IMG-LOGO

2024 දෙසැම්බර් මස 27 වන සිකුරාදා


ජාතික ආරක්ෂාවට බලපාන අසත්‍ය තොරතුරු ප්‍රචාරය එපා

(අංජුල මහික වීරරත්න)

වඩා හොඳ රාජ්‍යයක් ගොඩ නැගීමේ කාර්යයේ දී  මාධ්‍ය පිටස්තරයන් නොව එහි කොටස් කරුවන්  බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. 

ජනාධිපතිවරයා මේ බව කීවේ අද (05) ජනාධිපති කාර්යාලයේ දී විද්‍යුත් මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමඟ පැවති හමුවේදීය.

ජනතාව යහපත් දේශපාලන සංස්කෘතියක් අපේක්ෂා කරන අතර ඒ වෙනුවෙන් ඔවුන් වත්මන් රජය පත් කර ගත් බව කී ජනාධිපතිවරයා ජනතාව අපේක්ෂා කරන එම නව දේශපාලන, සමාජ සහ ආර්ථික වෙනස රට තුළ ඇති කිරිමට එක් වන ලෙස  සියලු මාධ්‍ය ආයතනවලට ආරාධනා කළේය. 

දේශපාලන සහ ආර්ථික කරුණු වලට අදාළව ඕනෑම අවස්ථාවක ආණ්ඩුව  ප්‍රශ්න කිරීමට හෝ  විවේචනය කිරීමට මාධ්‍යයට කිසිදු බාධාවක් නොමැති වුවද ජාතික ආරක්ෂාවට හානිදායක වන අසත්‍ය තොරතුරු වාර්තා නොකරන ලෙස ද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙහිදී මාධ්‍ය ආයතන  ප්‍රධානීන්ගෙන් ඉල්ලා සිටියේය.



අදහස් (8)

ජාතික ආරක්ෂාවට බලපාන අසත්‍ය තොරතුරු ප්‍රචාරය එපා

Gamini Thursday, 05 December 2024 10:56 PM

අනේ ඔව්... කවුරුවත් පච කියන්න එපා. කෙබර ඇදබාන්න එපා. බේගල් ඇදබාන්න එපා. ගල් පැලෙන බොරු කියන්න එපා... ඒවා හොඳ නැති වැඩ. අනුර සහෝදරයා වගේ ඇත්ත විතරක් කතා කරන්න.

:       19       17

ඩොනල් ගුනවර්දන Friday, 06 December 2024 01:01 AM

එපා එපා ඊලම හදනකන් මුකුත් කියන්න එපා…

:       20       16

pj Friday, 06 December 2024 10:35 AM

ජාතික ආරක්ෂාවට බලපානවා නම් සත්‍ය තොරතුරු ප්‍රචාරයත් එපා.

:       23       13

Kazi Shajahan Friday, 06 December 2024 12:35 PM

අනුර චන්දෙට කලින් කියපු වීඩියෝ එහෙම දාන්න එපා කියන්න ඇති නේ

:       19       17

Saman perera Friday, 06 December 2024 05:14 PM

හොඳ වැඩේ ජෙප්පන්ට ඡන්දේ දුන්නු සින්හල බෞද්දයින්ට…. ඔයාලාව මේ අය බෝන් අගේන් අන්තවාදී පල්ලියට හරවයි ( LTTE ඩයස්පෝරා අය මේ ක්‍රිස්තියානි කල්ලියේ අද උතුරේ)… එහෙම නැත්තන් ඊලාම් රාජ්ජයේ වහල්ලු විදියට පාවිච්චි කරයි… මුලු ලන්කාවම ඊලාම් කරන්න තියෙන්නේ...!

:       21       13

neilSaturday, 07 December 2024 07:51 AM

තනිකරම ත්‍රස්තවාදී පොරක්... මෙයා රටටම පිළිලයක් වගේ...

:       18       11

fairoos Saturday, 07 December 2024 10:44 AM

අදහස් වලින් පේනවා ලංකාවේ බයියෝ තමයි ඉන්නේ ඉතුරු වෙලා කියලා

:       8       23

Nirmal Tuesday, 10 December 2024 06:12 AM

ෆයිරූස් ඔයත් එක්තරා බයියෙකුට ඇති... ඔයා ජෙබයියෙක්...

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කෝටි 200ක් වංචා කළ අඹු සැමි යුවල රිමාන්ඩ්
2024 දෙසැම්බර් මස 27 80 0

ආයෝජනය කර ප්‍රතිලාභ ලබා දෙන බවට පවසා ජනතා මුදල් රැස්කර රුපියල් කෝටි 200කට අධික මුදලක් වංචා කර ඉන්දියාවට පලා ගොස් සිටියදී යළි මෙරටට පිටුවහල් කළ මරදානේ අඹ


පාස්පෝට් කාර්යාලයේ ගිනි නිවන්න පෙරහුරුවක්
2024 දෙසැම්බර් මස 27 80 0

හදිසි අවස්ථාවක ක්‍රියාත්මක වන්නේ කෙසේදැයි දැනුමක් දීමේ අරමුණින් ’’ගිනි ආරක්ෂක පෙරහුරු වැඩසටහනක් ’’ බත්තරමුල්ල සුහුරුපාය පරිශ්‍රයේදී අද (27) පස්වරුවේ


පළමු දුම්රිය සේවයට වසර 160ක් සපිරේ
2024 දෙසැම්බර් මස 27 31 0

කොළඹ කොටුව සහ අඹේපුස්ස දුම්රිය ස්ථානය අතර ක්‍රියාත්මක වූ මෙරට ප්‍රථම දුම්රිය සේවාව ආරම්භ කර වසර 160ක් පිරීම නිමිත්තෙන් කොටුව දුම්රිය ස්ථානයේදී ආගමිකවත


අස්වැසුම හිඟ මුදල් අද සිට බැංකුවලින්
2024 දෙසැම්බර් මස 27 89 1

අස්වැසුම ප්‍රතිලාභී පවුල් සඳහා ගෙවීමට ඇති හිඟ මුදල් අද (27) සිට ලබාගත හැකි බව සුබ සාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසයි.


චීනය දෙන නිවාසවල ඉදිකිරීම් අරඹයි
2024 දෙසැම්බර් මස 27 581 0

අඩු ආදායම්ලාභි පවුල්වල ජීවන තත්ත්වය නගා සිටුවීමේ අරමුණින් රුපියල් බිලියන 22ක් හෙවත් රුපියල් කෝටි 2200 ක චීන මුල්‍යාධාර යටතේ ශ්‍රී ලංකාවට පිරිනමන නිවාස ව


චීන වෙද නැවට සුව ඇමතිත් යයි
2024 දෙසැම්බර් මස 27 343 0

චීන නාවික හමුදාවට අයත් රෝහල් නෞකාවක් වන “Peace Ark” නෞකාව මේ දිනවල කොළඹ වරායේ නැංගුරම්ලා මෙරට ජනතාවට නොමිලේ ලබාදෙනු ලබන ප්‍රතිකාර සහ වෛද්‍ය පරීක්ෂණ සේවාවන


මේවාටත් කැමතිවනු ඇති

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 166 0
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 129 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” 2024 දෙසැම්බර් මස 20 93 0
2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න”

මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ

Our Group Site