IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


ජාතික යෞවන සම්මාන උලෙළේ හොඳම නිවේදකයා

2016-12-15-ent-63

"අම්මා දන්න තරම්" සහ සිකුරාදා දින මොහාන් පල්ලිය ගුරු මහතා සමග ඉදිරිපත් කරන "සිහිනවලට පියාපත්" යන වැඩ සටහහන් ඔස්සේටීවීවන් නාළිකාව හරහා ඔබේ ආලින්දයට එන ඔහු මෙවර ජාතික යෞවන සම්මාන උලෙළේ හොඳම නිවේදකයා බවට පත්වන්නේය. ඔහු රුවන් ලියනආරච්චිය.

 

නිවේදකයෙකු ලෙස කටයුතු කරන්න කැමැත්තක් ඇති වෙන්නේ කොහොමද?

2016-12-15-ent-64මම ගාල්ල ඉමදූවේ. උදේ 4 ඉඳන් ගෙදර ජාතික ගුවන් විදුලිය තමයි දාන්නේ. ඒ නිවේදකයාගේ හඬට තමයි මුලින්ම කැමති වුණේ. පසුව පාසලේ සහ දහම්පාසලේ යෞවන සමාජයේ නිවේදන කටයුතු කළා. ජාතික ගුවන් විදුලියේ හා ජාතික රූපවාහිනියේ ප්‍රවෘත්ති නිවේදකයන් සහ අනෙකුත් නිවේදක නිවේදිකාවන් සම්බන්ධයෙන් මම සැලකිල්ලෙන් හිටියා.

 

ඒ ඔබ තුළ තිබුණු කැමැත්තට පදනමක් නිර්මාණය වුණේ කොහොමද?

හැදෑරීම් කළා. 2010 ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට ආවා. එහිදී ශිෂ්‍යය සංගම් සමගත් කටයුතු කරන්න මට අවස්ථාව ලැබුණා. පරිපාලනය සංවිධානය කළ දේවලිනුත් මට ලොකු අවස්ථාවක් හිමිවුණා. 2012 වී.එෆ්.එම්. හා සම්බන්ධ වෙන්න හැකියාව ලැබුණා. හරින්ද්‍ර ජයලාල්ගේ "බේස්වොයිස් ඇකඩමි" එකේ පාථමාලාවක් හැදෑරුවා. වසර එකහමාරක්ම රාත්‍රී වැඩමුරය සිදුකළා. සතියකට දින හතරක් එය සිදු කරන්න තිබුණා. ඒක හරි වෙහෙස කර කටයුත්තක්. රෑ 10.00ට ගිහින් පාන්දර 5.00 වෙනකම් එය සිදුකළා. කැම්පස් යනවා. අධ්‍යාපන වැඩකටයුතුත් එක්ක එය අවසන් වසරවල කරන්න අපහසු වුණා. පසුව මම ඉන් ඉවත්ව "සියත" රූපවාහිනියේ පෝදා වැඩසටහන් සහ ධර්ම සාකච්ඡා කරන්න මට හැකිවුණා. "කලම්බෝ ටෙලි විෂන්" එකට සම්බන්ධව සිටින කාලයේ කමයි එම්.ටීවී. එම්.බීසී. ජාලයේ අලුත් නාළිකාවක් ආරම්භ කරනවා කියලා දැන ගන්න ලැබුණේ. එයට අයදුම්පත් යොමුකරලා ඒ හා සම්බන්ධ වුණා. මම දැන් චැනල් වන් නාළිකාවේ නිවේදකයෙකු ලෙස කටයුතු කරනවා.

 

ඒ ගමන් මගේ මේ වසර ඔබට විශේෂිත වසරක් බවට පත්වෙනවා?

ඔව්, 2016 ජාතික යෞවන සම්මාන උලෙළේ හොඳම නිවේදකයා බවට මට පත්වෙන්න හැකියාව ලැබුණා. මේක මගේ ජීවිතයේ අමතක නොවන අත්දැකීම. මේ නිවේදන ක්ෂේත්‍රයට අදාළව කළ ඇගයීම ගැන සතුටුවෙනවා. ඒ වගේම බොහෝ කාලෙක සිට බලාපොරොත්තුවෙන් සිටි දෙයක් ඒක. දිස්ත්‍රික් මට්ටමෙන් කුසලතා පෙන්නන්න හැකි වුණාට ජාතික මට්ටමෙන් හැකියාව පෙන්නන්න හැකියාව ලැබුණෙ නැහැ. මේක ඒකට අවස්ථාවක් වුණා.

 

ඉදිරි වැඩකටයුතු හා මතක්කළ යුතු අය ගැන කතා කළොත්?

මම පූර්ව සූදානමක් ඇතුව තමයි දායක වෙන්නේ. ඒ නිසා මම කරන කාර්යය ගැන තෘප්තිමත්. මම මේ ක්ෂේත්‍රයට ඇවිත් දැන් වසර හතරාමාරක් විතර වෙනවා. නිවේදකයෙක්ට භාෂාව තමයි ප්‍රමුක වෙන්නේ. අපේ භාෂාවත් ආරක්ෂා කරගෙන හොඳ නිවේදකයෙක් වීම තමයි මගේ එකම අරමුණ. වෘත්තීය නිවේදකයෙක් වෙන්න තමයි මම බලාපොරොත්තු වෙන්නේ.

අම්මා, තාත්තා වගේම මගේ අයියලා තුන්දෙනාව මතක් කළ යුතුයි. මේ ගමනේ මට සහයෝගය දුන් හැම දෙනාමත්, ගුරුවරුත් මතක් කර සිටිනවා. මේ වනවිට මම විද්‍යාපති උපාධිය සඳහා අධ්‍යන කටයුතු සිදුකරනවා, කැලණිය විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන අධ්‍යයන අංශයේ. මම නිවේදකයෙක් ලෙස කටයුතු කළ හැම මාධ්‍ය නාළිකාවක්ම මතක් කරනවා.

0766 663 737

 

රංගන මදුසංඛ

 

 



අදහස් (0)

ජාතික යෞවන සම්මාන උලෙළේ හොඳම නිවේදකයා

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ආබාධිත දරුවන්ට වධ දුන් පාලිකාව අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 12 431 0

අනුරාධපුර නගරයේ පිහිටි වීශේෂ පාසලේ නේවාසිකාගාරයේ,නේවාසිකව සිටින ශ්‍රව්‍යාබාධිත දරැ දැරියන් පිරිසකට වධ හිංසා කළ බව කියන එම නේවාසිකාගාර පාලිකාව අද(12)ද


වීදුරු ගොඩට යටවී අයෙක් මරුට
2024 ඔක්තෝබර් මස 12 621 0

හුංගම කහඳමෝදර සංචාරක හෝටල් වැඩ බිමක බහලුම් ප්‍රවාහනය කරන රථයකින් වීදුරු බෑමේ නිරතව සිටි කම්කරුවෙක් වීදුරු ගොඩට යටවී අද(12)වැනි දා මියගොස් ඇති බව හුංගම


බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට
2024 ඔක්තෝබර් මස 12 375 0

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් කැළණි ගඟේ ජල මට්ටම ඉහළ යාමත් සමඟ කඩුවෙල ප්‍රදේශයෙන් පිටාර ගැලීමේ අවදානමට ලක්වූ බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට අතුරා ගංවත


මාතර බන්ධනාගාරට තහනම් ද්‍රව්‍ය පියාඹයි
2024 ඔක්තෝබර් මස 12 321 0

මාතර බන්ධනාගාර පිටත මාර්ගයේ සිට බන්ධනාගාර අධිකාරී කාර්යාල ඉදිරිපිටට විසි කළ පාර්සලයක තිබී දුම් කොළ 15ක්, ජංගම දුරකථන 2 ක් සහ ජංගම දුරකථන ආරෝපණ 2ක් භාරයට


ගුරුතුමා පන්ති කාමරයේම මිය ගිහින්
2024 ඔක්තෝබර් මස 12 1023 0

සරස්වති පුජාවට සහභාගි වෙමින් සිටි ගුරුවරයකු පාසලේ පන්ති කාමරය තුළදිම ජිවිතක්ෂයට පත් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.


පුත්තලම දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය ලුණුවිල දක්වා සීමා කෙරේ
2024 ඔක්තෝබර් මස 12 191 0

අධික වර්ෂාව හේතුවෙන් කොළඹ පුත්තලම දුම්රිය මාර්ගයේ ලුණුවිල හා නාත්තන්ඩිය අතර මාර්ගය ජලයෙන් යටවීම නිසා දුම්රිය ධාවනය අද (12) දහවල සිට ලුණුවිල දක්වා සීමා ක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40228 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26023 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 286 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 413 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1337 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site