IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


ජාතික කනිෂ්ඨ ස්කොෂ් ශූරතා රවිඳුට - මිහිලියාට

ශ්‍රී ලංකා ස්කොෂ් සම්මේලනය සංවිධානය කළ 23 වැනි ජාතික කනිෂ්ඨ ස්කොෂ් තරගාවලියේදී ද්විත්ව ශූරතා දිනා ගැනීමට රවිඳු ලක්සිරි සහ මිහිලියා මෙත්සරණී සමත්වුහ. කොළඹ ද්‍රවිඩ සංගම් ක‍්‍රීඩා සමාජයීය ස්කොෂ් ක‍්‍රීඩා සංකීර්ණයේදී වයස් කාණ්ඩ හයකින් පැවැති මෙම තරගාවලියට ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ 300 කට ආසන්න පිරිසක් සහභාගිවුහ. රවිඳු ලක්සිරි, 19 න් පහළ සහ 17 න් පහළ (බාලක) වයස් කාණ්ඩ දෙකේ ශූරතා දිනාගත්හ. ජාතික කාන්තා ස්කොෂ් සංචිතයේද සිටින මිහිලියා මෙත්සරණී 17 න් පහළ වයස් කාණ්ඩය මෙන්ම 19 න් පහළ බාලිකා වයස් කාණ්ඩය ද ජය ගනිමින් ද්විත්ව ශූරතා දිනාගත්තාය. 15 න් පහළ වයස් කාණ්ඩයේ ශූරයා වු ෂමිල් වාකිල්, 17 න් පහළ වයස් කාණ්ඩයේද අවසන් තරගයට එමින් අනුශූරයා විය. වයස 19 න් පහළ සහ 17 න් පහළ බාලිකා අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගත් නදුනි ගුණවර්ධන අනුශූරතා හිමිකර ගත්තාය. දුවින්ක පෙරේරා සහ සඳුනි ගුණවර්ධන වසරේ නැඟී එන ක‍්‍රීඩකයා සහ ක‍්‍රීඩිකාට හිමි සම්මාන ලැබුහ. පස්වැනි වරටත් සිලෝන් බිස්කට් (මන්චි) සමාගමේ ‘රිට්ස්බරි’ නිෂ්පාදන මෙම තරගාවලියට අනුග‍්‍රහය දැක්වීය. අවසන් තරග ප‍්‍රතිඵල: ● 9 න් පහළ (බාලක) නවිඳු ලක්මන් විසින් අකිල අතපත්තු පරාජය කරන ලදී. (11/5, 11/2, 11/2) ● 9 න් පහළ (බාලිකා) යෙහෙනි කුරුප්පු විසින් චෙනිත්මා සිංලේ පරාජය කරන ලදී. (11/13, 11/2, 11/5, 11/2) ● 11 න් පහළ (බාලක) මෙත්මල් වුඞ් විසින් අයි.ආර්.අස්වින් පරාජය කරන ලදී. (11/7, 12/10, 11/9) ● 11 න් පහළ (බාලිකා) සමීරා ඞීන් විසින් නිම්සරි වීරසිංහ පරාජය කරන ලදී. (11/3, 11/4, 11/5) ● 13 න් පහළ (බාලක) දුවින්ක පෙරේරා විසින් මෙත්මල් වුඞ් පරාජය කරන ලදී. (11/9, 11/5, 11/7) ● 13 න් පහළ (බාලිකා) කසුනි ගුණවර්ධන විසින් කියාරා ගුරුගේ පරාජය කරන ලදී. (11/5, 11/1, 11/4) ● 15 න් පහළ (බාලක) ෂමිල් වාකිල් විසින් විදුරංග උදන්ත පරාජය කරන ලදී. (11/8, 11/8, 11/9) ● 15 න් පහළ (බාලිකා) සඳුනි ගුණවර්ධන විසින් කසුනි ගුණවර්ධන පරාජය කරන ලදී. (17/15, 8/11, 11/5, 11/9) ● 17 න් පහළ (බාලක) රවිඳු ලක්සිරි විසින් ෂමිල් වාකීල් පරාජය කරන ලදී. (11/1, 11/3, 11/4) ● 17 න් පහළ (බාලිකා) මිහිලියා මෙත්සරණී විසින් නදුනි ගුණවර්ධන පරාජය කරන ලදී. (11/6, 11/8, 11/9) ● 19 න් පහළ (බාලක) රවිඳු ලක්සිරි විසින් යසුන් වීරසුරිය පරාජය කරන ලදී. (11/2, 11/0, 11/4) ● 19 න් පහළ (බාලිකා) මිහිලියා මෙත්සරණී විසින් නදුනි ගුණවර්ධන පරාජය කරන ලදී. (11/6, 11/5, 11/5)  දක්‍ෂතම ක‍්‍රීඩකයා රවිඳු ලක්සිරි සහ දක්‍ෂතම ක‍්‍රීඩිකාව මිහිලියා මෙත්සරණී ශූරතා අතැතිව... සිලෝන් බිස්කට් (මන්චි) සමාගමේ සහකාර අලෙවි කළමනාකරු නිලූපුල් ද සිල්වා මහතා සහ ශ්‍රී ලංකා ස්කොෂ් සංගමයේ සභාපති නාවික කොමදෝරු පාලිත වීරසිංහ මහතා ද මෙහි සිටිති.



අදහස් (0)

ජාතික කනිෂ්ඨ ස්කොෂ් ශූරතා රවිඳුට - මිහිලියාට

ශ්‍රියාණි Wednesday, 24 October 2012 10:05 AM

නියමයි මිහිලිය. සුභ පැතුම්! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අතරමඟදී හමුවූ තරුණිය දරුවකු තෑගි කරලා
2024 ඔක්තෝබර් මස 09 690 0

අවුරුදු තුනක පමණ දරුවකු සිටින තරුණ මවක් විසිහතර හැවිරිදි තරුණයකු සමඟ මිතුරු වී තරුණයාගේ නේවාසික කාමරයට පැමිණ දින දෙකක කාලයක් කාමරයේ ගත කර ඒම දරුවා තරු


බිරිය වී ගෝනියේ සැඟවු ලක්ෂ 15ක් සමඟ සැමියා වී ගෝනිය විකුණලා
2024 ඔක්තෝබර් මස 09 1363 0

තම දියණියගේ අත්‍යාවශ්‍ය කටයුත්තක් සඳහා ඉඩමක් විකුණා ලබාගත් රුපියල් ලක්ෂ 15ක මුදල බිරිය වී ගෝනියක සඟවා තිබියදී ඒ බව නොදැන සැමියා එම ලක්ෂ 15 ද සමග වී ගෝනිය


යතුරුපැදි අනතුරෙන් පොලිස් සැරයන්වරයෙකු මරුට
2024 ඔක්තෝබර් මස 09 298 0

පාදුක්ක බෝපේ හරහා තුම්මෝදර මාර්ගයේ දඹෝර ප්‍රදේශයේ දී අද(09)වැනි දින සවස සිදු වූ යතුරුපැදි අනතුරකින් පාදුක්ක පොලිසියට අනුයුක්තව රාජකාරි කළ පොලිස් සැරය


ජනපති - රේගු සහ දේශීය ආදායම් නිලධාරීන් අතර හමුවක්
2024 ඔක්තෝබර් මස 09 1254 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර හමුවක් අද (09)jවැනි දින ජන


යතුරුපැදි දෙකක් ගැටී කාන්තාවක් මරුට
2024 ඔක්තෝබර් මස 09 447 0

අවිස්සාවේල්ල - කොළඹ හයිලෙවල් මාර්ගයේ පාදුක්ක මාවතගම කොඩිගහකන්ද මාවත අසලදී යතුරු පැදි දෙකක් එකිනෙක ගැටීමෙන් අද (10)වැනි දින සවස සිදු වූ අනතුරකින් එක් යතු


ත්‍රිරෝද ගාස්තු අඩුවෙයි
2024 ඔක්තෝබර් මස 09 1141 0

ත්‍රී රෝද රථ සඳහා අයකරන ගාස්තු අද(09) සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39634 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25783 13


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 366 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1210 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 408 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site