IMG-LOGO

2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා


ජාතික ආණ්ඩුව ඉදිරියට යන තීන්දුව මැතිවරණයෙන් පසුවට

(ඩයනා උදයංගනී)

ජාතික ආණ්ඩුව ඉදිරියට ගෙනයන්නේද නැද්ද යන්න ගැන ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ තීන්දුව ඉදිරි පළාත් පාලන මැතිවරණයෙන් පසු ගන්නා බව එම පක්‍ෂයේ ජාතික සංවිධායක, විද්‍යා, තාක්‍ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය.
           

මැතිවරණ කාලසීමාවක් තුළ එවන් තීන්දු ගත නොහැකි බව කී අමාත්‍යවරයා එබැවින් එය මැතිවරණය අවසන් වන තුරු ප‍්‍රමාද කිරීමට පක්‍ෂය තීරණය කර ඇතැයි සඳහන් කළේය.

           

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය හා එක්සත් ජාතික පක්‍ෂය ජාතික ආණ්ඩුව සම්බන්ධයෙන් ලියවිල්ලක් අත්සන් කර ඇති නමුත් එය ලියාපදිංචි ගිවිසුමක් නොවන බව කී අමාත්‍යවරයා එබැවින් එහි නීත්‍යානුකූල පදනමක්  නොමැති බව ද කීවේය.
           

එම ගිවිසුමේ ද කාලසීමාව මේ වන විට අවසන්ව ඇති බවත් ඒ පිළිබඳ පසුවිපරමක් කර එයින් බලාපොරොත්තු වූ ඉලක්ක ඉටුවී තිබේද නැතිනම් ඉදිරියේදී එම ඉලක්කයන් ළඟා කර ගත හැකිවේද යන්න ගැන පසුවිපරමක් කළ යුතු බව ද සුසිල් ප්‍රේමජයන්ත මහතා කියා සිටියේය.
           

අමාත්‍යවරයා මේ බව පැවසුවේ කොළඹ ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේදී අද (29) පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.



අදහස් (29)

ජාතික ආණ්ඩුව ඉදිරියට යන තීන්දුව මැතිවරණයෙන් පසුවට

JEEWA Monday, 29 January 2018 11:35 AM

අතට ඡන්ද මදි වුණාම එජාපයත් එක්ක අායෙත් එකතු වෙනවා. එ්කනේ ඔය නොකියා කියන්නේ අපි නොදන්නා ඡන්ද පොරොන්දු...

:       0       541

RaveendraMonday, 29 January 2018 02:51 PM

නිල්, කොළ, රතු මල්ටික නම් යස අගේට තියෙන්නේ.... ලක්මවගේ දරුවන් හට අඳුර තමා පෙනෙන්නේ.... අනේ අපේ ලක්දෙරණට මේ ටික ගිනි තියන්නේ....

:       54       115

athuraTuesday, 30 January 2018 04:08 AM

නිල්,කොළ,රතු, විතරද මහත්මයෝ. එතකොට අර පොහොට්ටුවද, මලද මොකක්ද එකේ පාට.

:       31       68

බන්ඩාTuesday, 30 January 2018 03:33 AM

මහින්ද පාලනයට වෙනසකට ගෙනාපු 'යහපාලනයෙ' කෙරැවාවෙන් තෘප්තිමත් ඒ කියන්නෙ සෑහීමට පත් වෙච්ච අය අලියට හරි නිදහස් පක්ෂෙකට හරි ජවිපෙට හරි ටීඑන්ඒ එකට හරි කතිරෙ ගහන්න. මහින්ද යුද්ධෙ නවත්තල කල සංවර්ධනය හොඳයි කියන අය 'පොහොට්ටුවට' කතිරෙ ගහන්න.

:       111       13

Sanath KandyTuesday, 30 January 2018 05:14 AM

යහපාලන කඩේ වගේම පරණ කඩේත් ෂුවර් නෑ කියලා ජනතාව දන්නවා. ජවිපෙ ඒ බව කලින්ම ජනතාවට කිව්වා. දැන් ඒක හොඳටම ඔප්පු වෙලාත් තියෙනවා. ඒ නිසා ආයෙත් මිනිස්සු මේ දෙගොල්ලන්ට රැවටෙන්නේ නෑ. මෙදා සැරේ ජනතාව ජවිපෙ ඉහලින් ඔසවා තබනවා.

:       0       1

සපුමල් බණ්ඩාරTuesday, 30 January 2018 03:43 AM

මේ ඔක්කොම රැඟුම් පෙබ​. 10 වෙනකල් විතරයි. ඊට පස්සේ සුපුරුදු විදිහට දෙතුන් ගොල්ලම ඩීල් දාගෙන ජනතාව ගොනාට අන්ඳලා රට කාවි. බරපතල වංචා දූෂණ වාර්ථා, බැඳුම්කර වාර්ථා ඊලඟ ඡන්දෙ එනතුරු හමස් පෙට්ටියේ. මේ ඡන්දෙදිවත් ජනතාව විකල්පයක් ගැන කල්පනා කළොත් මේ අයට යන එන මං නැති වෙනවා.

:       0       115

rama Monday, 29 January 2018 11:47 AM

මෙහෙම අය එක්ක කොහොමද ආණ්ඩු කරන්නේ? මහින්ද කතාකළ එකතුවෙන්න ආණ්ඩුව දාලා එන්න කියලා, ආවේ නැහැ. සිරිසේන කියනවා 96 එකට ඉන්නවා නම් ආණ්ඩුවක් හදනවා කියලා... දාල එන්න කැමති නැහැ, 2020 වෙනකම්ම ඕක කරාවි..

:       1       248

Paraajith Monday, 29 January 2018 12:00 PM

පරාජිතයින්ට අපේක්ෂකයින්ට රැකියා දෙන්න පුළුවන්නම් ගිවිසුම් නැතත් කමක් නැහැ. සංස්ථාවක හරි වෙනත් ආයතනයකට රැකියාවක් දෙන්න පුළුවන්නම්...

:       1       77

sirimal Monday, 29 January 2018 12:29 PM

ඒක හොඳයි. ඔබතුමාලා ඉතා උනන්දුවෙන් ජාතික ආණ්ඩුව පස්සෙන් පස්සට ගෙන යන තීන්දුව දැන් අරගෙන ක්‍රියාත්මක කරමින්නේ යන්නේ.... මැතිවරණයෙන් පස්සේ ඉදිරියට යන්න හිතුණු එක හොඳයි.

:       27       104

de silva Monday, 29 January 2018 01:42 PM

මොනවා උනත් හැමදාම කල වගේ රටට හෙන ගහල ගියත් ඔබලාගේ අනාගතයට සුභ ධයක තීරණයක් ඔබල ගන්න බව මට 100% ම විශ්වාසය

:       1       146

Niran Monday, 29 January 2018 01:49 PM

අපි කන්නේ බත්... තණකොළ නෙවෙයි.

:       0       504

kalpa Monday, 29 January 2018 02:08 PM

පවතින්නේ සන්ධාන ආණ්ඩුවක් තමතමන්ගේ පක්ෂයේ ප්‍රතිපත්තිවලට අනුව රට කරනවා මිසක ජාතික ප්‍රතිපත්තියකින් රට කරන්නේ නැහැනේ.. එලෙස පාලනය කරන නිසා ලැබිලා අවුරුද් 70ක් වෙලත් අපි ඉන්නේ අන්ත අසරණ දුප්පත්ව නේද?

:       0       105

dias Monday, 29 January 2018 02:13 PM

පොහොට්ටුවත් එක්ක කොහොමද හදන්නේ ආණ්ඩු? පොහොට්ටුවේ ඉන්නේ දූෂිතයින් සහ හොරුන්නේ. ජනාධිපතිතුමනි, ජනතා විමුක්ති පෙරමුණ සමග එකතුවෙමු.

:       440       461

ranaa Monday, 29 January 2018 04:11 PM

පොහොට්ටුවේ ඉන්නේ හොරුයි කියමුකෝ, එතකොට ජනාධිපති ලඟ ඉන්න, පහුගිය මැතිවරණවලින් ජනතාව ගෙදර යවපු අය හොරු නොවෙයිද? අමතක කරන්න එපා මෛත්‍රි එයාලව ගත්තේ ජාතික ලැයිස්තුවෙන් , මට පෙනෙන විදියට හොරු මෙයාලමද කොහෙද?

:       0       0

BamunuarachchiMonday, 29 January 2018 11:17 PM

එතකොට කොහොමද අපි හොරකම් කොරන්නේ? උන් හැමදෙයක්ම් හොඳට හොයා බලනවානේ. අපට කොන්ත්‍රාත් එකක්වත් කොරගන්න බැහැ JVP එකත් එක්ක එකතු උනොත්.

:       15       117

Bamunuarachchi Monday, 29 January 2018 02:52 PM

ජනතාවට ජාතික ආණ්ඩු එපා කියන එක ප්‍රකාශ කරන්නේ කොහොමද?

:       0       81

aseTuesday, 30 January 2018 04:02 AM

ඔබට සියලු "ජනතාව " වෙනුවෙන් මෙවැනි දෙයක් ප්‍රකාශ කිරීමට හැකිද ?

:       0       109

Rohana Monday, 29 January 2018 03:00 PM

ලංකාවේ දේශපාලකයන් රටේ සම්පත් කොල්ල කන මංකොල්ලකාරී පිරිසක්.... හැම කෙනාම හොරු.. මේ තක්කඩියන් යවන්නේ කවද්ද? රටේ සාරය උරාබොන ලේ බයියන්. රටට හිතවත් ආදරය කරන පිරිසක් බිහිවන්නේ කවදාද?

:       0       218

Sathyayaa Monday, 29 January 2018 03:37 PM

ඔයා දේශපාලනයට ආදා සිට මෙතෙක් රටට කර ඇති සේවය හා ඔබ ඔබට හා ඔබේ පවුලට කරගෙන ඇති සේවය පිළිබඳ පසු විපරමක් අපගේ ජනතා රහස් ඔත්තු සේවය විසින් සොයා බලා තියෙනවා. ඒ අනුව අප තීරණය කර තිබෙනවා ඔබලා වැනි වැනි වැනි ඉන්නා ඇමතියන්ව සදහටම ගෙදර යවන්න.

:       0       493

Sunil Monday, 29 January 2018 04:53 PM

ඒක ඉදිරියට නොයන තරමට ඔබතුමා කැමති බව අපි නොදන්නවා නොවේ. ඒකට හේතුත් අපි නොදන්නවා නොවේ.

:       0       13

minipe Monday, 29 January 2018 05:25 PM

ඡන්දෙ දෙන එක ඔබේ වැඩක්

:       0       3

උදය Monday, 29 January 2018 10:47 PM

මම නම් මෛත්‍රිපාල මහතාට ඡන්දය දුන්නේ සියළු ලාංකිකයන් හට නිර්පාක්ෂික ස්වාධීන වූ නායෙකු බලාපොරොත්තුවෙනුයි. එදා, අද සහ හෙටටත් අවශ්‍ය එවැනි රාජ්‍ය නායකයෙක්. රාජ්‍ය නායකයා වූ පසු පක්ෂ නායකකම වෙන කෙනෙකුට දිය යුතුයි. සුදුසු අය පැහැදිළිවම ඉන්නවා. එහෙම වූවානම් යන දවසක් සියළුම ලාංකිකයන් වඳියි. අනේ ඉතින් මම දුන්නු ඡන්දය!

:       0       1

Indrajith Tuesday, 30 January 2018 12:42 AM

දෙසැම්බර් 31 සිට ජාතික ආණ්ඩු ගිවිසුම අවලංගු නිසා ඇමති මණ්ඩලය 45 ක් විය යුතු බැවින් මේ අයගේ ඇමතිකම් නීති විරෝධී වේ .

:       0       2

Senarath Tuesday, 30 January 2018 03:29 AM

ඒ උනාට ජනාධිපතිතුමා නම් කියන්නේ 96 ම එයත් එක්ක එකතුවෙනවානම් හෙට උනත් ආණ්ඩුවක් හදනවා කියල. මෙයා මේ නොකිය කියන්නේ, ඒ උදවියට එකට එකතුවෙන්න එපා කියල මම හිතන්නේ. එකනේ යු එන් පි එක්ක තවදුරටත් ආණ්ඩුව ගෙනියනවද කියන එක ඡන්දෙන් පස්සේ හිතනවා කියන්නේ.

:       0       2

වීර Tuesday, 30 January 2018 03:38 AM

අහන්න බැරිද විද්‍යා තාක්ෂණ ඇමති විදියට මොනවද මේ වනවිට කරලා තියෙන අලුත් ව්‍යාපෘති. මහජනතාවට ප්‍රයෝජනවත් අලුත් කාර්යන් මොනවද කියල. අපි කැමති ඒවගේ දේවල් දැනගන්න.

:       0       128

Susith Ratnapura Tuesday, 30 January 2018 04:22 AM

ඔව්, ඔව් තමන්ගේ පවුලේත් පරම්පරාවේත් ගෝල බාලයෝන්ගේත් බඩගෝස්තරේ රැකෙන්නේ හැමදාම පින් ඇමතිකම් කලොත්නේ.

:       0       30

Chandra Tuesday, 30 January 2018 04:50 AM

දැන් අවුරුදු 40 ක් විතර ආණ්ඩුවල ඉදල ඇමතිකම් දරල රට ස්වයංපෝෂිත කරපු අයට හරි අමාරුයි මොකුත් නැතුව . තමන් මහන්සියෙන් ඉතුරු කරපු මුදලක් තියෙනවනම්, රට ණය බරෙන් නිදහස් වෙන්න සම්මාදම් වුනොත් නම් පින් සිද්ධවෙනවා .

:       0       248

kapila Tuesday, 30 January 2018 05:04 AM

ජාතීන් අතර සහජීවනේ වඩන්නෙ කොහොමද ප්‍රදාන දේශපාලන පක්ශ අතර රට නන්වන්න සහජීවනේ නැතුව.

:       0       2

Prabath Tuesday, 30 January 2018 05:22 AM

මෙයා කොහොමද ජාතික ආණ්ඩුව ගැන කතාකරන්නේ.ජාතික ආණ්ඩුව හැදුවේ වෙන කට්ටියක්.

:       0       102

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

සෙව්වන්දි - ප්‍රසන්න රට පැන්නාද?
2025 අප්‍රේල් මස 21 1338 0

පාතාල කල්ලි නායක සංජීව කුමාර සමරරත්න නොහොත් ගනේමුල්ල සංජීව නමැත්තා කොළඹ අලුත් කඩේ අධිකරණයේදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ආධාර අනුබල


පාස්කු සටන් විරාමයේ රුසියාව මිසයිල ගහලා
2025 අප්‍රේල් මස 21 482 0

පැය 30 ක පාස්කු සටන් විරාමය ප්‍රකාශයට පත්කර පැය කීපයක් ගතවන්නටත් මත්තෙන් රුසියාව ඩ්‍රෝන 96 ක් සහ මිසයිල 3 ක් භාවිත කරමින් යුක්රේනයේ ප්‍රදේශ කීපයකට ප්‍රහා


තැපැල් ඡන්දයේදී අනන්‍යතාව තහවුරු කරන්න ලියවිලි 5ක්
2025 අප්‍රේල් මස 21 153 0

පළාත් පාලන මැතිවරණයේදී තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට අනන්‍යතාව තහවුරු කළ හැකි පිළිගත් ලියවිලි 5 ක් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කර තිබේ.


අවුරුදු පහමාරක්ම තිබුණේ පාස්කු විමර්ශන යට ගහන ආණ්ඩු
2025 අප්‍රේල් මස 21 431 0

පාස්කු ප්‍රහාරය සිදුවී ගෙවුණු අවුරුදු හයෙන් පහ මාරක්ම තිබුණේ පාස්කු ප්‍රහාරයේ විමර්ශන කරන ආණ්ඩු නොව විමර්ශන යටපත් කරන ආණ්ඩු බව ජනාධිපති අනුර කුමාර ද


ජනාධිපති ප්‍රමුඛ ආණ්ඩුව රටටම බොරු කළා
2025 අප්‍රේල් මස 21 780 0

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ මහා මොළකරුවා හෙළිකරන්නේ යැයි මහා විශාලා ඝෝෂාවක් නගමින් වර්තමාන අණ්ඩුව අසත්‍ය ප්‍රකාශ කළේ යැයි මේ වන විට රටටම පැහැදි්


ආහාර සුරක්ෂිතතා කමිටුව හය වන වරටත් රැස්වේ
2025 අප්‍රේල් මස 21 278 0

රටේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට අදාළව ප්‍රතිපත්තිමය තීන්දු ගැනීම සඳහා වන ආහාර සුරක්ෂිතතා කමිටුව කොළඹ ජනාධිපති කාර්යාලයේදී අද 6 වන වරටත් රැස් විය.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 511 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 291 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 443 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site