(නිමන්ති රණසිංහ)
ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසයේ නමක් රඳවමින් පළමුවරට අඹුසැමි යුවළක් නියෝජ්‍ය පොලිස්පති තනතුරේ රාජකාරි කරමින් සිටිති.
මෙම අවස්ථාව උදා වූයේ නියෝජ්‍ය පොලිස්පතිනී ශිරානි සෙනෙවිරත්න මහත්මියට සහ ඇගේ ස්වාමියා වන නියෝජ්‍ය පොලිස්පති මහින්ද ගුණරත්න යන දෙපළටය.
උප පොලිස් පරීක්ෂකවරියක සහ උප පොලිස් පරීක්ෂකයකු ලෙසින් 1988 වර්ෂයේ පොලිස් සේවයට එක්වන ශිරානි සහ මහින්ද මුල්ම පත්වීම ලැබෙන්නේ රහස්‍ය තොරතුරු කාර්යාංශය (එන් අයි බී) ටය.
ශිරානි සෙනෙවිරත්න 2008 වර්ෂයේ සහකාර පොලිස් අධිකාරී ධූරයට උසස්වීම් ලබන අතර ඇය, රහස් තොරතුරු කේන්ද්‍රයේ රාජකාරි කිරීමෙන් පසු, නියෝජ්‍ය පොලිස්පති තනතුර ලැබෙන තෙක්ම සේවය කළේ රාජ්‍ය බුද්ධි සේවයේය.
උප පොලිස් පරික්ෂකවරයකු ලෙස පොලිස් සේවයට එක්වන මහින්ද ගුණරත්න මහතා 1998 වර්ෂයේ සහකාර පොලිස් අධිකාරීවරයකු ලෙස උසස්වීම් ලබන අතර, නියෝජ්‍ය පොලිස්පති ධූරයට පත් වන්නේ 2016 වර්ෂයේදීය. ජනාධිපති ආරක්ෂක දිසාව භාරව දීර්ඝ කාලයක් රාජකාරි කළ මහින්ද ගුණරත්න මහතා, විශේෂ ආරක්ෂක දිසාව, කිලිනොච්චිය, කෑගල්ල යන දිසා භාරව කටයුතු කිරීමෙන් පසු මේ වන විට කළුතර දිසාව භාරව රාජකාරි සිදුකරමින් සිටින්නේය.
ජාතික ආරක්ෂක තොරතුරු කාර්යාංශයේදී දැන හදුනාගෙන විවාහ දිවියට එළැඹුණූ මෙම දෙපළට දරුවන් දෙදෙනකු- සිටිති.
නියෝජ්‍ය පොලිස්පති මහින්ද ගුණරත්න
නියෝජ්‍ය පොලිස්පතිනී ශිරානි සෙනෙවිරත්න මහත්මිය
ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත්වුණු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව කැබිනට් මණ්ඩල සාමාජිකයන් සේම, ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව, නටලි හාප් ගැන ද මේ වනවිට බොහෝ දෙනා
ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත් වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් සිය මාධ්‍ය ලේකම්වරිය ලෙස කැරොලයින් ලෙවිට් තෝරාගෙන ඇත.
මැතිවරණ වියදම් වාර්තා බාර නොදෙන සියලුම අපේක්ෂකයන්ට දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වලට එරෙහිව නඩු පවරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පත් කිරීමට යෝජනා වී ඇත.
මෙවර මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබූ ලක්ෂ පනස් තුනකට අධික පිරිසක් ඡන්දය ප්‍රකාශ කර නොමැති බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන
නව පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා රැස්වන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා පැවසීය.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජෝඩුවම ඩී.අයි.ජී
mohan Monday, 11 October 2021 04:54 PM
සතුටුයි.... සුබපැතුම්...!!!