IMG-LOGO

2024 ඔක්තෝබර් මස 11 වන සිකුරාදා


ජාතික පිහිනුම් ශූරතාවලියේදී නව තරග වාර්තා 23 ක්

ශ්‍රී ලංකා ජල ක‍්‍රීඩා සංගමය සංවිධානය කළ ජාතික පිහිනුම් ශූරතාවලියේ (2012) පිරිමි ශූරතාව දිනා ගැනීමට කොළඹ රාජකීය විදුහල් ක‍්‍රීඩකයෝ සමත්වුහ. කාන්තා ශූරතාව ආසියානු ජාත්‍යන්තර පාසල් පිල විසින් දිනා ගන්නා ලදී. තරගාවලිය කොළඹ සුගතදාස පිහිනුම් තටාකයේදී පසුගියදා නිමාවිය. මෙවර තරගාවලියේදී ශ්‍රී ලංකා වාර්තා සමගින් නව තරග වාර්තා 23 ක් පිහිටුවීමට ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ සමත්වුහ. දක්‍ෂතම පිහිනුම් ක‍්‍රීඩිකාව වු ආසියානු ජාත්‍යන්තර පාසලේ කිමිකෝ රහීම් මීටර 200 සහ මීටර 100 පසුපස ආර කාන්තා ඉසව් දෙකම මෙන්ම මීටර 50 නිදහස් ආර ඉසව්ව දකුණු ආසියානු ක‍්‍රීඩා උළෙලේ තරග වාර්තාව ඉක්මවමින් ජය ගත්තාය. 13 හැවිරිදි කිමිකෝ, මීටර 50 පසුපස ආර කාන්තා ඉසව්ව තත්පර 31.55 කින් නිම කර ජයගත් අතර එය නව ශ්‍රී ලංකා වාර්තාවක් ද විය.  කිමිකෝගේ සොහොයුරිය මචිකෝ රහීම් ද මීටර 200 නිදහස් ආර ඉසව්ව දකුණු ආසියානු ක‍්‍රීඩා උළෙලේ තරග වාර්තාව අභිබවා ගොස් ජයගත්තාය. කිමිකෝ සහ මචිකෝ සොහොයුරියෝ ප‍්‍රමුඛ ආසියානු ජාත්‍යන්ත පාසල් කාන්තා සහය පිහිනුම් පිල මීටර 200 නිදහස් ආර සහය පිහිනුම් ඉසව්වේ ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවීය. ආසියානු ජාත්‍යන්තර පාසලේ මැතිව් අබේසිංහ මීටර 200 නිදහස් ආර ඉසව්වෙන් (පිරිමි) නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවීමට සමත්විය. ශ්‍රී ලංකා නාවික හමුදා ‘ඒ’ පිල මීටර 200 මිශ‍්‍ර කේවළ සහය පිහිනුම් ඉසව්ව (පිරිමි) ජය ගනිමින් නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවීමට සමත්විය. නාවික හමුදා පිල විනාඩි 1. තත්පර. 54. 33 කින් තරගය නිම කළ අතර පැවැති ශ්‍රී ලංකා වාර්තාව විනාඩි 1. තත්පර 57.15 ක් විය. කොළඹ රාජකීය විදුහල් ‘ඒ’ පිල, ආසියානු ජාත්‍යන්තර පාසල් ‘ඒ’ පිල සහ නාවික හමුදා ‘බී’ පිල එම ඉසව්ව පිළිවෙලින් දෙවැනි ස්ථානයේ සිට සිවුවැනි ස්ථානය ලබමින් ශ්‍රී ලංකා වාර්තාව අභිබවා යෑමට එහිදී සමත්විය. කොළඹ රාජකීය විදුහලේ කනිත මුණසිංහ දක්‍ෂතම පිහිනුම් ක‍්‍රීඩකයා ලෙස සම්මාන ලැබීය. තරගාවලියේ පිරිමි අනුශූරතාව නාවික හමුදාව දිනාගත් අතර ආසියානු ජාත්‍යන්තර පාසල තෙවැනි ස්ථානය ලැබීය. කොළඹ විශාඛා විද්‍යාලය සහ මහනුවර මහාමායා විද්‍යාලය පිළිවෙලින් කාන්තා අනුශූරතාවි හා තෙවැනි ස්ථාන ලබා ගත්තේය. ත්‍යාග ප‍්‍රදානෝත්සවය ක‍්‍රීඩා ඇමැති මහින්දානන්ද අලූත්ගමගේ සහ සුගතදාස ක‍්‍රීඩා සංකීර්ණ අධිකාරියේ සභාපති බි‍්‍රගේඩියර් ජී. ඩබ්. පී. සමරතුංග මහත්වරුන්ගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්විණ. නව තරග වාර්තා: ● මීටර 400 නිදහස් ආර (කාන්තා) මචිකෝ රහීම් (ආසියානු ජාත්‍යන්තර පාසල - වි.4. තත්. 43.89) (පෙර වාර්තාව: වි.4. තත්. 53.25) ● මීටර 200 පසුපස ආර ඉසව්ව (කාන්තා) කිමිකෝ රහීම් (ආසියානු ජාත්‍යන්තර පාසල - වි.2. තත්. 30.92) (පෙර වාර්තාව: වි.2. තත්. 31.02) ● මීටර 400 මිශ‍්‍ර කේවළ ඉසව්ව (පිරිමි) මැතිව් අබේසිංහ (ආසියානු ජාත්‍යන්තර පාසල - වි.4. තත්.47.06) (පෙර වාර්තාව: වි.4.තත්.48.32) ● මීටර 200 ළය ආර ඉසව්ව (පිරිමි) ආක්‍ෂ්‍ය කුමාරජීව (ශා.ජෝශප් විදුහල - වි. 2. තත්.31.58) (පෙර වාර්තාව: වි.2.තත්.34.84) ● මීටර 100 නිදහස් ආර ඉසව්ව (පිරිමි) මැතිව් අබේසිංහ (ආසියානු ජාත්‍යන්තර පාසල - තත්පර 53.31) (පෙර වාර්තාව: තත්පර 54.66) ●මීටර 50 පසුපස ආර ඉසව්ව (කාන්තා) කිමිකෝ රහීම් (ආසියානු ජාත්‍යන්තර පාසල - තත්පර 31.55) (පෙර ශ්‍රී ලංකා වාර්තාව: තත්පර 31.70) ● මීටර 50 පසුපස ආර ඉසව්ව (කාන්තා) නදීරා ජයසේකර (විශාඛා විද්‍යාලය - තත්පර 31.76) (පෙර වාර්තාව: තත්පර 32.66) ● මීටර 800 නිදහස් ආර ඉසව්ව (කාන්තා) මිචිකෝ රහීම් (ආසියානු ජාත්‍යන්තර පාසල - වි. 9. තත්.56.10) (පෙර වාර්තාව: වි.10.තත්.03.66) ● මීටර 200 නිදහස් ආර ඉසව්ව (පිරිමි) මැතිව් අබේසිංහ (ආසියානු ජාත්‍යන්තර පාසල - වි. 1. තත්.54.72) (පෙර ශ්‍රී ලංකා වාර්තාව: වි. 1. තත්.55.04) ● මීටර 50 සමනල ආර ඉසව්ව (කාන්තා) කිමිකෝ රහීම් (ආසියානු ජාත්‍යන්තර පාසල - තත්පර 30.67) (පෙර වාර්තාව: තත්පර 30.83) ● මීටර 100 පසුපස ආර ඉසව්ව (කාන්තා) කිමිකෝ රහීම් (ආසියානු ජාත්‍යන්තර පාසල - වි.1. තත්.07.90) (පෙර වාර්තාව: වි.1.තත්.09.62) ● මීටර 100 පසුපස ආර ඉසව්ව (කාන්තා) නදීරා ජයසේකර (විශාඛා විද්‍යාලය - වි.1.තත්.9.43) (පෙර වාර්තාව: වි.1.තත්.09.62) ● මීටර 200 නිදහස් ආර ඉසව්ව (කාන්තා) මචිකෝ රහීම් (ආසියානු ජාත්‍යන්තර පාසල - වි.2. තත්. 11.98) (පෙර වාර්තාව: වි.2.තත්.15.61) ● මීටර 50 නිදහස් ආර ඉසව්ව (කාන්තා) කිමිකෝ රහීම් (ආසියානු ජාත්‍යන්තර පාසල - තත්පර 27.55) (පෙර වාර්තාව: තත්පර 28.48) ● මීටර 400 සහය මිශ‍්‍ර කේවළ ඉසව්ව (කාන්තා) ආසියානු ජාත්‍යන්තර පාසල් ‘ඒ’ පිල (වි.4. තත්.46.78) (පෙර වාර්තාව: වි.4.තත්.51.22) (කිමිකෝ රහීම්, සැලෝමි ප‍්‍රනාන්දු, මිචිකෝ රහීම්, ඇන්ඩි‍්‍රයා ජෙලින්ක්) ● මීටර 800 සහය නිදහස් ආර ඉසව්ව (කාන්තා) ආසියානු ජාත්‍යන්තර පාසල් ‘ඒ’ පිල (වි.9. තත්.38.43) (පෙර වාර්තාව: වි.9.තත්.58.44) (කිමිකෝ රහීම්, සැලෝමි ප‍්‍රනාන්දු, මිචිකෝ රහීම්, ඇන්ඩි‍්‍රයා ජෙලින්ක්) ● මීටර 200 සහය නිදහස් ආර ඉසව්ව (කාන්තා) ආසියානු ජාත්‍යන්තර පාසල් ‘ඒ’ පිල (වි.1. තත්.56.01) (පෙර වාර්තාව: වි.2.තත්.03.13) (කිමිකෝ රහීම්, සැලෝමි ප‍්‍රනාන්දු, මිචිකෝ රහීම්, ඇන්ඩි‍්‍රයා ජෙලින්ක්) ● මීටර 400 සහය නිදහස් ආර ඉසව්ව (කාන්තා) ආසියානු ජාත්‍යන්තර පාසල් ‘ඒ’ පිල (වි.4. තත්.17.79) (පෙර වාර්තාව: වි.4.තත්.27.76) (කිමිකෝ රහීම්, සැලෝමි ප‍්‍රනාන්දු, මිචිකෝ රහීම්, ඇන්ඩි‍්‍රයා ජෙලින්ක්) ● ආසියානු ජාත්‍යන්තර පාසල් ‘ඒ’ පිල (වි.2. තත්.08.72) (පෙර වාර්තාව: වි.2.තත්.18.06) (කිමිකෝ රහීම්, සැලෝමි ප‍්‍රනාන්දු, මචිකෝ රහීම්, ඇන්ඩි‍්‍රයා ජෙලින්ක්)පිරිමි ශූරතාව දිනාගත් රාජකීය විදුහල් ක‍්‍රීඩකයන් ක‍්‍රීඩා ඇමැති මහින්දානන්ද අලූත්ගමගේ මහතා සමග....දක්‍ෂතම පිහිනුම් ක‍්‍රීඩකයා වු කනිත මුණසිංහ සහ දක්‍ෂතම ක‍්‍රීඩිකාව වු කිමිකෝ රහීම්, සුගතදාස ක‍්‍රීඩා සංකීර්ණ අධිකාරියේ සභාපති බි‍්‍රගේඩියර් ජී. ඩබ්. පී. සමරතුංග මහතා අතින් සම්මාන ලබාගත් අයුරු.   කාන්තා ශූරතාව දිනාගත් ආසියානු ජාත්‍යන්තර පාසල් ක‍්‍රීඩිකාවෝ.....



අදහස් (0)

ජාතික පිහිනුම් ශූරතාවලියේදී නව තරග වාර්තා 23 ක්

රූපාවතී Tuesday, 25 September 2012 11:20 PM

රට ඇතුලේ වල්බිහි වෙන්න නොදී ඔය ළමයින් පුහුණුවට යවන්න. ඔවුන්ගේ දක්ෂතා වැඩි දියුණු කරන්න (ස)

:       0       0

ෂෙල්ටන් Wednesday, 26 September 2012 09:51 AM

ඒ එක්කම ආදාල බලධාරීනුත් යැව්වනම් හරි (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ගුරුසෙතට විද්ද ගුරුවරියක මාට්ටු
2024 ඔක්තෝබර් මස 10 792 0

මහජන බැංකුව මගින් හඳුන්වා දී ඇති ‘‘ගුරු සෙත‘‘ ණය යෝජනා ක්‍රමයෙන් අවස්ථා 26 දි රුපියල් 42,055,000/= මුදල වංචා කිරීමේ සිද්ධියේ මහා මොලකාරිය බව කියන කොළඹ බාලිකාව


එජාප අපු‘ර සංවිධායක හදිසියේ මිය යයි
2024 ඔක්තෝබර් මස 10 1646 0

එක්සත් ජාතික පක්ෂ අනුරාධපුර දිස්ත්‍රික් ප්‍රධාන සංවිධායක හිටපු අමාත්‍ය ඩබ්ලිව්. බී.ඒකනායක මහතා නිවසේ නාන කාමරයේ වැටී ජීවිතක්ෂයට පත්ව සිටි බව අනුරාධ


කන්තලේ ’’සීනි ඉඩම්’’ අක්කර 11000ක් ගොවීන්ට
2024 ඔක්තෝබර් මස 10 912 0

කන්තලේ සීනි සමාගමට අයත් ඉඩම් කොටස්වලින් අක්කර 11,000ක් කෙටිකාලීන බෝග වගාවන් සඳහා ගොවි ජනතාවට ලබා දෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට අද (


පොලිස් නිලධාරියෙක් - සිවිල් ආරක්ෂකයෙක් දඩයමේ ගිහින් මාට්ටු
2024 ඔක්තෝබර් මස 10 306 0

මාදුරුඔය ජාතික වනෝද්‍යානය හේනානිගල සිට දෙහිඅත්තකණ්ඩි දක්වා අද සවස 6.30 ට වෑන් රථයකින් මස් තොගයක් ප්‍රවාහනය කරමින් සිටි දෙහිඅත්තකන්ඩිය පොලිසියේ නිලධාර


අහන්නෙ නැතුව ජනපති ඡායාරූප පාවිච්චිය තහනම්
2024 ඔක්තෝබර් මස 10 1415 0

විවිධ උත්සව සඳහා සමරු ඵලක හා විශේෂ සමරු කලාප සඳහා ජනාධිපතිවරයාගේ ඡායාරූප මෙන්ම පණිවිඩ පළ කිරීමට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලිඛිත අවසරයක් ලබා ගන්


පලස්තීන වීසා සීමා ලිහිල් කරන්නැයි තානාපති ජනපතිගෙන් ඉල්ලයි
2024 ඔක්තෝබර් මස 10 992 0

ලංකාව සහ පලස්තීනය අතර වීසා සීමාවන් ලිහිල් කිරීමට කටයුතු කරන්නැයි ලංකාවේ පලස්තීන තානාපති හිෂාම් අබු තාහා මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් ඉ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39786 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25848 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 82 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 389 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1253 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site