IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


ජගත් යුද අපරාධ සෝදිසියේ ගැටලු රැසක්ලු

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස් කාර්යාලය ශී‍්‍රලංකාවේ සිදුව ඇතැයි චෝදනා නැඟී ඇති යුධ අපරාධ හා මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් සොයාබැලීමට සිදුකරගෙන යන අන්තර්ජාතික පරීක්ෂණයේ ගැටලූ රාශියක් ඇති බව ශී‍්‍රලංකා විදේශ අමාත්‍ය ජී.ඇල් පීරිස් මහතා පැවසීය.

ඊයේ (05) මෙම පරීක්ෂණ කමිටුවේ සාමාජිකයින් හා ප‍්‍රධානිීන් සමග පැවති හමුවකදී මේ බව සඳහන් කළ අමාත්‍යවරයා පරීක්ෂණයේ ගුණාත්මක භාවය සම්බන්ධයෙන් තම කණස්සල්ලද පළ කළේය.

පරීක්ෂණයේ ගැටලූකාරී තත්ත්වය සම්බන්ධයෙන් සිදුවීමක්ද ගෙනහැර දැක්වූ අමාත්‍යවරයා පසුගියදා අත්අඩංගුවට ගැනුනු සින්නතම්බි කි‍්‍රෂ්ණරාශා නම් පුද්ගලයෙකු සතුව තිබී සොයාගත් යුද්ධයෙන් අවතැන් වූ පුද්ගලයින්ගේ අත්සන් පමණක් සටහන්ව තිබූ හිස් කොළ තොගයක්  පිළිඹද කළ පරීක්ෂණයේදී ඒවා එක්සත් ජාතීන්ගේ අනුදැනුම මත එකතු කෙරී ඇති බවද එසේ හිස් කොළවලට අත්සන් ලබා දෙන්නේ නම් එම පුද්ගලයින්ට මුදල් ලබාදෙන්නට එක්සත් ජාතීන්ගේ සංවිධානය පොරොන්දු දී ඇති බවද අනාවරණවූ බව කීය.

ජාතික හැදුනුම්පත් හා මරණ සහතික පවා මුදලට මිලදී ගැනීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය උත්සාහ දරා ඇතැයි හෙළිව තිබෙන බවද ජී.ඇල් පීරිස් මහතා පැවසීය.

යුද්ධයෙන් පීඩාවට පත්ව සිටින්නවුන්ගේ දුක විකුණාගෙන කෑමට තරම් එක්සත් ජාතීන්ගේ සංවිධානය පහළට වැටී තිබෙන්නේදැයි අමාත්‍යවරයා හමුවට සහභාගීව සිටි නියෝජිතයින්ගෙන් විමසීය.

තවද පුවත්පතකින් පැවසුණු අන්තර්ජාතික පරීක්ෂණය සිදුකෙරෙනා කාලයේ දිගුවක් සිදුකර ඇතැයි යන්න පිළිඹදවද සඳහනක් කළ අමාත්‍යවරයා කාල දිගුවක් සිදුකිරීමේ කිසිත් වරදක් නොමැති වුවත් එය සිදුකර ඇති ආකාරයේ කිසිඳු විනිවිද භාවයක් නැතැයි චෝදනා කළේය.

උතුරු පළාත් සභාවේ මන්තී‍්‍රවරයෙකු වන ආනන්දි ශාස්ත‍්‍රීයන් කාල දිගුවකට ඉල්ලීමක් කළ සැණෙන් එය කි‍්‍රයාත්මක කිරීමට එක්සත් ජාතිීන්ගේ සංවිධානය කටයුතු කිරීමෙන් පරීක්ෂණය සිදුවන්නේ කාගේ වුවමනාවන් පිරිමසන්නටදැයි හොදින්ම පැහැදිලි වන බව ඔහු කීය.

එක්සත් ජාතීන්ගේ සංවිධානය වැන්නක් මෙවැනි කිසිදු වෘත්තීමය භාවයකින් හා වගකීමකින් තොරව හැසිරීම ගැන අමාත්‍යවරයා තම විමතිය පළ කර සිටියේය.

පරීක්ෂණය සිදුකිරීමට ලංකාවට පැමිණීමට අවශ්‍ය නැතැයිද විදේශයන්හි වෙසෙනා ශී‍්‍රලංකා දෙමළ ජාතිකයින්ගෙන් අවශ්‍ය තොරතුරු ලබා ගත හැකියැයිද පරීක්ෂණ කමිටුවේ සාමාජිකයින් පවසා සිටියද එම තොරතුරු ලබා ගැනෙන්නේ කෙසේද? කවර දිනයන්හීද? ආදිය ගැන කිසිදු සදහනක් නොමැති වීමත් මහත් ගැටලූකාරී තත්ත්වයක් ඇති කරනා බව ඔහුගේ අදහස විය.මෙවැනි දේ වලින් මේ පරීක්ෂණය ලංකාවට නිගරු කිරීමට කැස කවමින් සිටින්නන්ගේ අවියක් බවට පත්වීම නොවැළැක්විය හැකිවනු ඇතැයි අමාත්‍යවරයා පැවසීය.

රටේ කටයුතු සම්බන්ධයෙන් අන්තර්ජාතික පරීක්ෂණයක් අවශ්‍ය නැතැයි යැයි එදා පැවසූ මතයේම අදත් සිටින ශී‍්‍රලංකාව එසේ වුවත් එවැනි පරීක්ෂණයක් සිදුකිරීමට අවශ්‍ය වන පාර්ශවයන් අඩුම තරමේ එය සාධාරණව,අපක්ෂපාතීව,මනා විනිවිද භාවයකින් යුතුව සිදුකරනු ඇතැයි බලාපොරොත්තු වන බව ජී.ඇල් පීරිස් අමාත්‍යවරයා කීය.

 



අදහස් (0)

ජගත් යුද අපරාධ සෝදිසියේ ගැටලු රැසක්ලු

දිලිප් Thursday, 06 November 2014 08:36 AM

එතකොට ඔය කියන විනිවිද භාවය මෙහෙ තියනවද? (ර)

:       0       0

කාවින්ද Thursday, 06 November 2014 09:09 AM

අප කොතනද සිටින්නේ.? ඔවුන් කොතනද සිටින්නේ.? අපේ විදේශ ඇමතිවරයා කර ඇති විග්‍රහය තුළින් එය මනාව පැහැදිළි කොට ඇත. අතිසාරේට අඹුඩ ගහන්නා සේ එක්සත් ජාතීන්ගේ සංගමය කරන කුඩුකේඩු ක්‍රියාවන් ගෙන් අප රටට අවමන් සිදුවෙනවා. මේ ගැන දැවැන්ත ප්‍රචාරයක් ගෙනයාම තුළින් අපේ රටේ හොඳ නම රැක ගන්නට හැකිවේවි. එය කළ හැක්කේ රටට වින කරන කොටි වල්ගවාදින්ට නොව රටට ආදරය කරන සබැ දේශප්‍රේමී ජනාධිපතිතුමාට පමණය. (ර)

:       0       0

ජනක Thursday, 06 November 2014 11:38 AM

ලංකාවේ ඉන්න අනෙක් දෙමළ කට්ටිය මොනවද දන්නේ නැහැ කියන්නේ මේවා ගැන නේද? (අ)

:       0       0

ප්‍රනාන්දු Thursday, 06 November 2014 09:54 PM

ලෝකය එකමුතු නම් ඔය කවුරුත් වැඩිය දඟලන්නේ නැහැ. ඔවුන්ගේ එයට තිබෙන බිය නිසයි සෑම රටකම බේද ඇති කිරීමට කැසකවන්නේ. ලෝකයේ රටවල් 100ක් එක කෙළින් මතයක සිටියොත් ඕනෑ කෙනෙක් දණ ගැස්සවීමට හැකියාව ඇත. (නි)

:       0       0

කුඩලිගම Thursday, 06 November 2014 07:20 AM

එතුමා කිව්වා නම් හරියටම හරි ඇති, කිරිගහට ඇන්නා වගේ. (නි)

:       0       0

ඩයස් Thursday, 06 November 2014 07:30 AM

අපේ ඇමතිතුමා අපිව බේරාගන්නා බව අපිට විශ්වාසයි (නි)

:       0       0

ගයාන් Friday, 07 November 2014 04:41 AM

යුඑන්ඕ එක ඇමරිකන් ඉත්තෙක් .අතීතය ඔප්පුකර තිබෙනවා. කොහොමහරි ලංකාව අල්ලා ගැනීමයි ඔවුන්ට අවශ්‍ය . (හේ)

:       0       0

ධම්ම Thursday, 06 November 2014 07:59 AM

ඇමතිතුමාගේ බර ඉංග්‍රීසි පරීක්ෂණ කමිටුවේ සාමාජිකයින් හා ප‍්‍රධානින්ට හරියට තේරුනාද දන්නේ නැහැ. (ර)

:       0       0

ඉසුරන්දි Thursday, 06 November 2014 08:24 AM

අනේ මේ එයාලට ඕන එකක් කරගන්න කියන්න. අපිට මේ උදාවූන සාමය පලුදුකරන්න මාන බලන ඔය ඩොලර් කාක්කන්ගේ වාර්තා සත පහකට විස්වාසයක් නැති බව මේ කුඩම්මාගේ සැලකිලි වලින්ම පේනවනේ. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බස් ගාස්තු පහළට
2024 ඔක්තෝබර් මස 01 180 0

ඩීසල් මිල අඩුවීමේ වාසිය ජනතාවට ලබාදෙමින් බස් ගාස්තු අඩු කිරීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව තීරණය කර තිබේ.


නිධන් හැරූ හිටපු පීසී ඇතුළු 6ක් අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 01 100 0

මන්දාරම් නුවර, එලමුල්ල ඔය රක්ෂිතයේ පිරිසක් නිධන් හාරන බවට ලද තොරතුරක් මත පොලිස් නිලධාරීන් කණ්ඩායමක් එම ස්ථානයට ගිය අවස්ථාවේදී සේවය අතහැර ගිය කොස්තාප


රිය අනතුරින් 8ක් රෝහලේ
2024 ඔක්තෝබර් මස 01 152 0

අව්ස්සාවේල්ල කෑගල්ල ප්‍රධාන මාර්ගයේ කෝට්ටපොල පීල්ල ආසන්නයේ ලංගම බස් රථයක් පාරෙන් ඉවතට පෙරළී යාමෙන් සිදුවු අනතුරකින් පුද්ගලයන් අටදෙනෙකු තුවාල ලබා ක


නිධන් හෑරූ පිය-පුතු අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 01 168 0

පස්සර පරමංකඩ ප්‍රදේශයේ ඉඩමක නිධන් හාරමින් සිටි පියපුතු දෙපලක් රුපියල් ලක්ෂ ගණනක් වටිනා මැනික් ගල් 11ක්, කුඩා ඉපැරණි බුදු පිළිමයක් , රන්පැහැති කුඩා මංජු


සත්වෝද්‍යාන දොර දරුවන්ට අද නොමිලේම ඇරෙයි
2024 ඔක්තෝබර් මස 01 157 0

අවුරුදු දොළහට අඩු දරුවන්ට ලෝක ළමා දිනය නිමිත්තෙන් ලංකාවේ සියලුම සත්වෝද්‍යාන වලට අද(1) නොමිලේ පිවිසීමට අවස්ථාව දෙන බව සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව පවසය


තැනින් තැන අදත් වැස්ස
2024 ඔක්තෝබර් මස 01 67 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල, සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38362 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25285 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 263 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 867 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 312 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site