ශ්රී ලංකා ටෙනිස් සංගමය සංවිධානය කරන 97 වැනි ජාතික ටෙනිස් ශුරතාවලිය මේ මස 18 වැනිදා සිට 26 වැනිදා දක්වා කොළඹ ග‍්‍රීන්පාත්‘හි ශ්‍රී ලංකා ටෙනිස් සංගම් මුලස්ථානයේදී පැවැත්වේ. විවෘත පිරිමි හා කාන්තා කේවළ, යුගල හා මිශ‍්‍ර යුගල ඉසව්වන්ගෙන් සමන්විත තරගාවලියට වයස 45 ට, 55 ට සහ 65 ට සහ වැඩි වයස් කාණ්ඩ වලින් ප‍්‍රවීණ පිරිමි කේවළ ඉසව් රැසකින් තරග පැවැත්වේ. වයස 40 ට වැඩි මිශ‍්‍ර යුගල ඉසව්වක් සහ වයස 70 ට වැඩි යුගල (පිරිමි) ඉසව්වක්ද තරගාවලියට ඇතුළත්වේ. 2010 වසරේ ශූරතාව සමග වසර පහක් ජාතික ටෙනිස් ශූරතාව දිනා සිටින ශ්‍රී ලංකාවේ අංක එකේ ටෙනිස් ශූරයා හර්ෂණ ගොඩමාන්න විදේශගත වී සිටින නිසා මෙවර තරගවලියට සහභාගි නොවේ. හර්ෂණ පසුගිය වසරේ ජාතික තරගාවලියේදී කේවළ ඉසව්වට සහභාගි නොවී යුගල ඉසව්වෙන් පමණක් තරග වැදුණි. එහිදී සංඛ අතුකෝරළ සමග එක්ව යුගල ඉසව්වේ ශූරතාව දිනා ගැනීමට ඔහු සමත්විය. හර්ෂණ ලෝක ටෙනිස් ශ්‍රේණි ගත කිරීම් අතර සිටි එකම ශ්‍රී ලංකා ක‍්‍රීඩකයා ද වේ. පසුගිය වසරේ පිරිමි කේවළ ඉසව්වේ ශූරතාව දිනේෂ්කාන්තන් තන්ගරාජ් දිනාගත් අතර අම්රිතා මුත්තයියා කාන්තා කේවළ ශූරතාව දිනාගත්තාය. මෙවර තරගාවලියේ පිරිමි කේවළ ඉසව්වේ ක‍්‍රීඩකයන් ශ්‍රේණිගත කිරීමේදී දිනේෂ්කාන්තන් තන්ගරාජ්, චින්තක ශවීන්, අර්ථ වීරසිංහ, එම්.ශාකීර්, නිසන්ගන් නඩරාජ්, අම්රෙෂ් ජයවික‍්‍රම ඉදිරියෙන් සිටිති. සංකරි ත්‍යකරන්, රොෂින්කා ප‍්‍රනාන්දු, නෙත්මි වඩුගේ, අම්රිතා මුත්තයියා, විනුරි වික‍්‍රමරත්න සහ ටාෂා ප‍්‍රනාන්දු කාන්තා කේවළ ඉසව්වේ ඉදිරියෙන් සිටින ක‍්‍රීඩිකාවෝ වෙති. මීට සමගාමීව ජාතික රෝද පුටු ටෙනිස් තරගාවලිය ද කේවළ හා යුගල ඉසව්ව දෙකෙන් පැවැත්වීමට නියමිතය. ලන්ඩන් පැරා ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලට සුදුසුකම් ලබා සිටින උපාලි රාජකරුණා සහ ගාමිණී දිසානායක මෙම තරගාවලියට සහභාගිවෙති. 500 කට වැඩි වාර්තාගත ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් පිරිසකගේ සහභාගීත්වයෙන් ජාතික කනිෂ්ඨ ටෙනිස් තරගාවලිය දැන් ටෙනිස් සංගම් මුලස්ථානයේදී පැවැත්වේ. එයාර්ටෙල් ප‍්‍රධාන අනුග‍්‍රහය වන මෙම තරගාවලියේ ඩන්ලොප් පන්දු සඳහා අනුග‍්‍රහය දක්වයි. එයාර්ටෙල් සමාගම ඉදිරි වසර තුනක කාලයක් සඳහා ජාතික ටෙනිස් ශූරතාවලියට අනුග‍්‍රහය දැක්වීමට ශ්‍රී ලංකා ටෙනිස් සංගමය සමග ගිවිසුමකට එළැඹිණ.
රජයේ ආයතන මගින් සංවිධානය කරන විවිධ කාර්යයන් සඳහා අග්‍රාමාත්‍යවරියගේ හෝ අමාත්‍යවරුන්ගේ ඡායාරූප සහ පණිවුඩ යොදා ගැනීමේ දී අග්‍රාමාත්‍යවරිය වෙනුවෙන්
හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රකට දේශපාලන පවුලක් වන රාජපක්ෂ පවුලෙන් වසර 88 කට පසු මෙවර දේශපාලනයේ නියෝජනයක් නොමැති වීම මෙහි විශේෂත්වයක් බව දෙශපාලන වේදි
බළන්ගොඩ දහමාන ප්‍රදේශයේ නිවසක මාමන්ඩිය සහ බැණා අතර ඇති වූ බහින් බස් වීමක් දුර දිග යාමෙන් බෑනා මියගොස් ඇතැයි බළංගොඩ පොලිසිය කියයි.
දිවයින ආශ්‍රිත වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන්,දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වැසි තත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තම
2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .
දින කිහිපයක සිට පවතින අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම මහ ගංවතුර මට්ටමකට පත්ව ඇති බව ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ජාතික ටෙනිස් ශුරතාවලිය 18 දා සිට