IMG-LOGO

2024 නොවැම්බර් මස 13 වන බදාදා


ජාතික ක‍්‍රිකට් කණ්ඩායමට එන්න මට හැකියාව තියෙනවා

ශ්‍රී ලංකා ජාතික ක‍්‍රිකට් පිලේ පිතිකරු ලැයිස්තුවේ ස්ථානයක් ලබා ගැනීමට තමන්ට හැකියාව ඇති බව ශ්‍රී ලංකා ‘ඒ’ පිලේ අංක හතර ස්ථානයේ ක‍්‍රීඩා කරන යොවුන් පිතිකරු භානුක රාජපක්‍ෂ පැවසීය. එංගලන්ත ‘ඒ’ පිලට එරෙහිව කුරුණෑගල වෙළගෙදර ක‍්‍රීඩාංගණයේදී පැවැති තෙවැනි තරගයෙන් ශ්‍රී ලංකා ‘ඒ‘ පිල කඩුලූ 6 ක පහසු ජයක් ලැබීමෙන් පසුව භානුක රාජපක්‍ෂ එසේ පැවසීය. මෙහිදී භානුක පන්දු 74 කදී හතරේ පහර 11 ක් සමගින් අගනා ලකුණු 72 ක් රැස් කිරීමට සමත් විය. ශ්‍රී ලංකා යොවුන් පිතිකරුවන් අතර ඉදිරියෙන් සිටින 20 හැවිරිදි භානුක රාජපක්‍ෂ, කොළඹ රාජකීය විදුහලේ ආදි ශිෂ්‍යයෙකි. ‘‘මම ඇත්තෙන්ම බලාපොරොත්තු වෙනවා, ශ‍්‍රී ලංකා පිලේ පිතිකරු ලැස්තුවේ ස්ථානයක් ලබා ගන්න හැකි වෙයි කියලා. ජාතික කණ්ඩායමේ ශ්‍රී ලංකාවට විශිෂ්ට සේවයක් කළ පිතිකරුවන් රැසක් ඉන්නවා, මම හිතනවා ඒ ජ්‍යෙෂ්ඨ ක‍්‍රීඩකයන් කණ්ඩායමේ ඉන්න අවස්ථාවේදීම, තරගවලට සහභාගි නොවුණත්, ඔවුන් සමග එකතු වුණොත් අත්දැකීම් ලබා ගන්න පුළුවන් කියලා’’ තමන් වේගයෙන් ලකුණු රැස්කිරීමට කැමැත්ත දක්වන බවත් එම ඉනිමේදී සැලැස්මකට අනුව ලකුණු රැස්කළ බවත් ඔහුගේ අගනා ඉනිම පිළිබඳව කළ විමසුමේදී භානුක පැවසීය. ‘‘මට පුහුණුකරු කළුවිතාරණ මහතා උපදෙස් දුන්නේ හතරේ හෝ හයේ පහරක් ගැසූ විට එක ලකුණු ලබාගෙන අනෙක් අන්තයට මාරු වන ලෙසයි, මම එය ඉතාමත් හොඳින් කළා. ඒ වගේම අපි සැලසුම් කළා කිසිම අවස්ථාවක එංගලන්ත පා දඟ පන්දු යවන්නන්ට ස්ථාවර වෙන්න අවස්ථාව නොදෙන්න. අපේ සැලැස්ම සාර්ථක වුණා’’ යැයි ද භානුක වැඩි දුරටත් පැවසීය.



අදහස් (0)

ජාතික ක‍්‍රිකට් කණ්ඩායමට එන්න මට හැකියාව තියෙනවා

th2th2 Friday, 03 February 2012 10:30 AM

එය ශ්‍රී ලංකා පිලේ අනාගතයට සුබ දෙයක් වෙයි

:       0       0

faru Friday, 03 February 2012 11:17 AM

ජයවේවා මල්ලී මගේ සුබ පැතුම්

:       0       0

හාසික් Friday, 03 February 2012 11:43 AM

ජාතික කණ්ඩායමට එන්න ආස කලාට කමක් නෑ පුතා. හැබැයි අයි.පී.එල් ගහන එක නම් සිහිනයක් කරගන්න එපා.. එතකොට අපේ ක්‍රිකට් වලපල්ලටම යන දවස වැඩි දුරක නෙවෙයි..

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ලංකාදීප ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේකය සෙනසුරාදා
2024 නොවැම්බර් මස 13 200 0

මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ


පාලමෙන් දොළට වැටි අයෙක් මරුට
2024 නොවැම්බර් මස 13 65 0

ගොඩකවෙල දොඹකොලඇල්ල අබලන් අනාරක්ෂිත පාලමෙන් වැටි දියේ ගිලුණු තරුණයෙකුගේ සිරුරක් අද (13) දා එම දොළේ තිබි හමු වු බව පොලිසිය පවසයි.


රට ඩිජිටල් ආර්ථිකයක් කරන්න පළමු ඇරැඹුම අද
2024 නොවැම්බර් මස 13 672 0

ලංකාවේ ඩිජිටල් ආර්ථිකය දියුණු කිරීම මූලික අරමුණ කරගත් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයෙහි (ICTA) අධ්‍යක්ෂ මණ්ඩලය අද පස්වරුවේ පළමු වරට රැස්වීමට


ගිනි නිවීමේ සේවකයින්ගේ නිවාඩු අවලංගුයි
2024 නොවැම්බර් මස 13 129 0

2024 පාර්ලිමේන්තු මහා මැතිවරණය වෙනුවෙන් ඕනෑම හදිසි අවස්ථාවකට යොමුවීම සඳහා අද (13) සිට (15) දක්වා කොළඹ ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුවේ සියලු සේවකයන්ගේ නි


ධීවරයෙක් කපා කොටා ඝාතනය කරලා
2024 නොවැම්බර් මස 13 295 0

හබරාදුව පොලිස් බල ප්‍ර දේශයට අයත් මිහිරිපැන්න මුහුදු තිරයේ රිටිපන්නයෙන් මසුන් අල්ලමින් සිටි ධිවර කාර්මිකයෙකු අද (13) උදෑසන කඩුවකින් පහරදි ඝාතනය කොට ඇ


නිලන්තට එරෙහිව විනය පරීක්ෂණයක්
2024 නොවැම්බර් මස 13 843 0

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහර සිද්ධිය සම්බන්ධයෙන් උද්ගත වූ කරුණුවලට අදාළව රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතාට එරෙහිව විනය පරීක්


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 184 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 519 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1608 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site