ජාතික මලල කී‍්‍රඩා ශූරතාවලිය ලබන නොවැම්බර් 1, 2, 3 යන දිනවල සුගතදාස පිටියේදී පැවැත්වේ. මෙවර 90 වැනි වතාවට සංවිධානය කෙරෙන තරගාවලියට කී‍්‍රඩක කී‍්‍රඩිකාවෝ 1300 දෙනෙක් සහභාගි වෙති. මෙම තරගාවලියට වසරකදී මෙතෙක් ඉදිරිපත්වූ වැඩිම අයැදුම්පත් ගණන මේබව කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී ශ්‍රී ලංකා මලල කී‍්‍රඩා සංගමයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති සුනිල් ජයවීර මහතා පැවැසීය. මෙවර ජාතික තරගාවලියේදී දක්ෂතා දක්වන කී‍්‍රඩක කී‍්‍රඩිකාවන්ට එළඹෙන සාෆ් කී‍්‍රඩා උළෙලට මෙන්ම ආසියානු මලල කී‍්‍රඩා ශූරතාවලියට ශ්‍රී ලංකා කණ්ඩායම් නම් කෙරෙන ජාතික මලල කී‍්‍රඩා සංචිතයට ඇතුළත් කර ගැනෙති. ”නවදිල්ලි” නුවරදී ලබන වසරේ සැප්තැම්බර් මාසයේදී සාෆ් කී‍්‍රඩා උළෙල පැවැත්වෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. ”චෙන්නායි” නුවරදී 20 වැනි ආසියානු මලල කී‍්‍රඩා ශූරතාවලිය පැවැත්වෙන්නේ ලබන ජූලි (2013) 4 වැනිදා සිට 7 වැනිදා දක්වාය. තරග ඉසව් 44ක් මෙවර ජාතික ශුරතාවලියට ඇතුළත් වෙන අතර ඒ සඳහා මෙරට නමගිය මලල කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් සියලූ දෙනා සහභාගිවන බවත් ජාතික සංචිතයේ කී‍්‍රඩක කී‍්‍රඩිකාවන්ට තරගාවලියට සහභාගිවීම අනිවාර්යකර ඇති බවත් මාධ්‍ය හමුවේදී සුනිල් ජයවීර මහතා පැවැසීය. නොවැම්බර් 3 වැනිදා පස්වරු 5ට පැවැත්වෙන ජය සංකේත ප‍්‍රධානෝත්සවයේ ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙස කී‍්‍රඩා ඇමැති මහින්දානන්ද අලූත්ගමගේ මහතා සහභාගිවීමට නියමිතය. මෙවර තරගාවලියේ අනුග‍්‍රහය දේශීය මලල කී‍්‍රඩාවේ අලූත්ම නිල අනුග‍්‍රාහකයා බවට පත්ව සිටින ලංකා බැංකුව විසින් දරයි. ඔවුන් දේශීය මලල කී‍්‍රඩාව නගා සිටුවීම සඳහා මෑතදී රුපියල් මිලියන 23ක ප‍්‍රදානයක් සිදු කළේය.
අවුරුදු තුනක පමණ දරුවකු සිටින තරුණ මවක් විසිහතර හැවිරිදි තරුණයකු සමඟ මිතුරු වී තරුණයාගේ නේවාසික කාමරයට පැමිණ දින දෙකක කාලයක් කාමරයේ ගත කර ඒම දරුවා තරු
තම දියණියගේ අත්‍යාවශ්‍ය කටයුත්තක් සඳහා ඉඩමක් විකුණා ලබාගත් රුපියල් ලක්ෂ 15ක මුදල බිරිය වී ගෝනියක සඟවා තිබියදී ඒ බව නොදැන සැමියා එම ලක්ෂ 15 ද සමග වී ගෝනිය
පාදුක්ක බෝපේ හරහා තුම්මෝදර මාර්ගයේ දඹෝර ප්‍රදේශයේ දී අද(09)වැනි දින සවස සිදු වූ යතුරුපැදි අනතුරකින් පාදුක්ක පොලිසියට අනුයුක්තව රාජකාරි කළ පොලිස් සැරය
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර හමුවක් අද (09)jවැනි දින ජන
අවිස්සාවේල්ල - කොළඹ හයිලෙවල් මාර්ගයේ පාදුක්ක මාවතගම කොඩිගහකන්ද මාවත අසලදී යතුරු පැදි දෙකක් එකිනෙක ගැටීමෙන් අද (10)වැනි දින සවස සිදු වූ අනතුරකින් එක් යතු
ත්‍රී රෝද රථ සඳහා අයකරන ගාස්තු අද(09) සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර තිබේ.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ජාතික මලල ක‍්‍රීඩා තරගාවලියට වාර්තාගත සහභාගිත්වයක්