ජාතික යෞවන කී‍්‍රඩා උළෙලේ කණ්ඩායම් තරග හෙට (19) සිට ආරම්භවේ. මෙවර ජුලි මාසයේ දී පැවැත්වීමට නියමිත 24 වැනි ජාතික යොවුන් කී‍්‍රඩා උළෙලට සමගාමීව මෙම කණ්ඩායම් තරග මහරගම ජාතික තරුණ සේවා පිටිය ඇතුළු දිවයිනේ ප්‍රදේශ කීපයක දී පැවැත්වීමට කටයුතු යොදා ඇතැයි ජාතික තරුණ සේවා සභාවේ ප්රචාරක නිලධාරි අනිල් සිරිවර්ධන මහතා පවසයි. ජාතික තරුණ සේවා සභාව, ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනයේ සහයෝගයෙන් යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍යංශයේ මෙහෙයවීමෙන් කී‍්‍රඩා උළෙල සංවිධානය කරයි. 24 වැනි ජාතික යෞවන කී‍්‍රඩා උළෙලේ කණ්ඩායම් තරග පැවැත්වෙන ආකාරය. වොලිබෝල් (කාන්තා/පිරිමි):- මැයි 19, 20, 21 කෑගල්ල රුවන්වැල්ල රාජසිංහ මැදි විදුහල් පිටියේ දී දැල්පන්දු:- මැයි 19, 20, 21 මහරගම තරුණ සේවා පිටියේ දී කබඩි (කාන්තා/පිරිමි):- මැයි 26, 27, 28 බද්දේගම කුම්මේ පිටියේ දී පාපන්දු:- මැයි 26, 27, 28 මාතර උයන්වත්ත පිටියේ දී එල්ලේ (කාන්තා/පිරිමි):- ජුනි 2, 3, 4 මීරිගම ඞී. එස්. සේනානායක විදුහල් පිටියේ දී හා මහරගම තරුණ සේවා පිටියේ දී සැහැල්ලූ පන්දු කි‍්‍රකට් (කාන්තා/පිරිමි):- ජුනි 9, 10, 11 බලංගොඩ මහජන පිටියේ දී හා බලංගොඩ ජාතික පාසල් පිටියේ දී කැරම් (කාන්තා/පිරිමි):- ජුනි 9, 10, 11 මහරගම තරුණ සේවා මධ්‍යස්ථාන පරිශ්‍රයේ දී කඹ ඇදීම (කාන්තා/පිරිමි):- ජුනි 16, 17, 18:- මාලිගාපිටිය කී‍්‍රඩාංගණයේ දී පැසිපන්දු (කාන්තා/පිරිමි):- ජුනි 16, 17, 18 කුරුණෑගල මලියදේව පිරිමි විදුහල්පිටිය, කුරුණෑගල ශා. ආනා විදුහල් පිටිය හා කුරුණෑගල ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයේ දී ඇවිදීමේ හා මැරතන් (කාන්තා/පිරිමි) තරග:- ජුනි 22, 23, 24 මාතර උයන්වත්ත පිටියේ දී වෙරළ වොලිබෝල් (පිරිමි):- ජුනි 30, ජුලි 1,2 මීගමුව බ්‍රවුන්ස් වෙරළ තීරයේ දී.
ශ්‍රේඨාධිකරණය නියෝගයට පටහැනිව කටයුතු කළ පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පියවර ගැනීමට බලාපොරොත්තු වන බ
කුකුළේගඟ ජලාශයේ ගඟ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට පවතින වර්ෂාව හේතුවෙන් ජලාශයේ වාන් දොරටු දෙකක් අද (27) විවෘත කර ඇතැයි බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.
ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.
හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප
පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක්වූ පළාත්සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයින්ට නැවතත් ශ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ජාතික යොවුන් කී‍්‍රඩා උළෙලේ කණ්ඩායම් තරග හෙට සිට