IMG-LOGO

2024 නොවැම්බර් මස 05 වන අඟහරුවාදා


ජාතික ජන බලවේගයේ උද්ඝෝෂණයක් කොටුවේ

සිසුන්ගේ ශාස්ත්‍රීය නිදහස උල්ලංඝණය කරන, අධ්‍යාපනය මිලිටරීකරණය කරන කොතලාවල අධ්‍යාපන පනත වහා හකුලා ගනිව්" යන ඉල්ලීම මුල්කරගනිමින් ජාතික ජන බලවේගය සංවිධාන කරන ලද උද්ඝෝෂණයක් අද (17 ) කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිට පැවැත්විය

එහිදී අධ්‍යාපනය හමුදාකරණය වන බවත් අධ්‍යාපනය පෞද්ගලීකරණය වන බවත් චෝදනා කරමින් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක ,හා ටිල්වින් සිල්වා ඇතුළු ජාතික ජන බලවේගයේ පාර්ලි‌‌මේන්තු මන්ත්‍රීවරුන්‌ රැසක් සහබාගි විය  කලාකරුවන් ඇතුළු පිරිස පැයක් පමණ කාලයක් එම විරෝධතාවේ නිරත වූහ.

(ඡායාරුපය: ශාන්ත රත්නායක)

 



අදහස් (15)

ජාතික ජන බලවේගයේ උද්ඝෝෂණයක් කොටුවේ

විජිත් Saturday, 17 July 2021 03:07 PM

ජයවේවා....!!! ඔබලාගේ සටනට ජයවේවා. මේ සටන ජයග්‍රහණය දක්වා ගෙනගොස් මේ දුෂ්ඨ, අසාර්ථක ජනාධිපතිත්, දුර්දාන්ත රජයත් පළවාහැර, විදේශිකයින්ට විකුණා ඇති රටේ සියලුම සම්පත් වන්දි විරහිතව නැවත රජයට පවරා ගන්නා, රටට අවංකවම ආදරේ කරන උගත්, බුද්ධිමත් අවංක, හොරුන් නොවන පුද්ගලයින් කණ්ඩායමකට රටේ පාලනය ලබාදීමට ඔබලාට දිරිය, ශක්තිය සහ වාසනාව ලැබේවා. ජයවේවා..!!!

:       2353       2788

අපි ජවිපෙ Saturday, 17 July 2021 07:45 PM

දුෂ්ට, දුර්දාන්ත.. මාරු වචන අප්පා. පන්ති ගියපු මෝඩයින්ටම හොඳයි. දේශප්‍රේමය පෙන්වන්න තව ට්‍රාන්ස්ෆෝමර්, බස් ටිකක් ගිනිතියලා ආණ්ඩුවේ තාප්පවල පෝස්ටර් අලවමුද?

:       691       287

rohan bandaranayakaSunday, 18 July 2021 12:26 AM

විජිත් මහත්මයා, මේ රටේ සිදුවන ඇහැටම පෙනෙන, ඇඟටම දැනෙන, අසාධාරණය නිර්දය ලෙස විවේචනය කරන ඔබවැනි නිර්භීත මිනිසුන් දහස් ගණනින් බිහිවී, මේ රට විදේශිකයින්ගෙන් සහ රට කොල්ල කෑ අමන දේශපාලකයින්ගෙන් බේරා ගැනීමට හැකිවේවා...! අපිට අපේ කියා කියන්නට පුළුවන් රටක් නැවත සාදාගන්නට අපි සැම ජීවිත පරිත්‍යාගයෙන් ඉදිරිපත් වෙනවා.

:       0       210

බද්රානි Saturday, 17 July 2021 03:10 PM

සිසුන්ගේ මොළ විපරීත කරමින් කරන තුච්ච නින්දිත දේශපාලනය කොතලාවල විශ්ව විද්‍යාලය තුළ ක්‍රියාත්මක කිරීමට නොහැකි වීම තමයි. මේ ඔලමොට්ටල කාරයින්ට තියන එකම ප්‍රශ්නය... ඇත්තම කියනවා නම් මේ දේශපාලන පක්ෂය රටට විනයක් මෙන්ම පිළලයක්...

:       1435       1334

sunandaSaturday, 17 July 2021 07:09 PM

ඇත්ත. මේ අයට තියෙන ලොකුම ප්‍රශ්නය නම් කොතලාවල පීඨයේ ශිෂ්‍ය සංගම් පවත්වා ගැනීමට ඉඩ නොදීම නිසා මොවුන්ට "නවක වදය" ඇතුළු ගඳ ගහන "උප සංස්කෘතිය" කොතලාවල පීඨයට බෝ කරගත නොහැකි නොවීමයි...

:       275       173

අපි ජවිපෙ Saturday, 17 July 2021 07:43 PM

88-89 අපේ පාසැල් කාලය කෑවා. දැන් අපේ ළමයින්ගේ පාසල් කාලයත්, අනාගතයත් කනවා. මෙතන ඉන්න වයසක උදවියගේ ජීවිත ඉවරයි දැන්... ඔවුන්ට ඕනේ අපේ ළමයින්ගේ ජීවිතත් මොවුන්ගේ වගේ කාලකන්නි කරන්නයි.

:       493       290

සුමුදු ලියනගේ Sunday, 18 July 2021 04:07 AM

අපි ජවිපෙ ඔයාට අපි ගවුමක් එවන්නද? එ්ත් වැඩක් නැහැ.. ඔයා සරමකුත් නොවන, ගවුමකුත් නොවන කෙනෙක් නිසා අපි අනුකම්පා කරනවා. පහුගිය ඡන්දෙදී මහින්ද මුත්තා මොනවද ඔයාට දුන්නේ.? මුණ හෝදගන්න වැසිකිලි පෝච්චියක් ලැබුණා කියලා ආරන්චියි.

:       0       77

ජයන්තSunday, 18 July 2021 08:10 AM

මම ඉගෙන ගත්තෙත් 88 / 89 දී ඉස්කෝලේ. ජෙප්පෝ ඒ කාලේදීම අධ්‍යාපන ධවල පත්‍රිකාව පරද්දපු නිසා මට කැම්පස් එකක ඉගෙන ගන්න පුලුවන් වුණා..

:       0       102

BamunuarachchiMonday, 19 July 2021 09:04 AM

ඉගෙන ගත්තා කියලා රස්සාවක් හොයා ගත්තද? ඒකත් ආණ්ඩුවේම දුන්නද? මොකද ධවල පත්‍රිකාවේ තිබුණාද ලකුණු අඩු ළමයි විශ්ව විද්‍යාලයට ගන්න කියලා. පැහැදිලි නැහැ මොකක්ද කියන්නේ කියලා...

:       1       0

ලලිත් එම් Saturday, 17 July 2021 07:55 PM

පුද්ගලික විශ්ව විද්‍යාල ඕනෑ. ඒත් දැන් රටේ තියෙන පුද්ගලික විශ්ව විද්‍යාල වල ඉගෙන ගන්න අයට ටියුෂන් පන්ති තියෙනවා. පැවරුම් එහේ දේවල් මුදල් ගෙවා සකස් කර ගන්නවා. මේ වගේ එවුන්ගෙන් ඉගෙනගත්තා කියලා රටට ඵලක් නැහැ.

:       3       106

අමරනාත් ලොකුලියනගේ ( විශ්‍රාමික ගුරු විදුහල්පති ) Sunday, 18 July 2021 01:09 AM

රට පාලනය කරන දේශපාලකයින්,රට විදේශයන්ට පාවාදෙමින්, රටේ ධනය හොරකම් කරමින්, රටේ සිසුන්ගේ නිදහස අවහිර කරමින් මේ හදන්නේ නූගත්, නිවට පරපුරක් බිහිකිරිමටයි. මේ උද්ඝෝෂණය කරන රටේ අවංක මිනිසුන් තම ජීවිත පරදුවට තබා සටන් කරන්නේ තම මවුබිම ආරක්ෂා කරගැනීමට බව මෝඩ, නූගත් මිනිසුන්ට නොවැටහීම පුදුමයක් නොව. ඒ නිවට මිනිසුන්ගේ සිතීමේ ශක්තිය ටකරමකින් හෝ රෙදි කෑල්ලකින් හෝ අරක්කු වීදුරුවකින් මුවාවී ඇති බැවිනි. පොදුවේ ගත්කළ ශ්‍රී ලාංකිකයින් යනු අන්ත, නිවට ජාතියක්...

:       1       262

fernando Sunday, 18 July 2021 04:09 AM

රජයේ මර්දනයට එරෙහිව උද්ඝෝෂණයේ යෙදෙන සියලුම විරෝදාර ලක්මවගේ දරුවන්ට ජයවේවා...!!!

:       0       129

thissa Sunday, 18 July 2021 04:10 AM

මැදමුලන හොරුන් පන්නා දමව්...!!! 

:       0       126

Bamunuarachchi Sunday, 18 July 2021 05:23 AM

1965 මැයි මාසේ සිට තවම රට කනවා. මොවුන්ට කවමදාවත් මේ රටේ බලයක් ලැබෙන්නේ නැහැ. ඒ බව මහා ජෙප්පන් දන්නවා, නමුත් ඩීල්වලින් සැපට ඉන්නවා. හැබැයි පාප්ප ගාන පොඩි ජෙප්පෝ මේවා දන්නේ නැහැ. තාමත් රට කොමියුනිස්ට් කිරීමේ කැරට් අලේ කන්න පොඩි ජෙප්පන් ඉදිරියට යනවා. මොවුන් 1989 කළ විනාශය දන්නා ආයෝජකයින් නැවත මේ රටේ ආයෝජනය කරන්නේ නැහැ. මේ ගොල්ලන්ගේ හිතේ කාගේවත් වැරදියි කිව්වාම මේ ගොල්ලන් හරියි කියලා...

:       88       8

Tharindu Sunday, 18 July 2021 10:37 AM

මේ කට්ටිය රටටම මහා කරදරයක්... අපි ඉගෙන ගන්න කාලෙත් තිබ්බේ පුදුම කරදරයක්... නමුත් ගලහ හන්දියෙන් එහාට ගියාම ඔක්කොම එජාපයෙන්...

:       50       13

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අල්ලස් ගත් හිටපු නියෝජ්‍ය අමාත්‍යගේ දඬුවම තහවුරු කරයි
2024 නොවැම්බර් මස 05 5 0

පුත්‍රයාට විදුබල මණ්ඩලයේ රැකියාවක් දීමට මවගෙන් රුපියල් 50,000/-ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාවන්ට වරදකරු කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය ශාන්ත ප්‍රේමරත


ජොන්ස්ටන්ගේ පෙත්සම ඔහුම ඉවත් කර ගනී
2024 නොවැම්බර් මස 05 535 0

නොබෝදා කොළඹ හිල්ටන් හෝටල් රථ ගාලේ තිබී නීති විරෝධී ලෙස එකලස් කරන ලද බී.එම්. ඩබ්ලිව් මෝටර් රථයක් සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීම වැළැ


පාස්කු නඩුවෙන් පූජිත - හේමසිරි නිදහස් කළ තීන්දුව බල රහිත කරයි
2024 නොවැම්බර් මස 05 727 0

බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් පාස්කු ප්‍රහාරය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් චෝදනා කරමින් ගොනු කළ නඩුවෙන් හිටපු පොලිස්පති පූජිත ජයසුන්දර මහතා සහ හිටපු


කමලා තැපෑලෙන් ඡන්දය දීලා
2024 නොවැම්බර් මස 05 543 0

තමන් තම ඡන්දය තැපැල් ඡන්දයක් ලෙස ප්‍රකාශ කළ බව ඇමෙරිකන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් පවසා


ගැබිනි මව සමඟ ලොරිය අඩි 20ක් පහළට
2024 නොවැම්බර් මස 05 543 0

නතර කර තිබු ලොරි රථයක් ගැබිනි මවක් සමඟ මාර්ගයෙන් ඉවතට පැන අඩි 20 ක් පමණ ප්‍රපාතයට පෙරලිමෙන් ලොරි රථයේ ඉදිරිපස අසුනේ සිටි ගැබිනි මව තුවාල ලබා දික්ඔය මුලි


’’සැමියා මැරූ අයුරින් මාත් මරන්න හදනවාද?’’
2024 නොවැම්බර් මස 05 1795 2

තම ස්වාමිපුරුෂයා වන විජය කුමාරතුංග දේශපාලන හේතූන් මත ඝාතනය කළ පරිදිම තමා ද ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් පවතී දැයි සැකයක් පහළ වී තිබෙන බව හිටපු ජනාධිපති


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 410 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1312 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 691 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site