IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


ජේඩන් - අරෝන් සොහොයුරෝ යතුරු පැදියෙන් දස්කම් දක්වති

ස්පීඞ් 2012 මෝටර් රථ හා යතුරු පැදි තරගමාලාව ආරම්භ කරමින් පැවැති පළමු අදියරේ තරගාවලියේ වැඩිම ධාවකයන් පිරිසක් සහභාගි වු යතුරු පැදි ඉසව්වෙන් ලාබාල සොහොයුරන් වන ජේඩන් ගුණවර්ධන සහ අරෝන් ගුණවර්ධන පළමු හා දෙවැනි ස්ථාන ලැබුහ. පන්නල ස්පීඞ් ඩ්‍රෝම් ධාවන පථයේදී අද (12) සවස නිමාවු මෙම තරගාවලියේ ස්ටෑන්ඩර්ඞ් 125 සී.සී. 4 ස්ට්‍රොක් තනි සිලින්ඩර යතුරු පැදි ඉසව්වට තරගකරුවෝ 20 දෙනෙක් සහභාගි වුහ. මෙම ඉසව්වේ ශූරයා වන 9 හැවිරිදි ජේඩන් ගුණවර්ධන සහ 8 හැවිරිදි අරෝන් ද ඉදිරිපත්ව සිටීම තරගාවලිය නැරඹීමට පැමිණ සිටි ලොකු කුඩා කාගේත් අවධානයට යොමු වු ඉසව්වක් විය. තරගය ආරම්භයේ සිට ජේඩන් පෙරමුණ ගැනීමට සමත්වුවද අරෝන් ට තරගයේ ආරම්භය පමාවිය. කෙසේ වෙතත් වට 8 කින් සමන්විත වු මෙම ඉසව්වේ පළමු ක‍්‍රීඩකයන් සිවුදෙනා අතරට සැමවිටම එක් වන අරෝන් එහිදී සිය යතුරු පැදිය හරිහැටි පාලනය කරමින් සිය සොහොයුරුට හොද තරගයක් ලබාදීමට සමත්විය. ජේඩන් සහ අරෝන් සෙසූ ධාවකයන්ට වටක් ද තබමින්  තරගය අවසන් කිරීම ද කැපී පෙනෙන සිදුවීමක් විය. මෙම සොහොයුරන් දෙදෙනාගේ පියා වන්නේ ප‍්‍රවීණ යතුරු පැදි ධාවක ෂේන් ගුණවර්ධනයි. ඔහුගේ මග පෙන්වීම යටතේ මෙම ලාබාල ධාවකයන් දෙදෙනා මේ වන විට අන්තර්ජාතික තරග අත්දැකීම් පවා ලබා තිබේ. එස්. එල්. ජී.ටී. 3500 සී.සී. වේගවත් මෝටර් රථ ඉසව්වේ අවසන් වටයේදී එහි ශූරයකු වන දිනේෂ් දෙහෙරගොඩ, පසිදු පීරිස් අබිබවා යමින් පළමු ස්ථානය දිනා ගැනීමට සමත්විය. පසිදු ට එස්.එල්.එච්. 1600 සී.සී. ඉසව්වෙන් ද හිමි වුයේ දෙවැනි ස්ථානයයි. ඡායාරූප: ශාන්ත රත්නායක ජේඩන් ගුණවර්ධනඑස්. එල්. ජී.ටී. 3500 සී.සී. මෝටර් රථ ඉසව්වේ අවස්ථාවක්.....



අදහස් (0)

ජේඩන් - අරෝන් සොහොයුරෝ යතුරු පැදියෙන් දස්කම් දක්වති

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඇඳිරි නීතිය ගැන ජාජබෙන් නිවේදනයක්
2024 සැප්තැම්බර් මස 21 29 0

ඡන්දය ගණන් කරන අවස්ථාව වන අද (21) රාත්‍රී ඇඳිරි නීතිය පැනවීම ඡන්ද ප්‍රතිඵල ප්‍රකාශ කරන අවස්ථාවේ මහජන සාමය පවත්වා ගැනීමේ අරමුණින් පමණක් සිදු කරන්නක් යන්න


රාත්‍රී 10.00 සිට පැය අටක් ඇඳිරි නීතිය පනවයි
2024 සැප්තැම්බර් මස 21 976 0

අද රාත්‍රී දහයේ සිට හෙට උදෑසන 6.00 දක්වා ඇඳිරි නීතිය පනවන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.


ඡන්ද පොළෙන් ඈතට යන්නැයි පොලිසියට නියෝගයක්
2024 සැප්තැම්බර් මස 21 2795 0

සූරියවැව විහාරගල ඡන්ද මධ්‍යස්ථානයේ රාජකාරියේ යෙදී සිටි පොලිස් නිළධාරීන් හා ජ්‍යේෂ්ඨ ඡන්ද ස්ථානාධිපති අතර මත ගැටුමක් ඇති වී තිබේ.


හම්බන්තොට සියයට 79යි
2024 සැප්තැම්බර් මස 21 446 1

හම්බන්තොට දිස්ත්‍රික්කයේ සියයට 79 ක් ඡන්දය ප්‍රකාශ කිරිම සිදුකර ඇති බව හම්බන්තොට දිස්ත්‍රික් තේරීම්භාර නිළධාරී ප්‍රියන්ත සුමණසේකර මහතා කීය.


ත්‍රිකුණාමලය සියයට 76යි
2024 සැප්තැම්බර් මස 21 169 0

ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ජනාධිපතිවරණයට අදාළව ඡන්ද විමසීමේ කටයුතු අද (21) පස්වරු හතරට අවසන් වීමෙන් පසු දිස්ත්‍රික්කයේ ඡන්දදායකයන්ගෙන් 76.87% ඡන්දය ප්‍


පොලොන්නරුව සියයට 78යි
2024 සැප්තැම්බර් මස 21 198 0

මෙවර ජනාධිපතිවරණයේදී ඡන්දය පොලොන්නරුව දිස්තික්කයේ ජන්දය ප්‍රකාශ කිරීමේ භාවිතය සියයට හැත්ත අටක් බව දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී සුජන්ත ඒකනායක මහත


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14622 15

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 40 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 209 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 112 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site