IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


ජගත් ලේකම් ලංකාවට ඇහැ ගහගෙන

ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ජනාධිපතිවරණ සමයේ වාර්තාවන සිද්ධීන් සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් බෑන් කී මූන් මහතා නිරතුරු දැනුම්වත්ව සිටින බව ඔහුගේ මාධ්‍ය ප්‍රකාශක ස්ටීෆන් දුෂාරික් ප්‍රකාශ කර ඇතැයි එක්සත් ජාතීන්ගේ නිල වෙබ් අඩවිය කියයි.

සුළු ජාතීන් ඇතුළු සියලු දෙනාට ඡන්දය ප්‍රකාශ කිරීමේ පුළුල් ඉඩකඩ සමග ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණය සාමකාමී ලෙස පැවැත්වෙනු ඇතැයි මහ ලේකම්වරයාගේ අපේක්ෂාව බවද එහි සඳහන්ය.

 

 

 

 

 

 



අදහස් (0)

ජගත් ලේකම් ලංකාවට ඇහැ ගහගෙන

අද්රියන් ඩි. මේල් Tuesday, 06 January 2015 12:03 PM

කේලම් ටික කියන්න ඇති. (ර)

:       0       0

ජනක Tuesday, 06 January 2015 12:29 PM

ඡන්දය සාධාරණව තියනවා නම් කවුරු කේළම් කිවුවත් බයවෙන්න දෙයක් නැහැනේ. (නි)

:       0       0

අජිත් කරුණාරත්න Wednesday, 07 January 2015 09:32 AM

ආදර්ශවත් ජනපතිවරණයක් නිසා ජගත් ලේකම් විතරක් නොවෙයි මුළු ලෝකයම බලාගෙන ඇති ආදර්ශයට ගන්න. (නි)

:       0       0

කිංග්ස්ලි පෙරේරා Tuesday, 06 January 2015 12:40 PM

බැරි වෙලාවත් සිරිසේන දිනුවොත් මේගොල්ලෝ මෙහෙ ඇවිල්ල පදිංචි වෙයි (බ)

:       0       0

අශෝක රළපනාව Tuesday, 06 January 2015 12:52 PM

අනුන්ගේ ජරාව තමන්ගේ ඇඟේ ගාගන්නැතිව ඉන්න කියන්න තියෙන්නේ (බ)

:       0       0

සරත් Tuesday, 06 January 2015 12:57 PM

එය ඉතා හොඳ ක්‍රියාවක් නැතිනම් ආණ්ඩුව සාධාරණ මැතිවරණයකට ඉඩ දෙන්නේ නෑ (බ)

:       0       0

ලාල් Tuesday, 06 January 2015 01:06 PM

ඒක හොඳයි.ශ්‍රී ලංකාව පිහිටා තිබෙන්නේ වෙනම ග්‍රහාලෝකයක නොවෙයිනේ. මුලු ලෝකයාම දැනගත යුතුයි වර්තමානයේ ශ්‍රී ලංකාවේ තත්වය පිළිබඳව. රටේ ප්‍රජාතන්ත්‍රවාදය රැකෙන අයුරින් කටයුතු කිරීම පවතින රජය ඉතාමත් වගකීමෙන් ඉටුකළ යුතුයි. (නි)

:       0       0

අගස්ති Tuesday, 06 January 2015 01:18 PM

ලෙඩක් දාන්න පොටක් හොයනවාද දන්නෙත් නැහැ (නි)

:       0       0

පත්මසිරි මාපලගම Tuesday, 06 January 2015 01:28 PM

ජගත් සංවිධානය මේ වෙලාවේ දුප්පත් අසරණ ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් සිටීම වටිනවා. (නි)

:       0       0

හෆීල් Tuesday, 06 January 2015 01:39 PM

මේ රටේ නීතිය හරියට ක්‍රියාත්මක කරලා යහපාලනයක් තිබුනා නම් මූන්ලා ඇඟිලි ගහන්නේ නැහැ. (නි)

:       0       0

කුමාර් Wednesday, 07 January 2015 11:29 AM

බටහිර රටවල් වලට ඇහැ ගහන්නේ නැද්ද දන්නෙ නැහැ (නි)

:       0       0

ඇල්ලේ කුඩාබණ්ඩා Tuesday, 06 January 2015 02:38 PM

මොකද අප්පා කවදාවත් නැති උනන්දුවක්? උතුරට පළාත් සභා ඡන්දෙ තියනකොට කවුරුත් කතාකළේ නැහැ. දැන්නේ මේ කට්ටියට ප්‍රජාතන්ත්‍රවාදය මතක්වෙලා තියෙන්නේ. (නි)

:       0       0

ඉෂාන් Wednesday, 07 January 2015 02:14 PM

වෙන වැඩ නැද්ද දන්නෑ. (ර)

:       0       0

ලියනගේ Tuesday, 06 January 2015 04:50 PM

අපි අපේ වැඩ බලාගන්නම්. අපිට අපේ පාඩුවේ ඉන්න දෙන්න. (නි)

:       0       0

චන්දන‍ Tuesday, 06 January 2015 05:12 PM

සුද්දෝ නැතුව අපිට මොකුත්ම කරන්න බැරිද? (නි)

:       0       0

විජයබා Tuesday, 06 January 2015 05:22 PM

එන්නේ කාටද කියලා අපිටත් තේරෙනවා (නි)

:       0       0

තිලක් -ඩුබායි Tuesday, 06 January 2015 05:47 PM

මේ වෙලාවේදී ලෝකයම ඇහැ ගහගෙන ඉන්නවා නම් අපි කැමති වෙන්න ඕනෑ. (නි)

:       0       0

අල්විස් Tuesday, 06 January 2015 08:07 PM

අපේම අය තමා ‍මේ වගේ දේවල් වලට කේළම් කියලා මඟ පාදාගන්නේ. අපේ අයට තේරෙන්නේ නැහැ අපේ රට ඔවුන් හෑල්ලු කරන බව. ඒතරම් වටිනවද යුරෝපීයන්? තාමත් පොඩි අයව ලොකු අය පාගාගෙන ඉන්න ලෝකයේ අපි දැනගන්න ඕනෑ සැළෙන්නේ නැතුව ඉන්න (නි)

:       0       0

පද්මසිරි ඉතාලිය Tuesday, 06 January 2015 08:11 PM

ජගත් ලේකම් කියන්නේ මොනවගේ කෙනෙක්ද කියලා අපි දන්නවා (නි)

:       0       0

අමිත Tuesday, 06 January 2015 08:40 PM

ඔක්කොටම දැන් තමා සාධාරණ මැතිවරණ ගැන මතක්වෙලා තියෙන්නෙ. 2009 ට කලින් අවුරුදු 30 ක්ම සුළු ජාතීන්ට ඡන්ද අයිතිවාසිකම ලබා නොදුන්නෙ මිනීමරු ප්‍රභාකරන් නේද? ඒ කාලේ මෙතුමන්ලා පැත්තවත් බැලුවද දන්නෙ නැහැ. උතුරු නැගෙනහිර සියලු ජන කොටස් වලටම නිදහසේ ජීවත්වෙන්න විතරක් නොවෙයි ඡන්දයත් තමාට රිසිසේ පාවිච්චි කරන්න ඉඩ සළසා දුන්නෙ වත්මන් ජනපතියි. ජය ශ්‍රී ලක්මවුනි! (නි)

:       0       0

සී.කේ.ලංකාපුත්‍ර Tuesday, 06 January 2015 11:48 PM

ඔබතුමාගේ ක්‍රියාව අපි ඉතාමත් අගය කරමු. (නි)

:       0       0

සමන්ති Wednesday, 07 January 2015 12:20 AM

මේල්, අපි එක්සත් ජාතින්ගේ සංවිධානයට සම්බන්ධිත රටක් නොවේද? මහ ලේකම්ට අයිතියක් තියෙනවා සොයාබැලීමට. නැත්නම් අපිට සංවිධානයෙන් ඉල්ලා අස්වී වෙනම සිටින්නට පුළුවන් (නි)

:       0       0

සඳරුවන් Wednesday, 07 January 2015 12:37 AM

ජගත් ලේකම්තුමනි, අපිට ජීවත්වෙන්න බැරි තරමට බඩු මිල දරාගන්න අමාරුයි. ආහාරපාන කියන්නේ මිනිස් මුලික අයිතිවාසිකමක් නේද? බඩු මිල ආදායමට ගළපන්න කියලා බැරිද මොනවාහරි කරන්න? (නි)

:       0       0

සමන් Wednesday, 07 January 2015 02:14 AM

අදහස් ටික දැක්කහම අපේ අය කොච්චර මෝඩද කියලා හිතුණා (නි)

:       0       0

සමන් Wednesday, 07 January 2015 02:54 AM

දැන් හිතෙනවා අපරාදේ කියලා යුද්ධය අවසන් කළේ (නි)

:       0       0

නිශාර්ඩ් ප්‍රීනා Wednesday, 07 January 2015 03:10 AM

සාධාරණ විදියට සහ යුක්තිගරුකව ප්‍රජාතන්ත්‍රවාදිව, දුෂණ වලින් තොරව ඡන්ද කටයුතු කරනවා නම් ඔය පිටරට සංවිධාන වල කවුරුත් ඇඟිලි ගහන්න එන්නේ නැහැනේ. අසරණ ජනතාවට තම කැමැත්ත පරිදි ඡන්දය පාවිච්චි කිරීමේ අයිතිය වෙනුවෙන් එවැනි සංවිධාන පෙනීසිටීම සාමය අගයන අපි කවුරුත් අගය කළයුතුයි. (නි)

:       0       0

කණිෂ්ක Wednesday, 07 January 2015 03:24 AM

මහත්තයෝ, අපේ ඡන්ද අපි බලාගන්නම් අපේ රට ඇතුළේ. කරුණාකරලා මැදපෙරදිග ගැන පොඩ්ඩක් බලනවද? (නි)

:       0       0

ලංකා තිලක් Wednesday, 07 January 2015 03:32 AM

සඳරුවන් කියන දේ ඇත්ත. දරාගන්න බැරි විදිහට ජීවන වියදම නම් වැඩිවෙලා. අපේ රටේ පසුගිය කාලේදී හැම මාසයකම පාහේ මොනවාහරි දෙයක මිල වැඩිවුණා. හැම රටකටම පොදුවේ ආහාර වලින් අධික ලෙස බදු අය නොකිරීමට පෙළඹවීමත් මේ සංවිධානයෙන් කෙරෙනවා නම් එය අගය කළයුත්තක් (නි)

:       0       0

නෙරන්ජන් Wednesday, 07 January 2015 03:38 AM

රණවිරුවන් 27000 ජිවිත පුජා කර, රටවැසියන් ලක්ෂ ගානක් මියගොස් බොහොම අමාරුවෙන් ගොඩගත් රටක් මේක. මම ඉන්නේ පිටරට. නැවත රට අපායකට දාන්න එපා. (නි)

:       0       0

සනුකි Wednesday, 07 January 2015 03:46 AM

සදරුවන්ගේ අදහස සමග එකඟවෙමි. ගිය අවුරුදු ටිකේ ලංකාවේ අත්‍යාවශ්‍ය ආහාර මිල දෙගුණ වුණ බව නොරහසක්. ආහාර කියන්නේ මුලිකම මිනිස් අයිතිවාසිකමක්. (ඡන්ද අයිතියටත් වඩා) ඔවුන් මේ සම්බන්ධවත් බලපෑමක් කර බඩුමිල පාලනයකට මේ වගේ රටවල් පොළඹවන්නේ නම් එය මීට වඩා ඵලදායි දෙයකි. (නි)

:       0       0

නෙරංජන් Wednesday, 07 January 2015 03:51 AM

කරුණාකරලා සාධාරන ඡන්දයක් තබන්න. එය ජනතා අයිතියක්. (නි)

:       0       0

සත්‍යපාල Wednesday, 07 January 2015 04:01 AM

ඔන්න රටට ගිය කල! දැන් ලංකාවේ ඡන්දයක් තියනවා කිව්වාම ලෝකයේ අනිත් රටවල රාජ්‍ය නායකයන්ගේ ඇඟ නිකන් හිරි වැටෙනවා වගේ ඇති. (නි)

:       0       0

ජයන්ත Wednesday, 07 January 2015 04:13 AM

කාටවත් කේළම් කියන්න ඕනෑ නැහැ. මම ඉන්න රටේ බංගලාදේශ ජාතිකයෙක් මගෙන් ඇහුවා මැතිවරණය අස්සේ අපේ රටේ කලබල නේද කියලා.මිනිස්සු කුමන හෝ මාධ්‍යයකින් මේවා දැනගන්නවා. නිකම් අරයා මෙයා කේළම් කිව්වා කියලා හිතනවාට වැඩිය එක එක පාර්ශවයන්ට කන්කොන් හොයන්න බැරිවෙන්න වැඩකරන එක තමයි වඩාත්ම සුදුසු. (නි)

:       0       0

මූර්ති Wednesday, 07 January 2015 04:22 AM

මේ අය මෙච්චර කුමන්ත්‍රණ කරනවා නම් මොකටද අපි එක්සත් ජාතීන්ගේ සාමාජිකත්වය අරගෙන ඉන්නේ? (නි)

:       0       0

පුබුදු Wednesday, 07 January 2015 04:28 AM

ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදයන්ට අනුව අපි අපේ රටේ පාලනය ගෙනයනවා නම් සහ උපක්‍රමශීලී විදිහට විදේශ ප්‍රතිපත්තිය ගෙනයනවා නම් ජාත්‍යන්තරය ගැන බයවෙන්න අවශ්‍ය නැහැ. ගෝලීයකරණය වූ ලෝකයක අපිට හුදකලාව ඉන්න බැහැ. රටේ ආර්ථිකය ශක්තිමට් කිරීම, නීතියේ සමාන බව ඇතිකිරීම, මානව හිමිකම් රැකීම අද ජාත්‍යන්තරව පිළිගත් දෙයක්. අපි උතුරු කොරියාව වෙන්න ඕනෑ නැහැ. බ්‍රිතාන්‍ය රටවල් වගේ අපි දියුණු වුණාම කරන්න හිතෙන දේවල් දැම්ම කරන්න ගියොත් අපි අමාරුවේ වැටෙනවා. (නි)

:       0       0

පෙරේරා Wednesday, 07 January 2015 04:31 AM

මෙයා ලංකාවට විතරද ඇහැ ගහන්නේ? ඇමෙරිකාව රට රටවල මිනී මරනවා. ඒවට ඇහැ දාන්නේ නැද්ද? (නි)

:       0       0

චමිල Wednesday, 07 January 2015 04:51 AM

මොකෝ මේ කට්ටියක් පරලවෙලා. කවුරු වුණාම මොකද හොඳ දෙයක් නේද කියලා තියෙන්නේ. රටේ පුරවැසියෝ ඔක්කොටම තමුන් කැමති කෙනාට නිදහසේ ඡන්දය දෙන්න ඉඩ දෙන කියන එක කොයිතරම් හොඳ දෙයක්ද? (නි)

:       0       0

සුරංග Wednesday, 07 January 2015 05:03 AM

දැන් ඔය රට ඇතුළේ වෙන දේවල් අනිත් රටවලට කොහොමත් ආරංචි වෙනවා. (නි)

:       0       0

මධුක Wednesday, 07 January 2015 05:09 AM

මේ ඔක්කොම ඇඟිලි ගැහිලි සිද්ධවෙන්නේ අපේ රටේ වත්මන් ක්‍රියාකලාපය නිසා. නීතිය සාධාරණය රකිනවා නම් මේ කවුරුත් ඇඟිලි ගහන්න එන්නේ නැහැ. උඩ අදහස් පළකළ සමහර කට්ටිය දැක්කහම හිතෙනවා බත් එක්ක තණකොළ මැල්ලුම් කනවද කියලා. (නි)

:       0       0

රචින්දූ Wednesday, 07 January 2015 05:12 AM

එන එකත් භොඳයි ඇස් දෙකෙන්ම බලාගන්න. (නි)

:       0       0

හසන්ත Wednesday, 07 January 2015 05:44 AM

එක එක අයගේ කේලම් ගැන බයවෙන්නේ තමන් හරියට වැඩ නොකළොත් තමයි. (නි)

:       0       0

සුරනි Wednesday, 07 January 2015 06:01 AM

අපි ලාංකිකයන් හැටියට වැඩ කරන්න ඕන කාටවත් අපේ වැඩ වලට හොම්බ දාන්න බැරි වෙන්න, වැදගත් විදියට. එතකොට අහේතුකව ඔය කාටවත් අපිට ඒවා මේවා කියන්න බැහැ. (බ)

:       0       0

අනිසා ඛාන් Wednesday, 07 January 2015 07:33 AM

අනේ මන්ද අරාබිකරයේ වෙන අපරාද පේන්නේ නැතුවද මේ අපේ ඒවාට ඇගිලි ගහන්න එන්නේ (බ)

:       0       0

උයන්ගොඩ Wednesday, 07 January 2015 08:09 AM

ජගත් ලේකම්ට බොහෝ අය දොස් කිව්වට, ජගත් ලේකම්ට පින් සිදුවන්නට තමා බොහෝ දෙනෙක් ඉතාලියේ ස්විස් නොර්වේ ස්විඩන් වාගේ රටවලට හොරෙන් ඇවිත් සරණාගත විසා ලබා යහ ජිවිත ගෙනියන්නේ (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජගත් මහ ලේකම්ට ඊශ්‍රායලයෙන් විරෝධයක්
2024 ඔක්තෝබර් මස 03 1053 0

ඉරානය සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් මුල්කොට ගනිමින්, එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරේස්ට ඊශ්‍රායලයට ඇතුළුවීම තහනම් කිරීමට ඊශ්‍රායල අග්‍රාමාත්


විපක්‍ෂනායක බංගලාව සම්පන්දන්ට සින්න වෙලා
2024 ඔක්තෝබර් මස 02 4203 0

හිටපු විපක්ෂ නායක සහ දෙමළ ජාතික සන්ධානයේ හිටපු නායක ආර් සම්පන්දන් මහතාට ලබා දී තිබූ කොළඹ 7 මහගමසේකර මාවතේ පිහිටි නිල නිවස ඔහු මිය ගොස් මාස තුනකට ආසන්න ක


ඇඹිලිපිටිය තිරිවාන නිධිය ගැන නීතිපතිගෙන් පොරොන්දුවක්
2024 ඔක්තෝබර් මස 02 1313 0

ඇඹිලිපිටිය මහගම ප්‍රදේශයේ තිරිවාන නිධිය කැනීම සම්බන්ධයෙන් කිසිදු ඉදිරි පියවරක් නොගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට ඊයේ (02) පොරොන්දු විය.


මූල්‍ය අරමුදලේ ඉහල පෙලේ නියෝජිතයෝ ලංකාවට
2024 ඔක්තෝබර් මස 02 763 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනට අදාළව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ නව රජයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ සොයා බැලීමට ජාත්‍යන්තර මූල


තල් විකුණා කප් ගහලා
2024 ඔක්තෝබර් මස 02 1090 0

තල් සංවර්ධන මණ්ඩලය තල් රා තල් වයින් සහ තල් අරක්කු ඇතුළු තල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් පසුගිය වසර දෙකේ දී රුපියල් කෝටි 12 කට වැඩි ආදායමක් උපයාගෙන ඇතැයි


මිනුවන්ගොඩ රූපලාවන්‍ය සිද්ධියේ හිමිකාරියට ඇප
2024 ඔක්තෝබර් මස 02 724 0

හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසු කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය අ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38695 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25424 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 283 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 963 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 337 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site