(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ‘පුහුණු උපදේශකවරයා’ ලෙස හිටපු ශ්‍රී ලංකා නායකයෙක් මෙන්ම හිටපු සුපිරි පිතිකරු මහේල ජයවර්ධන මහතා පත්කිරීමට තීරණය කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතා පැවසීය.
වර්තමාන ලෝක ක්‍රිකට් පිටියේ ඉදිරියෙන්ම සිටින පුහුණුකරුවෙක් වන මහලේ ජයවර්ධන මහතා ලබන ජනවාරි මස 1 වැනිදා සිට වසරක කාලයක් සඳහා එම තනතුරට පත්කරන බවත් ඒ මහතාගේ ක්‍රිකට් අත්දැකීම් ශ්‍රී ලංකා ක්‍රිකට් අනාගතය වෙනුවෙන් ලබාගැනීමට බලාපොරොත්තු වන බවත් ඈෂ්ලි ද සිල්වා මහතා වැඩි දුරටත් පැවසීය.
E8 වීසා ක්‍රමය යටතේ දකුණු කොරියාවට ශ්‍රමිකයන් යැවීම පිළිබඳව තවදුරටත් අධ්‍යයනය කර ඊට අදාළ නීතිමය තත්ත්ව සොයා බලා ඉදිරියේදී අවශ්‍ය පියවර ගැනීමට විදේශ කට
රට තුළ පවතින සහල් හිඟයට කෙටිකාලීන පිළියමක් ලෙස නාඩු සහල් මෙටි්‍රක්ටොන් 70,000 ක් ආනයන කිරීමට තීරණය කළ බවත් රට තුළ මාසකට සහල් මොට්‍රික්ටොන් 40,000 ක අතිරික්තයක
ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුද ආශ්‍රිතව අඩු පීඩන කලාපයක් ලබන23 දින පමණ වනවිට නිර්මාණය විය හැකි බැවින් මෙරට කාලගුණ තත්වයේ වෙනසක් අපේක්ෂා කරන බව කාලගුණ ව
ගෑස් සිලින්ඩරයෙන් තරඟ වැදුණු නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා එම පෙරමුණේ අනුමැතියකින් තොරව රවී කරුණානායක මහතා පත්ක
වල්ලපට්ටා වගා ව්‍යාපෘතියක් පවත්වාගෙන යන මුවාවෙන් කුරුණෑගල නගරයේ නීති විරෝධී පිරමීඩාකාර මුල්‍ය සමාගමක් පවත්වාගෙන ගොස් රට පුරා ජනතාව වංචාවට ලක් කළේ ය
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා හිටපු අමාත්‍ය කංචන විජේසේකර මහතා පත් කිරීමට එම පෙරමුණ තීරණයට එළඹ තිබේ.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජාතික කණ්ඩායමේ ‘පුහුණු උපදේශක’ තනතුර මහේලට
මහසෙන් Monday, 13 December 2021 05:56 PM
ක්‍රිකට් ආයතනයෙන් කියලා මතක ඇති කාලෙක කරපු හොඳම වැඩේ මේක වෙන්න ඇති. අපේ අයව අපිට අගේ නෑ. මහේල ආවා කියන්නේ කණ්ඩායමේ විනය මෙන්ම දක්ෂතාවයනුත් ඉහළ මට්ටමකට රැගෙන ඒවි...
Mithrasiri Monday, 13 December 2021 06:17 PM
පුහුණු උපදේශක කියන්නෙ නිත්‍ය පුහුණුකරුටත් පුහුණුවක් දෙන්න තරම් වැඩකාරයෙක් විය යතුයි. තවත් කෝටි ගණනක මහජන මුදල් නාස්තියක් තමයි මේ කරන්න යන්නෙ. හරිහමන් පුහුණුකරුවෙක් පත්කර නොගෙන බොරු වැඩ කරනවා. දැන් ඔය විශිෂ්ට පුහුණු උපදේශකයත් ඉඳල නේද ලංකාව පලමු වටයෙන්ම විසිවෙලා ගෙදර ආවේ. මහේලට ලංකා කණ්ඩායමට සේවයක් කරන්න අවශ්‍ය නම් කෙලින්ම පුහුණුකරු වෙලා වැඩ පෙන්නන්න නිකම් මවාපාන්නෙ නැතිව.
susanthaMonday, 13 December 2021 07:24 PM
අමාරුවේ වැටිලා ඉන්න කණ්ඩායමක් සති දෙක තුනකින් ඉස්සරහට ගන්න මහේල විශ්වකර්මයෙක්ද?
sujeewaTuesday, 14 December 2021 08:10 AM
සම්පූර්ණ ඇත්ත. මාවන් අතපත්තුට ඒ කාලෙ වැඩේ හරියට කරන්න දුන්නා නම් මෙහෙම වෙන්නේ නැහැ. අදත් වෙන්නේ එකම දේ. ව්‍යාපාරික චේතනාවල් තියාගෙන ඕවා කරන්න බැහැ. දැක්කොත් බුවා. නොදැක්කොත් එබුවා වගේ වැඩ මේවා... සුදුසුකම් වටයේදී අපිට වඩා පහළින් හිටපු කණ්ඩායම්වලට ගැහුවා කියලා පොරවල් බිහිවෙන්නේ නැහැ. චන්දි, ඇන්ජි හිටපු නායකයෝ. වැඩ්ඩෝ. මානසිකව හිරකරලා තරගවලට දාන්නේ නැතුව නිදහසේ තරගවලට දාන්න ඕන චරිත. නායකයින් හැටියට ප්‍රායෝගිකව කරන්න ඕන දේ දන්න එවුන්ට වෙනදේවල් කරන්න බලකරලා මැච්වලට දාලා වැඩක් නැහැ. මාවන්ලාට, ඩිල්ෂාන්ලාට, ඇන්ජලෝට, චන්දිකට එහෙම වෙන්න කවුරු, මොනවද කළේ කියලා හොයලා බැලුවා නම් තමයි හොඳ...
මාදව Monday, 13 December 2021 07:01 PM
පුහුණු උපදේශක? පුහුණුකරුට උඩින්ද ඉන්නෙ? එතකොට ඒකත් අධීක්ෂණ මන්ත්‍රී වගේ සල්ලි නාස්ති කරන වැඩක් වගේ මට නං තේරෙන්නෙ.
Bamunuarachchi Monday, 13 December 2021 10:17 PM
සුදුස්සාට සුදුසු තැන දිය යුතුයි. ඒ අයගේ දක්ෂකම තමයි තමන්ගේ නිපුණත්වය පෙන්වීම.