ....! ඔබට සුබ පැතුම් ...(අ)

:       0       0

රංජි Friday, 21 June 2013 05:25 PM

ජගත්,ඔබට අපේ ප්‍රණාමය.ලාංකිකයෙක් හැටියට විදේශයකින් සම්මානයක් ලැබීම අපි අගය කරනවා.ඔබට ජය! තෙරුවන් සරණයි! (නි)

:       0       0

සුරංග ලක්මාල් Friday, 21 June 2013 11:31 PM

නියම කොල්ලෙක්නේ ! (නි)

:       0       0

රොක්සි Friday, 21 June 2013 11:32 PM

තිස්ස ගුණවර්ධන ගුරු මහතාට හා වේල්ස් කුමාර විදුහලට ආඩම්බරයකි. ජගත්, තව ගොඩක් දුරට යන්න පුළුවන්. සුබ පැතුම් ! (නි)

:       0       0

කුසල Friday, 21 June 2013 05:43 PM

ඔබ අති විශිෂ්ඨයි. ඔබ දැන් ඉන්නේ සිනමා තිරයේ නොව ලාංකික මිනිසුන්ගේ හදවතේයි (නි)

:       0       0

සම්පත් Friday, 21 June 2013 05:50 PM

මේ චිත්‍රපටය නැරඹු අතළොස්ස අතර සිටින කෙනෙක් ලෙස කියන්නේ, මීට අවුරුදු තුනකට කළින් ප්‍රියංකර සර් අපිට මේ චිත්‍රපටය පෙන්නද්දිම ජගත් චමිලගේ දක්ෂකම ගැන ලොකු ආඩම්බරයක් ඇති වුණා. මේ වගේ දක්ෂ නළුවො ලංකාවෙ ඉන්න එක ගැන. අනික ඔහු ඒ චරිතය කරන්න මොනතරම් කැපකිරීමක් කළාද කියලත් එහි අධ්‍යක්ෂකවරයා ගොඩක් සතුටින් කතා කලේ. ඔබට සුබ පැතුම්.... (නි)

:       0       0

ලලින් Saturday, 22 June 2013 12:04 AM

ඔබගේ දක්ෂතාවයට හා නිහතමානීකමට ලැබුණු සම්මානයක්. අනාගතේ ජෝ අබේවික්‍රම වගේ අති දක්ෂ චරිතාංග නළුවෙක් වීමේ හැකියාව ඔබට තියනවා. (නි)

:       0       0

නිශාන්ත Saturday, 22 June 2013 01:02 PM

ජයවේවා ! (ස)

:       0       0

නිෂාන්ත Saturday, 22 June 2013 01:03 PM

වේල්ස් කුමාර මාතාවටත් මහත් ආඩම්බරයක්. (ස)

:       0       0

චතුර Saturday, 22 June 2013 12:55 AM

සුබ පැතුම්! රටට ආඩම්බරයක් .... මට නම් හිතෙන්නේ රන්ජිත් කියන්නේ මානසික රෝගියෙක්. මෙයා හිතන්නේ ලෝකේ වෙන දේවල් අනිත් අය දන්නේ නැහැ කියලා. ඔස්කාර් යන්න තරම් අපේ සිනමාව දියුණු නැති වුනාට මේ විදියට හරි සම්මානයක් ලැබීම සතුටට කාරණයක් ,තමුන් වැඩකට නැති කෙනෙක් වගේ මගෙ නම් අදහස ...... (නි)

:       0       0

පහන් Friday, 21 June 2013 02:31 PM

සුබපැතුම් ජගත් !!! ලොවෙත් නැහැ ලොවිගහෙත් නැහැ. (ස)

:       0       0

දම්මික පෙරේරා Saturday, 22 June 2013 01:06 AM

රන්ජිත් වෙනි නරුමයන් නිතරම ජිවත් වන්නේ ඉරිසියාව පිරි හදවතකින්. මොහුට වෙනත් කෙනෙකුට ලැබෙන සම්මානයක් පෙනෙන්නේ ඔහුගේ පපුවට පිහි පාරක් වගෙයි. කුහකකමින් පිරි රන්ජිත් වැනි අය අප අතර බොහෝ සිටිති (නි)

:       0       0

අසිත Saturday, 22 June 2013 01:12 AM

ජගත් ඔයාට මගෙනුත් සුබ පැතුම්! ඔයා අපිට ආඩම්බරයක්! (නි)

:       0       0

රවී Friday, 21 June 2013 02:41 PM

අද කාලේ හතු ‍පිපෙනවා වගේ බිහිවන නළුවන්ට හොඳ ආදර්ශමත් නළුවෙක්. චරිතාංග දක්ෂ නළුවෙක්. සුබ පැතුම් ! (ස)

:       0       0

උදය Friday, 21 June 2013 02:42 PM

ජගත් චමිල මනස දියුණු කර ගත්ත නළුවෙක්. (ස)

:       0       0

සේනානායක Friday, 21 June 2013 02:46 PM

හොඳ චරිතාංග නළුවෙක් මගේ සුබපැතුම්, නියමයි කොල්ලෝ (ස)

:       0       0

සේනානායක Friday, 21 June 2013 02:48 PM

නියමයි කොල්ලෝ, (ස)

:       0       0

සුනීතා Friday, 21 June 2013 06:51 PM

ඔබ නියම නළුවෙක් බව සැබවින්ම ඔප්පු කර අවසානයි (නි)

:       0       0

ඉනෝක‍ Friday, 21 June 2013 02:49 PM

ජයවේවා ! (ස)

:       0       0

දීපානි Friday, 21 June 2013 02:53 PM

උනුසුම් සුබ පැතුම්! නම නිර්දේශ වුන වෙලාවේ ඉදලා තදික් විශ්වාද්‍ස කළා මේ සම්මානය ඔබට ලැබේවි කියලා. ඔබ සැබෑ දක්ෂයෙක් කියලා අපි දන්නවා. ඇත්තටම ඔබ රගපාන ටෙලි නාට්‍ය අපි බලන්නේ ආසාවෙන්. ඉදිරි අනාගතය තව තවත් සාර්තක වේවා!(නදී)

:       0       0

පෙරේරා Friday, 21 June 2013 02:52 PM

අපෙන් සුභ පැතුම් ! (ස)

:       0       0

සිරිලාල් Saturday, 22 June 2013 03:06 AM

බොහොම හොඳයි. තව තවත් ඉදිරියට යන්න. අපේ සුබ පැතුම්. (නි)

:       0       0

අසේල Friday, 21 June 2013 06:57 PM

මමත් කැමතිම නළුවෙක්.ඔබට සුභ පැතුම් ! (නි)

:       0       0

ගාමිණී Friday, 21 June 2013 02:56 PM

උණුසුම් සුබ පැතුම් !(ස)

:       0       0

රේනුකා Saturday, 22 June 2013 02:02 PM

මල්ලියේ පළමුවෙනි රංගනයෙන් (ගුරුගෙදර) මම දැන ගත්තා ඔය දක්ෂ නළුවෙක් කියල. ඔයාට සරස්වතී දේවියගේ බැල්ම ලැබේවා. තවත් ජෝ අබේවික්‍රම හා සමාන නළුවෙක් රිදී තිරයේ දකින්න ලැබේවායි මගේ පැතුම. ඔබට බුදු සරණයි. ! (ස) .

:       0       0

තිලක් Friday, 21 June 2013 02:56 PM

ඔබ තවත් ජෝ අබේවික්‍රම කෙනෙක් වෙන්න උත්සාහ ගන්න.(ස)

:       0       0

නිදසි Saturday, 22 June 2013 02:02 PM

රටට කීර්තියක් ගෙන ආ ඔබ අපට මහත් ආඩමිබරයක්. ඔබට ජය...! (ස)

:       0       0

මංජු Friday, 21 June 2013 07:00 PM

අපේ සමහර එළුවන්ට මේ නළුවා හොඳ ආදර්ශයක් දී තිබේ. (නි)

:       0       0

නිස්සංක Friday, 21 June 2013 02:59 PM

නියමයි කොල්ලෝ ශ්‍රී ලංකාවට ඔබ ආඩම්බරයක්. (ස)

:       0       0

නිලූ Friday, 21 June 2013 02:59 PM

අන්න නළුවෝ. (ස)

:       0       0

මොහාන් Friday, 21 June 2013 07:05 PM

ජගත්, ඔයා මොරටුවට ආඩම්බරයක් (නි)

:       0       0

තිලක් Saturday, 22 June 2013 04:20 AM

මොන පැත්තට යනවාද කියන එක ඔබට භාරයි (නි)

:       0       0

අමාලි සිල්වා Friday, 21 June 2013 03:04 PM

ජගත් චමිල ශ්‍රී ලාංකික අසාහය නවක පරපුරේ සිනමා නළුවාට මගේ සුබ පැතුම්. ඔබගේ දක්ෂ කම් මගින් මේ සම්මානයෙන් ඔබ පුද ලැබුවා සේම, ඔබ අපේ රටටද කීර්තිමත් නාමයක් එක් කලා. ඔබට දිර්ගායුෂ සහ තව තවත් මෙවෙනි සම්මාන ලබා ගෙනිමට වරම් ලේබෙවා ! (ස)

:       0       0

රුවන් Friday, 21 June 2013 07:14 PM

මොරටුවේ නෙමෙයි එයා ලංකාවේ කොල්ලෙක්.සුබ අනාගතයක් ජගත් අයියා! (නි)

:       0       0

රවී Friday, 21 June 2013 07:21 PM

ඔබට සුබ පැතුම්! (නි)

:       0       0

මොහමඩ් Friday, 21 June 2013 03:07 PM

අපට, අපේ රටට ලොකු ආඩම්බරයක් ඔබ ලද සම්මානය. සර්වබලදාරි දෙවියන් පිහිට ඔබට සැමදා. (ස)

:       0       0

මනෝජ් Friday, 21 June 2013 07:22 PM

ජගත් ඔබ ශ්‍රී ලාංකිය නම ලොව රැන්දුවාට අපෙන් සුභ පැතුම්! (නි)

:       0       0

ගාමිණී Friday, 21 June 2013 03:10 PM

ශ්‍රී ලංකාවට ඔබ ආඩම්බරයක් ! (ස)

:       0       0

නිල්මිණී Friday, 21 June 2013 03:09 PM

නියමි චමිල, ලංකාවට එනකම් මග බලාගෙන ඉන්නවා, ජය වේවා ! (ස)

:       0       0

රවී Friday, 21 June 2013 07:29 PM

ජෝ අබේවිච්ක්රම මහතාට පසු ජාත්‍යන්තර සිනමා උළෙලකින් සම්මානයක් හිමිකරගන්නා දෙවෙනි නළුවා වන්නේ ජගත් චමිලයි (නි)

:       0       0

ධම්මිකා Friday, 21 June 2013 03:20 PM

ඉතාම සතුටුයි. ඔබට මගේ උණුසුම් සුභපැතුම්. මේ චිත්‍රපටය නැරඹීමට මග බලා සිටිනවා.(ස)

:       0       0

තරූ Saturday, 22 June 2013 03:19 PM

මගෙන් උණුසුම් සුබ පැතුම් ලීඩර් අයියා. ඔබ විශිෂ්ඨ නළුවෙක් මෙන්ම නිහතමානී මනුස්සයෙක්. සුබ අනාගතයක්. දෙවි පිහිටයි. (ස)

:       0       0

මාළනී Friday, 21 June 2013 03:26 PM

අපේ සුබ පැතුම්! සදා ජය.(නදී)

:       0       0

මාලක Friday, 21 June 2013 08:12 PM

දැන් දේශපාලකයෝ දත කට මැදගෙන ගුවන්තොටුපලට එයි මේකෙන් මොකුත් වාසියක් තියනවද බලන්න. දෙන්න එපා කිසිම චාන්ස් එකක්.පුළුවන් නම් හොලිවුඩ් වලම නවතින්න. (නි)

:       0       0

චූලා Friday, 21 June 2013 08:13 PM

කවුද බොලේ මේ රන්ජිත් කියන කුහකයා? (නි)

:       0       0

රන්ජිත් Friday, 21 June 2013 03:26 PM

අනේ මේගොල්ලෝ නළුවෝද. ඔය සම්මාන ඇවිල්ලා තුන් වැනි ලෝකේ "කලාකරුවෝ" ෂේප් කරගන්ඩ කරන දෙකයි පනහේ සම්මාන උළෙලවල්. කිසිම වැඩක් නැහැ.(නදී)

:       0       0

ගාමිණී-සිරි Friday, 21 June 2013 03:28 PM

ඇමෙරිකාවේ ප්‍රදර්ශනය කරලා ,ඇමෙරිකන් නළුවාද අභිබවා යාම තමයි විශේසත්වය කියන්නේ. සුබ අනාගතයක්!(නදී)

:       0       0

සුසන්ත - ඉතාලිය Friday, 21 June 2013 08:23 PM

මොහු ඇත්තටම නිහතමානී චරිතාංග දක්ෂ නළුවෙක්. හරිම ආඩම්බරයි ‍.. ! ජයවේවා ! (නි)

:       0       0

අනුර Friday, 21 June 2013 03:34 PM

අනිත් නළුවන් ගැන කථා කරනවට වඩා ඔබ ගැන කථා කිරීමත් ආඩම්බරයක්, අවංකව සුබ පතනවා දීර්ග ගමනක් යන්න කියලා. ඔබගේ රඟපෑම් හරිම ඉහළයි. (ස)

:       0       0

නිහාල් Friday, 21 June 2013 03:37 PM

පවුල අතහැරලා මෙගා නිළියත් එක්ක පැනල යන නළු බට්ටෝ ඉන්න රටක, අගය කලයුතු නිහතමානී නළුවෙක්. (ස)

:       0       0

රේයි Saturday, 22 June 2013 08:35 AM

ඉතාමත් සතුටු විය හැකි පුවතක්. සුබ පැතුම්. (නදී)

:       0       0

අනුරාධ Friday, 21 June 2013 08:35 PM

ජගත් ඔබ හොඳ රංගන ශිල්පියෙක් බව ඇත්තයි. ඔබට ලැබුණු සම්මානය ගැන සතුටුයි. හැබැයි අපි කවුරුත් එක දෙයක් අමතක කරන්න එපා. යුද්ධය ගෑවුන, දෙමල ජනයාගේ ප්‍රශ්න ගැන කතා කරන, සිංහලයට ගරහන හැම චිත්‍රපටියකටම සම්මාන දෙන්න සුද්දෝ කිසිම ලෝබකමක් නැහැ. මේකත් එවැනි ජවනිකාවක තවත් කොටසක් පමණයි. ඔබ හොඳ රංගන ශිල්පියෙක් එකේ දෙකක් නැහැ. සමහරුන් ඔබව ඕනවට වැඩ පුම්බා ඇති බව පෙනෙනවා. උදය නමින් අදහස් පලකරන සහෝදරයා කියනවා "ජගත් චමිල මනස දියුණු කර ගත්ත නළුවෙක්" කියල. නමුත් වරක් ඔබ ඔස්ට්‍රේලියාවට ටෙලි නාටකයක රගපෑමට පැමිනි කළ රංගනය ඔබේ මනස දියුණු කරගන්න ඔබට තවත් චිරාත් කාලයක් ගතවෙන බවට මටනම් ඇති හොඳම සාක්ෂියයි. නමුත් ඔබ ඕනෑම දෙයකට සැබෑ දක්ෂයෙක්.(නදී)

:       0       0

රංජන් පොන්සේකා Friday, 21 June 2013 08:38 PM

ආනේ.... (අ)

:       0       0

තුසිත Friday, 21 June 2013 03:42 PM

අවංකව සුබ පතනවා !(ස)

:       0       0

රංජන් Friday, 21 June 2013 08:44 PM

අනේ රන්ජියෝ ඔය එල්.ටී.ටී කාරයෙක් වගේනේ, ජගත් ඔයාට මගේ උපරිම සුභපැතුම්, ආඩම්බරේට කඳුලුත් එනවා.(නදී)

:       0       0

නිශාර්ඩ් Saturday, 22 June 2013 09:03 AM

ජගත්, ඔබ හොඳ දක්ෂයෙක්. හැබෑම දක්ෂයෙක්. එය දැන් ඔබ ඔප්පුකලා. මගෙන් සුභ පැතුම් ! (ස)

:       0       0

ටානියා Saturday, 22 June 2013 09:12 AM

රංජිත්ගේ කුහක කම සහ මෝඩකම් දෙකම තියෙනවා.(නදී)

:       0       0

අමාලි සිල්වා Friday, 21 June 2013 03:51 PM

රන්ජිත් මහතානනි . මම දන්නේ නැහැ ඔබ සිංහලද වෙනත් ජාතියක් ද කියා . මොනවා උනත් ලංකාවේ ජිවත් වන්නකු ලෙසින් මෙවැනි ලාංකිකයකු ඇගයීම කරනවා වෙනුවට අපහාස කිරීම වටින්නේ නැත . ඔබ මානසික රෝගයකින් පෙලෙනවා නම් වහාම වෛද්‍ය වෙරයකු මුණ ගැසි ඔබගේ රෝගයට පිලියමක් ගන්න. (ස)

:       0       0

තරින්ද්‍රා Saturday, 22 June 2013 09:19 AM

ඔබත් සමග එකට ඉස්කෝලේ එකට රග පාපු වෙල්සේ කුමරෙකු වන මගේ උණුසුම් සුබ පැතුම්. ඔබ අපේ පාසලටත් මුළු ලංකාවටමත් අගනා මැණිකක්.(නදී)

:       0       0

නිලංග Saturday, 22 June 2013 09:24 AM

රටට කීර්තියක් ගෙන ආ ඔබගේ ඉදිරි ගමනට ජයවේවා.(නදී)

:       0       0

ප්‍රභාෂ් Friday, 21 June 2013 03:59 PM

ඔබ නම් සැබෑම නළුවෙක්,ඔබ ගැන හරිම සතුටට පත් වෙනවා.ජය වේවා! (ස)

:       0       0

ජයන්ත කුලතුංග Friday, 21 June 2013 09:21 PM

නියමයි. සුභ පතනවා.(නදී)

:       0       0

තුෂා Saturday, 22 June 2013 09:27 AM

රන්ජිත් ඔයාව මේ ලෝකෙට ආපු තැනින් ඇතුලට යවලා ආයෙත් හරි විදියට ගන්න ඕනා.(නදී)

:       0       0

දී.මු .සංජය දිසානායක Friday, 21 June 2013 04:00 PM

රන්ජිත් පෙන්නන්නේ ඔහුගේ කුහක හදවතයි. අනුකම්පා කරනවා මෝඩයට. (නි)

:       0       0

චින්තක Friday, 21 June 2013 04:01 PM

ඔබට ජය! වේල්ස් කුමර විදුහලට ආඩම්බරයක් ඔබ... (නි)

:       0       0

තුෂාර ජයනෙත්ති Friday, 21 June 2013 04:01 PM

ඔබ දක්ෂ, නිහතමානී හොද නළුවෙක්. ඔබ කරන චරිත වගේම සැබෑ ජීවිතයත් ඉතාම හොදින් ගත කරනබව පෙනෙයි. අපෙන් උණුසුම් සුබ පැතුම්. (නි)

:       0       0

කමල් Friday, 21 June 2013 04:05 PM

රන්ජිත් කියන්නේ කාලකන්නි සතුටක් ලබන කෙනෙක් වගෙයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මල්වතුඔයෙන් ටී 56 පතුරම් 120ක් සොයා ගනියි
2024 සැප්තැම්බර් මස 28 183 0

ඇලයාපත්තුව පොලිස් වසමේ අංක 304,ගල්කඩවල,මල්වතු ඔය,ඇනිකට් එක යට තිබු ටී 56 වර්ගයේ ජීව පතුරම් 120 ක් සහිත මැගසින් හතරක් ඇලයාපත්තුව පොලිසිය විසින් අද(28) සිය බාරයට


ජනපති කොළඹ පොත් ප්‍රදර්ශනයට යයි
2024 සැප්තැම්බර් මස 28 1073 4

කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ 25 වන වරටත් පැවැත්වෙන ’’කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය’’ සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක


පැන්ෂන් ජනපතිලා නඩත්තුවට වසර 3ට කෝටි 27ක් පුදලා
2024 සැප්තැම්බර් මස 28 3778 8

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, මෛත්‍රිපාල සිරිසේන යන හිටපු ජනාධිපතිවරුන් සිවුදෙනා සහ ජනාධිපති රණසිංහ ප්‍රේමදාස ම


ඇමතිවරුන් තිදෙනාට අයිති ආයතන මෙන්න
2024 සැප්තැම්බර් මස 28 2905 2

අමාත්‍යවරුන්ට පැවරෙන ආයතන විෂයන් සහ කාර්යයන් ඇතුළත් ගැසට් නිවේදනය අද නිකුත් කරනු ලැබීය.


හිඟ ආදායම් බදු ගෙවන්න සඳුදා තෙක් කල් දෙයි
2024 සැප්තැම්බර් මස 28 3377 3

2023/ 2024 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු ගෙවිය යුතු සෑම තැනැත්තෙක්ම එම තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු සියලුම ආදායම් බදු සැප්තැම්බර් 30 දිනට හෝ එදිනට පෙර ගෙවා අ


හමුදා නිලධාරියාගේ රියේ ගැටුනු අයෙක් මරුට
2024 සැප්තැම්බර් මස 28 1482 1

කොළඹ - මහනුවර මාර්ගයේ යක්කල නගරය ආසන්නයේදී සිදුව ඇති රිය අනතුරකින් යතුරු පැදියක ගමන් ගත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව යක්කල පොලීසිය සඳහන් කරයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37897 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24976 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 233 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 761 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 271 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site