රංජන් කස්තුරි
හිටපු යුද හමුදාපති ජනරාල් ජගත් ජයසූරිය මහතා අපරාධ සිදු කළ බවට තමා සතුව සාක්කි ඇතැයි ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා කියයි.
ජයසූරිය මහතා වව්නියාවේ සේනාංකයේ කටයුතු කරද්දී සහ යුද හමුදාපති වූ පසුවත් වැරදි කර ඇතැයි ද, ඒ සම්බන්ධයෙන් පැවැත්වෙන නඩු විභාගකය කදී තමා සාක්කි ලබා දෙන බව ද ෆොන්සේකා මහතා පැවසීය.
කොන්ත්‍රාත්කරුවෙකු පැහැරගෙන ගොස් රුපියල් ලක්ෂ 4 කට ආසන්න දේපල කොල්ලකෑ එකම පවුලේ තිදෙනෙකු සහ සිව් දෙනකු අත්අඩංගුවට ගත් බව බණ්ඩාරගම පොලිසිය කියයි.
පස්සර බිබිල මාර්ගයේ 13 කනුව ප්‍රදේශයේ දී මාර්ගය ට විශාල ගල්පර්වත පස්කදු කඩා වැටීමෙන් දින හතක් පුරා වසා දමා තිබූ පස්සර බිබිල මාර්ගය රථ වාහන ධාවනය සදහා යල
රනිල් ලේසියෙන් කාගේවත් ප්‍රාණ ඇපකාරයෙක් කරගන්න පුළුවන් යැයි සිතීම විහිළුවක් බව හිටපු අමාත්‍ය වෛද්‍ය රාජ්‍ය සේනාරත්න මහතා මාධ්‍ය හමුවකදී අද (24)පැවසීය.
පොලිස් මාධ්‍ය කොට්ඨාසය සම්බන්ධකර ගැනීම සදහා නව දුරකතන අංකයක් හදුන්වාදී ඇත.
රුපියල් අසූ නව ලක්ෂ අනූ හත් දහසක් පමණ වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙනැවිත් , කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින
යාපනය නල්ලූර් ප්‍රදේශයේ පිහිටි නිවසකින් රුපියල් එක්කෝටි පනස්ලක්ෂයකට ආසන්න වටිනාකමින් යුතු මුදල් හා රණ් භාණ්ඩ තොගයක් කොල්ලකෑමේ සිද්ධියක් සමබන්ධයෙන
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජගත් ජයසූරියට එරෙහිව සාක්කි දෙනවා - ෆොන්සේකා
Sena Friday, 01 September 2017 02:37 PM
දැන් තමයි තේරෙන්නේ මෙහෙම කට්ටියක් එකට සමගි කරලා යුද්දයක් මෙහෙවීම කොච්චර අමාරුද කියල .
raveendraSaturday, 02 September 2017 04:04 AM
සේන මයාවෙත, ඉතා වටිනා අදහසක් ඔබ විසින් ඉදිරිපත් කිරීම පිලිබඳව සතුටුවෙන්නෙමි. දැන් දැන් අපගේ යුධ වීරයන් හැබෑ වීරයන්ද යන්නද ප්රශ්නයකි. අපගේ පැරැන්නන් ගේ කියමනක් වන පළමුව "රට " දෙවනුව "ජාතිය " තුන්වනුව "ආගම" යන්න පැහැදිලිවම මෙසේ වෙනස්විය යුතුමය. පළමුවත් "මම" දෙවනුවත් "මම" තුන්වනුවත් "මම". එබැවින් අපගේ ආදරණිය ලංකා මාතාව වෙනුවෙන් තම වටිනා ජිවිතපුජාකළ රණවිරුවන් ගැන ඉත කණගාටු වන්නෙමු. නන්දා මාලනි මහත්මියගේ සුන්දර ගීතයක කොටසක් මගේ මතකයට එනබැවින් එය පහත සදහන්කරමි . මවුබිම වෙනුවෙන් පොරණේ දිවිදුන් විරු දරුවන්ගේ ලේ වලිනුයි ඒ දෙරණේ මිනිකැට මුතු ඇට මැවුනේ. අවසාන වශයෙන් මෙසේ සඳහන් කිරීමට කැමැත්තෙමු. අපගේ මවුබිම වෙනුවෙන් ජිවිත පූජාකල විරෝධාර රණවිරුවන් පාවාදෙන්නේ කවුද?
raveendraSaturday, 02 September 2017 07:05 AM
අපගේ පෙම්බර ලංකා මාතාව වෙනුවෙන් වටිනා ජීවිත පුජාකළ අපගේ විරෝදාර රණවිරුවන් පාවාදෙන කාලකන්නි, පරගැති කලවැද්දන්ගේ සොහොන්වලටද හෙන හසනු ඇත.
kusumSaturday, 02 September 2017 10:26 AM
ෆීල්ඩ් මාර්ෂල් සරත් මහත්තයා වන්දනීයයි. එතුමා 30 වසරක යුද්ධය නිමා කරලා දුන්නා. එතුමා යටතේ හිටපු කවුරු වැරැද්දක් කළත් ඒ උතුමන්ගෙන් සමාවක් නැහැ. එකාබද්ධයට කඩේ ගිය ජයසූරිය මහත්තයට උණ ගැනිලා ඇති. ඩයස්පෝරාවෙන් සල්ලි අරගෙන එතුමාට ජම්පර් අන්දපු දේශද්‍රෝහීන්ගේ වලවල් වලටත් කවදා හරි හෙන ගහනවා.
ජාත්‍යාලයේ වෙනස.....Saturday, 02 September 2017 06:47 PM
"යුධ රහස් මා සමඟම මියයාවි... ඒත් යුධබිමේ සගයන්ව මා පාවා නොදෙමි!" ෴ජෙනරල් කමල් ගුණරත්න෴ "ජගත් ජයසූරියගේ වැරදි වැඩ මම දන්නවා ඒකට සාක්ෂි දෙන්න මම ලෑස්තියි!" ෴මාෂල් ෆොන්සේකා෴
අනුහස් Friday, 01 September 2017 02:42 PM
ඇත්තටම ලැජ්ජයි.
menna Friday, 01 September 2017 03:34 PM
එකිනෙකා පළිගැනීමේ ඉවරයක් නැහැ. රට ඉවරයි.
rohan Friday, 01 September 2017 05:07 PM
ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා යනු ලෝකයටම ආදර්ශමත් හමුදා නිලදාරියෙක් .........
RanilSaturday, 02 September 2017 12:06 AM
රොහාන්, ලෝකෙට හොද ඇති ඒ උනත් අපේ රටට නරකයි. මුලින්ම සුදු කොඩි කතාවක් හදල රටේ නම විනාශ කලා. දැන් තමන්ගේම නිලදාරීන් පාවල දීල තමන් සුදාන වෙන්න හදනවා. මුළු රටෙන්ම ඡන්ද 5000 ගන්න බැරි උනත් තමන්ගේ ආත්මය පාවල දීල වැඩකට නැති ඇමැති කමක් අරගෙන දැන් බොරුවට දගලනවා.
raveendraSaturday, 02 September 2017 07:17 AM
රොහාන් මයා වෙත, කූඩැල්ලා තොටිල්ලේ ඉන්නවද නැද්ද කියන අදහස මගේ මතකයට එනවා. මා විශ්වාස කරනවා රොහාන් මයා නන්ද මාලනි මහත්මියගේ මෙම සුන්දර ගීතය සවන්දී ඇති බවට. එහි කොටසක් ඔබගේ මතකය අලුත් කරගැනීමට පහතින් එය පහත සදහන්කරමි . " මවුබිම වෙනුවෙන් පොරණේ දිවිදුන් විරු දරුවන්ගේ ලේ වලිනුයි ඒ දෙරණේ මිනිකැට මුතු ඇට මැවුනේ "
shan saudiSaturday, 02 September 2017 04:46 PM
රවීන්ද්‍ර ඔයාල වගේ එක එක්කෙනාට කඩේ යන අය හන්දා තමයි අපේ රට විනාස වෙලා තියෙන්නේ
nishaSunday, 03 September 2017 03:30 AM
අමතක වුණාද? සරත් ෆොන්සේකා මැතිතුමා යුධ හමුදාවේ අවුරුදු 40 ක් යුද්ධය කළා කියලා...
ශෂික Sunday, 03 September 2017 03:22 AM
මේ කෙරුවාවල් පිළිබඳව 2010 කාලේදී බොහොමයක් දේ පැවසුණා .. අපි එදා හිතුවේ ඒවා දේශපාලන මඩ කියලා. දැන් තේරෙනවා ඒවා ඇත්තම තමයි කියලා...
යසන්ත Friday, 01 September 2017 05:16 PM
මුලින් නම් කිව්වේ රණවිරුවන් වෙනුවෙන් දිගටම පෙනී සිටිනවා කියලා නේද !.
Ruwan RSaturday, 02 September 2017 07:02 AM
ඉතින්? .. මං මේ ඒක තමයි කරන්න හදන්නේ ...
Nana Friday, 01 September 2017 05:20 PM
යුද්ධය මුවාවෙන් වෙනත් දේ කල පුද්ගලයින් නිසා තමා යුද්ධය කල් ගියේ, හමුදාවට නරක නමක් ගෑවුනේ. කොහොම බැලුවත් හොඳ වැඩක්. පලිගැනීමක් කියන්නේ කොහොමද ? සරත් ෆොන්සේකා කෙලින් ඇත්ත කතා කිරීමට කැමති කෙනෙක්.
senaSaturday, 02 September 2017 03:51 AM
යුද්දෙන් පස්සේ තිබ්බ එතුමාගේ රුපවාහිනී සාකච්ඡාව කරුණාකරලා බලන්න.
beau Friday, 01 September 2017 05:48 PM
ඒ වැඩේ නම් හරි නැත. එ්කට සටන් කරපු අය පාවා දෙන්න එපා. හොරු එක්ක එකතු වෙලා තමන්ගේ නම තමයි සවුත්තු වෙන්නේ...
විජිත් Friday, 01 September 2017 06:03 PM
මම කිසිම දේශපාලන පක්ෂයකට සම්බන්ධ කෙනෙක් නොවෙයි. නමුත් ...ලැජ්ජයි මහත්තයෝ ඇත්තටම ලැජ්ජයි. ඔබතුමා මෙතැනදී කරන්න යන්නේ පුද්ගලික පලිගැනීමක් නේද..? අනික ජගත් ජයසුරිය මහත්මයා ඒ කාලයේ යුධ අපරාධ කළා කියලා ඔබතුමා කියනවා. හොඳයි එතකොට ඒ කාලයේ යුද හමුදාපති ඔබතුමායි. ඔබ අවංක නිලධාරියෙක් නම් විනය පරීක්ෂණයක් කරලා ඔහුට දඬුවම් දෙන්න තිබුනානේ. ඇයි ඒ කාලයේදීම ඔහුව " කෝට්මාෂල් " නොකළේ...? ඒ කියන්නේ හමුදාපති ලෙස ඔබ ඔබගේ වගකීමක් පැහැරහැරලා තියෙනවා වරදක් දැක දැකම. ජයසූරිය මහතාව පාවාදුන්නොත්, ඒ මහත්මයා කිවොත් "ඔව්..එහෙම දෙයක් වුනා.. එ්ක කරන්නට මට අණදුන්නේ ජෙනරාල් ෆොන්සේකා මහත්තයා" කියලා, ඔබතුමා මොනවද කියන්නේ...? අදත් මගේ ලෝකයේ ඉන්න අතිදක්ෂම රණවිරුවෙක් ලෙස ඔබතුමාට ගරුකරනවා, නමුත් මේ කරලා තියෙන්නේ "බොළඳ" වැඩක් බව නම් නොකියාම බැහැ.
සෙනෙවි Friday, 01 September 2017 06:06 PM
ලොක්කාට මොනවා හරි වෙලාද කොහෙද?
Ratnamalala Friday, 01 September 2017 06:24 PM
කිසිම ජන පදනමක් නැති කෙනෙක්.
sanath Friday, 01 September 2017 06:26 PM
සරත් ෆොන්සේකා යටතේ වැඩකරපු සොල්දාදුවෙක් යුද අපරාධ කලානම් අවුරුදු අටක් බලාගෙන හිටියේ මොකද ඒ පිලිබඳ සොයා බලන්නේ නැතුව? මේ චෝදනාව සත්‍යයක් නම් යුධ අපරාධ වසන් කිරීම සම්බන්ධව සරත් ෆොන්සේකාට දඬුවම් ලබදිය යුතුයි.
vipula Friday, 01 September 2017 06:35 PM
බොහොම ලස්සනයි ..... අපී කල පිනකට දෙවියෝ තමයි මෙයා ගියපාර ජනාධිපතිවරණයෙන් පැරදුනේ .... දින්නනම් රටත් ඉවරයි හමුදාවත් ඉවරයි ....
de silva berlin Friday, 01 September 2017 06:36 PM
මේකෙන් අමාරුවේ වැටෙන්නේ ජගත් ජයසුරිය විතරක් නොවේ අපේ මුළුරටම
de silva Friday, 01 September 2017 06:51 PM
තිබෙන කරදර මදිවට තව මගුලක් දොඩවනවා , ඒ දවස් වල ජගත් වැරදි කරනම් , තමන් එක දැනගෙන හිටිය නම් , ඔහුගේ ප්‍රධානියා වශයෙන් ඔහුට විරුධව විනය පියවර නොගැනීමෙන් ඔබත් වරදක් කරපු බව තේරෙන්නේ නැද්ද ?
bohoda aiya Friday, 01 September 2017 07:42 PM
මෙන්න මෙයටයි පාර්ලිමේන්තුවේ මුලින්ම විස්වාසබන්ගයක් ගෙන්න ඕනේ, දේශපාලනයෙන් අපිට වැඩක් නෑ. යුද්දෙදි ලොකු දෙයක් කරපු කෙනෙක් තමි ජගත් ජයසුරිය කියන්නේ. මෙම මේ පිනට පාර්ලිමේන්තු ඇවිල්ල රටම ගිනි තියන්න හදන්නේ.
විසල් Friday, 01 September 2017 08:05 PM
සුදු කොඩි කතාව -දෙවන කොටස
indika Friday, 01 September 2017 08:11 PM
මෝඩ කමක මහත
siri Friday, 01 September 2017 08:24 PM
"බල්ලෙක් බිරුවට කන්දක් පාත්වෙන්නේ නැහැ" මේ කට ඇරියොත් පැත්තම ඉවරයි. තමන්ගේම සහෝදර රණ විරුවෙකුට විරුද්ධව සාක්ෂි දෙන්න යන්නේ රෙදි නැතිවද?
sunimal Friday, 01 September 2017 09:29 PM
සත්‍ය කුමක් වුනත් මෙය ලෝකයා ඉදරියේ අපටම උඩ බලා කෙල ගසා ගැනීමකි. ලංකාව දෙසට ඇඟිලි දිඟු කිරීමට දෙනලද අවස්ථාවකි.
Danushka Friday, 01 September 2017 10:15 PM
මේක සුදුසු වැඩක් නම් නෙමෙයි.
Balapeti Friday, 01 September 2017 10:29 PM
කබරගොයින්ගෙන්, තලගොයින්ගෙන් මොනවා බලපොරොත්තු වෙන්නද? මම විතරයි යුද්ධ කෙරුවේ කියලා කියන මෝඩයෙක්ගෙන් රටට සෙතක් වෙයිද?
sanath Friday, 01 September 2017 10:33 PM
සේන ගේ කතාව නම් සම්පූර්ණ ඇත්ත. යුද්ධය දිනලා, තමයි කිසිම දෙයක් කර ගන්නට බැරිවෙලානේ....
sam Friday, 01 September 2017 10:39 PM
ෆොන්සේකා මහතාගේ ප්‍රකාශය දිහා මැදහත්ව බැලුවාම මට හිතෙන්නේ මෙහෙමයි. මෙතුමා රටට, ජාතියට විශේෂයෙන් ලංකා හමුදාවට ආදරයක් තියනවා නම් යම් හමුදා නිලධාරියෙකුගේ වැරදි දැන දැනම සඟවා, දඬුවම් නොකිරීම වරදක්. මේ ප්‍රකාශයෙන් එතුමා කියා ඇත්තේ එතුමා එහෙම කළ බව නේද? ඉහළ නිලධාරීන්ට දඬුවම් කිරීමෙන් හමුදාවේ මොරාල් එක නැති වී යුද්ධයට බාධා වෙනවා නම්, එදා එලි නොකළ රහස් කිසිදා එළි නොකළ යුතුයි. යුද්ධය නිමා කිරීමට මොන තරම් කැප කිරීම් කළත් මෙතුමා බොහොම පහත් ගතිගුණ තිබෙන අවස්ථාව ආවාම පළිගන්නා බව මේකෙන් ඔප්පු වෙනවා.
abaran Friday, 01 September 2017 11:13 PM
මෙහෙම අය එකතුවෙලා යුද්ධයක් කරලා දිනුවා කියන්නේ හරි පුදුමයක් ..... නියම දේශප්‍රේමී සෙන්පතියෙකු නැතිවීම හරිම අභාග්‍යයක්....
sathyayaa Friday, 01 September 2017 11:17 PM
මොනතරම් වාද භේද තිබුණත් හමුදා සෙබළුන් එකිනෙකා විවේචනය කරගන්නේ නැතුව ක්‍රියාන්විතයේ යෙදෙනවා. දේශපාලනයට ගෑවුණු මොහොතේ ඉඳලා ජන්මාන්තර වෛරක්කාරයෝ. ත්‍රස්තවාදය පරද්දන්න කැපවීමකින් සටන් කළ කිසිම හමුදා නිලධාරියෙක් පිරිහුණු දේශපාලකයන් වෙනුවෙන් කඩේ යායුතු නැහැ. මන්දයත් රණවිරුවන් ජනතා හදවත් තුළ හැමදාමත් ජීවත් වන නිසා....
nandani subasinghe Friday, 01 September 2017 11:18 PM
ලෝකයේ බලවත් රටවල් යුද අපරාද කලාට ඒ රටවල් කවදාවත් තමන් කළා කියන්නේ නැහැ. අපේ රටේ මිනුස්සු දේශපාලන වාසියට ඕනෑම කෙනෙක්වම පාවලා දෙනවා.
Nishan Friday, 01 September 2017 11:28 PM
සරත් ෆොන්සේකාගෙන් මෙහෙම ප්‍රකාශයක් නම් මේ රටේ මිනිස්සු බලාපොරොත්තු උනේ නෑ. එයා යටතේ හිටපු නිලදාරියෙක් වරදක් කළා නම් වෙන අය පිට වගකීම පටවලා බේරෙන්න බැහැ. එයාටත් යම් කිසි වගකීමක් ඒ ගැන තියෙනවා. ජගත් ජයසුරිය යවන තැනකට එයාවත් යවන්න ඕනේ.
රජින්ද Friday, 01 September 2017 11:56 PM
ඇත්තටම මහින්ද මහත්මයා මේ පුද්ගලයාව සිරගත කිරීම හරියි කියල මට හිතෙන්නේ මෙයා දේශද්‍රෝහී වෙන විදිහට. මෙයාලගේ වාසනාවකට මේගොල්ලෝ ලංකාව වගේ රටක ඉපදුනේ මේ ද්‍රෝහී ක්‍රියාව වෙන රටක උනානම් මෙලහකට ප්‍රසිද්ධියේ මෙයාලට දඩුවම් දෙන්නේ.
Chanak Los angeles Saturday, 02 September 2017 12:38 AM
ෆෝන්සේකාට බනින සියලු දෙනාම රටට ආදරය නැති ජාතිවාදී කියා මම කියමි. ෆෝන්සේකා මේ කරන්න යන ක්‍රියාවෙන් හමුදාවේත් රටෙත් කීර්ති නාමය යලි ආරක්ෂා වෙනවා ...
ජයරත්න Saturday, 02 September 2017 12:38 AM
පාවාදීමක්නේද? දෙපර්ශවයක් අතර ඇතිවන සටනකදි ඒපාර්ශව දෙකෙන්ම යම් යම් දෙවල් සිදුනොවෙත්ද, අනික ඇයි මේ එක්පාර්ශවයකට විතරක් චෝදනා. පුද්ගලික එදිරිවාදිකම්කම් පසෙකලා හැමෝම සමගිව මේවාට මුහුණ දිය යුතුයි නේද, ‘‘වෛරයෙන් වෛරය නොසන්සිදේ‘‘
Shanaka Saturday, 02 September 2017 01:15 AM
මේ වගේ පුද්ගලයෙක් හමුදාපති කරපු මහින්දට ඇත්තටම දඬුවම් කළ යුතුයි. ජාතියත් පාවලා දෙනවනේ....
akila Saturday, 02 September 2017 01:35 AM
රටේ මිනිස්සු (ඡන්ද දායකයෝ) හිතන හැටි මෙලෝ හසරක් තේරුම් ගන්න බැරි අපේ අගමැතිතුමා තම පක්ෂයට කඹුරපු මිනිස්සු ඉන්දැද්දී එකතු කරපු කුණු ගොඩක් තමයි මේ...
දිනේෂ් Saturday, 02 September 2017 01:52 AM
සරත් ෆොන්සේකා මැතිතුමා යුධ හමුදාපතිව සිටිකාලයේ ජගත් ජයසූරිය මහතා අපරාධ කළාද දන්නේ නෑ. පේන විදිහට නම් දේශපාලන පළිගැනීමක් වගේ...
චතුර ශ්රිනයක Saturday, 02 September 2017 01:54 AM
හැසිරෙන විදිහ අඩුම වශයෙන්, ශ්‍රී ලාංකිකයෙක් වශයෙන් රටට ගැළපෙන්නේ නැහැ. ඉතාම නින්දිතයි. මොහු ගැන තියෙන ගෞරවය මොහු විසින්ම නැති කරගන්නවා වගෙයි. එතකොට වීරයා ද්‍රෝහියෙක් වීම පමණයි වෙන්නේ. මෙතුමාගේ දේශපාලන අනාගතය ගැන ඉතාම පැහැදිලියි. පුද්ගලික කෝන්තර රටේ දේශපාලන අනාගතය වෙනස් කරන්න යොදාගන්න... ඒක රටේ බහුතරයක් වෙන නිර්පාක්ෂික පුරවැසියන් අපේක්ෂාවෙන් බලා ඉඳලා තීරණයක් ගනීවි...
Chanak los angeles Saturday, 02 September 2017 02:37 AM
නියමයි ෆොන්සේකා මහත්තයා,.. රාජපක්ෂවරුන්ගේ කාලේ රණවිරු බෝඩ්ගහගත්ත සියළුම නිලධාරීන්ව සාක්කි දීලා ජාත්‍යන්තර යුධ අධිකරණයට යවන්න.
Lapaya Saturday, 02 September 2017 02:44 AM
තවත් මේ වගේ උදවිය පසුපස යන අය ඉන්නවා. යුද්ධය දිනපු එකත් පුදුමයක්...
rathne Saturday, 02 September 2017 02:44 AM
යුද්ධයෙන් පස්සේ ෆොන්සේකා මහත්තයව හිරේ දැම්ම එක හොඳ නෑ. නමුත් ඔබ තුමාගෙන් සාක්ෂි දීම කෙසේවෙතත්, මෙවැනි ප්‍රකාශයක් වත් ජාතියක් හැටියට ලංකාවේ අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ. එබැවින් ඉදිරියේදීවත් එවැනි ප්‍රකාශ, ක්‍රියාවන් නොකරනු ඇතැයි අපේක්ෂා කරමු.
himal Saturday, 02 September 2017 03:19 AM
යුද්ධය පෙන්වා සුද්දය දෙන වැඩ කරලා තියෙනවා නම් ඒවා වැරදියි. උදා- සුදු වෑන්. හැබැයි නිකමට හිතන්න තුවක්කුව අරන් වෙඩි තියන්න එන්නේ ළමයෙක් වුණත් එන්නේ මරන්න නම් කතා බහ කරලා බේර ගන්න බෑ. මොනවා වුණත් දැන් මේක රට ඇතුලේම විසඳ ගන්නවා නම් හොඳයි.
aruna Saturday, 02 September 2017 03:41 AM
යුද්ධයේදී කොච්චර පාවාදෙන්න ඇතිද කියල දැන් තමයි තේරෙන්නේ. කොච්චට රටට ද්‍රෝහි කමක්ද එතකොට...
nishaSunday, 03 September 2017 08:33 AM
කොටියට සල්ලි දීලා ඡන්දය දිනන අයට කියන්නේ මොකද්ද?
Thilak Saturday, 02 September 2017 03:52 AM
උඩ බලාගෙන කෙල ගහන්න එපා...
hemantha Saturday, 02 September 2017 04:01 AM
මෙහෙම පාවාදෙන මිනිස්සු එදත් හිටියා. අදත් ඉන්නවා. හෙටත් ඉදීවි. මේ වගේ කට්ටියත් සමග තමයි යුද්ධයට හොඳ දේශපාලන නායකත්වයක් දුන්නේ. ඩෙන්සිල් කොබ්බෑකඩුව, විජය විමලරත්න, ජනක පෙරේරා වගේ යුධ විරුවන් හිටියා. ඔවුන් සබෑ දක්ෂයන්. එ්ක ඕනෑම කෙනෙක් දන්නවා. නමුත් යුද්ධය දිනන්න බැරි වුණා. එක හිතන්න බුද්ධිමත් ඔබතුමාලට බාර කරනවා!
රත්නායක Saturday, 02 September 2017 04:20 AM
මෙයා මෙච්චර කල් මේ තොරතුරු හංගගෙන හිටපු එක වැරැද්දක් නෙවෙයිද? . හරිවිදියට නම් මේ ඔක්කොටම වගකියන්න ඕනේ එ් වෙනකොට හිටපු හමුදාපතිතුමා තමයි.
upali Saturday, 02 September 2017 04:29 AM
තමන් යටතේ වැරදිකරපු අයව වළකන්න බැරිවුණ කෙනා කොහොමද කියන්නේ මමයි යුද්ධය දිනුවේ කියලා..?
chanda Saturday, 02 September 2017 04:30 AM
මේවා වසල ගති තමයි.
Nuwan liyanaarachchi Saturday, 02 September 2017 04:55 AM
සුදු කොඩි නඩුව දිහා බලනකොට මේකත් මොකක්ද? එදා පාවා දුන්නෙත්, ඉදිරියට පාවා දෙන්නෙත්, තමා ගේ යටතේ පැවති හමුදාව දිවි හිමියෙන් රකින බවට දිවුරා පොරොන්දු වූ තමාගේ මව් රටමයි.
Priyashantha Saturday, 02 September 2017 05:02 AM
මේ පෞද්ගලික එදිරිවාදිකම් නිසා හැමදාම අපේ රට විනාස වුණා. සතුරු බලවේග එකට එකතුවී අපට එරෙහිව නැගී සිටින විට අපේ අය එකිනෙකා කපා කොටා ගන්නවා. රට, ජාතිය ගැන කිසිම හැඟීමක් නැහැ.
Tharindu Saturday, 02 September 2017 05:42 AM
ෆොන්සේකා මහත්තයා, මෙවැනි කියමන් ඔබ වැනි පුද්ගලයෙකුගෙන් ඇසීමට ලැබීමත් කණගාටුවට කරුණකි. යුද්ධය යනු ඔබ අප සියලු දෙනා එකතු වී කළ දෙයකි. ඒ තුල දෙයක් සිදු වූවානම් එය නිවැරදි කල යුත්තේ රට පාවාදීමෙන් නොවන බව ඔබට නොවැටෙන්නේ රටේ අවාසනාවට ය. මෙය හුදෙක් පෞද්ගලික පලි ගැනීමකි.
අප්පුහාමි Saturday, 02 September 2017 05:53 AM
රට යන දිහා හොඳට ඇස් ඇරලා බලන්න. ආත්මාර්ථකාමීත්වය, පලිගැනීම, වෛරය, යන දේ පදනම් කරගෙන තම පෞද්ගලික අරමුණු ඉටුකරගැනීම වෙනුවෙන් අපි නායකයෝ යයි කියාගන්න කට්ටිය කරන දේවල් වලින් රටට ජාතියට වෙන අයහපත ගැන කල්පනා කරන්න. යුද්ධයක් කියන්නේ සෙල්ලමක් නෙවෙයි. යුද්ධයක වන සියලු දේම නරකයි. මේ එන්නේ දෙමල ඩයස්පෝරාවේ බලයයි. අපිට ලැජ්ජයි ෆොන්සේකා මහත්තයෝ! ඔබට ලංකා ඉතිහාසයේ හිමිවන තැන මට මෙතන ලියන්න බෑ.
sameera Saturday, 02 September 2017 06:01 AM
සුදු කොඩි කතාවත් වෙන්නැති නේද? ......
husen-riyad Saturday, 02 September 2017 06:01 AM
මනුස්සකම කියන්නේ..., හැම ආගමිකයින්ම හැම ජාතිකයෙක්ම මනුස්සයෝ හැටියට එක හා සමානයි කියලා හිතන්න පුළුවන්වීමයි. වෙනස්කම් කරන්නේ.., අමනුස්සයෝයි කියනෙකයි ඒකෙන් අදහස් කරන්නේ. ඉතින් ඔය කියන වැරදි වුණා නම් වෙලා ඇත්තේ, යුද්දෙට සම්බන්ධ නැති සුළු ජාතිකයින්ටයි. යුද්ධය කාලේ පැවති ආණ්ඩුවේ පූර්ණ ආශිර්වාදය නිසයි.., මෙවැනි නිලධාරීන්ට හිතේ හැටියට යකා නටන්න ඉඩ සැලසුනේ. අපි දැක්කා.., ධර්ගා නගරයේ පවා මෙවැනි ම්ලේච්ච ක්‍රියා නිසා, අහිංසක ජීවිත තුනක් නැතිවුනා. හැබැයි.., අද වෙනකම් ඒවාට නඩුත් නැහැ. මහජාතියේ ලේ හැලුණානම්.., ඒවාට ගොඩක් වටිනාකමක් තියෙනවා. ඒත්.., සුළු ජාතීන්ට අසාධාරණයක් වුනානම්.., කවුරුවත් ගණන් ගන්නෙත් නැහැ, මියන්මාරයේ දැන් වෙන සමුහ මිනිස් ඝාතන වගේ. මොකද ඒ උදවියගේ ඇඟේ දුවන්නේ "ලේ" නෙමෙයි. තක්කාලි සෝස් නිසා වෙන්නැති.
Saman Saturday, 02 September 2017 06:16 AM
මෙතුමා සිරගත කලවිට හමුදාව කිසිම දෙයක් කිව්වේ නෑ. හැබැයි දැන් මේ කියපු කතාව උඩබලාගෙන කෙල ගහගන්නවා වගේ වැඩක්. ලංකාවේ මාධ්‍ය කියන්නේ මාධ්‍ය නිදහස වෙනුවෙන් පෙනී හිටින අපේම දෙන්නෙක් ඇනකොටා ගන්නකොට එකට පිදුරු දාල එ්කෙන් වාසි ගන්න සහ එක පෙන්නුවහම එ්ක මාධ්‍ය නිදහසට බාධාවක් කියලා හිතන ජාතියක්....
dammika Saturday, 02 September 2017 06:45 AM
මෙතුමා කරන්නේ ලොකු වැරද්දක්.. හමුදාව තුල ජය ගන්නවා කියන්නේ සාමුහික එකතුවක් මත රඳාපවතින්නේ. එ් දේ වුණේ නැත්නම් අද අපි මේවගේ නිදහසක් භුක්ති විඳින්නේ නැහැ. සිංහල ජනතාවත් වැරදි කළා. දෙමල ජනතාවත් වැරදි කළා. සිංහල ජනතාව වගේම දෙමල ජනතාවත් නැති වුණු සිංහල ජනතාවගේ ආකල්ප සිතන විදිහ වෙනස් කරන්න පුළුවන්... නමුත් ලංකාවේ හෝ විදේශීය හෝ ඕනෑම කෙනෙක් හිතන්නේ සිංහලයා කියන්නේ මහා කුහක ජාතියක් කියලා... ඒ දේ සම්පුර්ණයෙන් වැරදියි. මම දන්නවා දෙමල ජනතාවගේ ආකල්ප වෙනස් කරන්න බැහැ. මොකද ප්‍රායෝගිකව මම දන්නවා ඒ බව තමයි ඒ දේ හිතේ මුල්බැහැ ගෙන තියෙන්නේ.. අපි තව දුරටත් මේ කරන්නේ ඉදිරියට කරගෙන ගියොත් අපට ඉදිරියට යන්න බැරි වෙනවා.
Chanak los angeles Saturday, 02 September 2017 06:48 AM
ෆනේසේකා මහත්තයා අනෙක් අයගේ වැරැදිවලට වගකියන්නේ ඇයි? එතුමා තනියම යුද්ධය මෙහෙයවා දිනුවා...
amithSaturday, 02 September 2017 08:13 AM
එන්.ජී.ඕ. කාරයෝ හරියටම දන්නවා. ඇමෙරිකාවට පැනගත්තේ එ්කනේ....
sahanSunday, 03 September 2017 04:19 AM
ෆොන්සේකා ඇමරිකාවේ ග්‍රීන් කාඩ් ගත්තේ කොහොමද?... කියන එක නම් දැන් හොයන්නම වෙනවා.
අනිල් Saturday, 02 September 2017 07:01 AM
දියෙහි යන දණ්ඩට, පිහිටක් වෙතත් කිසිවිට දුදනන් හට පිහිට නොවව් යන බස සැබෑ කලෙ මට..
p.d goonawardena Saturday, 02 September 2017 07:05 AM
දැන් කවුද කලවැද්දා?
darshana Saturday, 02 September 2017 07:08 AM
මේ වගේ මිනිස්සු එක්ක කොහොමද රටක් විදියට ඉස්සරහට යන්නේ? මෙයාගේ තියෙන්නේ පලිගැනීම් විතරයි. මේ රට කවදාවත් දියුණු වෙන එකක් නෙවේ.
Deepal Nirosh Saturday, 02 September 2017 07:20 AM
කොහොමද 2011 දී වැරදිලා හරි බලය දුන්නා නම්? ඌරන් කැකුණ තලන විට හබන් කුකුළන්ට නම් රජ මඟුල්.
jayantha Saturday, 02 September 2017 07:24 AM
කලවැද්දා කියන්නේ නිකමටද?
lawrence Saturday, 02 September 2017 07:49 AM
කොහොමද තව ජනාධිපති කම දුන්නා නම් බොහෝ දෙනෙක් වලපල්ලේ තමයි..
වින්සන්ට් Saturday, 02 September 2017 08:00 AM
මෙතුමාගේ දේශපාලන හවුල අප පිළිගත්තත් නොගත්තත්, මෙහි අදහස් පළ කර ඇති බොහෝ දෙනාගෙන් ඇසිය යුතු ප්‍රශ්නයක් ඇත. මෙතුමා සිරගත කිරීමේදී ජගත් ජයසුරිය මහතා යම් විරෝධයක් ප්‍රකාශකර තිබේද? තමන්ගේ රටේ නීතියේ සාධාරණය නොදකින අපි අන් රටක සාධාරණය ගැන කතා කරමු. ඡන්දමල්ල වෙනුවෙන් රණවිරුවන් ගැන කඳුළු සළන රාජපක්ෂ හවුලට අතීතය අමතකවීම ඇත්තෙන්ම ලැජ්ජාවට කරුණකි.
Thilina Saturday, 02 September 2017 08:53 AM
වැරැද්ද කවුරු කළත් වැරැද්දමයි...එදා එහෙම කළා කියලා අද එහෙම කරනවා නම් ඒක ඊටත් වඩා වැරදියි.
raveendraSaturday, 02 September 2017 08:58 AM
වින්සන්ට් මයාවෙත, ඔබගේ අදහසට අප ගරු කරමු. ඔබට " සොල්දාදුවා " යන වචනයේ ඉංග්‍රීසි වචනයේ අකුරු එකින් එක මොන අර්ථයක් ගැබ්වෙන්නේද යන්න සොයා බැලීමෙන් ඔබගේ අදහස හරිද වැරදිද යන්න ඔබටම වැටහෙනු ඇත. මෙය අප විසින් ඔබව අපහසුතාවයකට ලක්කිරීමකට කරන උත්සාහයක් නොවේ.
nuwan Saturday, 02 September 2017 08:50 AM
එක්තරා රටක යුදහමුදාපති කෙනෙක් බෝම්බයකට අසුවී තුවාල වෙලා සිටි කාලෙක ඒ රටේ ජනාධිපතිතුමා ඒ ජිවිතය බේරුවේ රටවල් වලට යවලයි. එ්ක අද ජාතියේ අවසානය වෙලා...
husen-riyadSaturday, 02 September 2017 09:41 AM
ඒ වගේම යුද්ධය දිනන්න සක්‍රීයව ක්‍රියා කරපු ඒ හමුදාපතිවරයාව කුදලාගෙන ගියෙත් ඔය කියන දේශප්‍රේමී ජනාධිපතිවරයාගේ කාලෙමයි. ඒ දේ වුනේ ජාතියේ වාසනාවටද නුවන්? බලේ තියෙනකොට කරන්න පුළුවන් හැම වැඩක්ම කළා. ඒ අයටත් කඩේ යන මන්ද බුද්ධිකයින් තාමත් ඉන්නවා කියන එක තමා අරුමේ.....
Chanak los angeles Saturday, 02 September 2017 09:10 AM
ඔය රණවිරුවෝ යැයි කියා බෝඩ් ගහගෙන ඉන්න අයට දඬුවම් කළ යුතුයි. ෆොන්සේකා මහත්මයා පැහැදිලිවම කිව්වා යුද්ධය අවසානයේ යටත් වෙන්න සුදුකොඩි ඔසවාගෙන පැමිණි සියලු දෙනාට වෙඩි තැබූ බව...
Asela Saturday, 02 September 2017 09:29 AM
කිසිම කෙනෙක් අනුමත නොකරන කතාවක් මේ කියන්නේ. රටේ ජනාධිපති වෙන්නත් ගියානේ... වෛරය, කුහකකම, බලලෝභය, තණ්හාව, ඒ වගේම පපුවේ කිසිම තෙතමනයක් නැහැනේ..
prakaash Saturday, 02 September 2017 09:35 AM
තමාගේ බඩ වඩා ගැනීමට ඕනෑම පාවා දීමක් කරනවා. මුදලට, බලයට, තනතුරුවලට කෑදර වෙන්න හොඳ නැහැ. 1994 ට පෙර හිටපු රටේ නායකයින් එක්ක යුද්ධය සමහරු වවා ගෙන කෑවා. ෆොන්සේකා මහත්තයා අද එකතු වෙලා ඉන්නෙත් මේ දේශපාලකයෝ එක්කනේ. රට සහ රණවිරුවන් පාවා දීම් තමයි තියෙන්නේ...
kosala Saturday, 02 September 2017 10:36 AM
දෙමළ ඩයස්පෝරාවෙන් පාගා අරගෙන වීර ෆීල්ඩ් මාර්ෂල් සරත් මහත්තයට ජම්පර් අන්දපු දකුණු ඉන්දියානු සම්භවයක් ඇති අයට විරුද්ධව සිංහල ජාතිය පෙළගැසිය යුතු කාලයයි.
සෙනෙවි Saturday, 02 September 2017 11:11 AM
වීරයා මැරිලා !
Indika Saturday, 02 September 2017 12:43 PM
මෙතුමගෙන් මෙවැනි කියමනක් අපි බලාපොරෝතු වෙන්නේ නැහැ. රට ගැන පමණක් හිතන්න
hewawitharana Saturday, 02 September 2017 04:31 PM
රොහාන් වලිගෙ පාගගෙන වගේ
Desilva Saturday, 02 September 2017 04:56 PM
ඔක්කොම මඩ නාගෙන.
ප්‍රසාද් Saturday, 02 September 2017 05:22 PM
කාලයක් තිස්සේ ෆොන්සේකා මහතා සහ අනෝමා මහත්මිය මොහුගේ උසස්වීම් ලබාගැනීමටත්, නිලතල ලබාගැනීමටත් උත්සාහ කළා. අලුත් තනතුර අාභරණයක් සේ සලකමින් ආඩම්බරයට පත්වුණා. මෙතනින් මේ කරදරේ ඉවරවෙනු ඇතැයි සිතුවත් දිගින් දිගටම පළිගැනීමට පනින්නේ, මේවා අවසන් වෙන්නේ කවදාද? මේ පළිගැනීම් ඉතාම පිළිකුල් සහගතයි. 30 අවුරුදු යුද්ධයේදී යුද්ධ කර ඇත්තේ ඔහු පමණක්මද?
Banda Saturday, 02 September 2017 09:55 PM
මෙවැනි අයත් හමුදාපතිකම තියාගෙන යුද්ධය ජයගත් එකත් පුදුමයක්!
Shanaka Sunday, 03 September 2017 01:31 AM
චානක් මොකද ඇමෙරිකාවේ ඉඳන් ඔච්චර උඩ පනින්නේ...
sisira Sunday, 03 September 2017 02:38 AM
මෙයා වගේ කෙනෙකුට කියන්න හොඳ නමක් හොයාගන්නත් අමාරුයි වගේ...
බණ්ඩාර -කැකිරාව Sunday, 03 September 2017 03:08 AM
"සිංහලයිනේ ඔබලාගේ මෝඩකමින් ප්‍රයෝජන ගන්නේ අන්තවාදීන් බව තරයේ මතක තබාගන්න'".. පටු දේශපාලන අරමුණ නිසා ජාතිය පාවා නොදීමට තරයේ මතක තබා ගත්තොත් හැමෝටම යහපතක් වේවි" ...හිටපු හමුදාපති සර්ත් ෆොන්සේකා මහතාගේ දේශපාලනය අපි තරයේ හෙළාදකිමු...
Niro Sunday, 03 September 2017 05:14 AM
යන යන තැන ඉවරයි වගේ... නේ...
jayantha Sunday, 03 September 2017 05:45 AM
හිරේ යවලත් මදි. චාන්ස් එකක් හම්බවුණු ගමන් සනුහරේම පාවාදෙනවනේ...
kumar (galf) Sunday, 03 September 2017 07:25 AM
ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහත්තයත් මේ ඉඳලා එකම දේශපාලන පවුලකට තමයි අයිති වෙන්නේ...
isurandi Sunday, 03 September 2017 08:22 AM
දුකයි මගේ රටට මේ මොකක්ද වෙන්නේ කියලා හිතනකොට...