ශ්රී ලංකා පැසිපන්දු සංගමය සංවිධානය කළ 49 වැනි ජාතික පැසිපන්දු තරගාවලියේ පිරිමි ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකා පාසල් කණ්ඩායම සමත්විය. පාසල් කණ්ඩායමක් ජාතික තරගාවලියේදී ශූරතාව දිනා ගත්තේ වසර 22 කට පසුවය. අවසන් වරට 2010 වසරේදී පැවැති ජාතික තරගාවලියේදී අවසන් පුර්ව වටයට සුදුසුකම් ලබාගත් පාසල් පිල එහිදී ගුවන් හමුදාව හමුවේ පරාජයට පත්විය. බම්බලපිටිය පොලිස් මූලස්ථාන පැසිපන්දු ක‍්‍රීඩා සංකීර්ණයේදී පෙරේදා (23) නිමා වු මෙම තරගාවලියේ කාන්තා ශූරතාව පිට පිට දෙවැනි වරටත් දිනා ගැනීමට වෙළෙඳ සේවා ක‍්‍රීඩිකාවෝ සමත්වුහ. පිරිමි තරගමාලාව පළමු, දෙවැනි සහ තෙවැනි ලෙස කොටස් තුනකින් පැවැති අතර කාන්තා තරගාවලිය කොටස් දෙකකින් පැවැත්විණ. පළමු කොටසේ පිරිමි අවසන් මහා තරගයේදී කොළඹ දිස්ත‍්‍රික් පිල පරදවා ලකුණු 65-42 ක ජයක් ලබා ගැනීමට පාසල් ක‍්‍රීඩකයෝ සමත්වුහ. පාසල් පිල තරගයේ පළමු අර්ධයේදීම ලකුණු 34-26 ක් ලෙස ඉදිරියෙන් සිටියේය. පාසල් පිලේ වැඩිම ලකුණු ලාභියා වු නායක ප‍්‍රනීත් උඩුමලගල (ලකුණු 23) පළමු කොටසේ තරගාවලියේ දක්‍ෂතම ක‍්‍රීඩකයා ලෙස සම්මාන ලැබීය. සුදේෂ් අහ්මඞ් (20) සහ කනිෂ්ක පෙරේරා (16) පාසල් පිලේ වැඩිම ලකුණු ලබාගත් ක‍්‍රීඩකයෝ වුහ. කොළඹ දිස්ත‍්‍රික් පිල වෙනුවෙන් නායක හර්ෂදේව ද සිල්වා (17), ප‍්‍රින්ස් ඇන්ඩෘ (12), ගයාන් ද කෘස් (4) ලකුණු ලැබුහ. වෙළෙඳ සේවා පිල සහ නාවික හමුදා පිල අතර පැවැති පළමු කොටසේ කාන්තා අවසන් මහා තරගයෙන් වෙළෙඳසේවා පිල ලකුණු 71-58 ක ජයක් ලැබීය. වෙළෙඳසේවා ක‍්‍රීඩිකාවෝ තරගයේ පළමු අර්ධය ලකුණු 32-24 ක් ලෙස ඉදිරියෙන් සිටීමට සමත්වුහ. පළමු කොටසේ දක්‍ෂතම ක‍්‍රීඩිකාව වු වෙළෙඳ සේවා පිලේ කුමරිණී සිල්වා ලකුණු 17 ක් ලබා ගත්තාය. ශාලිකා ගෝමස් (12) සහ බිනීකා තලගල (10) වෙළෙඳසේවා පිලට ලකුණු එක් කළහ. ප‍්‍රමිලා ප‍්‍රනාන්දු (23) සහ සෝලන්ගි ගුණවිජය (18) නාවික හමුදා පිලේ වැඩි ලකුණු ලබාගත් ක‍්‍රීඩිකාවෝ වුහ. තරගාවලියේ ත්‍යාග ප‍්‍රදානය ක‍්‍රීඩා ඇමැති මහින්දානන්ද අලූත්ගමගේ මහතාගේ ප‍්‍රධානත්වයෙන් සිදුකෙරිණ.
ජනාධිපති අනුර දිසානායක මහතා ඊයේ රාත්‍රියේ මහනුවර සිරි දළදා වන්දනාවේ නිරත බැතිමතුන් හමුවට හදිසියේ ගොස් ඔවුන්ගේ සුව දුක් විමසා බැලුවේය.
විදානගමගේ අරුණ ප්‍රියන්ත නැමැත්තා සහ ඔහුගේ දියණිය සහ පුත්‍රයා මිද්දෙනිය ප්‍රදේශයේදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ යතුරුපැදිකරු ඉන්දියාවේ චෙන්නාය
උතුරු අර්ධ ගෝලයේ සහ දකුණු අර්ධ ගෝලයේ සිටි පැමිණෙන සුළං (අන්තර් නිවර්තන අභිසාරි) දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු
මාතර දෙවුන්දර ශ්‍රී විෂ්ණු දේවාලය අසලදී සිදු වූ ද්විත්ව ඝාතනයට පැමිණි වෙඩිකරුවන් සිව් දෙනා ප්‍රවාහනය කළ බව කියන පුද්ගලයා අත්අඩංගුවට ගත් බව අපරාධ පරී
පහල්ගම් ත්‍රස්ත ප්‍රහාරයේ සැකකරුවන් ලෝකය අවසානය තෙක් හඹාගොස් අදහාගත නොහැකි දඬුවමක් දෙන බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා පවසයි
මත්ද්‍රව්‍ය ජාවාරමට සහ සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් තිදෙනකු රුපියල් කෝටි තුනකට අධික මත්ද්‍රව්‍ය තොගයක් සහ උණ්ඩ තොගයක් සමග අත්අඩංගුවට ග
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ජාතික පැසිපන්දු ශූරතාව වසර 22 කට පසුව පාසල් කණ්ඩායමට