ජාතික ආරක්ෂාවට ඇති අභියෝග සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යාංශය අවධානයෙන් සිටිය යුතු බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා පවසයි.
රටක් ලෙස ගැටළු වලින් තොරව ඉදිරියට යෑමට නම් ජාතික ආරක්ෂාව ගැන දැඩි අවධානයක් යොමු කළ යුතු බව ඒ මහතා කීවේය.
මෙවර සිංහල සහ දෙමළ අවුරුද්ද නිදහසෙන් සහ සාමකාමීව භුක්ති විඳීම සඳහා රටේ ජනතාවට අවස්ථාව සැලසු රණවිරුවන් සිදුකළ ඉමහත් කැපකිරීම් නිසා බව ඒ මහතා සඳහන් කළේය. තමන් හැමවිටම රණවිරුවන් සිදුකළ කැපකිරීම් නිරන්තරයෙන්ම අගය කරන බව පැවසූ ඒ මහතා ත්‍රස්තවාදය නිමා කිරීම සඳහා ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කරමින් ආබාධිත තත්වයට පත්වූ රණවිරුවන් සම්බන්ධයෙන් වර්තමාන රජය වැඩි අවධානයක් යොමුකර ඇති බවද පැවසීය. ආරක්ෂක අමාත්‍යවරයා රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශයේ අවුරුදු උත්සවයක් අමතමින් එසේ කීවේය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වයෙන් යුතු වර්තමාන රජයේ ජනතා හිතවාදී වැඩපිළිවෙල හේතුවෙන් නිදහස් හා සාමකාමී වාතාවරණයක් උතුරු හා නැගෙනහිර ප්‍රදේශ ඇතුළුව සෑම ප්‍රදේශයකම දක්නට ලැබෙන බව පැවසූ අමාත්‍යවරයා, පවතින නිදහස් හා සාමකාමී වාතාවරණය අවුල් කිරීමට කිසිම කණ්ඩායමකට හෝ පුද්ගලයෙකුට ඉඩ නැතැයි පැවසීය. ජනතා අපේක්ෂාවන් තව දුරටත් සාර්ථකව ඉටුකිරීම වත්මන් රජයේ අභිලාෂය බව පැවසූ ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා නව අවුරුදු උදාවත් සමඟ රටේ සියලු ප්‍රදේශවල ජනතාව බේදයෙන් හා පීඩාවකින් තොරව සතුටෙන් යුතුව සැමරීම මෙවර අලුත් අවුරුදු සමයේ දක්නට ලැබුණු සුවිශේෂ කරුණක් බව පෙන්වා දුන්නේය.
පවතින සාමකාමී තත්වය දිගු කාලීනව පවත්වා ගෙන යෑමට ආරක්ෂක අමාත්‍ය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙන්ම ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා ලෙස තමාගේද උපරිම දායකත්වය ලබා දෙන බව ආරක්ෂක අමාත්‍යාංශයේ නිලධාරීන් අමතමින් අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසීය.
අලුත් වැඩියා කටයුත්තක් සහ නිරීක්‍ෂණ කටයුත්තක් සඳහා බෝතැන්න ජලාශයේ ජලය ඉවත් කරන නිසා අබන් ගඟ දෙපස ජනතාව දැඩි විමසිලිමත් වන ලෙස බෝතැන්න ජලාශ භාර ඉංජිනේ
ඉදිරි මහ මැතිවරණයේදී බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් දිනා ගැනීම සඳහා පොදු සන්ධාන පිහිටුවා ගැනීමට දේශපාලන පක්ෂ නම්මා ගැනීමේ විශේෂ මෙහෙයුමක් එක්සත් ජාතික ප
ප්‍රදේශයට පැවති වර්ෂාවත් සමග අද සවස හැමූ සුළඟකින් වලස්මුල්ල හා ඕකවෙල ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශවල ගම්මාන රැසක ගස් කඩා වැටීම් රැසක් සිදුව ඇති බව ආපදා
ඊශ්‍රායල හමුදාව, වසර 30 ක් තිස්සේ ලෙබනන් හිස්බුල්ලා සංවිධානයේ නායක හසන් නසරැල්ලා ඝාතනය කර ඇත.
ඇලයාපත්තුව පොලිස් වසමේ අංක 304,ගල්කඩවල,මල්වතු ඔය,ඇනිකට් එක යට තිබු ටී 56 වර්ගයේ ජීව පතුරම් 120 ක් සහිත මැගසින් හතරක් ඇලයාපත්තුව පොලිසිය විසින් අද(28) සිය බාරයට
කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ 25 වන වරටත් පැවැත්වෙන ’’කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය’’ සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
‘ජාතික ආරක්ෂාවට උකුසු ඇසක් ඕනෑ‘
වැකෝ Wednesday, 22 April 2015 03:49 PM
උතුරේ ආණ්ඩුකාරතුමා සහ ත්‍රිකුණාමලේ දිසාපති ඉවත් කළා. මාන්කුලම් පොලිස් කොට්ටාසය ඉවත්කලා. ත්‍රිකුණාමලේ නාවුක හමුදාවෙන් 450 දෙනෙකු ඉවත් කර, එම භූමියෙන් කොටසක් බෙදා දුන්න. (බ)
වැකෝ Wednesday, 22 April 2015 03:51 PM
උතුරෙන් හමුදා ඉවත් නොකරන බව කිවූ ඔබ , හමුදා ඉවත් කරන්නේ මොකද? (බ)
වැකෝ Wednesday, 22 April 2015 03:54 PM
ඇමති තුමනි , උතුරේ සහ නැගෙනහිර රජය කරන දේවල් මොකද මහජනයාට හංගන්නේ? (බ)
වැකෝ Wednesday, 22 April 2015 04:01 PM
ඇමතිතුමා ,බොරුවට පුරසාරම් කියවන්න එපා. එන්න එන්නම රටේ ආරක්ෂක තත්වය රජය මගින් දුර්වල කරනවා . මොකද චීන නැවු ශ්‍රී ලංකාවට එන්නේ නැත්තේ ? (බ)
විජයබාහු Wednesday, 22 April 2015 01:01 PM
ඔව් ඉතින්. මේ යන විදියට ගියොත් නම් ඉදිරියට ආරක්ෂාව සොයාබැලීම වෙනුවෙන් උකුස්සොවත් දාන්න වෙයි (නි)
කපිල Wednesday, 22 April 2015 01:07 PM
ඔබතුමාගෙ කතාව ඇත්ත (නි)