දියගම ‘මහින්ද රාජපක්ෂ’ ක‍්‍රීඩාංගණයේදී ඊයේ (13) නිමාව දුටු 55 වැනි ජාතික කනිෂ්ඨ මලල ක‍්‍රීඩා ශූරතාවලියේදී ක‍්‍රීඩක කී‍්‍රඩිකාවන් දෙදෙනකු ලෝක කනිෂ්ඨ පරිසාධන මට්ටමට පිවිසෙමින් දස්කම් දැක්වීමට සමත් වූහ. මෙම ක‍්‍රීඩකයාට හා ක‍්‍රීඩිකාවට ලබන ජූලි 10 වැනිදා ස්පාඤ්ඤයේ ”බාසිලෝනා” නුවරදී පැවැත්වෙන ලෝක කනිෂ්ඨ මලල ක‍්‍රීඩා තරගාවලියට සහභාගිවීමේ අවස්ථාව උදාවනු ඇත. ගලෙන්බිඳුණුවැව මැදි විදුහලේ නිමේෂා මධුෂානි සිරිවර්ධන (උස පැනීම - බාලිකා - වයස 20න් පහළ - මීටර 1.80) හා ගන්නොරුව රණබිම රාජකීය විදුහලේ කේ.ඞී.එස්.වී. රන්දෙනිය (මීටර 110 කඩුලූ බාලක - වයස 20න් පහළ - තත්ත්පර 14.22) ලෝක කණිෂ්ඨ පරිසාදන මට්ටමට ළඟාවෙමින් තරගාවලියේදී හොඳම දස්කම් දැක්වූ ඔවුන් දෙදෙනා වෙති. ඒ අනුව මෙවර ලෝක කනිෂ්ට මලල ක‍්‍රීඩා තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ගේ ගණන හතරක් දක්වා ඉහළ යයි. ශ්‍රී ලංකා මලල ක‍්‍රීඩා සංගමයේ නව පාලනය පත්වීමෙන් පසු පැවැති පළමු දේශීය මලල ක‍්‍රීඩා තරගාවලිය වන ජාතික කනිෂ්ඨ තරගාවලිය දින හතරක් පුරා ඉසව් 170කින් සමන්විතව (වයස් කාණ්ඩ හතරක් යටතේ) පැවැත්වුණි. දේශීය මලල ක‍්‍රීඩාවේ අලූත්ම අනුග‍්‍රාහකයා බවට පත්ව සිටින ලංකා බැංකුව ඒ සඳහා වියදම් දැරීය. මෙම තරගාවලියේ ප‍්‍රතිඵල විශ්ලේෂණය කරමින් ලබන ජූනි 9 වැනිදා කොළඹදී ආරම්භ වන ආසියානු කනිෂ්ඨ මලල ක‍්‍රීඩා ශූරතාවලිය සඳහා සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම තෝරා ගැනීමට නියමිතය. ඒ සඳහා ජාතික මලල ක‍්‍රීඩා තේරීම් කමිටුව අද (14) රැස්වීමට නියමිතව තිබුණි. තරගාවලියේදී සත්කාරය දරන ශ්‍රී ලංකාවට එහිදී එක් ඉසව්වක් සඳහා උපරිම ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් තිදෙනෙකු බැගින් ඉදිරිපත් කිරීමේ අවස්ථාව උදාවේ. එහෙත් ඇතැම් ඉසව්වලදී ශ්‍රී ලංකා ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ගේ පරිසාදන මට්ටම අවම මට්ටමක පවතින බැවින් එවැනි ඉසව් සඳහා ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් සහභාගි කිරීමට ශ්‍රී ලංකාව උනන්දු නොවනු ඇත. ඊයේ නිමාවට පත්වූ තරගාවලියේදී නව වාර්තා 29ක් බිහි වූහ. මේ අතර තරගාවලියේදී සේවය ලබාදුන් විනිසුරුවන් හා තීරකවරුන් 129 දෙනෙකු සඳහා දීමනා ගෙවිමේදී අර්බුදයක් මතුවූ බවද වාර්තාවේ. ඊට හේතු වී ඇත්තේ ඔවුන්ගේ ගෙවීම් සඳහා ප‍්‍රමාණවත් ලෙස මුදල් වෙන්කර නොතිබීම බවද දැනගන්නට ඇත. මේ නිසා ඇතැම් විනිසුරුවන් තරගාවලියෙන් පසු කණස්සල්ලට පත්ව සිටි බවද දැනගන්නට ඇත.
කූඨ ලේඛන සකස්කර රුපියල් කෝටි 3 ක් වටිනා දේපොළ අත්පත් කරගත් බව කියන විශ්‍රමික කාන්තා පොලිස් සැරයන්වරියක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගු
ශ්රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ඒකල විකාශනාගාරයේ ගොඩනැගිලි හයක් විනාශ වීමට ඉඩ හැර ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.
ජනාධිපතිවරයා සහ මාලිමාව පොරොන්දු වූ පොහොසත් රටක් ලස්සන ජිවිතයක් කෙසේ වෙතත් රටේ ලක්ෂ 220 ක ජනතාව ජීවත් වෙන්නෙත් අමාරුවෙන් යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේම
GSP+ සමාලෝචනය සම්බන්ධයෙන් ධනාත්මක ලෙස සලකා බලන බව යුරෝපා සංගමයේ දකුණු ආසියානු අංශයේ ප්‍රධානී චාල්ස් වයිට්ලි ( Charles Whiteley) මහතා ජනාධිපති අනුර දිසානායක මහතා හම
මෙරට රජයේ රෝහල් පද්ධතියේ කිසිදු ආකාරයකින් ඖෂධ හිඟතාවයක් ඇති වීමට ඉඩ නොතබන බවත්, එම ඖෂධ සැපයුම අඛණ්ඩව පවත්වාගෙන යාම සදහා අවශ්‍යවන යාන්ත්‍රණය මේ වන විට
2016 වසරේදී රාජගිරිය ප්‍රදේශයේ රිය අනතුරක් කිරීම, එහි සාක්කි වසන් කිරීම ඇතුළු චෝදනා සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක, වැලිකඩ පොලිසියේ ස්ථානා
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
ජාතික කනිෂ්ඨ මලල කී‍්‍රඩා තරගාවලියේදී දෙදෙනකුට ලෝක තරග වරම්