එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් බැන් කී මූන් මීට ටික වේලාවකට පෙර කොරියාවට අයත් විශේෂ ගුවන් යානයකින් ලංකාවට පැමිණියේය.
ඔහු පිළිගැනීමට විදේශ කටයුතු නියෝජ්‍ය ඇමැති හර්ෂ ද සිල්වා ඇතුළු පිරිසක් ගුවන් තොටුපොලට පැමිණ සිටියහ.
දිවයිනට පැමිණි බෑන් කී මූන් අද (31) පස්වරුවේ අරලියගහ මන්දිරයේ දී අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හමුවිය.
ඡායාරූප - ඉෂාන් සංජිව
ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි
මහ මැතිවරණයේදී සමාජ මාධ්‍ය නිසියාකාරව පාවිච්චි කරන්නේදැයි වහාම විපරමක් කරන ලෙස පැෆරල් සංවිධානය මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කරයි.
අධිවේගී මාර්ග සංචාරක රථවාහන කොට්ඨාසයට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයෙකුගේ මල සිරුරක් කාණුවක තිබී අද (7) හමු වූ බව පමුණුගම පොලිසිය කියයි
පාස්කු ඉරුදින ප්‍රහාරයට සම්බන්ධ පිරිස් නීතියේ රැහැනට හසුකරගෙන හැකි ඉක්මනින් එහි වින්දිතයන්ට සාධාරණයක් ඉටු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව ගම්පහ දිස්
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්යක්ෂ ජනරාල් කනිෂ්ක විජේරත්න මහතා එම ධූරයෙන් ඉල්ලා අස්විමේ ලිපිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට අද (07) භාර
වසර දහයක් තිස්සේ රජයට නොගෙවා පෙහැර හැරියේය කියන රුපියල් තුන් කෝටි විසිපන් ලක්ෂයක(32512815.56) වැට් බදූ මුදල ගෙවීමට වසර පහක සහන කාලයක් ලබා දෙන්නැයි පාදුක්ක ප්
මැදිරිගිරිය වටදාගෙය පූජාභූමියට කඩාවැදුණු වල් අලිඅලි රංචුවක් පූජාභූමියේ රෝහලේ ගල් කණු 2 කඩා තවත් ගල් කණු 4 පෙරලා දමා ඇතැයි මැදිරිගිරිය පොලිසිය කියයි.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ජගත් මහ ලේකම් කටුනායකට
රජින්ද Thursday, 01 September 2016 05:38 AM
අපිට කියන්න තියෙන්නේ අපි පෞරුෂවත් තීන්දුවක් නොගත්තොත් මේ සංවිධාන අපේ ඔලුවට අත හෝදාවි කියායි. (නි)
මහාදේව Wednesday, 31 August 2016 03:59 PM
මූන්ගේ තුන්වෙනි ඇහැටවත් ශ්‍රී ලංකාවේ (බටහිර නොදකින) සත්‍යය පෙනේවා!!! (බ)
දර්ශන Wednesday, 31 August 2016 04:06 PM
පරණ ආරංචි වල හැටියට ඔය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් වෙන්න වැඩි බර තිබිල තියෙන්නේ අපේ ධනපාල මහත්තයටයි ..නමුත් කොරියන් කාරයෝ අපේ රටේ හිටපු ලොකුම තැන එක්ක දාපු බිලියන් ඩීල් නිසා ධනපාල මහත්තයව තරගෙන් අයින් කරාලු. (බ)
මහාදේව Wednesday, 31 August 2016 04:13 PM
කොරියාව දෙකඩ කිරීමේ පුර්ණ වගඋත්තරකරු ඇමරිකාව බව මූනුත් නොදන්නවා නොවෙයි, ඒක නිසා ලොව අනිත් රටවල එවැනි දේ සිදුනොවෙන්න මූනුත් වගබලාගත යුතුයි. (බ)
නිවන්තක Thursday, 01 September 2016 06:08 AM
අපි බලමුකෝ මේ ගමන මොකටද ආවේ කියලා (නි)
වීරවර්ධන Thursday, 01 September 2016 06:14 AM
දැන් අර උපවාස මහත්තයා මේකටත් මාරාන්තික උපවාසයක් කරයිද දන්නේ නැහැ. (නි)
විදානේ Wednesday, 31 August 2016 05:20 PM
අපි බලමු මේ ගමන මොකද වෙන්නේ කියලා (නි)
ටෙෂාන් Thursday, 01 September 2016 06:52 AM
මේකේ අදහස් දාන අය දැක්කහම හිතෙනවා, මුහුද හත්ගව්වක් තියාගෙන අමුඩ ගහනවා කියලා (නි)
හේවා Wednesday, 31 August 2016 05:52 PM
දර්ශන ඩීල් එකක් නිසා එහෙම වුනේ නැහැ ජයන්ත ධනපාල මහත්මය ඒ තනතුරට එනවට ඉන්දියාව සහ බටහිර රටවල් එකඟ වුනේ නැහැ (රේ)
ඇසළ Thursday, 01 September 2016 07:55 AM
යන යකා කොරහ බිදගෙන යනවා වගේ. තව මාස ගානකින් විශ්‍රාම යන්න වෙන නිසා ඉතිරි ටිකත් කාලම යන්න බලාගෙන ඇවිත් ඇති. (හේ)
නිහාල් Wednesday, 31 August 2016 08:29 PM
මේ සංවිධානයෙන් අපිට වුණු සෙත මොකක්ද කියලා දන්නා කෙනෙක් ඉන්නවා නම් කියනවද (නි)
රූපසිංහ Wednesday, 31 August 2016 10:43 PM
හේවා, ඔය දන්නවනේ ඉන්දියන්කාරයෝ කවදද අපේ රටට ඔවුන්ට වඩා යමක් ලැබෙනවාට කැමති වුණේ? මම වැඩකරන රටේ එතන ඉන්දියන්කාරයෙක් හිටියා. මගේ මුහුණට හිනාවෙලා යටින් කරන්න තියෙන ඔක්කොම විරුද්ධව කරනවා. මට විතරක් පොදු කරුණක් නොවේ, අපේ රටේ අනෙක් අයටත් අනෙක් ඉන්දියන්කාරයන්ගෙන් වෙලා තියෙන්නෙත් එහෙමමයි. මේ පුද්ගලික අත්දැකීම්. මේ සියල්ලට හේතුව අපි තුළ නැති එක්සත්කමයි. (නි)
ප්‍රනාන්දු Wednesday, 31 August 2016 11:39 PM
පරිස්සමින්! ළඟින් ගියොත් ඇහැක් නැහැ (නි)
අනුල Thursday, 01 September 2016 01:41 AM
මෙහෙම අය අනිත් රටවලට ආදරය කරයිද? (නි)
සමන්ත Thursday, 01 September 2016 02:26 AM
බෑන් කී මූන් මහත්තයා ආ එක ගැන අපි සතුටු වියයුතුයි. එ්කේ ගෞරවය අග්‍රාමාත්‍යතුමාට සහ විදේශ ඇමතිට හිමිවෙනවා. මේ ගමන නිකන් එකක් කියලා හිතන්න එපා. ඕකේ ප්‍රත්පලය එන්නේ මීළඟ සැසිවාරයේදී. හැම එකේදිම කොරොස් කටෙත් කිඹුලෝ දකින අපේ උදවිය මතක තියාගන්න ඕනෑ, අගමැති කියන්නේ ආවට ගියාට වැඩ කරන්නේ නැති කෙනෙක් බව. ඒවා අද නෙමෙයි හෙටටත් පෙනෙන දේවල්. (නි)
ගයාන් Thursday, 01 September 2016 02:43 AM
සමන්ත, ඔබේ අදහසට මම වගේම ලෝකය පුළුල්ව දකින හැමෝම එකඟවෙනු ඇති. (නි)
චන්න Thursday, 01 September 2016 02:44 AM
දර්ශන හරි. (නි)