ශ්‍රී ලංකාවේ ජාතික ධජය එසවීම ගැන තමාගේ කිසිදු අකමැත්තක් නැතැයි ද, ජාතික ධජය එසවීම ප්‍රතික්ෂේප කිරීමට තමනට හේතුවක් නැතැයි ද වනිතා කටයුතු රාජ්‍ය ඇමැතිනී විජයකලා මහේෂ්වරන් මහත්මිය කියනීය.
යාපනයේ උත්සවයක දී ජාතික කොඩිය එසවීමට තමාට කළ ආරාධනය ප්‍රතික්ෂේප කළ බවට පැතිර යන කතාවල සත්‍යතාවක් නැතැයි ද ඇය පවසන්නීය.
එම උත්සවයේ දී ජාතික කොඩිය ඔසවන ලෙස තමාට ආරාධනාවක් ලැබුණේ නැතැයි කියන ඇමැතිවරිය බොරු ප්‍රචාර යවා පිරිසක් ජාතිවාදය ඇවිස්සවීමට අර අදින බව ද සඳහන් කරන්නීය.
සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ජාතික අක්ෂි රෝහල වෙත රුපියල් මිලියන 140 කට අධික වෛද්‍ය, ශල්‍ය සහ රසායනාගාර උපකරණ භාරදීම සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීප
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාවට ලබාදී තිබූ පොලිස් නිලධාරින් ඊයේ (27) සිට ඉවත් කරනු ලැබ ඇත.
නිසි ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය නොකොට පුද්ගලික සමාගම් දෙකකින් විද්‍යුත් විදේශ ගමන් බලපත්‍ර හත් ලක්ෂ පනස්දහසක් මිලදී ගැනීමට පසුගිය රජයේ අමාත්
සේරුනුවර අධ්‍යාපන කොට්ඨාසයට අයත් සේරුවිල කාවන්තිස්ස ප්‍රාථමික විද්‍යාලයට අද (27) දහවල් වන අලියෙක් පැමිණ තිබේ.
ජපානයේ පාලක පක්ෂය වන, ලිබරල් ප්රජාතන්ත්රවාදී පක්ෂයේ නායකයා තෝරා ගැනීමේ ඡන්ද විමසුමින්, ෂිගුරු ඉෂිබා ජයග්‍රහණය කළේය. ජපානයේ අග්‍රාමාත්‍ය ධුරය හිමිව
රාජ්‍ය බුද්ධි සේවයේ පොලිස් කොස්තාපල්වරයෙකුට අධිකරණයෙන් හිමිවන ත්‍යාග වවුචර් පත් අත්සන් කර ලබාදීම සඳහා මත්පැන් බෝතලයක්(ගල් අරක්කු බෝතලයක්) අල්ලසක් ල
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
‘ජාතික කොඩිය ඔසවනවාට විරුද්ධ නැහැ‘ - විජයකලා
බමුණු ආරච්චි Saturday, 13 February 2016 03:43 PM
ඩෙන්සිල්, මෙරටේ 75% සිංහල බෞද්ධ මිනිස්සු. ඒක මතක තියාගන්න. ඔවුන්ට හිමි තැන නැතිවෙනවා නම් වෙන මොනවා කරන්නද? (නි)
බමුණු ආරච්චි Saturday, 13 February 2016 03:52 PM
කුමාරසිංහ, මේවා තේරුම් ගන්න බැරි සිංහලයන් අපට ඉන්නවා. (නි)
මහින්ද සෞදි Friday, 12 February 2016 03:13 PM
අපි කෙරුවොත් තමයි ඒක මහා වැරැද්ද (කෞ)
නිමල් ලලිත Saturday, 13 February 2016 01:33 AM
සිංහලයාට විනකරන්නන්ට ශාප වේවා!! සිංහලයාට මව්බිම කියලා තිබෙන එකම රට මේක. (නි)
අසාද් Saturday, 13 February 2016 08:26 AM
සනත් ඉන්දිකගේ අදහස් වලට මම එකගයි.එකම රටක් එකම ජාතියක්.ඒ වගේම සැමටම සම අයිතියක්. (ර)
නිහාල් Saturday, 13 February 2016 01:42 AM
ඕස්ට්‍රේලියාව කියන්නේ ඉතාමත් හොඳ රටක්. දැන් එහෙට ගිහිල්ලා පදිංචිවෙලා මේ රටේ සිංහල අයිතිය ගැන කතාකරන අපිට බණ කියන අයට පෙනෙන්නේ නැද්ද බුදු පිළිම වහන්සේලා ඕස්ට්‍රේලියාවේ ගෙවතු අලංකාරය පිණිස තබා තියෙන හැටි. (නි)
මනෝ Saturday, 13 February 2016 01:58 AM
දැන් මෙයාම කියනවා ජාතික කොඩිය ඔසවනවට විරුද්ධ නැහැ. තමන්ට ආරාධනයක් ලැබුනේ නැහැ කියලා. අපේ සමහක් මෝඩයෝ එක විශ්වාස කරන්නේ නැහැ. මඩකාරයෝ කිව්ව එක හරි කියලා හිතලා ඔහේ දොඩවනවා. (බ)
කමනි Friday, 12 February 2016 03:48 PM
සනත් ඉන්දික කියන්නේ ඇත්ත .(කෞ)
සනත් Friday, 12 February 2016 03:50 PM
ලොකු ටෝක් දීලා වැඩේ කොර උනාම බබා වෙන්න හදනවා.මේ ගෑනිගෙ චන්ද ප්‍රචාර පෝස්ටර් වල තිබුන දේත් රටම දන්නවා.(කෞ)
බමුණු ආරච්චි Saturday, 13 February 2016 03:53 PM
ජාතික කොඩිය උස්සන්න අකමැති නම් අපි දන්නවා කරන්න ඕනෑ දේ (නි)
ශෂික Friday, 12 February 2016 04:04 PM
ඇමතිතුමිය දැන් කතාව අනිත් පැත්තට හරවනවා...බයවෙන්න එපා විනය පරීක්ෂණ නැහැ.(කෞ)
අනුලා Saturday, 13 February 2016 03:30 AM
චන්දන ඔයා ඔහෙම ඉන්න නිහාල් ඔබ හරි වැරද්ද නම් කවුරු කළත් වැරදියි මෙය යහපාලන අවදන්නෙක් (අ)
ජනහිත Saturday, 13 February 2016 03:33 AM
ඕස්ට්‍රේලියා චන්දන , කියන දේ ඇත්තද? ඇත්තමනම් අපට මේ රට විතරයි තියෙන්නේ අනික් හැම ජාතියකටම අයිති වෙනත් රටවල් තියෙනවා. අපේ අන්තිම සිංහලයා දක්වා අපේ රට කියන එක රැක ගැනීම සිංහලයාගේ වගකීමක් (බ)
සනත් ඉන්දික Friday, 12 February 2016 12:30 PM
විරුද්ධ වුණත් අපිට කමක් නැහැ. සිංහ කොඩිය දෙවුන්දරතුඩුවේ ඉඳලා පේදුරුතුඩුව දක්වාම එදත් ඉස්සුවා, අදත් උස්සනවා, හෙටත් උස්සනවා. ඒ සමඟ ඔයාලගෙ පළාත් කොඩිය ඉස්සුවට කිසිම අවුලක් නැහැ. වෙන්න ඕනෑත් ඒ ටිකයි. එකම රටක්, එකම ජාතියක්, එකම ජාතික කොඩියේ හෙවණක් (නි)
රොහාන් Friday, 12 February 2016 12:38 PM
ඔයාල කළොත් කටකතා සිංහලයෙක් කළොත් ජාතිවාදී ආගම්වාදී තව නොයෙක් කතා (බ)
ලලිත් Friday, 12 February 2016 06:21 PM
විරුද්ධ නැත්නම් ඉතින් ප්‍රශ්නයක් නැහැනේ (නි)
හෙසාන් Saturday, 13 February 2016 08:02 PM
ද්‍රවිඩ මුස්ලිම් ජාතීන්ට මහා ගෙදර ලෙස සළකිය හැකි රටවල් කිහිපයක්ම ඇතත් සිංහල අපිට ඇත්තේය් ශ්‍රී ලංකාව පමණි. ඒ නිසා ශ්‍රී ලංකාව අපේ එකම මවුරටයි. (නි)
නාමල් Friday, 12 February 2016 06:28 PM
සනත්, ඔබ ඔය කියන දේවල් කිසිමදෙයක් ඇහැට දැක්කාද? ඔබට රාජපක්ෂ පැරදුනු එකට හිතේ අමාරුවක් තිබෙන්නට පුලුවන්. ඒත් බොරු පතුරවන්න එපා (නි)
නිපුන Friday, 12 February 2016 06:28 PM
ඩෙන්සිල් කියන කතාව සහතික ඇත්ත... (නි)
ලංකා Friday, 12 February 2016 07:09 PM
මෑතකදී යාපනයේ පැවති ප්‍රදර්ශනයකදී වේදිකාව පසුබිමේ ශ්‍රී ලංකාවේ ජාතික ධජය විකෘති විදියට ගෝලයක් තුළ පෙන්වා තිබුන අතර, ඉන්දියාවේ ජාතික ධජය වඩාත් කැපීපෙනෙන විදියට පෙන්නුම් කරලා තිබුනා. බුද්ධි අංශ මේ පිළිබඳව සැළකිලිමත් විය යුතුයි. (නි)
කමලි Friday, 12 February 2016 07:05 PM
නැවත කිසිම දිනක ජාතික ගීය මේ රටේ ප්‍රධාන භාෂාව වන සිංහලෙන් යාපනයේදී ගයනවා දකින්න ලැබෙන්නේ නැහැ. (නි)
මොහොට්ටාල Saturday, 13 February 2016 11:42 AM
අපි බලමුකෝ ඉදිරියට වෙන්නේ මොකක්ද කියලා (නි)
ඩෙන්සිල් Friday, 12 February 2016 01:28 PM
දෙමළ අයට විතරක් ජාතිවාදී හංවඩුව ගහන්න එපා. බොහෝ අය සිංහල ජාතිවාදී අදහසුත් පතුරනවා. මේ අයට උවමනා සාමය නොවෙයි, නැවත යුද්ධයක්. (නි)
සරත් සෞදි Saturday, 13 February 2016 06:06 AM
කිතුල් ගහට නැග්ග කෙනාටත් කියන්න දේවල් තිබ්බනේ. (ර)
අමල් Sunday, 14 February 2016 01:51 AM
මම කුමාරසිංහගේ කතාවට එකඟයි. (ර)
හසන් Friday, 12 February 2016 01:40 PM
එතුමිය කියන කතාවෙත් ඇත්තක් තියෙනවා ඇති.(හේ)
ජනහිත Friday, 12 February 2016 09:44 PM
මහජන නියෝජිතයෙක් වෙලත් දන්නේ නැද්ද ජාතික කොඩියක් තියෙන්න ඕනෑ බව ජාතික උත්සවයක? පක්ෂය ආරක්ෂා කරන එක දැන් හොඳයි. ඩෙන්සිල්, මොකක්ද ඔය කියන ජාතිවාදය කියන්නේ? කවුද ඕක ඇදලා ගත්තේ? කරුණාකරලා කියන්න තමාට ඉඩමක් අරගෙන උතුරේ ගිහින් පදිංචි වෙන්න පුළුවන් නිදහසක් එහෙ තිබෙනවද කියලා. (නි)
චින්තක Friday, 12 February 2016 10:05 PM
ඇයි දන්නෙ නැහැ එහෙනම් උත්සවයට නොගියේ? මේ කතා අපි පිළිගනිමුද? (නි)
චන්දන - ඕස්ට්‍රේලියා Friday, 12 February 2016 09:58 PM
දීපාල්, ශෂික, සනත් (සනත් ඉන්දික නොවේ) ඔයගොල්ලෝ එතුමිය ජාතික කොඩිය එසවීමට කළ ආරාධනය ප්‍රතික්ෂේප කළා කියලා කොහොමද දන්නේ? එතුමියට උත්සවයට සහභාගිවීමට කොහකියාවක් තිබෙන්න බැරිද? ඔයගොල්ලෝ ඔක්කොම කොහොමද ඔහොම හරිම පටු කුහක විදිහට හිතන්නේ? මහින්දට බලය දෙන්න මේ රට නැවත විනාශ කරන්න හදන්න එපා (නි)
ධර්මසිරි Friday, 12 February 2016 01:58 PM
මොවුන් ලංකාවේ නෙමෙයිද? හැමෝම ජාතික කොඩිය දාන්න ඕනෑ (නි)
ප්‍රදීප් Friday, 12 February 2016 10:52 PM
ජාතික කොඩිය උස්සන්න අකමැති නම් මොන කොඩියද උස්සන්න කැමති කියලා දැනගන්න අපට අයිතියක් තිබෙනවා. (නි)
දීපාල් Friday, 12 February 2016 02:05 PM
කොඩිය ඔසවනවට විරුද්ධ නැත්නම් ඇයි ආරාධනය ප්‍රතික්ෂේප කළේ? දැන් වැරැද්ද වහගන්නද හදන්නේ? (නි)
කුමාරසිංහ Friday, 12 February 2016 11:50 PM
මුලින්ම ආවේ වාහනවල අංක වලට යෙදු ශ්‍රී අකුර ඉවත් කිරීම. ඊළඟට ආවේ ජාතික ගීය. දැන් ජාතික කොඩිය. තව දිගට නිශ්ශබ්දව හිටියොත් ඉතුරු ටිකත් ඉක්මනටම වෙන්න පුලුවන්. (නි)