ශ්‍රී ලංකා ආධුනික බොක්සිං සංගමය සංවිධානය කළ ජාතික කනිෂ්ඨ බොක්සිං ශූරතාවලියේ (2012) පිරිමි ශූරතාව දිනා ගැනීමට මහනුවර විද්‍යාර්ථ විදුහල් ක‍්‍රීඩකයෝ සමත්වුහ. වේයන්ගොඩ බණ්ඩාරනායක මධ්‍ය විද්‍යාලය කාන්තා ශූරතාව දිනා ගත්තේය. කොළඹ සුගතදාස ගෘහස්ත කී‍්‍රඩා සංකීර්ණයේදී තරගාවලිය පැවැත්විණ. තරගාවලියට පාසල් සහ ක‍්‍රීඩා සමාජ කණ්ඩායම් රැසකින් වයස 17 සහ 19 පසුවන ක‍්‍රීඩකයෝ 120 දෙනෙක් ද, කී‍්‍රඩිකාවෝ 38 දෙනෙක් සහභාගිවුහ. පිරිමි ශූරතාව දිනාගත් විද්‍යාර්ථ විදුහල ලකුණු 29 ක් ලබාගත් අතර මහනුවර ශාන්ත සිල්වෙස්තර බොක්සිං ක‍්‍රීඩා සමාජය ලකුණු 15 ක් ලබා අනුශූරතාව හිමිකර ගත්තේය. වේයන්ගොඩ බණ්ඩාරනායක මධ්‍ය විද්‍යාලය කාන්තා ශූරතාව දිනා ගත්තේ ලකුණු 17 ක් ලබමිනි. ලීනියා බොක්සිං ක‍්‍රීඩා සමාජය ලකුණු 11 ක් ලබා කාන්තා අනුශූරතාව ලැබීය. මහනුවර ධර්මරාජ විදුහලේ ඒ. එස්. තුඩුවෙවත්ත දක්‍ෂතම බොක්සිං ක‍්‍රීඩකයා ලෙසද, මහනුවර විද්‍යාර්ථ විදුහලේ ඞී.එල්.හෙට්ටිආරච්චි දක්‍ෂතම පරාජිත ක‍්‍රීඩකයා ලෙස ද සම්මාන ලැබුහ. බණ්ඩාරනායක මධ්‍ය විද්‍යාලයේ ටී. එච්. ජයතිස්ස දක්‍ෂතම ක‍්‍රීඩිකාව ලෙස සම්මාන දිනාගත් අතර ලීනියා බොක්සිං පිලේ ආර්. අයි. ජයරත්න දක්‍ෂතම පරාජිත ක‍්‍රීඩිකාව ලෙස ද තේරීපත්වුවාය.
ඊශ්‍රායල - හමාස් යුද්ධය හේතුවෙන් මේ වනවිට සෑම පලස්තීනුවන් 55 දෙනෙකුට එක් අයෙක් ඊශ්‍රායල ආරක්ෂක හමුදාව අතින් ඝාතනය වී ඇති බවත් සෑම දිනකම පලස්තීන ළමයින් 10
මීට දශකයකට පමණ පෙර ඕස්ට්‍රේලියාවට පැමිණි ශ්‍රී ලංකාවේ විනුල් කරුණාරත්න මේ වනවිට මිලියනපතියකු වී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය.
බස්නාහිර, සබරගමුව, සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියය
ව්‍යාජ උප්පැන්න සහතිකයක් ඉදිරිපත් කර අවිධිමත් රාජතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගත්තේ යැයි කියන හිටපු අමාත්‍ය වරයකුගේ බිරිඳ වන ශෂී වීරවංශ මහත
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වරලත් ඉංජිනේරුවකු, ලෝක බැංකුවේ ශ්‍රී ලංකා ශාඛාවේ තාක්ෂණික ඉංජිනේරු ලෙස කටයුතු කළ සමන් විජේසිරි මහතා මීට වසර හයකට පෙර සූක්ෂ
ලෝක ගුරු දිනය වෙනුවෙන් අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ 1990 සාමාන්‍ය පෙළ හා 1993 උසස් පෙළ ආදි සිසු කණ්ඩායම තමන්ට වෛදයවරුන්,හෙදියන් ඇතුලු සෞඛ්‍ය කාර්ය මණ්ඩල සා
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ජාතික කනිෂ්ඨ බොක්සිං ශූරතාවලිය මහනුවර විද්‍යාර්ථ විදුහල් ක‍්‍රීඩකයෝ ශූරතාව දිනති
අභිෂේක් Saturday, 10 November 2012 08:03 AM
ජයග්‍රාහී විද්‍යාර්ථය. මට ඔබ ගැන ආඩම්බරයි. (නි)
චන්ද්‍රසිරි Friday, 09 November 2012 12:56 AM
ඔහොමම හැකියාවන් දියුණු කරගෙන ඔලිම්පික් රන් පදක්කමක් ගන්න උත්සාහ කරන්න දරුවනේ. (නි)
රසිකා Friday, 09 November 2012 08:32 AM
ජයග්‍රාහී විද්‍යාර්ථය... (නි)
භාරත Wednesday, 14 November 2012 03:21 PM
විද්‍යාර්ථයේ කොල්ලෝ කවදාහරි ඔලිම්පික් රන් පදක්කමකුත් ලංකාවට ගෙනෙනවා. (නි)