IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


'ජෝඩු ජෝඩු' එක්ක සම්පත් ජයවීර

2016-07-29-ent-62

වේදිකාවට වගේම ටෙලි තිරයටත් රංගනයෙන් තමාගේ අනන්‍යතාව මුසුකළ සම්පත් ජයවීර, මේ දිනවල දැක ගන්න පුළුවන්. මෙඩිසිනා, කොළඹ අපි ආවා ටෙලිනාට්‍ය වෙතින් සහ ලෝරන්ස්ගෙ මනමාලි වේදිකා නාට්‍ය වෙතිනුයි. මේ විදියට හමුවන සම්පත්, මේ දක්වා රඟපෑවේ වෙනත් නිර්මාණකරුවන්ගේ නාට්‍ය සහ නිර්මාණවලයි. නමුත් ඔන්න දැන් එයාටම නාට්‍යයක් කරන්න හිතිලා. මේ නාට්‍යයේ නම ‘‘ජෝඩු-ජෝඩු’’ මේ විදියට සම්පත්ට ජෝඩු වෙන්න හිතුණෙ ඇයි?.

 

මොකක්ද මේ ජෝඩු - ජෝඩුවල තියෙන වෙනස?

 

කොහොමද ඩොක්ටර් නාරම්පනාව?

2016-07-29-ent-63හොඳයි හොඳයි.

 

එහෙම කිව්වට කමක් නැද්ද?

මම ඉතින් කැමති මගේ නමින්ම අමතනවා නම් තමයි.

 

කොහොම වුණත් මෙඩිසිනා නාට්‍යයේ ඩොක්ටර් නාරම්පනාවට ලැබෙන ප‍්‍රතිචාර කොහොමද?

වරදක් නැහැ. අපි කවුරුත් හාස්‍යයට කැමතියිනෙ. මෙඩිසිනා නාට්‍යයේ ඒ චරිතයට වගේම ‘‘කොළඹ අපි ආවා’’ නාට්‍යයේ චරිතය සමග තමයි මේ දිනවල ටෙලිතිරයේ පෙනී සිටින්නෙ.

 

ඔබගෙ බිරින්දෑ මේ නාරම්පනාව ගැන මොනවද කියන්නෙ?

එයා නාරම්පනාවට අකමැතිද? එයා අකමැත්තක් නැහැ. වෙලාවකට ඒක බළලා එයත් විනෝද වෙනවා. ඇයට කොහොමටත් කලා ක්‍ෂේත‍්‍රය අමුතු තැනක් නොවෙයි. පුද්ගලික ගුවන් විදුලි නාලිකාවක (ශ්‍රී FM) විධායක නිවේදිකාවක ලෙස සේවය කරනවා. අපි දෙන්නටම ටෙලිනාට්‍ය නරඹන්න ලැබෙන්නෙ කලාතුරකින්. දෙන්නාම ක්‍ෂේත‍්‍ර දෙකක කාර්ය බහුලව කටයුතු කරන නිසා.

 

මේ ටෙලිනාට්‍ය චරිත දෙකට අමතරව වෙනත් නිර්මාණ ගැන කතා කළොත්?

"ලෝරන්ස්ගෙ මනමාලි" නාට්‍යය එක්ක රට වටේ සංචාරය කරනවා.

 

ඒ අතරේ මොකක්ද මේ ඔබ ‘‘ජෝඩු - ජෝඩු’’ වෙන්න හදනවා කියන්නෙ?

"ජෝඩු - ජෝඩු" කියන්නෙ මගේ ප‍්‍රථම වේදිකා නාට්‍ය නිර්මාණයයි. ජෝඩු-ජෝඩු ගැන කතාවෙන මෙයට පේ‍්‍රක්‍ෂකයින් කැමතිවන බව මට විශ්වාසයි.

 

මේක පරිවර්තනයක්ද?

මෙය ප‍්‍රංශ ජාතික මාක් කැමලොට්ගෙ "Don't Dress for DinnerZ" නිර්මාණයෙහි අනුවර්ථනයක් එය සිංහල වේදිකාවට අනුවර්ථනය කළේ හේමන්ත ප‍්‍රසාද්. මෙය ප‍්‍රහසනාත්මක තේමාවක් රැුගත් නාට්‍යයක්.

 

සම්පත් මෙතෙක් ආ වේදිකා නාට්‍ය ගමන ගැන හිතන්නෙ කොහොමද?

අවුරුදු 15ක් විතර වෙනවා. වේදිකාවෙන් ආව මට කවදා හරි වේදිකා නාට්‍යයක් කිරීමේ ආසාව තමයි තිබුණෙ. ඒකට කිසි විටෙකත් හදිසි වුණේ නැහැ. පසුබිම හදමින් හිටියේ.

 

ඔබ රඟපෑමට ආවේ නැත්නම් ? මොනවා වේවිද?

මොනවා වේවිද කියලා මටම හිතා ගන්න බැහැ. මොකද මම වෙනත් කිසිම අංශයක වෘත්තීය පුහුණුව ලබලා තිබුණෙත් නැහැ. පාසල් අධ්‍යාපනයෙන් පසුව ජාතික තරුණ සේවා සභාවේ නාට්‍ය පාඨමාලාවකට සම්බන්ධ වුණා. එතැනින් පටන් ගත්ත ගමන තමයි මේ.

 

ගෙදරින් බැන්නෙ නැද්ද? නාට්‍ය කරන්න යනවා කියලා.?

ඇත්තටම නැහැ. එදා ඉඳලාම අම්මා - තාත්තා මට සහයෝගය දුන්නා.

 

ඇයි ඔබට රංගනයටම හිත ගියේ?

ඒක මගේ ඇඟ ඇතුළෙම තිබුණු දෙයක් කියයි මට හිතෙන්නේ. ඒ හින්දා ඒ මග ඔස්සේ යා යුතු විදිය ගැන මම හෙව්වා. මේ අවුරුදු පහළොවක රංගන ගමනේදී මට කිසි දෙයක් එක්වර ලැබුණේ නැහැ. මගේ පාමුලට කිසිදෙයක් ආවෙත් නැහැ. මගේ උත්සාහය ඇතිව බොහොම හෙමින් ඒ ගමන ආවේ. ටක් ගාලා පිපිලා - ටක් ගාලා පරව ගිය ගමනක් නොවෙයි. තවදුරටත් හෙමි - හෙමිහිට යන ගමනක්. අදටත් එදා වගේම බාධක තියෙනවා. ඒත් මේ ක්‍ෂේත‍්‍රය දාලා යන්න හිතක් නැහැ.

 

දැන් "ජෝඩු - ජෝඩු" වේදිකාවට ගෙනෙන්නෙ කවදාද?

අගෝස්තු 23 සහ 24 සවස 7ට ලයනල් වෙන්ට්ඞ් රංග ශාලාවට පළමු වතාවට ගෙනෙනවා. ඉන්පසු රටපුරා ගෙනයන්න බලාපොරොත්තු වෙනවා.

 

නාට්‍යයක් කරන එක පහසුද? ලෙහෙසිද?

ඇත්ත වශයෙන්ම සැලකිය යුතු පිරිවැයක් ඒ වෙනුවෙන් දරන්න වෙනවා. මගේ දයාබර මිතුරකු මෙන්ම නාට්‍ය රසිකයකු වන ප‍්‍රවීන් කුලසිංහ මේ කර්තව්‍යට මා එක්ක එකතු වුණා.

 

"ජෝඩු - ජෝඩු" මිනිස්සුන්ට අල්ලලා යාවිද?

හොඳනම් මිනිස්සු බොහොම ආදරයෙන් පිළිගනීවි. මට විශ්වාසයි එහෙම වේවි කියලා.

කවුද "ජෝඩු - ජෝඩු" හැඩ කරන්නෙ. ජනක කුඹුකගේ, දමිතා අබේරත්න, සමාධි ලක්සිරි, චමිලා පීරිස්, හේමන්ත ප‍්‍රසාද් සහ සම්පත් ජයවීර වන මම. ඒ අපි එක්ක ටෝනි - සුසීමා, සුසානා, ජෝර්ජ් හෙවත් කළුමල්ලි ඉන්නවා. මේ අය මුණ ගැහෙන්න අනිවාර්යෙන්ම එන්න. මම තව දෙයක් කියන්නද?

 

මොකක් ගැනද?

ලොරේන්ට - රොබින් කියන කතාවක් ගැන.

 

හොඳයි කියමු බලන්න?

අපට වැරැද්දක් කියන්න බැහැ ටෝනිට. මගේ නමින් පෙනී සිටින පෙම්වතියක් එයාට ඉන්න එක ගැන. ඒකෙන් ඔයා දැන ගන්නෙ නෑ. එයා ටෝනිගෙ පෙම්වතිය කියලා ඒ අතරේ මට ඔයාගේ පේ‍්‍රමවන්තයා හැටියට පෙනී ඉන්නවා.

 

සටහන - ඡායාරූප - සඳුන් ගමගේ

 

sandalla

 

2016-07-29-ent-64



අදහස් (0)

'ජෝඩු ජෝඩු' එක්ක සම්පත් ජයවීර

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සද්දන්තයෙක් කසල ගොඩේ මියයයි
2024 ඔක්තෝබර් මස 05 911 0

අම්පාර නගර සභාව මඟින් පාලනය කරනු ලබන බුද්ධංගල මාර්ගයේ පිහිටා ඇති කසල ඒකකය තුළ වන අලියෙක් මියගොස් තිබෙන බව ගම්වාසීහු පවසති.


11 දරුපියා පිහි පහරින් මරුට
2024 ඔක්තෝබර් මස 05 2041 0

අවුරුදු තුනේ සිට පහළොව අතර වයසේ පසුවන දරුවන් එකොලොස් දෙනකුගේ හතළිස් එක් හැවිරිදි පියකු බිරියගේ සහෝදරයකුගේ පොලු පහරක් වැදී මරණයට පත්වී ඇතැයි රක්වාන ප


ජනපති අමරපුර මහානාහිමි බැහැ දකී
2024 ඔක්තෝබර් මස 05 670 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (05) පෙරවරුවේ වැල්ලවත්ත, අමරපුර මහා නිකායේ සංඝ මූලස්ථානය වෙත පැමිණ කරගොඩ උයන්ගොඩ මෛත්‍රිමූර්ති ශ්‍රී ලංකා අමරපුර


සිසුහු දෙකක් අංගම්මන තොටුපොළට බිලි
2024 ඔක්තෝබර් මස 05 376 0

රත්නපුර අංගම්මන තොටුපළේ අද පස්වරුවේ දියනෑමට ගිය රත්නපුර සුධර්මශාලා පිරිවෙනෙහි 11 වසර සිසුන් දෙදෙනකු ගඟේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇතැයි රත්නපුර පොලිස


ජනපති අටමස්ථානාධිපති හිමිවරු බැහැ දකී
2024 ඔක්තෝබර් මස 05 952 0

ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු අනුර කුමාර දිසානායක මහතා ප්‍රථම වරට අද (05)වැනි දා පස්වරුවේ අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝ සමිඳුන් සහ රුවන්වැලි සෑ රදුන


අල්ලස් ගත් ආර්.එම්.වී නියෝජ්‍ය කොමසාරිස් ඇතුළු තිදෙනා රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 05 1534 0

ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු මිලට ගත් බස් රථයක ලියාපදිංචිය වෙනස් කර පොත ලබාදීම සඳහා රුපියල් දෙලස්ස පනස් දහසක (250000)අල්ලසක් ලබා ගත්තේ යැයි කියන නාරාහේන්පිට ම


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39106 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25576 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 322 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1083 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 378 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site