ජාතික පාපැදි පුහුණුකරු තනතුරේ සේවයෙන් තාවකාලිකව ඉවත්ව සිටි උපාලි රත්නායක මහතා ජාතික සංචිතයට යළි සේවය ලබාදීමට කැමැත්ත පළකර ඇතැයි වාර්තාවේ.
මේ සම්බන්ධයෙන් ඔහු ක‍්‍රීඩා අධ්‍යක්‍ෂ ජනරාල් රංජනී ජයකොඩි මහත්මියට සහ ක‍්‍රීඩා පාපැදි අතුරු කමිටුවේ සභාපති එයාර් වයිෂ් මාර්ෂල් ගගන් බුලත්සිංහ මහතා දැනුවත් කරමින් ලිපියක් යොමු කර ඇතැයි වාර්තා වේ.
කෙසේ වුවත් ලිපිය යොමු කර මේ වන විට දින ගණනාවක් ගෙවී ගොස් තිබුණ ද ඊට පිළිතුරු ලැබී නොමැත.
මාස හතරක කාලයක ජාතික පාපැදි සංචිතයේ සේවය අවසන් කරමින් කොරියානු ජාතික උපදේශක වොන් යොන් මහතා ඉකුත්දා දිවයිනෙන් පිටත්ව යෑමෙන් පසු මේ වන විට එහි පුහුණුකරු ලෙස වැඩ බලන්නේ භෞතචිකිත්සකයකු වන අනිල් ද සිල්වා මහතා බව වාර්තාවේ.
කෙසේ වුවත් කොරියානු පාපැදි උපදේශකවරයා සමග පුහුණු ක‍්‍රමවේද සම්බන්ධයෙන් ඇති වූ බව කියන මත ගැටුම් හේතුවෙන් උපාලි රත්නායක මහතා ජාතික පාපැදි සංචිතයට සේවය ලබාදීමෙන් තාවකාලිකව ඉල්ලා අස්විය.
කොරියානු පාපැදි උපදේශකවරයා ශ්‍රී ලංකා සේවයෙන් ඉවත්ව ගොස් සිටින බැවින් රත්නායක මහතා යළි සිහි කැඳවීමේ ලිපියක් ක‍්‍රීඩා අධ්‍යක්‍ෂ ජනරාල්වරිය සහ පාපැදි අතුරු කමිටු සභාපතිවරයාට යොමු කර තිබේ.
මේ අතර කොරියානු පාපැදි උපදේශකවරයා ජාතික පාපැදි සංචිතයේ පුහුණු ක‍්‍රමවේද පවත්වා ගෙනගිය ආකාරය හා එහි ප‍්‍රගතිය සම්බන්ධයෙන් ද ඒ මහතා එම ලිපියෙන් සවිස්තරාත්මකව විමසීමක් කර තිබෙන බවත් වැඩි දුරටත් වාර්තාවේ.
අම්පාර නගර සභාව මඟින් පාලනය කරනු ලබන බුද්ධංගල මාර්ගයේ පිහිටා ඇති කසල ඒකකය තුළ වන අලියෙක් මියගොස් තිබෙන බව ගම්වාසීහු පවසති.
අවුරුදු තුනේ සිට පහළොව අතර වයසේ පසුවන දරුවන් එකොලොස් දෙනකුගේ හතළිස් එක් හැවිරිදි පියකු බිරියගේ සහෝදරයකුගේ පොලු පහරක් වැදී මරණයට පත්වී ඇතැයි රක්වාන ප
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (05) පෙරවරුවේ වැල්ලවත්ත, අමරපුර මහා නිකායේ සංඝ මූලස්ථානය වෙත පැමිණ කරගොඩ උයන්ගොඩ මෛත්‍රිමූර්ති ශ්‍රී ලංකා අමරපුර
රත්නපුර අංගම්මන තොටුපළේ අද පස්වරුවේ දියනෑමට ගිය රත්නපුර සුධර්මශාලා පිරිවෙනෙහි 11 වසර සිසුන් දෙදෙනකු ගඟේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇතැයි රත්නපුර පොලිස
ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු අනුර කුමාර දිසානායක මහතා ප්‍රථම වරට අද (05)වැනි දා පස්වරුවේ අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝ සමිඳුන් සහ රුවන්වැලි සෑ රදුන
ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු මිලට ගත් බස් රථයක ලියාපදිංචිය වෙනස් කර පොත ලබාදීම සඳහා රුපියල් දෙලස්ස පනස් දහසක (250000)අල්ලසක් ලබා ගත්තේ යැයි කියන නාරාහේන්පිට ම
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ජාතික පුහුණුකරු යළි සේවයට කැමැත්තෙන්