(ඩයනා උදයංගනී)
ආණ්ඩු පක්ෂය සමඟ සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් ජාතික ආණ්ඩු යෝජනාවට පක්ෂව ඡන්දය භාවිතා කළහොත් ඔවුන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා බව ශ්‍රී.ල.නි.ප මහලේකම් දයාසිරි ජයසේකර මහතා පැවසීය.
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය එක්සත් ජාතික පෙරමුණේ සාමාජික පක්ෂයක් බැවින් එක්සත් ජාතික පෙරමුණු රජය ඔවුන් සමඟ එක්වී ජාතික ආණ්ඩුවක් සැදීම සදාචාරාත්මක නැති බව ද මහලේකම්වරයා කීවේය.
ජාතික ආණ්ඩුවක් සැදීමට ඔවුන් උත්සාහ කරන්නේ පක්ෂය තුළ ඇති අර්බුද විසඳාගැනීමට මිස රටට සේවයක් කිරීමට නොවන බව ද හෙතෙම සඳහන් කළේය.
දයාසිරි ජයසේකර මහතා මේ බව පැවසුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී අද (5) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
හිටපු ජනාධිපතිවරුන්ට ජනාධිපති කාර්යාලයෙන් ලබා දී තිබෙන වාහන තුනෙන් එකක් නැවත බාර දෙන ලෙස ජනාධිපති ලේකම් ආචාර්ය සනත් නන්දිත කුමානායක මහතා හිටපු ජනපති
ඇමරිකාව පැනවූ තීරු බද්දට සහනයක් ලබා ගැනීම සඳහා ඇමෙරිකාව සමග කළ සාකච්ඡා ප්‍රතිඵල දායක බව එහි ගිය ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායම තමාට දැනුම් දුන් බව ජනාධිපත
වාණිජ වටිනාකම් සහිත ඉඩම් ආණ්ඩුව තියාගෙන ඉන්නේ මොකටද? ඒවා විනිවිද භාවයෙන් ආයෝජකයන්ට ලබාදෙන්න සූදානම් යැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මොරටුවේ ද
දරුවන් පාසලට ඇතුලත් කිරීමේදී දේශපාලනඥයින්, රාජ්‍ය නිලධාරීන්, විදුහල්පතිවරුන් වාසි ගත්ත කාලය අවසන් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැව
රුපියල් පහළොස් කෝටි හතලිස් පන් ලක්ෂ පනස් දහසක් වටිනා , ’’ කුෂ්’’ සහ ’’ හෂීෂ් ’’ මත්ද්‍රව්‍ය තොගයක් ,ජාත්‍යාන්තර අධිවේගී තැපැල් සේවය (Express Mail Service ) ඔස්සේ , කො
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහිව ඇති චෝදනා පිළිබඳව විමර්ශන කෙරෙන ත්‍රිපුද්ගල කමිටුව කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා විසින් අද (23) පත්
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ජාතික ආණ්ඩු යෝජනාවට සහය දෙන ශ්‍රීලනිප මන්ත්‍රීන්ට එරෙහිව විනය පියවර
iron Tuesday, 05 February 2019 07:19 AM
ජාතික ආණ්ඩුවක් හදන්න ගියොත් විනය පරීක්ෂණ. මහින්දගේ පොහොට්ටුවේ සාමාජිකත්වය ගත්ත 30 දෙනාට උසස්වීම් ද ? පාක්ෂිකයා අවදියෙන්
kamil Tuesday, 05 February 2019 07:24 AM
ජාතික ආණ්ඩුවක් හදලා රට දියුණු කලොත් මහා ලේඛම්ගෙන් විනය පරික්ෂණ ඇයි මහින්දට විරුද්ධ පක්ෂේ නායකකම නොලැබෙන නිසා නේද. දැන් ඕකත් දුවන්නේ මහින්දට ඕන විදියට ද ?
Bhanuka Tuesday, 05 February 2019 01:07 PM
ශ්‍රී. ල.නි.ප. සභාපති ජනපති මෛත්‍රී. දැනටත් මේක ජාතික ආණ්ඩුවක්.
bahutharaya Tuesday, 05 February 2019 08:38 PM
පොහොට්ටුවට ජයවේවා
NishanWednesday, 06 February 2019 06:15 AM
පොහොට්ටුවක් නෑ කියලයි පාර්ලිමේන්තුවේ කියන්නේ. තියෙනවා කිව්වොත් මන්ත්‍රී කමත් නැතිවෙනවා.
Nishan Wednesday, 06 February 2019 06:14 AM
පොහොට්ටුවට බයයි. එයාලා එක්ක සන්ධාන හදන්න පස්සෙන් යනවා වැඳ වැඳ.
Kumara Dharmarathne Wednesday, 06 February 2019 11:42 AM
ඔබේ නායකයා පාර්ලිමේන්තුව නීති විරෝධීව විසුරුවා හැරීම උසාවියේ නඩු තීන්දුවකින් ස්ථීර කර තිබියදීත් ඔහු තවමත් ජනාධිපති ධුරයේ රැඳී සිටීම සදාචාරාත්මකද? ඉස්සරවෙලා ඔබතුමාගේ පක්ෂයේ වැරදි හදාගත්තොත් හොඳයි නේද දයාසිරි මහත්තයෝ..?
Kumara Dharmarathnr Wednesday, 06 February 2019 11:48 AM
ඔබේ නායකයා ආණ්ඩුවේ නායකයාව සිටියදී විරුද්ධ පක්ෂයේ මන්ත්‍රීවරු අරගෙන ලෝකෙවටේ යනඑක සදාචාරාත්මකද? සමහරවිට ඔබත් ඒ සමග ගිය නිසා එක සදාචාරාත්මක වෙන්න ඇති නේද මහත්තයෝ?