ශ්‍රී ලංකා චෙස් සම්මේලනය සංවිධානය කළ ජාතික චෙස් ශූරතාවලියේ (2011) පිරිමි ශූරතාව දිනා ගැනීම ලාබාල කී‍්‍රඩක චාමික පෙරේරා සමත්විය. සචිනි රණසිංහ කාන්තා ශූරතාව දෙවැනි වරටත් දිනා ගත්තාය. තරග වට 13 කින් සමන්විත මෙම තරගාවලිය කොළඹ රාජකීය විදුහලේදී පැවැත්විණ. මහනුවර ත්‍රිත්ව විදුහලේ ඉගෙනුම ලබන 16 හැවිරිදි චාමික පෙරේරා ජාතික ශූරතාව දිනාගත් පළමු අවස්ථාව මෙය වන අතර ඔහු තරග වට 13 අවසානයේදී ලකුණු 9.5 ක් ලබා ශූරතාවට හිමිකම් කීවේය. අන්තර්ජාතික චෙස් ප්රවීනතා සහතිකය (ඉන්ටර්නැෂනල් මාස්ටර් තත්ත්වය) ලබා සිටින ශ්‍රී ලංකාවේ එකම ක්‍රීඩිකා සචිනි රණසිංහ මෙවර කාන්තා ශූරතාව දිනා ගත්තේ ලකුණු 12.0 ක් ලබා ගනිමිනි. කොළඹ මියුසියස් විදුහලේ ඉගෙනුම ලබන සචිනි 2009 වසරේ ජාතික ශූරතාව දිනා ජාතික ශූරතාව හිමිකර ගත් ලාබාලතම ක්‍රීඩිකාව වුවාය. ඇය ඒ වන විට 15 හැවිරිදි වියේ පසුවූවාය. ජයග්‍රාහී ක්‍රීඩක ක්‍රීඩිකාවෝ: පිරිමි 1. චාමික පෙරේරා (9.5), 2. ජී.සී.අනුරුද්ධ (9.0), 3. ප්‍රසන්න කුරුකුලසුරිය (8.5), 4. ආර්.එස්. කලූගම්පිටිය (8.0), 5. සී. බී. අලහකෝන් (7.5), 6. චන්දන විජේකෝන් සහ යසස් ළමාහේවා (7.0), 7. රොමේෂ් වීරවර්ධන, යූ. එම්. ජයසුන්දර සහ වී. කේ. කොග්ගල (6.0), 8. විමන් භාග්‍ය සහ ආර්. එස්. දිසානායක (5.0), 9. ගිහාන් ද සිල්වා (4.0), 10. පී. ඞී. දිසානායක කාන්තා 1. සචිනි රණසිංහ (12.0), 2. දිනුෂ්කි පේ‍්‍රමනාත් (11.0), 3. නදුනි අබේවර්ධන (8.0), 4. තියුමි යශෝරා, තිළිණි කොස්වත්ත (7.0), 5. ප්රමෝද්යා සේනානායක, පංචාලි පෙරේරා (6.5), 6. ඒ. කේ. චන්ද්‍රසිරි, සුපෙසලා තිලකරත්න, ප්‍රමෝදි සත්‍යා (5.5), 7. ගිම්හානී ශසිප්රභා (4.0), 8. නෙලූනිකා මෙත්මාණී (2.5), 9. එල්. එන්. රාජපක්ෂ (2.0)
මොනරාගල ළමා නිවාසයක දැරියන් දෙදෙනෙකු ළමා නිවාසයෙන් පැනගොස් ඇතැයි මොනරාගල පොලීසිය පවසයි.
2024 ජනාධිපතිවරණය සඳහා මේ වන විට සියලු කටයුතු සූදානම් වෙමින් පවතී.
මිදිගම ගොවියාපාන පාලම අසල දි පුද්ගලයකුට වෙඩි තබා මාළු ව්‍යාපාරිකයකු ඝාතනය කළ බව කියන වෙඩික්කරුවන් දෙදෙනා මිදිගම අහංගම ප්‍රදේශයේදී හෙරොයින් සමග අත්අ
පොලිස් වාර්තාවක් ලබාදීම සඳහා රුපියල් 5000ක අල්ලසක් ගත් බව කියන පොතුහැර පොලිසියේ සැරයන් වරයෙක් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විස
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නිර්මාතෘ , හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අද අලුයම ඩුබායි බලා පිටත්ව ගිය බව ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා සනාථ කළ
දෙහිවල ගල්කිස්ස නගර සභා සෞඛ්‍ය කම්කරුවකුට දෙහිවල කඩවත පාරේ දී වෙඩි තබා ඝාතනය කර ඇතැයි දෙහිවල පොලිසිය කියයි.
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න
ජාතික චෙස් ශූරයා චාමික : ශූරිය සචිනි