ශ්රී ලංකා ආධුනික බොක්සිං සංගමය සංවිධානය කළ 85 වැනි ජාතික බොක්සිං තරගාවලියේ (2011) ශුරතාව පිට පිට දෙවැනි වරටත් දිනා ගැනීමට පන්නල ස්ලිම්ලයින් ක‍්‍රීඩා සමාජය සමත්විය. එහිදී විශේෂත්වය වන්නේ 34 වතාවක් ශූරතාව හිමි කර ගෙන සිටින යුද හමුදා කී‍්‍රඩා සමාජය මෙවර ලද පරාජයයි. මෙවර ඔවුන්ට තරගාවලියේ අනුශූරතාවයෙන් සෑහීමට පත්වීමට සිදුවිය.
තරගාවලියේ පිරිමි අවසන් තරගවලදී ස්ලිම්ලයින් ක‍්‍රීඩා සමාජ ක‍්‍රීඩකයෝ බර පංති තුනක රන් පදක්කම ද, තවත් බර පංති තුනක රිදී පදක්කම ද දිනා ගැනීමට සමත්වුහ.
එහිදී යුද හමුදාවට හිමි වුයේ රන් පදක්කම් දෙකක් පමණක් වන අතර පසුගිය වසරේ අනුශූරතාව හිමිකර ගත් නාවික හමුදාවට මෙවර හිමිවුයේ එක් බර පංතියක ජය පමණි. ආර්.ටී.ජයතිලක, අසංක රාජපක්‍ෂ සහ පී.ඞී.සුරේෂ් ස්ලිම්ලයින් පිලට රන් පදක්කම් හිමිකර දුන් ක‍්‍රීඩකයෝ වුහ.
මෙවර තරගාවලියේ දක්‍ෂතම කී‍්‍රඩකයා ලෙස ලයිට් බර පංතියේ ශුරතාව දිනා ගත් ගුවන් හමුදා පිලේ එන්. ටී. ජයකොඩි සම්මාන ලැබීය. නාවික හමුදා ක‍්‍රීඩක ජී .එස්. කුමාරසිංහ දක්‍ෂතම පරාජිත ක‍්‍රීඩකයාට හිමි සම්මානය ලැබීය.
කාන්තා තරගාවලියේ ශුරතාව පිට පිට දෙවැනි වරටත් මාස් සදර්න් කණ්ඩායම දිනා ගත්තේය. මාස් සදර්න් ‘සී’ පිල තෙවැනි ස්ථානය ලැබීය. එහිදී මාස් සදර්න් පිලේ නිල්මිණී ජයසිංහ දක්‍ෂතම කී‍්‍රඩිකාව ලෙසත් යුද හමුදා පිලේ පී. කේ. සුමුදු දක්‍ෂතම පරාජිත ක‍්‍රීඩිකාව ලෙසත් සම්මාන ලැබුහ.
වසරේ බොක්සිං ක‍්‍රීඩකයා හෝ ක‍්‍රීඩිකාවට හිමි වන සම්මානය ස්ලිම්ලයින් ක‍්‍රීඩා සමාජයේ පී. ඞී. සුරේෂ් දිනාගත් අතර යුද හමුදා ක‍්‍රීඩා සමාජය වසරේ දක්‍ෂතම බොක්සිං ක‍්‍රීඩා සමාජය ලෙස සම්මාන ලැබීය.
කොළඹ සුගතදාස ගෘහස්ත කී‍්‍රඩා සංකීර්ණයේදී පැවැත්වුණි.
අවසන් තරග ප‍්‍රතිඵල:
පිරිමි
කි.ග‍්‍රෑ. 49 ට අඩු ලයිට් ෆ්ලයි බර පංතිය
සී.අයි.පෙරේරා (යුද හමුදා ‘ඒ’) විසින් එම්.ආර්.කුමාර (ගුවන් හමුදාව) පරාජය කරන ලදී.
කි.ග‍්‍රෑ. 52 ට අඩු ෆ්ලයි බර පංතිය
පී.ඞී.සුරේෂ් (ස්ලිම්ලයින් ‘ඒ’) විසින් ඞී.පී.ජයමාන්න (ගන්දර) පරාජය කරන ලදී.
කි.ග‍්‍රෑ. 56 ට අඩු බැන්ටම් බර පංතිය
ආර්. ටී. වීරක්කොඩි (යුද හමුදාව ‘ඒ’) විසින් ජී. එස්. ජයවීර (යුනිචෙලා) පරාජය කරන ලදී.
කි.ග‍්‍රෑ. 60 ට අඩු ලයිට් බර පංතිය
එන්.ටී.ජයකොඩි (ගුවන් හමුදාව) විසින් ඒ.බී.ගුණතිලක (ස්ලිම්ලයින්) පරාජය කරන ලදී.
කි.ග‍්‍රෑ. 64 ට අඩු ලයිට් වෙල්ටර් බර පංතිය
වයි.එම්.ඩිල්ෂාන් (ගුවන් හමුදාව ‘ඒ’) විසින් එස්.එන්. හීල්බත්දෙණිය (ස්ලිම්ලයින් ‘ඒ’) පරාජය කරන ලදී.
කි.ග‍්‍රෑ. 69 ට අඩු වෙල්ටර් බර පංතිය
අසංක රාජපක්‍ෂ (ස්ලිම්ලයින් ‘ඒ’) විසින් එස්.නවරත්න (ගන්දර) පරාජය කරන ලදී.
කි.ග‍්‍රෑ. 75 ට අඩු මිඞ්ල් බර පංතිය
ආර්.ටී.ජයතිලක (ස්ලිම්ලයින් ‘ඒ’) විසින් එම්. ඒ. දිවාරත්න (යුද හමුදාව ‘ඒ’) පරාජය කරන ලදී.
කි.ග‍්‍රෑ. 81 ට අඩු ලයිට් හෙවි බර පංතිය
ඒ.එන්.ප‍්‍රනාන්දු (නාවික හමුදාව ‘ඒ’) විසින් සුරංග මුදන්නායක (ස්ලිම්ලයින් ‘ඒ’) පරාජය කරන ලදී.
කි.ග‍්‍රෑ. 91 ට අඩු හෙවි බර පංතිය
ආර්.සී.හේරත් (යුද හමුදාව ‘බී’) විසින් ඩබ්ලිව්. එස්. එරංග (නාවික හමුදාව ‘බී’) පරාජය කරන ලදී.
කි.ග‍්‍රෑ. 91 ට වැඩි සුපර් හෙවි බර පංතිය
පී.පී.රත්නගේ (යුද හමුදාව ‘ඒ’) විසින් ඒ.ඩබ්ලිව්.හෙට්ටිගේ (නාවික හමුදාව ‘ඒ’) පරාජය කරන ලදී.
කාන්තා
කි.ග‍්‍රෑ. 48 ට අඩු ලයිට් ෆ්ලයි බර පංතිය
කෝසලා නිල්මිණී (මාස් සදර්න් ‘ඒ’) විසින් ඊ.ජී.ද සිල්වා (මාස් සදර්න් ‘බී’) පරාජය කරන ලදී.
කි.ග‍්‍රෑ. 51 ට අඩු ෆ්ලයි බර පංතිය
අනුෂා කොඩිතුවක්කු (මාස් සදර්න් ‘ඒ’) විසින් එල්.ජී.චන්ද්‍රිකා (යුද හමුදාව ‘ඒ’) පරාජය කරන ලදී.
කි.ග‍්‍රෑ. 54 ට අඩු බැන්ටම් බර පංතිය
විදුසිකා ප‍්‍රබාදි (මාස් සදර්න් ‘ඒ’) විසින් එස්.පී.ගුනෙත්ති (පොලිසිය) පරාජය කරන ලදී.
කි.ග‍්‍රෑ. 57 ට අඩු ෆෙදර් බර පංතිය
එල්.එස්.සඳරේඛා (මාස් සදර්න් ‘බී’) විසින් ඞී.කේ.සල්ගාදු (යුද හමුදාව ‘ඒ’ ) පරාජය කරන ලදී.
කි.ග‍්‍රෑ. 60 ට අඩු ලයිට් බර පංතිය
නිල්මිණී ජයසිංහ (මාස් සදර්න් ‘ඒ’) විසින් පී.කේ.සුමුදු (යුද හමුදාව) පරාජය කරන ලදී.
කි.ග‍්‍රෑ. 64 ට අඩු වෙල්ටර් බර පංතිය
එන්.එස්.කරුණාරත්න (යුද හමුදාව) නිතරග ජයක්
කි.ග‍්‍රෑ. 69 ට අඩු වෙල්ටර් බර පංතිය
ඞී.ඞී.එස්.වීරරත්න (පොලිසිය) විසින් ටී.එන්.ධර්මසේන (මාස් සදර්න් ‘ඒ’) පරාජය කරන ලදී.
කි.ග‍්‍රෑ. 75 ට අඩු මිඞ්ල් බර පංතිය
ජී.ද සිල්වා (ගුවන් හමුදාව) විසින් ඩබ්.ජේ.රත්වත්ත (යුද හමුදාව) පරාජය කරන ලදී.
කි.ග‍්‍රෑ. 75 ට අඩු මිඞ්ල් බර පංතිය
කි.ග‍්‍රෑ. 81 ට අඩු සුපර් හෙවි බර පංතිය
ටී.එම්.වීරසිංහ (යුද හමුදාව) විසින් එච්.චන්ද්‍රසේකර (මාස් සදර්න් ‘බී’) පරාජය කරන ලදී.
පේරාදෙණිය පොලිස් වසමේ ගන්නොරුව කනිෂ්ඨ විද්‍යාලයට මැතිවරණ රාජකාරී සඳහා වාර්තා කළ රාජ්‍ය නිලධාරිනියකට හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් පේරාදෙණ
වියට්නාම් ජනාධිපති ලුඕං කුඕං (Luong Cuong) මහතාගේ ආරාධනයකට අනුව වියට්නාමයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හෝ චි මිං නගරයේදී ආරම්භ වන එ
ඡන්ද මධ්‍යස්ථාන ඡායාරූප ගැනීම සහ වීඩියෝ ගතකිරීම මෙන්ම ඒවා සාමාජ මාධ්‍ය ජාලාවල ප්‍රදර්හනය කිරීම තහනම් බවත් දුම්පානය සහ මත්ද්‍රව්‍ය පානය කරමින් ඡන්ද ම
ශ්‍රී ලංකාව, අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ (අයි.සී.සී.) එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් රටවල් ශ්‍රේණිගත කිරීමේ 4 වැනි ස්ථානය දක්වා ඉහළට පැමිණියේය.
වැලිකඩ බන්ධනාගාරයේ එල්. වාට්ටුව පිටුපස අපජලය බැස යන කාණුවක් අසල පස් ඉවත් කිරීමේදි 0.38 (විශේෂ) වර්ගයේ රිවෝල්වරයක් හමු වූ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන
අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතා විසින් ආරක්ෂාව ඉල්ලා කළ ඉල්ලීම සම්බන්ධයෙන් ඔහුට ඇති තර්ජන පිළිබදව අපරාධ පරීක්ෂණ දෙපාර්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
ජාතික ආධුනික බොක්සිං ශූරතාව පන්නල ස්ලිම්ලයින් ක‍්‍රීඩා සමාජයට
චමින්ද Monday, 16 January 2012 04:28 PM
මංජු දකිනකොට දුකයි... පුලුවන්නම් ආයෙමත් RING එකට එන්න....
ජේ හේරත් Tuesday, 17 January 2012 04:29 AM
මේ ඔක්කොම අපේ රටේ සම්පත්..